IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය.



අදහස් (0)

අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

සිසිශ්‍ර Thursday, 13 September 2012 05:48 PM

පුදුමයි නේද

:       0       0

ජොන්සන් Tuesday, 11 September 2012 02:47 PM

ඒ පොලිස් කූඩුවේ එල්ලිලා මැරුණු කෙනෙක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

මහේල Tuesday, 11 September 2012 02:40 PM

මිලාන්, අපි මස් කන නිසා තමයි හරක් මරන්නේ. අපි නොකා අපේ විරෝධය පළ කරන්නේ. හරක් මස් කඩයක් ළඟට ගොස් පැයක් ඉඳලා බලන්න. වැඩියෙන් මස් මිලදී ගන්නේ අපේ සිංහලයා තමයි. අපි බොරුවට කෑ ගහන එක නවත්වමු. (නි)

:       0       0

චන්දි Tuesday, 11 September 2012 02:43 PM

ස්ථානාධිපතිතුමනි, ඔබව මෙතරම් ගුණකරුකව සැදූ ඔබගේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පින්. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 11 September 2012 02:44 PM

ඉෂාණි, ඇත්තෙන්ම ඔබ නිවැරදියි (නි)

:       0       0

අනුරාධ Tuesday, 11 September 2012 07:43 PM

නිල ඇදුමට මනාවට ගැලපෙන පින්වන්ත මහත්තයෙක් . තිරිසන්නු උනත් හිස නමන්නේ ඒ පින්වන්ත භාවයටයි... (ස)

:       0       0

නමුනු Wednesday, 12 September 2012 10:44 AM

මේක දැක්ක්ම මටත් හරි දුකයි. ඒ උනත් සතුටුයි ලංකාවේ මෙච්චර නිර්මාංස මිනිස්සු ඉන්නවා දැක්කම. නමුත් හරක් මස් හරි රසයි නේ. කොහොම උනත් හරක් මස් කෑම පව් නිසා අපි දැන් කනවා අඩුයි. අපි කන්නේ ඌරු මස්, එලු මස්, කුකුල් මස්, මාලු, කකුලුවො, හාල්මැස්සො, බිත්තර ආදී මස් මාලු වර්ග. මට කව්ද කිව්වා එලු මස් කෑවත් ටිකක් පව් කියලා. (ස)

:       0       0

සනත් Tuesday, 11 September 2012 03:07 PM

පොලිස් වාර්තාවක් එහෙම ඕනෑ වුණහම පොලිසියට බණින අයගේ කතා වෙනස් වෙන හැටි බලන්න එපැයි (නි)

:       0       0

අරුණ Tuesday, 11 September 2012 03:02 PM

රත්ගම ඉන්නේ කවුද?(නු)

:       0       0

විජේ Tuesday, 11 September 2012 03:06 PM

මම ආයෙත් මස් කන්නෙ නැහැ (නි)

:       0       0

සුභාෂිණි Tuesday, 11 September 2012 03:14 PM

තිරිසනුන්ට වුවත් මරණ බය තිබෙනවා (නි)

:       0       0

අමර Tuesday, 11 September 2012 03:20 PM

ඔබතුමාට පින් සිදු වේවා.. (ස)

:       0       0

චන්දි Tuesday, 11 September 2012 03:34 PM

ගොඩක් පින් (ස)

:       0       0

මේරි Tuesday, 11 September 2012 03:31 PM

අනේ! මොනතරම් නම් උතුම් කාර්යයක්ද? (නි)

:       0       0

සේනානායක Tuesday, 11 September 2012 03:39 PM

තිරිසන්නු දෙපා ඇත්තන්ට ආදර්ශයක්. (ස)

:       0       0

සුනෙත් Tuesday, 11 September 2012 03:38 PM

මු මහ මෝඩ හරකෙක්. හරකෝ, අඩුම ගාණේ මේක අල්ලපු සාජන්ට වැදපන්කෝ. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 12 September 2012 11:59 AM

පොලීසියේ යහපත් අයත් ඉන්නවා . හැමදේටම පොලීසියට බනින එක වැරදියි..(ස)

:       0       0

සිල්වා Tuesday, 11 September 2012 10:07 PM

ෂාන් වගේ අයගේ තමයි කකුල් දෙකම කඩන්න ඕනෑ. (නි)

:       0       0

රෝහිත Tuesday, 11 September 2012 03:45 PM

පොලිසියෙන් ගුටි කාලා මැරුණු සැකකාරයෙක්ගේ ‍හොල්මනක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සද්ධා Tuesday, 11 September 2012 11:23 AM

