ඩඩ්ලි සේනානායක පිළිරුවට මල් මලා පැළැඳවීමට ආරාධිතයන් සැරසී සිටියදී එහි පැමිණි නාඳුනන පුද්ගලයෙක් ඉනිමග දිගේ පිළිරුවට නැඟ බෑගයකින් මල් මාලයක් ගෙන පලඳවා යන්නට ගියේය.
බොරැල්ල කනත්ත වටරවුම ඉදිරිපිටදී මේ සිද්ධිය වූයේ සිකුරාදාය. ඩඩ්ලි සේනානායක මහතාගේ 39 වැනි ගුණසමුරුව එදිනට යෙදී තිබිණි. එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක හිටපු මන්ත්‍රීවරුන් වන රුක්මන් සේනානායක, ජිනදාස නියතපාල, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන ආරාධිතයන් ඉදිරිපිටදීය.
උත්සව සභාව මෙහෙය වූ නිවේදකයා සියලු ආරාධිත අමුත්තන්ට ඩඩ්ලි සේනානායක පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සඳහා ආරාධනා කිරීමට සුදානම් වූ මොහොතේ ඇල්විටිගල මාවත ඔස්සේ පා පැදියක පැමිණි වයෝවෘද්ධ පුද්ගලයෙක් තම පාපැදිය නවතා වහා ඉන් බැස සේනානායක පිළිරුව අසලට දුව ගොස් ඉනිමඟ දිගේ එහි ඉහළටම නැඟ කුඩා බෑගයකින් ගෙන ආ අලංකාර මල් මාලය සේනානායක පිළිරුවට පලඳවා ඉන් බැස වැඳ ආචාර කැර යළිත් පා පැදියට නැඟී ගියේය.
මෙය දුටු ආරාධිත අමුත්තෝ ඇතුළු රැස්ව සිටි අය තුෂ්නිම්භූත වූහ. ොඑහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධරයකු ඔහු හා කතා කළේය. එවිට ඔහු කීවේ, ‘අනේ සර් මම ඉන්නේ නාරාහේන්පිට. මම හුඟාක් ගරු කරන මහත්මයෙක් තමා ඩඩ්ලි මහත්තයා. මම අවුරුදු ගණනක් තිස්සේ සිට හැම අප්‍රේල් 13 වැනිදාටම උදේ පාන්දරම ඇවිල්ලා ඩඩ්ලි මහත්තායගෙ රූපෙට මල් මාලයක් දාලා වැඳලා යනවා‘ යනුවෙනි.
‘ඩඩ්ලි මහත්තයට හුඟක් ආදරේ කරන මනුස්සයෙක් වෙන්න ඇති. පවු අහංසකයා‘ යනුවෙන් ආරාධිතයෝද එකිනෙකාට කියාගත්හ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමුත්තන්ට කලින් ඩඩ්ලිට මල් මාලයක්