IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අම්පාර ගොවියෝ ජයගනිති

වී අලෙවි මණ්ඩලය අම්පාර උහන ගොවීන්ගේ වී මිලට ගැනීම නවතා ඇතැයි පවසමින් අම්පාර ගොවීහු අම්පාර මහඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින්  අද (17) පැයක උද්ඝෝෂණයක් පැවැත් වුහ.

වී පැටවු ට්‍රැක්ටර් අම්පාර මහඔය පාරට ගෙනවිත් උද්ඝෝෂණය කිරීම නිසා මාර්ගයද අවහිර විය.

අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතා  එහි පැමිණ වී මිලදී ගන්නා බව හා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක් වෙන් වී ඇති බව පැවසීය.

වී අලෙවි මණ්ඩලයේ ජංගම වී මිලදී ගැනීමේ රථ එහි  යැවීමෙන් පසු උද්ඝෝෂණය නිමාවට පත් විය.



අදහස් (0)

අම්පාර ගොවියෝ ජයගනිති

බණ්ඩාර Wednesday, 18 September 2013 10:17 AM

හලෝ වරුණ ගොඩ කාලෙකින්! උරුලෑවා තාම එනවද? (ස)

:       0       0

මිනිපෙ Tuesday, 17 September 2013 11:12 PM

මම උද්ඝෝෂණ අනුමත නොකළත් මේ උද්ඝෝෂණය අනුමත කරමි.රජයේ වගකීමක් පැහැර හැරීමක් වගේ. (නි)

:       0       0

චානක Tuesday, 17 September 2013 11:15 PM

ආසියාවේ ආශ්චර්යය මේක වෙන්න ඇති නේද ? (නි)

:       0       0

වජිර Thursday, 19 September 2013 06:13 AM

රටේ සංවර්ධනය යනු ජනතාව අතට මුදල් ලැබීමය (නි)

:       0       0

අසෝක Tuesday, 17 September 2013 11:57 PM

ඇමතිලා නම් 'හැටහුටමාරක්' විතර ඉන්නවා. වැස්සටයි,අව්වටයි විතරයි නැත්තේ. එත් දේශීය නිෂ්පාදන වලට මොනවා කරන්නද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේවායේ රගේ දන්නේ කට්ට කාලා මහන්සි වෙන ගොවි මහත්වරු විතරයිනේ. (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 18 September 2013 12:51 AM

මෙවැනි සිදුවීම් වීමට මුලික වන්නේ අප රටට සහල් ආනයනය කරන තැරැව්කරුවෝ නිසාද, එසේ නැත්නම් සහල් රටේ පරිබෝජනයට වඩා වැඩියෙන් තිබීමද වේ. රටට බත සපයන ගොවීන්ට සාධාරන තීන්දු දීම වෙළද ඇමතිගේ යුතුකමක් වගේම ගොවින් සාධාරනව ඉල්ලීම් දිනාගැනීම ගොවීන්ගේ වගකීමකි (නි)

:       0       0

සත්‍යා Wednesday, 18 September 2013 12:52 AM

හිටවපු දේ විකුණගන්න බැරි රටක්? (නි)

:       0       0

දසුනි Wednesday, 18 September 2013 01:23 AM

බොහොමයක් ප්‍රශ්න වලට පිළිතුරු නොදී කරන්නෙම පාරවල් හදන එකනේ. ප්‍රශ්නයක් විසද ගන්න ඕනෑ වුණහම කරන්න තියෙන්නෙත් ඒ පාරවල් වලට එන එකම තමා.මඩ සෝදාගෙන ඇවිල්ලා ඉන්නවා නම් එලවන්නත් බැහැනේ.මේ අයත් රජවරුනේ. (නි)

:       0       0

සීවලී Wednesday, 18 September 2013 02:38 AM

පව් අහිංසක මිනිස්සු. ජය වේවා! (නි)

:       0       0

නානායක්කාර Wednesday, 18 September 2013 12:57 PM

ගොවින්ට හති වැටුනට පස්සේ ලාබෙට වී ටික ගන්න කට්ටිය බලාගෙන ඉන්නේ. (අ)

:       0       0

කුසුම් Wednesday, 18 September 2013 12:58 PM

සමහරක්ට තමන් කුසගිනි නිවා ගන්නේ කාට පින්සිඳු වෙන්න දැයි කියල වත් හිතන්නේ නැතිව අදහස් දමල තියනවා. පව් අහිංසක ගොවීන්ට අත් වෙලා තියන ඉරණම ගැන ගොඩක් කණගාටුයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 05:01 AM

