IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අභයාරාමයේ දේශපාලන කටයුතුවලට අතුරු තහනමක්

( නිමන්ති රණසිංහ,තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම ගොඩනැගිල්ලේ දේශපාලන , මාධ්‍ය හා වෘත්තීය සමිති සාකච්ඡා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වළකාලමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව වාරණයක් ඉල්ලා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය එම පැමිණිල්ල විභාගය අවසන් වන තෙක් බල පැවැත්වේ.

එම විහාරය දේශපාලන කටයුතු හා මාධ්‍ය හමු පැවැත්වීමට යොදා ගැනීමෙන් එම විහාරයේ විනය පිරිහෙන බවත් බෞද්ධ ධර්මය අපකීර්තියට පත්වන බවත් කියමින් කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරයේ විහාරාධිපති පත්බේරියේ විමලඥාන හිමි විසින් එම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබිණි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ සිටිති.

වගඋත්තරකාර ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයේ රැඳී සිටිමින් එකී විහාරස්ථානයට අයිතිවාසිකම් කියන බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ වගඋත්තරකාර හිමි නම විසින් දේශපාලන කටයුතු සහ වෘත්තීය සමිති කටයුතු සඳහා භාවිතා කරන බවත්  පරිගණක ආයතනයක්ද පවත්වා ගෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එක් මහලක් රජයේ ආයතනයකට බදු දී ඇති බවත් මෙම ව්‍යාපාර වලින් උපයන ලාභය විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදන බවත් පැමිණිල්ලේ සඳහන්වේ.

මෙය වගඋත්තරකාර ස්වාමීන්වහන්සේ ගේ ඒකමතික තීරණයෙන් සිදුවන බවත් ඉන් උපයන ආදායම අවභාවිත කිරීමක් සිදුවන බවත් පැමිණිලිකාර විමලඥාන හිමියෝ කියා සිටිති.



අදහස් (21)

අභයාරාමයේ දේශපාලන කටයුතුවලට අතුරු තහනමක්

narada Friday, 14 July 2017 07:05 AM

එතකොට ගංගාරාමයට කොහොමද?

:       2719       2053

migidaFriday, 14 July 2017 07:28 AM

ඒකට ඔබතුමා පෙත්සමක් ගොනුකරන්න.

:       130       299

SrimalaFriday, 14 July 2017 08:23 AM

නාරද.. කවදාවත් ගංගාරාමයේ දේශපාලන රැස්වීම් පැවැත්වූයේ නෑනේ... මේ වාරණ නියෝගය ඉතා හොඳයි. පන්සල් තිබිය යුත්තේ ආගමික වතාවත්වලට පමණයි.

:       767       762

සෙනෙවි Friday, 14 July 2017 07:19 AM

සුද්දො පාලනය කරන කාලෙත් මේ වගේ දේවල් කලා

:       62       303

sumasnaseela Friday, 14 July 2017 07:36 AM

විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වෘත්තීය සමිති වල නායකත්වය නොදැරිය යුතු වන්නේය. එතුමන්ගේ කාර්යය විය යුතුවන්නේ අපගේ භාග්‍යවත් වූ බුදුරදුන්ගේ ඒ අගනා දහම සකල ජනතාවට පැහැදිලි කර ඔවුන්ට නිවන සාක්ෂාත් කරලීම මිස මිනිසුන් අසරණ තත්වයට ඇද දැමීම නොවන බව ගිහියෙක් වුවද මේ බව ඉතා කලකිරීමෙන් හෝ පැවසීම පවක් සේ නොදැනේ.

:       255       218

Chanak Los angeles Friday, 14 July 2017 07:38 AM

නියමයි .. පන්සල් තිබෙන්නේ ඕවා කරන්න නොවෙයි.

:       135       144

Matara Friday, 14 July 2017 07:54 AM

නාරද මහත්තයෝ, ගංගාරාමයේ ඕනෑම දේශපාලුවෙකුට ගිහිල්ලා ආගමික කටයුතු කරන්නත් ආශීර්වාද ලබන්නත් පුළුවන්. ඔබවහන්සේ නොදන්නවාට පහු ගිය දිනවල ඉන්දියාවේ මෝඩි මහත්තයත් ගියා. කතා කිරීමේ නිදහස තිබුණට මෙහෙම කතා කියන්න එපා.

