නාරාහේන්පිට අභයාරාමය දේශපාලන වෘත්තීය සමිති හා වාණිජ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම බුදු දහමේ ඉගැන්වීම්වලට පටහැනි යයි කියමින් කිරුළපන පූර්වාරාමාධිපති පද්බේරියේ විමලඥාන නා හිමියන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර දුන්නේය.
විමලඥාන හිමියන් පවසනුයේ අභයාරාමයේ විහාරාධිපති පදවියට තවත් නඩුවක් පවරන බවයි.
පෙබරවාරි 29 වැනිදාට මුල් නඩුව කල් තැබිණි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අභයාරාමයට තව නඩුවක්
දහම් Monday, 15 February 2016 12:58 PM
මේ ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවිලා වගෙයි මට පෙනෙන්නේ. මේ විදියට පළි ගැනීමේ කෙළවර කොතනද. චේතනාව හොඳම නැහැ. ඉතින් යහපතක් වෙයිද. (බ)
රොකී Monday, 15 February 2016 12:59 PM
මහානාම කියන විදිහට නම් රටේ තියන පන්සල් ඔක්කොම එක්තරා දේශපාලන පක්ෂයක ප්රචාරක කාර්යාල වුනාට කමක් නැහැ! මේ, මහත්තයෝ. පන්සලේ නැතුව වෙන කොතැනක හරි ඕවා පවත්වා ගත්තාට ප්‍රශ්නයක් නැහැ.පන්සල කියන්නේ ආගමික ස්ථානයක්. ඒක දේශපාලන පක්ෂයකට විතරක් නෙවි, කාටත් පොදු ස්ථානයක්. .(බ)
හේමපාල රණසිංහ Monday, 15 February 2016 12:59 PM
මහානාග අංගොඩ ගිහින් ඔලුව පරීක්ෂා කරගතතොත් හොඳයි වගේ. (බ)
යසරත්න Tuesday, 16 February 2016 01:52 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නිහාල් පද්මසිරි Monday, 15 February 2016 02:00 PM
මහානාම,මහින්ද ඔබලාගේ අදහස් හරි.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මම දැනගත්තේ 1968 කොළඹ .රෝහල් මණ්ඩලයේ සේවය කරද්දී.එමෙන්ම මම සේවයෙන් විශ්‍රාම ගත්තේ කොළඹ බහ නගර සභාවෙන්. ම දන්නා පරිදි නම් 1968 දීත් නාරාහේන්පිට අභයාරාමයේ විහාරදිපති වශයෙන් සිටියේ ආනන්ද හිමියන්. එම කාලය තුලදී පත්බේරියේ හිමියන් ට අභයාරාමයේ අයිතිය ගැන අහලාවත් තිබුනේ නැහැ.අභයාරාමයට බෝම්බ ගැසූ වෙලාවෙත් මුලින්ම ගිය අයෙක් මම.මේ හදිසියේ පත්බේරියේ හිමියන්ට වෘත්තීය සමිති කටයුතු මතක් වුයේ වෙනත් බලපෑමක් මතද? අනිත් අතට හාමුදුරු කෙනෙකුට එක පන්සලක් තිබුනහම ඇතිනේ. මොකටද මෙතරම් තණ්හාවක්.(අ)
ගයාන් සෙනරත් Monday, 15 February 2016 02:24 PM
මේ තිලක්-ඩුබායි, ලංකාවේ ඇත්ත තත්ත්වය දැනගෙන කතා කරන්න නැත්තන් කට පියාගෙන ඩුබායි වලම ඉන්න. දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාවන් ගැන මිනිස්සු දැඩි කලකිරීමෙන් ඉන්නේ. (බ)
මනෝජ් Monday, 15 February 2016 02:44 PM
පහුගිය රාජ්‍ය සමයේ ඔය හැම දෙයක්ක්ම යට ගිහිල්ල තිබුනේ බලයට. යහපාලනය කියන්නේ ඕකට තමයි. කවුරුත් කලබල නොවී ඉන්න. අධිකරණය තීන්දුව දෙයි. (අ)
නිම්මි Monday, 15 February 2016 03:19 PM
මේ ඩුබායි තිලක්ට ජාතියක් ජන්මයක් නෑ වගේ (අ)
දේවී Monday, 15 February 2016 04:08 PM
අපේ හාමුදුරුවරු දේශපාලකයන්ට කඩේයාම නතර කළොත් ත් බුදුදහමත් සඟ ගෞරවයත් රටේ සදාචාරයත් මිට වඩා හොදින් ආරක්ෂා වෙනවා.දේශපාලනයට සම්බන්ධ නැති හාමුදුරුවරුන්ට ජනතාවගේ සැලකිල්ල වැඩියි. (බ)
මහානාම - කඳාන Monday, 15 February 2016 04:04 PM
