IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට

20161103Amaradewa-1'හෙළයේ මහා ගාන්ධර්වයා' ලෙස විරුදාවලි ලැබ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට  ලක්වසිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිය දිවි මගින් නික්ම ගියහ.

හදිසි රෝග තත්ත්වයක් නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේගත කළ පණ්ඩිත් අමරදේවයෝ අද (03දා) උදෑසන එහි දැඩි සත්කාර ඒකකයේදී අභාවප්‍රාප්ත විය.

ජන සංගීතය, ශාස්ත්‍රීය සංගීතයමෙන්ම සරල සංගීතය යන තෙවැදෑරුම් සංගීත ශෛලීන්හි සමත්කම් දැක්වූඑතුමා ශ්‍රී ලංකාවේ කැලිප්සෝ සංගීතයේ පළමු ගීය වන 'ගයන ගැයුම්' ගීතයේ නිර්මාතෘවරයා වශයෙන් වෙනස් ශෛලියක ආරම්භයද සනිටුහන් කළේය.

සිය දූපුතුන්ද කලා විශාරදයන් වශයෙන් කලාවට දායාද කළ පණ්ඩිත් අමරදේවයන් කෘතහස්ත වයලීන වාදකයෙකු ලෙස සංගීතයට පිවිසියේය.

දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කී ඔහු ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන මැග්සෙයිසේ සම්මානයටද පාත්‍ර විය. මිය යනවිට 88 වැනි වියේ පසූ ඒ මහතා රජයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති තනතුර හෙබවීය.

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට (04දා) උදෑසන නවයට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට පා ගමනින් කොළඹ 07, නිදහස් චතුරශ්‍රය වෙත ගෙන ඒමට නියමිතය.

උදෑසන 10.00 සිට නිදහස් චතුරශ්‍රයේ මහජන ගෞරවය පිණිස තැන්පත් කෙරෙන දේහය පිළිබඳ ආදාහන කටයුතු අනිද්දා (05දා) සවස 3.30ට ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව නිදහස් චතුරශ්‍රයේදීම සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා Friday, 04 November 2016 02:18 AM

දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදීමක් පිළිබඳ රාවයක් තිබෙන නිසා, ජනතාව තුළ කුතුහලයක් ඇතිවී තිබෙනවා ආදාහනය කිරීමක් කෙරේවිද කියා. මරණින් පසු තම දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන්න එතුමා ඉල්ලීමක් කර තිබුනේනම් පවුලේ අය සමඟත් ඒ ගැන සාකච්ඡා කර කල්තියාම ජනතාව දැනුවත් කිරීමක් කළයුතුව තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 158 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 456 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 270 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 257 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 176 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 607 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 93 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site