මේකද අනේ අපේ ආශ්චර්ය ?(නදී)

:       0       0

අනුරශාන්ත Wednesday, 18 September 2013 01:02 PM

ගොවි මහතුනේ නුඹලා සෑම කන්නයකදීම ඔය දුක විඳවනවා. ඉතින් ඇයි මේ ක්‍රමයේ වෙනසක් දකින්න කැමති නැත්තේ. (ස)

:       0       0

ලියනගේ Wednesday, 18 September 2013 05:49 AM

මේ ප්‍රශ්නෙට ස්ථිර පිළිතුරක් හොයන්න බැරි මණ්ඩලය කුමට ද? පාලකයින්ට උනන්දුවක් නැහැ වගේ මට නම් පෙන්නේ.(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 September 2013 06:48 AM

පින්වත් ගොවි මහතුනේ, උද්ඝෝෂණ කරන්න. කරුණාකරලා පාර වහන්න එපා , අපි ඔබතුමන්ලාට වැඩිය අසරණයි (නි)

:       0       0

මොහාන් Wednesday, 18 September 2013 01:25 PM

ගහලා පන්නන්න තිබ්බේ ආමි එකෙන් දාලා. (ස)

:       0       0

මොහාන් Wednesday, 18 September 2013 01:27 PM

අනුරශාන්ත වෙනසක් කියන්නේ කොයි වගේ එක ක්ද? වෙන ආණ්ඩුවක් වගේ එකක්ද? අම්මෝ හිතනකොටත් බයේ බැහැ.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 18 September 2013 07:05 AM

අපේ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියලා මේ වගේ අදහස් වලින් තේරුම් ගන්න පුළුවන්. අනුන්ට හෙණ ගැහිලා ගියත් කමක් නැහැ, අපිට කරදරයක් වෙන්නෙ නැතුව. මමත් ගොවියෙක්ගෙ පුතෙක්. මගේ ළමා කාලෙ වේල් ගණන් බඩගින්නෙ ඉඳලා තියෙනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 07:45 AM

පව් අසරණ ගොවියා අලින්ගෙන්,නිලධාරීන්ගෙන් ,ගංවතුරෙන්,නියගයෙන් හා පොහොර මගඩි වලින් පීඩා විදගෙන වගා කරලා දහ දුකින් නෙලා ගන්න අස්වැන්න විකුණා ගන්න නිසි යාන්ත්‍රණයක් හදන්න සමත් උනේ නැහැනේ. මේ පාලකයන්? අස්වැන්න ව්කුන ගන්නත් යුද්ධ කරන්න වෙලා .ඒ වුනාට ගිරිය පුප්පන් කෑගහන්නේ අපි වවමු රට නගමු කියලා.(නදී)

:       0       0

තිනුග Tuesday, 17 September 2013 06:29 PM

පව් අහිංසක මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා අන්තිමට තමන්ගේ වී ටික විකුණා ගන්න උද්ඝෝෂණ තියන්නත් ඕනේ (අ)

:       0       0

සංජු Tuesday, 17 September 2013 06:38 PM

සිංහල මිනිස්සුන්ගේ රටේ තම නිෂ්පාදනය කරන බඩු විකුනන්න උද්ඝෝෂණ පෙළපාලි යන්න ඕනේ,,,වෙනත් ජාතින් පිටරටින් මත් කුඩු සහ වෙළද භාණ්ඩ ගෙනල්ල උණු කැවුම් වගේ විකුනවා ලබා ලබනවා තම ජාතිය වර්දනය කරනවා අපේ සිංහල මිනිස්සු පොලවට පස් වෙනවා...(අ)..

:       0       0

ප්‍රදික් Tuesday, 17 September 2013 06:54 PM

උද්ගෝෂණ කලාට කමක් නැත පාරවල් අවහිර කිරීම වහා නතර කල යුතුයි (අ)

:       0       0

නිර්මාල් Wednesday, 18 September 2013 08:57 AM

මෙම උද්ගොෂණයට ඔය පළාතේ පැරණිම ගොවි සංගමය සම්බන්ධද? එම සංගමයට දේශපාලන බෙදීමක් අතීතයේ තිබුනේ නැහැ.අදටත් එසේයි සිතමි. (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 18 September 2013 02:29 PM

