IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අමුතු නීතියක් ගැන මනුෂගෙන් මැතිසබේදී චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සේවකයන් 6 දෙනකු ඇමෝනියා වළකට වැටී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආයතනයේ හාම්පුතුන්ට  නඩු පැවරූ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිරේ යවා  ඇතැයි කම්කරු සහ  විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

සිද්ධියට චෝදනා ලැබූ හාම්පුතුන් කිසිදු ගැටළුවක් නැතුව නිදැල්ලේ සිටින බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

මනුෂ නානායක්කාර මහතා මෙසේද සදහන් කළේය.

ඇමෝනියා වළකට වැටී සේවකයන් හය දෙනකු  මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්  නඩු පැවරීම කළ කම්කරු සහකාර කොමසාරිස්වරයා අත්අඩංගුවට පත්වී සති දෙකක් හිර හිටියා.

නමුත් හය දෙනකු මරපු කර්මාන්තශාලාවේ කිසිවෙකුටත් ප්‍රශ්නයක් නැහැ

හොරණ අධිකරණයේ මෙම නඩුව මුලින්ම පවරපු අවස්ථාවේදී විත්තිකරුවන් ඉදිරිපත් කළ  මූලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කිරීම නිසා නඩුකාරවරයා මාරු කර අලූත් නඩුකාර වරයෙකු පැමිණ නඩුව පැත්තකට දැමූවා. ඊට පසු මෙම නඩුව දැම්මෙ ඇයිද කියා විමසමින් නඩු පවරපු අයට නීතිය ක්‍රියාත්මක කරනවා.

සේවකයන්ට අගතියක් කළ හාම්පුතුන්ට නඩු පවරපු කම්කරු දෙපාර්තමේන්තුවේ  අයට හිරේ යන්න සිද්ධ වෙලා තියෙනවා. කම්කරුවන් මැරිච්ච එකට වගකිවයුතු හාම්පුතුන්ට නීතිය හමුවේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව අනුමත කරපු පනත යටතේ නඩු පැවරීමත්  අද ගැටලුවක් වෙලා.



අදහස් (5)

අමුතු නීතියක් ගැන මනුෂගෙන් මැතිසබේදී චෝදනාවක්

chandana Friday, 08 September 2023 07:23 PM

මට මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා මගේ කවුරුහරි මියගියා නම්.. නීතියෙනුත් පිළිසරණක් නැතිනම්.. කීයක් හරි වියදම් කරලා " නන්නාඳුනන තුවක්කු කරු" ට කොන්ත්‍රාත් එකක් දෙනවා, ප්‍රශ්නයට වගකිවයුතු, ධන බලයෙන් සියල්ල කනපිටගසා, නීතියත් නමා, මහේශාඛ්‍ය ලීලාවෙන් සිටින කම්හල් අයිතිකරු සහ ඔවුන්ගේ මුළු පවුලම මරලා දමන්න...

:       2       32

සුනිමල් Saturday, 09 September 2023 05:46 AM

මට නම් රංජන් මතක් වුණා.

:       1       0

Bunny PreenaSaturday, 09 September 2023 09:30 AM

චන්දන මම ඔය කියපු දේට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. නීතිය සාධාරණ විදිහට විසඳන්න බැඳිලා ඉන්න අයගෙන් සාධාරණයක් සිදුවෙන්නේ නැතිනම්... පීඩාවට පත්වූ අය කාගෙන් හරි එයට සාධාරණයක් ඉටුකර ගන්න හදන එකේ මට වරදක් පෙනෙන්නේ නැහැ. ගොඩක් අසාධාරණකම්වලට ලක්වූ අය නීතිය අතට ගන්නේ සමහර ලොකු නිලධාරීන්ගේ උද්දච්ඡ ක්‍රියා නිසා...

:       0       3

සල්ලි Friday, 08 September 2023 07:32 PM

මිනිස්සු 6ක් මැරිලා ඉද්දි ඇමතියාගේ හිනාව බලාපල්ලාකෝ...!

:       11       21

Mahaachaarya Saturday, 09 September 2023 09:37 AM

හොඳ වෙලාවට ලංකාවේ, ඇමෙරිකාවේ වගේ තුවක්කු විකුණන කඩසාප්පු නැත්තේ... තිබුණා නම් සාධාරණ වැඩකරන අය, කප්පම් කාරයින්, චණ්ඩින් සහ හොරුන්ගෙන් භාගයට භාගයක්ම පරලොව යවලා ඇති... ලංකාවේ සාමාන්‍ය පීඩිත ජනතාවම, පොලිසියෙන් අල්ලලා නඩු දානකන් බලාගෙන ඉන්නේ නැතුව...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 13 50 0

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
2024 ඔක්තෝබර් මස 13 332 0

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 1271 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1382 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 412 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 219 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26052 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 299 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1343 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site