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී... (ස)

:       0       0

මධු Tuesday, 11 September 2012 03:47 PM

තරුෂ, ඔබ හරි. (නි)

:       0       0

මාලි Tuesday, 11 September 2012 11:30 AM

පොලීසිය කර උතුම් ක්‍රියාවක් . අගය කල යුතුයි.. (ස)

:       0       0

රංජනී Tuesday, 11 September 2012 11:27 AM

සර්ට හැමදාම මේක මතක්වෙයි...(ස)

:       0       0

වරුණ Tuesday, 11 September 2012 11:36 AM

හොර හරක් ජාවාරම් කරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි..!!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 11 September 2012 11:31 AM

ඔබ තුමන්ලාට මේ උතුම් පින මතු ජාති ජාතිත් ලැබෙනවා .තමාගේ සෙවනැල්ල තමා පසු පස ඒන්නාක් මෙන් තමා කළ හොද නරක නිවන් දක්නා ජාති දක්වා තමා පසු පස ඒයි (ස)

:       0       0

සුනිල් Tuesday, 11 September 2012 04:01 PM

මිනිස්සුන්ට වඩා තිරිසන්නු කල ගුණ දන්නවා... (ස)

:       0       0

රණා Tuesday, 11 September 2012 11:38 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ......

:       0       0

කුමාර Tuesday, 11 September 2012 04:08 PM

ඔබට ස්තූතියි! (නි)

:       0       0

සජී Tuesday, 11 September 2012 04:09 PM

මස් මාලු කෑම එකපාරටම නවත්වන්න නොහැකි නම් ටිකෙන් ටික නවත්වන්න (නි)

:       0       0

මේරී Wednesday, 12 September 2012 12:42 PM

පොලිසියේ මහත්වරු කළේ හොද වැඩක්. (නි)

:       0       0

අමිල Tuesday, 11 September 2012 04:03 PM

මෙන්න මෙහෙමයි පොලිසය ඉන්න ඕන . අපිත් කැමති නෑ පොලීසියට බනිනවට.. (ස)

:       0       0

සුරංග Tuesday, 11 September 2012 04:10 PM

ගුණවත් මිනිසෙක්... ඔබතුමාටත් අනෙක් නිළදාරින්ටත් බොහොම පින්. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ!! (ස)

:       0       0

නසාර් Tuesday, 11 September 2012 11:58 AM

තිරිසනාගෙන් පොලිසියට උත්තමාචාර.!!(නු)

:       0       0

තිහගොඩ Tuesday, 11 September 2012 12:01 PM

ඔබට පින් (නු)

:       0       0

චන්දි Tuesday, 11 September 2012 04:33 PM

මෙය සත්‍යයකි (නි)

:       0       0

සරත් Tuesday, 11 September 2012 12:08 PM

ස්ථානාධිපති තුමනි- ඔබගේ දෑත් තවතබත් මෙවන් යහපත් දේටම යොමුවේවා...!!(නු)

:       0       0

සංජු Tuesday, 11 September 2012 12:01 PM

ලංකාවෙ මහා ලොකුවට බුද්ධාගමට මුල්තැන දෙනවයැයි කිවුවට මේ සත්ත්ව ඝාතනය නවත්වන්න කිසිම මහ උපාසක ගිහියෙකුටවත්, පැවිද්දෙකුටවත් උවමනාවක් නැහැ. සාමාන්‍යය මිනිස්සුන්ට වුවමනාව තිබුණට බලයක් නැහැ. (නි)

:       0       0

කුමාර Tuesday, 11 September 2012 04:38 PM

ජනිත්, කැත කතා කියන්න එපා මිනිහෝ. (නි)

:       0       0

සරා Tuesday, 11 September 2012 12:01 PM

මට නම් හිතාගන්න බැහැ.. දරුවෙක් තාත්තට වදිනවා වගේ..!!(නු)

:       0       0

චමින්ද Tuesday, 11 September 2012 12:04 PM

දැන් පොලිසියෙ ගොඩක් හොද අය ඉන්නවා මේක තමයි අපි ඉල්ලන්නේ. වරදින් නෑ සර් ඔයාට.(නු)

:       0       0

ශානි Tuesday, 11 September 2012 04:49 PM

මෙම ගවයින් ආපසු එම හොරුන්ටම යන අවස්ථා තිබෙනවා (නි)

