(නාලක සංජීව දහනායක)
ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදුකර වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිතය.
මේ වනතෙක් රාජය සතු වාහන කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමාත්‍යවරුන්ට - රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගැනීම නතර කරයි
සුමිත් Thursday, 02 January 2020 03:31 PM
රට නිවැරැදි පාරේ ගමන් කරවන මේ උත්සාහයට සැමගේ ආශීර්වාදය හිමිවෙයි...
Ajantha Thursday, 02 January 2020 04:01 PM
හොඳ අදහසක්. මෙය දැඩිව ක්‍රියාවට නැගිය යුතුයි.
upali Thursday, 02 January 2020 05:00 PM
බත්තරමුල්ලේ පාසල් ඉදිරිපිට තියෙන රථ ගාල් වල වාහන ටික වෙන්දේසි කරලා අලුත් වාහන ගන්න.
malupaan Thursday, 02 January 2020 05:10 PM
අනේ පස්වහන් දහසකට ජනපතිතුමනි , ජනතාව බස්, දුම්රිය වල පාපුවරුවේ එල්ලී, ජීවිතය පරදුවට තබා, රාජකාරියට ගොස් ගෙවන බදු වලින් වරලත් අයට, කළමනාකරණයක් නොමැතිව මහජන මුදල් කාබාසිනියා කරන්න දෙන්න එපා .
Udaya Thursday, 02 January 2020 05:22 PM
අලුත් වාහන ගන්න දෙන්නේ නැතිනම් මන්ත්‍රීකමෙන් වැඩක් නැහැ.. පරණ වාහනවල යන්න බැහැ බෙල්ල රිදෙනවා.
Thilina Thursday, 02 January 2020 05:56 PM
ඔබට ලබාදුන් ඡන්දයට දිනෙන් දින වටිනාකමක් එකතු වෙනවා දකිනකොට ඇත්තටම සතුටුයි ජනාධිපතිතුමනි. නිර්භයව තීරණ ගන්න. රටෙ අති මහත් ජනතාව ඔබ සමඟයි..
Bandara Thursday, 02 January 2020 06:03 PM
නියමයි, අපි කතිරය ගසා සිදුකර ඇත්තේ ඉතා නිවැරැදි දෙයකි.
Chathuri Thursday, 02 January 2020 09:22 PM
ඕනෑම අලුත් වහනයක් කිසිම ලෙඩක් නැතිව අවුරුදු 10 පදින්න පුළුවන්. අපේ ඇමතිවරුන්ට තියෙන ලෙඩේ මොකක්ද කිසිම ලෙඩක් නැති වහනය අයින්කර අලුත් ඒවා ගන්න. මේ කට්ටිය ගේ වැටුපෙන් කැපෙන්න වැඩ සැලැස්සුවනම් මේ අමාරුව නැති වෙයි.
සමන් ඕස්ට්‍රේලියාව Thursday, 02 January 2020 11:17 PM
ඉතා හොද අදහසක් .
Sameera melbourne Friday, 03 January 2020 12:40 AM
හොඳම හොඳ තීරණයක්.
ranaFriday, 03 January 2020 04:05 AM
පට්ට හොඳයි... ඕක සැමදෙනාටම, ඇමති, මන්ත්‍රී, රජයේ විධායක නිලධාරීන් අැතුළු සියලු ලාංකිකයන් හදවතින්ම ඉටු කළ දෙයක් නොවේ... අපේ රට අපි හදවතින් එකතුව ඉදිරියට ගෙන ආ කියන අදහස සියලු දෙනාට නැත්නම්, නුදුරු කාලයකදීම අසමත් භාවයට පත් වනු නියතයි.