:       216       197

duminda Friday, 14 July 2017 08:30 AM

පන්සල් තියෙන්නේ වඳින්න පුදන්න මිසක් දේශපාලන තිප්පොළවල් වලට නෙමෙයිනේ...

:       210       128

ලුම්බිණි Friday, 14 July 2017 08:40 AM

මොන ආරාමයක්වත් පක්ෂ කාර්යාලයක් වගේ වැඩ කරගෙන යනවා නම් එම ආරාමයේ නම වෙනස් කල යුතුයි. එහෙම නැතුව සාකච්ඡා සඳහා ඉඳහිට රැස්වීම් තියනවා නම් එකේ ඇති වැරැද්ද කුමක්ද? මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ පවා වරින් වර දේශපාලන කටයුතු වලට ආරාමය යොදා ගත්තනේ...

:       96       103

මංගල Friday, 14 July 2017 10:09 AM

හොඳ වෙලාවට වළගම්බා රජතුමා, තිස්ස කුමරු, ගැමුණු මහරජතුමාගේ කාලේ පන්සල් වලට විරුද්ධව කවුරුවත් තහනම් නියෝග ගත්තේ නැත්තේ. ගත්තා නම් අපි සිංහල උරුමය හොයාගන්න පුළුවන් මෙගතිලික සුසාන භූමිවලින් තමා.

:       115       1520

සමන්තFriday, 14 July 2017 11:41 AM

ඒ අය නම් වාරණ නියෝග ගත්තේ නෑ. හැබැයි සමහර අවස්ථා තිබුණා පෙරලා පහර දෙන. ඒ වගේම ඕනෙනැති විදිහට ගිහියන්ගේ පාලන කටයුතු වලට අැඟිලි ගහන්න ගිහින් ළජ්ජිතිස්ස රජු (තිස්ස ගෙ ලොකු පුත් ක්‍රි.පු.140-104) මහා විහාරය සමතලා කරලා, සංඝයා සමුල ඝාතනය කලා. ඒ නිසා නොදන්න ඉතිහාසය කතා කරන්න එපා.

:       241       9

නුමා Friday, 14 July 2017 10:14 AM

අභයාරාමය පමණක් නොවෙයි, සියළුම ආගමික සිද්ධස්ථාන වලට මෙම තහනම බල පැවැත්විය යුතුයි. ආගමික සිද්ධස්ථාන සියළුම පහසුකම් (සාමාන්‍ය ජනයාට නොලැබෙන, විදුලි බිල්පත්, ජල බිල්පත් ආදී...) ලබාගන්නවා නම් තමන් සිදුකලයුතු රාජකාරිය සිදුකලයුතුයි. එසේ නොමැතිව දේශපාලන පක්ෂ එම කාර්යාලවල සිදුකරන කාර්යයන් කරන්නේ නම්, පළමුව කියූ වරප්‍රසාද ඉවත් කළයුතුයි. දැන්වත් ආගම පසෙකලා, මනුෂ්‍යයින් ලෙස කල්පනා කරමු.

:       310       193

Sugathapala Friday, 14 July 2017 10:28 AM

බුද්ධාගමත් දැන් දේශපාලන පක්ෂයක් වෙලා. මේ සංඝරත්නය නිසා බෞද්ධයින් සීඝ්‍රයෙන් ආගම අතහරින බව ඔබලා දන්නවාද ?

:       3005       1677

ගිහාන් ප්‍රනාන්දුSunday, 16 July 2017 01:07 AM

එතකොට අද බහුතර ක්‍රිස්තියානි, හින්දු අය කිසිඳු ආගමක් නොඅදහන්නන් බවට පත්වුනේ කොහොමද කියලා පොඩ්ඩක් විස්තර කරනවද? මුස්ලිම් අය දඬුවම් කරන බව දැන දැනත් ඉස්ලාම් හැරගිය සංවිධාන හදා ගෙන ඉන්නේ ඇයි කියලා විස්තර කරනවද?

