IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘අභියෝග හමුවේ පැන යන්න එපා‘

(අංජුල මහික වීරරත්න)

අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ‘ගෝල්ඩන් රිවර්’ හෝටලයේදී පැවැත්විණි. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. 

මෙම සාකච්ඡාවෙන් අනතරුව ජනාධිපතිවරයා ඊට සහභාගි වූ තරුණ තරුණියන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකටද එක් විය.



අදහස් (19)

‘අභියෝග හමුවේ පැන යන්න එපා‘

සත්‍යා Sunday, 23 June 2024 12:07 PM

අභියෝග හමුවේ පස්සෙන් පස්සට දුවන තරගයක් තිබුණොත් පළමු, දෙවන ස්ථානවලට ලොකු තරගයක් තියේවි. අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස අතර...

:       52       18

Nishantha Sunday, 23 June 2024 12:29 PM

මෙයා ජාතික තලයේ නායකත්වයට පත්වෙනකට මෙයාට අවුරුදු විසිහතයි. එතකොට චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ රටවල් බොහෝමයක් හිටියේ අපිට වඩා පිටිපස්සෙන්... මෙයා අවුරුදු 45 නායකත්වය දරලා මිනිස්සු ආසනෙනුත් පරද්දලා ගෙදර යවනකොට රුවන්ඩාව, උගන්ඩාව වගේ රටවලුත් අපිට ඉස්සරහෙන්. අන්තිමේ බංගලියන්‍ටත් කිචවුණා. දැන් අවුරුදු 75දී ආයෙත් පස්ස දොරෙන් ගෙට රිංගලා කියනවා 2048 දී රට හදනවාලු. මෙයාට තියෙන එකම අභියෝගේ තමයි එයාගේ පංතිය රැකගන්න එක...

:       14       60

Rata Perata Sunday, 23 June 2024 01:07 PM

ළමයින්ටත් කියලා දෙන්න ඕනෑ මේ වගේ අපතයින් පස්සේ යන්න එපා කියලා... පිනට තනතුරක් අරගෙන, වෙලාවට ඡන්ද තියන්නේ නැතිව ඉන්න මේ වගේ කෙනෙක්ගෙන් අනාගත පරපුරට ගන්න තියෙන ආදර්ශය මොකක්ද? අනිත් එක මේ ඊයේ පෙරේදා දේශපාලනයට ආපු කෙනෙක්ද? ජනතාව ඡන්දයෙන් පරද්දලා ගෙදර යවපු පක්ෂ නායකයෙක් මේ...!

:       8       48

සාමා Sunday, 23 June 2024 01:29 PM

ප්‍රශ්නය අහපු ගොනා ජීවත් වුනේ ලන්කාවේ නෙමෙයිද මෙච්චර කල්...?

:       8       38

de silva Sunday, 23 June 2024 01:33 PM

අනේ මුත්තේ 70,80,90 දශකවල සිටි කැපුවත්, කොළ, නිල්, රතු කියන ජාතියේ පාක්ෂිකයෝ වඳවෙමින් පවතී. අලුත් පරම්පරාව මුත්තා හිතන තරම් මෝඩ නැහැ. මුත්තාට අවුරුදු 80 පමණ වනනිසා දැන් මොලේ කචල්වෙලා... තියන්න මුත්තේ ඡන්දයක්..., දෙන්නම් මුත්තාට දුවන්න...

:       8       40

පිනා Sunday, 23 June 2024 02:12 PM

මේ තියන මජර දේශපාලනය දිගට ඇදගෙන යන එක වෙන්න ඇති මෙයාට තිබ්බ අභියෝගය..

:       6       38

ගමේ එකාලා Sunday, 23 June 2024 02:59 PM

කිසිම ජනවරමක් නැතුව, දූෂිත පවුල් පාලනේ අය බාර දුන්නු පින් ජනාධිපතිකම බාර අරන් ඒ අයව රකින එකත් ලොකු දෙයක්...

