අනුරාධපුරයේ ඓතිහාසික අභයගිරිය ස්ථූපයේ සළපතල මළුව හා පේසා වළළු ආශි‍්‍රතව දැන් සිදුකෙරෙන සංරක්‍ෂණ කටයුතුවල දී පුරාවස්තු බොහෝමයක් හාමුවී තිබේ. ගතවූ මසක පමණ කාලය තුළ පුර්ණ සළපතල මළුවේ ගල්පුවරු ගැලවීමේ දි ඊට යටින් තිබී මෙම පුරාවස්තු හමුවූ බව අභයගිරිය ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසයි. දින කීපයකට පෙර ස්ථූපයේ පේසා වළලූ අතර තිබී හමුවූ මංජුසාව මෙතෙක් අභයගිරියෙන් හමුවූ පුරාවස්තු අතරින් විශේෂත්වයක් ගනී. වර්ණවත් ගල් ඔබ්බවා කැටයම් කරන ලද මෙම රන් මංජුසාව මිලිමීටර් 49 ක් උසින් හා මිලි මීටර් 39 ක විශ්කම්බයකින් යුක්තය. එම මංජුසාවේ උඩු පියන ගලවා විවෘත කිරීමේදී ඒ තුළ බහා තිබු තවත් මංජුසාවක් හමුවී ඇති අතර එම මංජුසාව ද විවෘත කිරීමේ දී ඒ තුළ බහා තිබු තවත් මංජුසාවක් ද හමුවී තිබිණි. ප‍්‍රධාන මංජුසාවේ පියනෙහි මැණික් බවට තවමත් සනාථ නොකෙරුණු වර්ණවත් ගල්හතක් ඔබ්බවා තිබේ. එම මංජුසාව තුළ බහා තිබූ අනෙක් මංජුසාව සමග මුතු පබළු යම් ප‍්‍රමාණයක් සහ පුරාණ ලෝහමය කාසියක් හෙවත් හස්එබූකහපනයක් හමුවී තිබිණි. දෙවැනි මංජුසාව විවෘත කරන විට ඒ තුල බහා තිබු තවත් මංජුසාවක් හමුවී ඇත. ප‍්‍රමාණයෙන් එය සුරයකට මදක් විශාලය. මහාචාර්ය කුලතුංග මහතා පවසන්නේ එම මංජුසාව තුළද යම් දෙයක් තිබිය හැකි බවයි. නමුත් එය විවෘත කළ යුත්තේ පර්යේෂණාගාරයක දී බව ඔහු පවසයි. දෙවැනි මංජුසාව තුළ බහා තිබු කුඩා මංජුසාවට අමතරව රන් සුන්දු (රන්කුඩු) සහ මුතු පබළු යම් ප‍්‍රමාණයක්ද හමුවී තිබිණ. ප‍්‍රධාන මංජුසාව විවෘත කරද්දී හමුවූ ලෝහමය කාසිය, නැතිනම් හස්එබූ කහපනය (කාසියක්) නිසා මහාචාර්ය, කුලතුංග මහතා පවසන්නේ එම මංජුසාව ස්ථුපයේ පේෂා වළලූ තුළ නිදන් කළ කාලවකවානු තීරණය කිරීමට පහසුවන බවයි. අභයගිරිය ස්ථුපය වළගම්බා රජු විසින් ගොඩ නංවනු ලැබුවත් කි‍්‍රස්තු වර්ෂ දෙවැනි සියවසේ ගජබාහු රජතුමා ස්ථූපය නැවත ප‍්‍රතිසංස්කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වන්නේ යැයි කී මහාචාර්යවරයා ස්ථූපය දැන් දක්නට ලැබෙන ප‍්‍රමාණයට විශාල කර ඇත්තේ ඒ අවස්ථාවේ දී බවයි. හස්එබූකහපන ලංකාවේ පාවිච්චිය කි‍්‍රස්තු පුර්ව කාලයේ සිට කි‍්‍රස්තු පූර්ව කාලයේ සිට කි‍්‍රස්තු වර්ෂ දෙවැනි සියවස දක්වා සිදුවූ බව ඉතිහාසයේ සඳහන් වන නිසාත් ගජබාහු රජු එම කාලයේ ස්ථූපය සංරක්‍ෂණය කළ නිසාත් මහාචාර්ය කුලතුංග මහතා පවසන්නේ මෙම රන්මංජුසා එම අවධියේම නිදන් කරන්නට ඇති බවයි. මෙම රන් මංජුසාවට අමතරව සළපතල බැම්මේ ගල්පුවරු සංරක්‍ෂණ කටයුතුවලට ගලවද්දී තවත් නිදන් වස්තු බොහෝමයක් හමුවී තිබිණ. පළිඟු කරඬු කොටස්, පබළු, වර්ණවත් ගල් වර්ග ඒ අතර ප‍්‍රධාන වෙයි. මෙම පුරාවස්තු හමුවු ස්ථූපයේ ඊසාන දිග කොටසේ සළපතල මළුවේ ගල්පුවරු ඉවත් කිරීමේ දී මීට දින විස්සකට පමණ පෙර හුණුගලින් නිර්මාණය කළ හිටි බුදු පිළිමයක් සහ සිරිපතුල් යුගලයක්ද හමුවී තිබිණ. මේ අනුව සළපතල මළුවේ එම ප‍්‍රදේශය අතීතයේ විසූ බැතිමතුන් වන්දනාමාන කිරීමට හා පුදපූජා පැවැත්වීමට භාවිතා කර තිබෙන බව සනාථ වන බවත් එම බැතිමතුන් විසින් එම ස්ථානයේ නිදන් වස්තු තැන්පත් කරන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග මහතා පවසයි. ඉදිරියේදී සළපතල මළුවේ හා පේසාවළලූවල සිදුකෙරෙන සංරක්‍ෂණ කටයුතුවලදී තවත් පුරාවස්තු බොහෝ හමුවිය හැකි බවත් මහාචාර්ය කුලතුංග මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අභයගිරි සළපතල මළුවෙන් මතුවූ අගනා පුරාවස්තු