IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


අමාත්‍යංශ නියෝගය එනතුරු සිරුර ශීතාගාරයේ

(සිරංගිකා ලොකුකරවිට)     

                                                        
ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මත්මිය අද (21) නියෝග කළාය.     

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, එම මරණය අධිකරණ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොරෝනා මරණයක් බවට තීරණය කිරීමෙන් පසුව ආදාහනය කිරීම සඳහා යොමු කරන බවට ගාල්ල ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කිරීමෙන් පසුව එයට එරෙහිව ඥාතීන් විසින් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුවය.        

මියගොස් ඇත්තේ 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. ඔහු තිදරු පියෙකු වන අතර, කොරෝනා වයිරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් පසුව හෘද රෝගයක් හේතුවෙන් මිය ගියේය.

මෙම තැනැත්තාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා  නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ.

කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු අධ්‍යයනය කරමින් සිටින බැවින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ලැබෙන තුරු සිරුර ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් දෙන ලෙස එහිදී මරණකරුගේ ඥාතීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ අගමැතිවරයා සමඟ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළු නියෝජිතයන් සෞඛ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී සාකච්ඡා කළ පරිදි ශීතාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට යවන ලද ලිපියක් ද පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.          

එම කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මළ සිරුරු භූමදානය කිරීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසන් තීරණයක් ලැබෙන තුරු මෙම තැනැත්තාගේ මළ සිරුර ශීතාගාරයක් තුළ තැන්පත් කර තබන ලෙස නියෝග කළාය.   



අදහස් (16)

අමාත්‍යංශ නියෝගය එනතුරු සිරුර ශීතාගාරයේ

ෆාතිමා Monday, 21 December 2020 11:09 AM

හිතක් පපුවක් තිබෙන මහේස්ත්‍රාත් කෙනෙක්. අවසානයේ තීන්දුව මොනවාද කියලා රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි. දෙවියන්ගේ ශාපයට පත්වේවා.

:       31       13

මුණසිංහ Monday, 21 December 2020 11:16 AM

දේශපාලන බලයට යටවී තීරණ වෙනස් කළොත් එය මේ රජය ගැනද තීන්දුව ගන්නා තැනක් වනු ඇත. මෙය අනතුරු ඇඟවීමකි.

:       8       23

Ruhunu Monday, 21 December 2020 12:27 PM

බලමුකෝ ඒකට ලැඛෙන තීන්දුව මොකක්ද කියලා? නිකම් සවුත්තු වෙන්නේ නැතිව නම්බුව තියාගෙන ඔනෑ කෙනෙකුට කැමැති විදිහට ඒ දේවල් කරගන්න ඉඩ දෙන්න ඔනෑ..නැතිනම් කාටත් නීතිය එක විදිහට ක්‍රියාත්මක කරන්න ඔනෑ. ඔයාලට මිනිය බාරගන්න බැරි නම් රජයෙන් හරි ආදාහනය කරන්න ඔනෑ..

:       3       19

siri Monday, 21 December 2020 01:55 PM

කෙනෙක් මියගිය පසු හැකි ඉක්මනින් භූමදානය කරන එකනේද ඉස්ලාම් සම්ප්‍රදාය? දැන් මේකටත් පෙළපාලි යයිද දන්නේ නැහැ.

:       5       18

සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 December 2020 01:58 PM

සෞඛ්‍ය අංශ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය නොකරන ලෙස නිර්දේශ කොට තිබියදීත්, අළි සබ්රි මහතා හා අගමැතිවරයා ඊට සම්බන්ධවී මේ කරගෙන යන වැඩපිළිවෙළ කුමක්ද ? අධිකරණය නියෝග කොට තිබියදීත්, මේ මෘතදේහය පොදුජන යහපත සඳහා පුළුස්සා දැමීම කළයුතුයි නේද? මේ වසංගතයෙන් රට විනාශ වෙනවා. මළමිනී මගින් තවත් බෝකර ගැනීමට නේද මේ දඟලන්නේ? අනේ මන්දා මේ මිනිසුන්ගේ මොළේ කොලොප්පන් වෙලාද කියලා.

:       10       25

මුණසිංහTuesday, 22 December 2020 01:49 AM

අගමැතිතුමා තිබුණු ගෞරවය නැති කරගන්නයි යන්නේ... ජනාධිපතිතුමාගේ වැඩවලට හරස් කපන්න එපා...

:       0       0

Prabha Monday, 21 December 2020 04:18 PM

ෆාතිමා, වැඩිපුරම මියයන්නේ මුසල්මානුවන්... ඒ මොකද?

:       4       22

samanSaturday, 26 December 2020 05:44 PM

මුස්ලිම් අය මැරුණොත් කොරෝනාලු... අනික් අය මැරුණොත් නියුමෝනියාවලු.... ඒකයි.

:       0       0

සිරිබිරි Monday, 21 December 2020 05:04 PM

එහෙම නං කතෝලික මරණ භූමදානය කරන්නත් පුලුවන් වෙන්න ඕන.

:       1       13

aruna Monday, 21 December 2020 05:04 PM

ෆාතිමා, මොකද අටලුගම මුස්ලිම් අය කෙළ ගහන්නේ...? අල්ලා ළගට ඉක්මණට යන්නද?

:       3       21

ඉරාන් Monday, 21 December 2020 06:38 PM

මැරිච්ච ගමන් පශ්චාත් මරණ පරීක්ෂණත් නොතියා පැය 24ට කලිං වලලන්න දඟලන, එහෙම බැරි වුණාම ඒකට විරුද්ධව පෙළපාලි ඉස්පිරිතාලෙටත් ගල්ගහන යන අයමද මේ ශීතාගාරවල තියන්න කියන්නෙ.... දැං මොන විහිළුද මේ? කොරෝනාවට හපං වයිරසයක් තමයි මේක නං....

:       0       4

Prasad Tuesday, 22 December 2020 02:00 AM

අලි සබ්‍රිතුමා අපිට අවශ්‍ය දේ කරලා දෙනවා.

:       0       0

Saman Tuesday, 22 December 2020 02:26 AM

ෆාතිමා, දෙවියන් ඇයි ශාප කරන්නේ? මිනිසුන් එසේ කරන්නේ කිසිවක් කරකියාගත නොහැකි වූ විටයි...

:       0       0

Nuwan Tuesday, 22 December 2020 04:34 AM

වෙන රටවල් අර කොරෝනා සඳහා වූ එන්නත් ගබඩා කරන්න අවශ්‍ය අධි ශීතකරණ ගන්නවා. මේ අය මිනී ගබඩා කරන්න උසාවි නියෝග ගන්න දඟලනවා.

:       0       0

සුතසෝම Tuesday, 22 December 2020 07:26 AM

ෆාතිමා ඔයත් අටලුගම නේද​? පාරදිගේ උඩ බලන් කෙල ගහගන්න කෙනෙක් නේද ඔයා?

:       0       4

fairoos Tuesday, 22 December 2020 08:24 AM

මේක නිකන් අන්දරේ හරකුන්ට කිව්වා වගේ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 93 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 549 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 363 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 171 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 735 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 173 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site