:       6       37

චන්දිම Sunday, 23 June 2024 03:46 PM

1977 දී විතර අපිත් ඉස්කෝලේ 10 පන්තියේ හිටියේ. ඒ කාලේ මෙයා යෞවන කටයුතු ඇමැතිවෙලා හිටිය කාලේ අපිට කිව්වෙත් ඔය වගේ කතා. අම්මේ බලන්න එපායැ මවලා කිව්වේ. අපිටත් ඒ කාලේ මේ ළමයින්ට වගේ තමයි එච්චර තෙරුනේ නැහැ මේ ගොල්ලෝ කියන කතා හිස් ප්‍රලාප බව. ඔහේ අහගෙන හිටියා කියන ඒවා කරාවි කියලා. පස්සේ මොනවා කළාද මන්දා... වෙච්චි දෙයක් නම් නැහැ. බලන්න 1977 ඉඳන් 2024 වෙනකම් කොච්චර කාලයක්ද? ඕවාට කියන්නේ හෙලවෙන මනස කියලා. ඔවු හෙලවෙන මනස. ඔය මේ ගොල්ලන්ගේ හෙලවෙන මනසට රැවටෙන්න එපා. ඔය ළමයින්ටත් වෙන්නේ ඕවා විශ්වාස කලොත් ඒකම තමයි.

:       6       29

R.T.sarath Sunday, 23 June 2024 03:48 PM

ඔව් ළමයිනේ ඡන්ද දිනලා පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නැහැ. පස්සේ දොරෙන් පාර්ලිමේන්තු ගිහින් බලය අල්ලන හැටි... ප්‍රතිපත්ති බල්ලාට දමන හැටි, රනිල්ගෙන් ටියුෂන් ගන්න..

:       6       29

sanath Sunday, 23 June 2024 03:57 PM

ශිෂ්‍යාවනි, ඔබලා විභාග, ඡන්ද වැනි දේවල් හොර පාරෙන් ජයග්‍රහණය කරන්න සිතන්න එපා. නියම විදිහට ජයග්‍රහණය කරලා නායකත්වයට යන්න. ළමයි ඔබලාට මොහු ආදර්ශයට අරන් පස්ස දොරින් රිංගන්න කටයුතු කළොත් සිදුවෙන්නේ ජිවිතේ කුණු බක්කියට වැටෙන්න.

:       6       26

Mahaya Sunday, 23 June 2024 04:35 PM

මෙතන කොටන බහුතරයක් කිරි කජු කොල්ලන් සහ කෙල්ලන් ජේ.වී.පී තෙල්වලට හසු වී මොලය විකෘති කරගෙන ඇති බව පෙනේ. රටේ අගමැති සහ ජනාධිපති ඉවත් වන විට සජිත්ට, අනුර කුමාරට මෙන්ම සරත් ෆොන්සේකාටද අගමැතිකම බාර ගැනීමට ඉලා තිබුණු නමුත් කිසිවෙකුත් ඊට එකඟ වූයේ නැත. ආර්ථික ප්‍රශ්න හමුවේ මැතිවරණයක් පැවැත්වීමටද ඉඩ නොතිබූ එම යුගයේ අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස කෝඳුරු තෙල් හත් පට්ටයකුත්, තව ටිකකුත් සොයමින් සිටිද්දී රනිල් අභියෝගය බාර ගත්තේය. ඔහුගේ සැලසුම සාර්ථක විය. අනුර කුමාරලාට සහ සජිත් ප්‍රේමදාසලාට කඩන් වැටෙන ව්‍යාපාරයක්වත් බාරගෙන සාර්ථක කළ හැකි අය නොවෙති. ඔවුන් දන්නේ අභියෝග හමුවේ සැඟවීමටත් පසුව යලිත් මතුවී වැඩේ ගොඩ දාන කෙනාට අවලාද කීමටත් පමණි.