:       0       0

රංජි-ඩුබායි Tuesday, 11 September 2012 12:18 PM

ස්ථානාධිපතිතුමනි, ඔබගේ දෑත් මෙවන් දේට තව තවත් නැඹුරු වේවා! (නි)

:       0       0

රොෂාන් Tuesday, 11 September 2012 05:04 PM

මෙම උතුම් ක්‍රියාවට දායක වූ සෑම දෙනාටම අපගේ ආචාරය! (නි)

:       0       0

කැටවෙල Tuesday, 11 September 2012 12:26 PM

මෙම පින ඇති ඔබට නිවන් සුව අත් වේවා..(ස)

:       0       0

සමන් Tuesday, 11 September 2012 12:21 PM

සමහර සතුන්ගේ මස් පමණක් කෑමට අවසර දෙන ආගම් වල අය මේ ගැන ලියන කොමෙන්ට්ස් කියවන්න ආසයි. (ස)

:       0       0

ශෂි Tuesday, 11 September 2012 05:04 PM

මෙවන් දේ වැඩි වැඩියෙන් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

අනුර Tuesday, 11 September 2012 05:11 PM

මිනිස්සුන්ට වැඩියෙන් කෙළෙහිගුණ තියෙනවා සත්තුන්ට. (නි)

:       0       0

ලලිත් Tuesday, 11 September 2012 05:24 PM

හොද උතුම් කෙනෙක් (නි)

:       0       0

සාදි Tuesday, 11 September 2012 05:19 PM

ඔබගේ කාරුණික ගුණයට ස්තූතියි (නි)

:       0       0

රොහාන් Tuesday, 11 September 2012 12:59 PM

මිනිස්සුන්ට නැති ගුණයක් සත්තුන්ට තියෙනවා..(ස)

:       0       0

ඉෂානි Tuesday, 11 September 2012 01:02 PM

ඇත්තටම මේ ෆොටෝ එක දැක්කම කඳුළු එන තරමට සංවේදීයි..අපිටත් දැන් තිරිසන් සතුන්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා..ඔබතුමන්ලාට ගොඩක් පින්..(ස)

:       0       0

බණ්ඩාර Tuesday, 11 September 2012 05:32 PM

කළගුණ ඇස් ඉදිරියේ සනාථ කළ " සත්වයාණෝ". (නි)

:       0       0

මිලාන් Tuesday, 11 September 2012 01:00 PM

අපි සතුන්ගේ මස් කන එක නතර කළොත් එයාලා උන් මරන එකත් නවත්වයි. (නි)

:       0       0

චමල් Tuesday, 11 September 2012 05:27 PM

මෙතන අදහස් දාන අය දැන් හැමෝම මස් මාලු නොකන අයද? (නි)

:       0       0

බන්දුල Tuesday, 11 September 2012 05:33 PM

හරක් මස් කන අයට මේ සංවේදීබව දැනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ලකී Tuesday, 11 September 2012 01:18 PM

ජීවත් වෙන්න අයිතිය ඉල්ලා එම සතුන් වැද වැටෙනවා ඇති. (නි)

:       0       0

ටිකිරි Tuesday, 11 September 2012 05:38 PM

ඇත්තටම මේ ෆොටෝ එක දැක්කහම කඳුළු එන තරමට සංවේදීයි. අපිටත් දැන් තිරිසන් සතුන්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඔබතුමන්ලාට ගොඩක් පින්. (නි)

:       0       0

මනුක සෞදි Tuesday, 11 September 2012 05:39 PM

නාසර්ලා ඉතින් කොහොමත් අර ජාතියේ කට්ටියනේ. නාසර්ට වුණත් පුලුවන් යමක් ඉගෙනගන්න තිරිසනාගෙන්. (නි)

:       0       0

කමල් Tuesday, 11 September 2012 01:22 PM

කළගුණ නොදන්නා මිනිසුන්ට මේ සතා ආදර්ශයක් වේවා! ඒ වගේම මේ සද්කාර්යයට සහභාගි වූ නිලධාරීන්ට යහපතක්ම වේවා! (නි)

:       0       0

විභූෂ Tuesday, 11 September 2012 01:17 PM

ඔන්න පොලිසියේ හොද වැඩ. (නි)

:       0       0

නලීම් Tuesday, 11 September 2012 05:43 PM

හරකුන්ට අභය දානය දීලා හරක් හොරුන්ව එල්ලන්න ඕනෑ. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 11 September 2012 05:53 PM