රොනී මහතා . ඔබතුමා ඉතිහාසේ බැලුවොත් හැමදාම පන්සල මුල් කරගෙන් තමා මේ රටේ නිදහස් අරගල වලට තැන දුන්නේ . ඇයි රොනී මහතා ට අමතක වුනාද පහුගිය කාලේ කෝට්ටේ නාග විහාරය මුළු මනින්ම දේශපාලන කටයුතු වලට යොදා ගත් හැටි . මුරුත්ත්ටුවේ ආනන්ද හිමි එවකට සෞඛය ඇමති මෛත්‍රිපාල මැති තුමා සමග මොන තරම් ගැටුම් ඇති කර ගත්තාද ? කොහොම නමුත් වැදගත් ලෙස ප්‍රතිචාර දැම්මට හා මගේ නමින්ම අැමතුවා ට තුති .(බ)
මහානාම - කඳාන Monday, 15 February 2016 04:24 PM
හේමපාල රණසිංහ මහතා ඇයි ඇත්ත කියන්නේ පිස්සොද ? කොහොමත් ඔලුව අප්සට අයට අනික අයව පෙන්නේ පිස්සෝ වගේ තමා . අංගොඩ ඉන්නෙත් මිනිස්සු . ඔබතුමා නොදන්නවා ඇති එයා ලා කියන්නේ දොස්තර ලට පිස්සු කියලා , මා වැරදි නම් නිවැරදි කරන්න පිලි ගතහැකි කරුණු වලින් වැදගත් ලෙස මගේ නමින්ම (බ)
මහානාම Monday, 15 February 2016 04:27 PM
තිලක් ඩුබායි මහතා , මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබතුමා ගේ නොහැදියාව හා අවිනීත කම මේ උගත් සබාවේ පෙන්වන්න එපා . මා වැරදි නම් , පිළිගත හැකි කරුණු වලින් මා නිවැරදි කරන්න බලන්න . (කෞ)
ශාන්ත Monday, 15 February 2016 05:08 PM
මහානාම දකින හීන අපි දකින්නේ නෑ (බ)
ලලිත් සිල්වා Monday, 15 February 2016 05:08 PM
ඩුබායි තිලක් කියන්නේ කොටින්ගේ පඩි ගත්ත දකුණේ හොද සිංහලයෙක් ලු නේද ? යුද්දේ ඉවරවුන ගමන් රට පැන ගත්ත .මොන නමින් දැම්මත් දන්නා උදවිය දන්නවා මෙයාගේ පැටිකිරිය (බ)
මහානාම - කඳාන Monday, 15 February 2016 11:55 AM
මේ ගරුතර හාමුදුරුවන්ට මේ රටට වෙන අපරාධය පෙන්නේ නැද්ද ? දුසිම් පිටින් රණ විරුවෝ පෝරකේට තල්ලු කරනවා පෙන්නේ නැද්ද ? ජාතික ගීය , ජාතික කොඩි වෙනස් කරන්න යනවා පේන්නේ නැද්ද ? අන්තිම සටනේ 23,000 ජිවිත පුජා කරලා බේරා ගත්ත රට , ලබා දුන් නිදහස් බන්දේසියක දාලා දෙන්න යනවා පේන්නේ නැද්ද ? මුළු රටේම ශ්‍රම බලකාය ඉන්දියාවට උකස් කරන්න යනවා පෙන්නේ නැද්ද ? ඔබ වහෙන්සේ කුමන දේශපාලන මතයක් දරුවත් කම් නැත , අයි මේ රට විපතට යනවා පෙන්නේ නැද්ද ? මාධ්‍ය සංහාරයක් වෙනවා පෙන්නේ නැද්ද ? (බ)
මහානාම - කඳාන Monday, 15 February 2016 06:47 PM
තිලක් ඩුබායි මහතා, මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබතුමාගේ නොහැදියාව හා අවිනීතකම මේ උගත් සභාවේ පෙන්වන්න එපා. මා වැරදි නම් පිළිගත හැකි කරුණු වලින් මා නිවැරදි කරන්න බලන්න. (නි)
දුමින්ද Monday, 15 February 2016 12:26 PM
රටට වෙන විපත් නොදකින කල (අ)
තිලක්-ඩුබායි Monday, 15 February 2016 12:27 PM
මහානාම - කඳාන.මොකද.ඔහේගේ ඔලු ගෙඩිය කොහේ හරි වැදුනද (අ)
දර්ශන Monday, 15 February 2016 12:40 PM
මටත් හිතට අදහස් එනවා ඒ වුණාට මම යවන අදහස් ප්‍රසිද්ධ කරන්නෑ (අ)
මහින්ද සෞදි Monday, 15 February 2016 12:45 PM
මහානාම,ඔබගේ අදහස් අගේ කොට සලකමි.යුද්ද කාලේ මේ අය ලංකාවේ හිටියේ නැද්ද?සංඝයා වහන්සේලා, සිංහල ගම්මාන බුරුතු පිටින් විනශකළ ඒවා අමතකද? (අ)
දසුන් Monday, 15 February 2016 12:40 PM
රට පුරා පන්සල්වල තියෙන ටියුෂන් කඩත් වාණිජ වැඩ තමයි. (අ)
නිමල් Monday, 15 February 2016 12:50 PM
කෝට්ටේ නාග විහාරයේත් ඉස්සර ඉඳලාම ධර්මයට පමණක් නෙවෙයි දේශපාලනයට වැටෙන දේවල් කරනවා. (බ)