අභ්‍යවකාශ තරණයටත්, විශ්ව ගවේෂණයටත් යොමු වී සිටින ඉන්දියාව, වසර 2035 වනවිට, අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉන්දියාව අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ඉන්දීය අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ තිරුවාන්නතපුරම් නුවර, වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති දේශනයක් අතරතුරේදීය.
මෙම 2024 වසරේ දී, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එරට නිෂ්පාදිත රොකට්ටුක් සහ ගගන කැප්සියුලයක් ආධාරයෙන් ඉන්දීය ගගනගාමීන් සිවු දෙනකු ද අභ්‍යවකාශයට යවා ගෙන්වා ගැනීමට නියමිතය.
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදිකරන්න ඉන්දියාව සූදානම්
ගමේ එකාලා Monday, 04 March 2024 03:47 PM
අපේ ගමේ මැදමූලනේත් ඉන්නවා ප්‍රසිද්ධ ගගනගාමියෙක්. ලන්කාව ඉන්දියාවට අයිති කියලා එක්තරා දේශපාලුවකුත් කිව්වනේ...
chandani Monday, 04 March 2024 05:51 PM
අයියෝ... අභ්‍යාවකාශයත් ඉවරයි. රටේ පුරුද්දට ඔය මධ්‍යස්ථානයේත් වැසිකිලි නැහැල්ලු. ඊයා... ඔක්කෝම අභ්‍යාවකාශයට තමයිලු මුදාහරින්නේ...
de silva Tuesday, 05 March 2024 02:06 AM
අපේ මැද මූකලානේ චී චී කොල්ලට කිවා නම් ඕක සැලසුම් කරලා, හදලා දේවි. රොකට් අරින්න දක්ෂයි. මිනිහ යවන රොකට් ඇහැට පේන්නේ නැති තරම් වේගෙන් යන්න. යවපුවා හොයාගන්න කෝප් කමිටුවටවත් බැහැ.