:       27       10

NamalSunday, 23 June 2024 06:06 PM

මහයා මහතාට කීමට ඇත්තේ මෙපමණකි. ගෝටාභය ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ජනාධිපති තේරීමට රහස් ඡන්දයක් පැවැත්විණ. එයට අනුර ඩලස් සහ රනිල් තිදෙනාම ඉදිරිපත්විය. එහිදී හොරු 134 විසින් ඔවුන්ගේ ගැලවුම්කාරයා ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ආසනය පවා පැරදී කුජීත ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ ඔවුන් විසින්ම මහ බැංකු හොරා ලෙස නම් කළ රනිල් තෝරා පත්කර ගන්නා ලදී. එමනිසා කවුරුත් අභියෝගය බාර නොගත් ප්‍රකාශය බොරුවකි. එලෙසම 2019 2015 2010 යන ජනපතිවරණවලදී රනිල් බයේ ඉදිරිපත් නොවූ බව අප සැම දන්නා කරුණකි...

:       3       20

CCMonday, 24 June 2024 03:19 PM

වංචනික දූෂිත දේශපාලුවන් කියන ඔය වචන නැවත නැවත කියන්න එපා. අපි දැක්කා හොරු රැලම පාර්ලීමේන්තුවේදි රනිල්ව වැඩි ඡන්දයෙන් පත්කර ගත්තා. ඔවුන් දන්නවා යහපාලන රජයේදී අල්ලපු නැති හොරු කීයටවත් ඔවුන්ගේ ආශිර්වාදයෙන් ආ රනිල් අල්ලන්නේ නැති වග... අනෙක කිසිවෙක් කාගෙවත් බලල් අතක්වන්න මෙවැනි වගකීම් ගන්නේ නැත... අරන් කිච වෙන්නේ නැත.. අද අදූෂිත, අවංක, විනයගරුක දේශපාලන ව්‍යාපාරයක් මේ රටට අවශ්‍යයි. එය හදන්නේ මාලිමාව පමණයි. අපි ඒ වෙනුවෙන් හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. ඔය හැමෝටම ඡන්දේ දීලා අපට කෙලවුණා. දැන් මොකක් වුණත් මාලිමාවට දෙනවා...

:       0       3

Oyatha Sunday, 23 June 2024 10:17 PM

එදා ඉඳලා කිව්වේම බොරු... දැනුත් කියන්නේ බොරු. ඔයා බාරගත්තේ නැහැ. ඔයාට හොරු රැලක් බාර දුන්නා එල්ලෙන්න වැලේ වැල් නැතුව හිටපු ඔබ පැනලා බාර ගත්තා එම නිසා කවුරුත් අභියෝගය බාර නොගත් බව ඔබ කියන ප්‍රකාශය බොරුවකි. ඔබ පස් හය පාරක් අගමැති වුණා... රටට කිසිම දැනෙන දෙයක් කළේ නැහැ. මීට ටික කලකට උඩදී පිනට ජනාධිපති වුණා. ඔබ මොනවද කළේ..? ණයට ගත්තා අසීමිත ලෙස බදු ගැහුවා විකුණුවා... දැන් හිටු කියලා දෙනවා ඉදිරියේදී ජනාධිපතිවරණය තියෙන හින්දා මතක තියාගන්න මේ පාර අපි රැවටෙන්නේ නැහැ. මේ ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන්නේ තුන්වෙනි තැන හෝ හතරවෙනි තැන... ඒක තමයි සත්‍යය... ජනාධිපති සටන තියෙන්නේ සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාර දිසානායකත් අතර...

:       0       3

de silva Monday, 24 June 2024 12:00 AM

නාමල්ගේ කතාව සහතික ඇත්ත මුලින්ම සජිත් , ඩලස් සහ අනුර පාර්ලිමේන්තුවේ ජනපති තොරණ ඡන්දෙට ඉදිරිපත්විය ඉන්පසු ඩලස් සමඟ එකඟතාවයකට ඇවිත් සජිත් ඉවත්වුණා , එමනිසා මේ තනතුරු බාරගන්න බැරුව පැනල ගිය කියන කතාව බැහැර කරන්න වෙනවා , විපක්ෂේ නිතරම කිවේ ඡන්දෙකට යමු කියල , ඔවුන් විරුධවුනේ පස්සේ දොරෙන් ඇවිත් බලය ලබාගන්න .