Lucky USA Friday, 03 January 2020 01:03 AM
අපි ඔබ සමගයි එදා මෙන් අදත් හොදට සුද්ද කොට නීති ගරුක විනය ගරුක මිනිසුන් ඇති රටක් බිහි කරන්න. රටේ ඉහලම නිලධාරියාගේ (මැති ඇමැතිවරු කියන) සිට මහජනතාව දක්වා නීතිය රකින නීතියට ගරු කරන පිරිසක් කරන්න. මැති ඇමැතිවරු යනු රටේ සේවකයන්ය. එම නිසා වාහන බලපත්‍ර දීමෙන් වලකින්න. ඒ අයටත් බදු ගෙවා මිලදී ගන්න ඉඩ දෙන්න. ඒ අයට රටේ නිෂ්පාදිත වාහන තිබේ නම් ඒවා පාවිච්චි කරන්න නීති ගේන්න. ආදර්ශමත් කරන්න.
ධනා Friday, 03 January 2020 01:33 AM
මට තියෙන බය මැති ඇමතිලා ජනාධිපතිව පන්නා ගනීද කියන එක
Perera Friday, 03 January 2020 01:58 AM
බොහොම හොඳ තීරණයක් හැබයි ඕකට බෙහෙවින් විරුද්ධ මැති ඇමති පිරිසක් සිටින බවත් ඔවුන් විසින් පත් කරන ලද නිලධාරින් පිරිසකුත් සිටින බවත් නොරහසක්.
රවින් Friday, 03 January 2020 02:17 AM
තව විදියකට කිවොත් "ඩිල් " දාලා පැති පනින කට්ටියගේ ගණන ටිකක් අඩුවෙයි. මිට පස්සේ සලකන්න වෙන්නේ 'කුට්ටියෙන්' තමා. රාජ්‍ය ආයතන කියියක තියනවාද දුවිලි කකා දිරාපත්වන වාහන? අනික තමා ආයතන සියක් ඇමති විෂය පථයට අයත්ව තිබුනත් එක ඇමති කෙනෙකුට ඇමති නිල වාහන ලෙස ලබාදිය යුත්තේ, වාහන දෙකක් පමණි. නැතිනම් ඉන්න ඔක්කොම කුක්කොයි, බල්ලොයි තම තමන්ට රිසිසේ වාහන අරගෙන මහජන මුදලින් නඩත්තු වෙනවා. එකම වර්ගයේ හා කාණ්ඩයේ වාහන පාර්ලිමේන්තු වාහන සංචිතයට ඇතුලත් කර සියලුම ඇමති වාහන නිකුත්කිරීම පාර්ලිමේන්තුවෙන් පමණක් නිකුත් කිරීමට සැලසීමෙන් ඇමති කුක්කන්ගේ බලපෑම් නැත්තට නැති කරගත හැකි වෙනවා වගේම නඩත්තු වියදම්ද අවම කරගත හැක. පාරේ බැහැල යන්න බැරිනම් කිරි පණු ගාය හැදිල්ලට මහජන සේවයටයි කියලා එන්නේ? සියලුම ආයාතනවල එක්තරා විධායක ශ්‍රේණියක නිලධාරින්ට හැර අනිකුත් සියලු දෙනාහට පොදු සංචිතයේ වාහන භාවිතයට සැලසීම.
prasad Friday, 03 January 2020 02:25 AM
එතකොට ඡන්දෙට ලක්ෂ ගණන් ණය වෙලා ඇමති කට්ටක් ගත්තොත් , ඩියුටි ෆ්‍රී වාහනයක් දෙන්නේ නැතෙයි? නෝනයි , දරුවොයි , බල්ලයි අරන් යන්න වෙන වෙනම වාහන දුන්නා නම් තමා හොඳ .ඉස්සර නම් එහෙමයි. අනේ මන්දා මේවා ලංකාවට ගැලපෙයිද?
AjanthaFriday, 03 January 2020 07:01 AM
මහත්මයා විකාර අදහස් දැක්වීමෙන් වැලකී හොඳ නරක වෙන් වෙන්ව දකින්න
GuneFriday, 03 January 2020 11:52 AM
අජන්ත, ඔබේ අදහස දැක්කාම මට අහන්න හිතුණා, උපහාස රසය කියන එක මොකක්ද කියලා ඔබ දන්නේ නැතුව ඇති නේද? මෙතන අදහස් දාන බොහොමයක් අය මං දැකල තියෙනවා උපහාසයෙන් පළ කරන අදහස්වල අර්ථය වටහා ගන්නේ නැහැ.
eresh S kumara Friday, 03 January 2020 03:20 AM
බොහොම හොදයි ඔබතුමාගේ වැඩපිළිවෙල ඉතා අගයකරමි.