මස්කඩකාරයොත් කියන්නේ කන්න නිසා මරනවා කියලනේ! (නි)

:       0       0

ජනිත් Tuesday, 11 September 2012 01:34 PM

අනේ අපි නොදන්න ලංකාවේ අපේ පොලිසිය.... (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 11 September 2012 01:35 PM

මේ වගේ ෆොටෝ ප්‍රසිද්ධ කල යුතුයි....සංවේදී හැගීම් මිනිස් සිත තුල පහල වේවා...අපරාද අඩු වේවා.(ස)

:       0       0

සිසිර Tuesday, 11 September 2012 01:38 PM

මෙම දසුන් දැකීමෙන් සැමදෙනාම මස් කෑමෙන් ඈත් වේවා (ස)

:       0       0

කසුන් Tuesday, 11 September 2012 01:42 PM

නසාර් කියපු දේ ටිකක් හොද මදි නේද? (නි)

:       0       0

තිලක් Tuesday, 11 September 2012 06:06 PM

මේ වගේ හැම‍ කෙනෙක්ම ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 11 September 2012 06:00 PM

මේ සතා ඉස්සර ආත්මයේ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න ඇති.(නි)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 11 September 2012 06:17 PM

අනේ හොද වැඩක්. බොහොම පින්. (නි)

:       0       0

කපිල Wednesday, 12 September 2012 08:41 AM

හරකා පණ පිටින් දැක්කම පව් .නමුත් මස් ටික දැක්කම කටට කෙල උනනවා අපේ අයට. මෙහෙමයි අපේ මිනිස්සු. (ස)

:       0       0

තරුෂ Tuesday, 11 September 2012 01:48 PM

තිරිසනුන්ගේ මස් අනුභව කරන්නට හැකි තවත් තිරිසනෙකුට පමණි.!(නු)

:       0       0

සෙනුෂ් Tuesday, 11 September 2012 06:29 PM

මට තියෙන පුදුමේ තමයි, තිරිසන් සතුන්ගේ තියෙන හැදිච්චකම මිනිසුන් තුළ නැති එක. (නි)

:       0       0

නිරන් සෞදි Tuesday, 11 September 2012 01:51 PM

ඇයි මිනිසුනේ මේවා දැකලත් තවත් කුණු මස් කන්නේ..!!(නු)

:       0       0

මහේල Wednesday, 12 September 2012 09:11 AM

විමුක්ති, මේක හරියට ඔස්ට්‍රලියාවට යන්න ගිහින් අහුවෙච්ච නැවක් වගේ,මේක තම ඇත්ත. අපේ පොලිකිඅ කරුණාවන්ත නම් මොනවා කරන්න බැරිද. (ස)

:       0       0

ප්‍රියා Tuesday, 11 September 2012 01:58 PM

හිතලා බලන්න මෙහෙම අහිංසකයෝ තමයි මරලා කන්නේ.. ඔය කටවල් වලට මොනවා උනත් මදි ද?(නු)

:       0       0

නිශාන්ත Tuesday, 11 September 2012 06:49 PM

මේ වගේ දේවල් වලින් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. (නි)

:       0       0

මධු Tuesday, 11 September 2012 02:07 PM

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා.... (නි)

:       0       0

විමුක්ති Tuesday, 11 September 2012 06:44 PM

මේ පින්තූරේ සතියක් යනකම් ඉවත් කරන්න එපා .අපි හැමෝටම මේක හුඟක් දේ කියලා දෙනවා කියලයි මට හිතෙන්නේ (ස)

:       0       0

රූපවතී Tuesday, 11 September 2012 06:52 PM

ඇත්තටම මගේ ඇස් වලට කදුළු ආවා (නි)

:       0       0

සුනෙත් Tuesday, 11 September 2012 02:17 PM

බුදු අම්මෝ...පින්තුරේ හොල්මනකුත් ඉන්නවා. (ස)

:       0       0

මහේෂ් Tuesday, 11 September 2012 02:20 PM

මේක මේ විදියට සිදුවුණ එක හොදයි..!(නු)

:       0       0

මිහිර Wednesday, 12 September 2012 09:44 AM

පොලිසියට බණින අය මේවාට මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)

:       0       0

රත්න Tuesday, 11 September 2012 02:15 PM

බුදු සරණයි ඔබට! (නි)

:       0       0

ශාන් Tuesday, 11 September 2012 07:34 PM

ගවයාගේ ඉදිරි ඝාතය කැඩිලා වෙන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 6 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2104 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1702 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 617 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 775 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site