:       0       4

පිටරටවැසියා Monday, 24 June 2024 12:19 AM

අභියෝග හමුවේ පැන යන්න එපා කියල කිව්වේ ගෝඨාභය ගැන වෙන්න ඇති... ඒ වගේම අභියෝග හමුවේ පස්සා දොරෙන් ඇවිත් හොරකම, වංචාව, දුෂණය පෝෂණය නොකිරීමටත්, තමුන්ගේ රාජ්‍ය පාලන පෙර වැරදි පාපොච්චාරණය කිරීමට තරම්වත් ප්‍රතිපත්ති ගරුක විය යුතුයි. එතකොට තමයි, රටේ ජනතාවට යම්කිසි විශ්වාසයක් ඇතිවන්නෙ...

:       0       3

Mahaya Monday, 24 June 2024 03:34 AM

නාමල්ට කීමට ඇත්තේ මෙපමණකි. මහින්ද ඉවත්වන්නට පෙරම අනුරට අගමැතිකම බාර ගන්නැ‍යි කීවිට පැනලා නොගියේ නම් අනුර ගෝඨාභයගෙන් පසු ජනාධිපති වන්නේය. ඒ ව්‍යවස්ථානුකූලව නිලබලය අනුවයි. ඔබ පිනා පිනා යැ‍යි කීවාට රනිල්ද පාර්ලීමේන්තුවට ආවේත්, අගමැති වූයේත්, ඉන් අනතුරුව ජනාධිපති වූයේත් එම නිලබලයම, එම ව්‍යවස්ථාවම අනුවයි. අනුර කුමාර ජනාධිපති වීමට තබා අගමැති වීමට වත් අකමැතිව සිටියදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමාගේ අනාගත සැලසුමත් එය ක්‍රියාත්මක කරන අයුරුත් පවසා පාර්ලීමේන්තුවේ බහුතරය දිනාගත්තේය. ඩලස් අලහප්පෙරුම තමාගේ දැක්ම පැහැදිලි කරමින් පාර්ලීමේන්තුවේ සුළුතර දිනාගත්තේය. අනුර කුමාර පාර්ලීමේන්තු මන්ත්‍රී වරුන්ගේ නිවාස පුළුස්සා දමමින් විනාශ කරන අයුරු පැහැදිලි කරදී තමාගේ තුන රැක ගත්තේය. පාර්ලීමේන්තුවේ 225කින් බහුතරය දිනාගත නොහැකි අනුර කුමාරට රටේ බහුතරයක් දිනා ගැනීමට හැකිවේද? සමහර විට. මේ ශ්‍රී ලංකාවයි. මෝඩයෝ බොහෝයි...

:       4       0

ShanthaTuesday, 25 June 2024 08:41 AM

පුදුම දඬුවම්. ගොඩක් කෙල්ලෝ කැමැත්තෙන්ම යනවා. කොල්ලා විතරයි දඬුවම් විඳින්නේ.. කෙල්ලට බේරෙන්න ඕනෙකම තිබුණා නම්, තියෙනවනම් ගොඩක් දුර‍ට බේරෙන්න අවස්ථා තියෙනවා. සමහරවිට කීපවරක් හදි කොරනවා. ඒත් නොකියා ඉඳලා පස්සේ කියනවා. මේ නිසා කොල්ලෝ විතරයි දඬුවම් විඳින්නේ. අවුරුදු 16 කියන්නේ ළදරුවෙක් නෙමෙයි. කෑගහන්න පුළුවන්. හපන්න පුළුවන්.

:       0       0

Mahaya Monday, 24 June 2024 03:59 AM

නාමල් බබාට තවත් කාරණයක් මතක් කළයුතුව ඇත. ඔබම පවසන පරිදි 2010 දී සහ 2015 දී රනිල් වික්‍රමසිංහ මෙන්ම අනුර කුමාර ද ඉතා නිර්භීතව ඡන්දයට ඉදිරිපත් නොවූ අතර 2019 දී අනුර කුමාර ඉදිරිපත් වී කුජීත විය. නුවණැත්තා පය තබන්නට බිය තැන මෝඩයා පිනුම් ගසයි.

:       4       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 465 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 983 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 641 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 977 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1414 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 590 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site