Mahee Friday, 03 January 2020 04:21 AM
ඉතාම විශිෂ්ට තීරණයක්. ජනාධිපතිට බය බව නම් පේනවා. නිලධාරීනුත් ගැස්සිලා ඉන්න බව පේනවා. ඒක රටට ඉතාම හොඳයි. දියාරු නොවී ඔහොම ගියොත් රට ගොඩ එන්නත් බැරි නෑ.
asitha Friday, 03 January 2020 10:08 AM
ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසියේ පොලිස් අධිකාරිවරයාගේ සිට ඉහළට ඉන්න අයගේ බිරින්දෑලාට දෙන වාහන සහ දරුවන් පාසල් යවන වාහන නතර කරන්න ඕනේ...
කපුරුහාමි Friday, 03 January 2020 11:59 AM
මේ තීරණයට කීදෙනෙක් විරුද්ධ වෙයිද කියන්න බැහැ.. සමහරුන්ට තියෙන්නේ රථගාය. මහජනතාවගේ බදු මුදල් මිසක් තමුන්ගේ අතින් මිටින් යනවා කියලද?
Nandalal DE SILVA - FranceSaturday, 04 January 2020 06:45 PM
පසුගිය යහපාලන රජය කාලේදී හොස්ස ලඟින් මැස්සා ගියවිට වැඩ වර්ජන කරපු රජයේ වෛද්‍යය සංගමයේ ඩොක්ටර් පාදෙණිය උන්නැහෙත් නව පන්නයේ කාර් ඉල්ලා පාරට බැහැල වර්ජන කරපු හැටි අපට තවම අමතකවී නොමැත. රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් වලපල්ලට ගියත් අපට සැප වාහන ඕනෑ කියා ගිරිය කඩාගෙන කෑ මොර දීපු එවැනි දොස්තරයන්ට දැන් ඉතින් අබ සරණයි!
sampath Friday, 03 January 2020 12:52 PM
රජයේ වාහන සංචිතයක් සහ එම වාහන අලුත්වැඩියාවට රජයේ ස්ථාන සෑම පළාතකම ස්ථාපිත කරන්න රජයේ වාහන අලුත්වැඩියාව කියන්නේ ධන නිධානයක්... හැමදාම වාහන කැඩෙනවා. ඒ විතරක්ද තමන්ගේ වාහන දාලා ලොකු ගණන් ගන්නවා. රජයට බඳවා ගැනීමටත්, සේවා සැපයීමටත් ස්ථාන ආයතන ස්ථාපිත කළොත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මිලදී ගන්නත් පුළුවන්...
Bamunuarachchi Friday, 03 January 2020 03:50 PM
අලුතින් වාහන ගැනීම පමණක් නොව විශ්‍රාම අරන් ගෙදර යනකොට වාහනේ අරන් යන එකත් නවත්වන්න.
Nandalal DE SILVA - France Friday, 03 January 2020 11:55 PM
ඔය "හතු පිපෙනවා" වගේ ගන්නා තීරණවල කිසිම වැදගත්කමක් නැහැ. ගැලරිය පිනවන්න දෙන ටෝක්ස් දින, සති, මාස ගතවෙන කොට බොඳවී යන බව අතීතයේ අප දුටුවා. අනාගතයේදීත් සිදුවේවි... මොකද ඉතින් දැන්කාලේ සිදු නොවෙනවා කියා හිතන්නේ?
sampath Monday, 06 January 2020 12:02 PM
ආයතනවල කාමර වායු සමීකරණය කරලා නවීන උපකරණ, කැරකෙන පුටු ඇති නවීන පරිගණක තමයි ඉතින් නැත්තේ... හොයලා බලමුද මේවත් ටිකක්?