:       0       1

රවීන්ද්‍රSunday, 16 July 2017 03:53 AM

ඔබ අනිවාර්යයෙන්ම අන්‍ය ජාතිකයෙක් වන අතර බෞද්ධ ජනතාව ඉතා සූක්ෂම අයුරින් නොමඟ යවමින් සිටින්නෙකි. මිතුරනි මෙවැනි අයගෙන් ප්‍රවේශම් වන්න. තෙරුවන් සරණයි.!!!

:       0       126

thilina Friday, 14 July 2017 10:58 AM

කට්ටියට අමතක වෙලා මේ ආණ්ඩුව ගෙන්න දේශපාලන සාකච්චා, මාධ්‍ය සාකච්චා, රහස් සාකච්චා , සියල්ලම තිබ්බේ කෝට්ටේ නාග විහාරයේ කියල..

:       55       317

Sobitha Friday, 14 July 2017 12:01 PM

මගේ පන්සලේ නම් ඕවා කළේ නැහැ...

:       0       5

ජයන්ත මිලානෝ Friday, 14 July 2017 12:20 PM

බෞද්ධ භික්ෂූන් ධර්මය පසෙකලා දේශපාලනය කරන නිසා තමයි අද ධර්මය පිරිහීගොස් මිනිස්සු හොරු, මංකොල්ලකරුවන්, මිනීමරණ තත්ත්වයට පත්වී ඇත්තේ...

:       212       8

දිනේෂ් Friday, 14 July 2017 12:21 PM

පන්සලක් තුළ දේශපාළනික ක්‍රියා සිදු කිරීම වරදක් ලෙස සිතන්න අමාරුයි. මොකද අපේ රටේ ඉතිහාසයේ පවා බෞද්ධ භික්‍ෂුන් දේශපාලනයේ නිරත වෙලා රට ආරක්‍ෂාකර ගත් අවස්ථා මොනතරම් තියෙනවද? අනික දැන් භික්‍ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවෙත් ඉන්න එකේ පන්සල්වල ඉන්න භික්‍ෂූන් වහන්සේලාට තමන්ගේ මතය අනුව බෞද්ධ රටක් ආරක්‍ෂා කිරීමට කටයුතු කරනවානම් ඒකේ වරදක් නෑ. හැබැයි නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ සදහා නිසි විමර්ශනයක් සිදු කර නීතිමය රාමුව තුළ හරියාකාරව කටයුතු කිරීම රජයේ වගකීම නේද?

:       1       16

සමන්ත Sunday, 16 July 2017 07:32 PM

"මේ බුදු හාමුදුරුවන්ටත් පටහැනිව යාමක්. ආගමත් දේශපාලනයත් කියන්නේ එකක් නෙමේ දෙකක්. අතීත රාජ්‍ය නායකයන් බුදු රජාණන් වහන්සේට ඇති ගෞරවය උදෙසා රාජ්‍ය පාලනයේදී මහා සංගයා ගේ අවවාද උපදෙස් විමසුවා. ඒවා පිළිගත්තා. ඒ කාලේ අද වාගේ නොවේ. ඒ උසස් ගුණ සහිත, ධර්මධර , විනයධර, කෙලෙස් අවම කල භික්ෂුන් වහන්සේලා ගෙන්. එත් අද සිද්ධ වෙන්නේ කෙලෙසුන්ගෙන් පිරුණු , තන්හාව නිසාම රාග, ද්වේශ , මෝහ සහිත පුද්ගලයන් පාලන තන්ත්‍රය ට ඇඟිලි ගසමින් තමන්ට අවශ්‍ය දේ කරගන්න පාලකයන්ටත් උඩින් උත්සහ ගැනීමක්. එක අපට අනුමැත කරන්න බැහ. ඔය ජාතිවාදී , ආගම්වාදී ,බයිලා කියන්න ඕනේ නොදන්නා හුදී ජනයට අපිට නම් නෙමේ..

:       0       0

Upul Friday, 14 July 2017 01:10 PM

මොන පන්සලේද? දැන් ඉන්න එකේ වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 5 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 66 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 510 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 444 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 188 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 637 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site