ගොවිතෙන් කරන අයවලුන්ගෙන් බොහෝ දෙනෙක් බැංකුවලට ණයවෙලා නැති නම් මුදලාලිලාට ණයවෙලා තමා කරන්නෙ. පවුලේ නඩත්තුවට මුදල් හොයා ගන්ටත් එපායැ. ඉතින් ඒවා මිලදී ගන්නෙ නැහැයි කියපුවහම මිනිස්සුන්ගෙ සිහිය විකල් වෙලා මේ වගෙ දේවල් වලට පෙළඹීම අමුතු දෙයක් නෙමෙයි. නිලධාරීන් ගොවි මහත්තුරුන්ව අමාරුවේ දාන වැඩේ නම් කවුරුත් අනුමත කරන්නෙ නැහැ. (ස)

:       0       0

ප්‍රදීපා Tuesday, 17 September 2013 07:01 PM

අඬන්න ඕනෙලු කිරි එරෙන්න කියන්න ඕක තමයි. (අ)

:       0       0

චන්දි Tuesday, 17 September 2013 07:02 PM

මේ හැංගිලා ඉන්නේ කවුද.? මොකද මුහුණ හන්ගන් ඉන්නේ (අ)

:       0       0

නිශේන්ද්‍ර Wednesday, 18 September 2013 02:40 PM

වැරැද්ද ආණ්ඩුවේ . අස්වනු නෙලන කාලයට හාල් පිටරටින් ගෙන්වීම නවත්වන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නය (ස)

:       0       0

ලලිත්-එල්එස් Wednesday, 18 September 2013 09:23 AM

අපරාදේ පිටරටින් හාල් ගෙනැල්ලා ලොකු කුට්ටියක් ගන්න බලා හිටපු ජරා ජීර්ණ දෙසපාලකයන්ටයි කුණු කොල්ලෙට වී ගන්න හිටපු කළුකඩ මුදලාලිලාටයි හරිම අකර තැබ්බයක් උනේ. (ස)

:       0       0

අමිල - කටුනායක Wednesday, 18 September 2013 09:28 AM

ඔන්න මඩ සෝදා ගත් කල අර මොකකටද මන්දා සුදුසුයි කියූ අයට වෙලා තියෙන දේ. පව්.... (ස)

:       0       0

චින්තක Wednesday, 18 September 2013 09:42 AM

අනේ පව් මේ අහිංසක මිනිසුන්. මොනතරම් නින්දිත වැඩක් ද මේ? හැමෝම ඡන්ද වලට වැඩ. වී ගන්න එක ගැන හිතන්න වෙලාවක් නෑ. (ස)

:       0       0

මහවැලි Tuesday, 17 September 2013 08:23 PM

රටට බත සපයන්න අත හිත දෙන, දුක්විදින, දහදිය හෙලන, ණය බරින් මිරිකෙන,ඉවසා දරා ගත නොහෙන අසීමිත දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගෙන, ඇප කැප වෙන මේ රටේ දුප්පත් අහිංසක ගොවිය ගේ වී ටික කලට වෙලාවට මිලදී ගන්න නිසි ක්‍රම වේදයක් සකසන්න, පාලකයන්ට /බලධාරීන්ට බැරිවෙලා තියෙන්නේ කාගේ කරුමයකටද කියල නම් හිතා ගන්නත් අමාරුයි. මේ මිනිස්සු ගැන හරිම දුකක් හිතෙනවා පවූ .(අ)

:       0       0

අනුරශාන්ත Wednesday, 18 September 2013 03:33 PM

මොහාන් කැමති හමුදාව දම්මලා අපිට කන්න බත සපයන ගොවියන්ගේ අත පය කඩවන්නද? නොමිනිස්කම් ප්‍රදර්ශනය කරන්න එපා! (ස)

:       0       0

අචිනි Wednesday, 18 September 2013 09:53 AM

අයියෝ හමුදාව කැඳවලා වෙඩි තියන්න කෝ.. නැතිව කිසිම ගතියක් නැහැ ..අහවලාට නින්ද යන එකකුත් නෑ කෙනෙක්ව මරන්නේ නැතිව. (ස)

:       0       0

චානා Tuesday, 17 September 2013 09:12 PM

අඩන්නම ඕනලු කිරිඑරෙන්න , ජනපතිතුමනි, අස්වනු නෙලන කාලයට මෙම අසරණ ගොවින් තලා නොපෙළා ,සියලු අස්වනු මිලදී ගැනීමට ගතවූ කාලය මදිද? ඔබතුමාත් ගොවියෙක් නේද?(අ)

:       0       0

පද්මිණි Tuesday, 17 September 2013 09:17 PM

ගෙදරට වෙලා උද්ගෝෂණය කලාටහරියනවද?ප්‍රදීප්?අවශ්‍ය තැන් වලට ඔය අපුරුවට වැදිලා තියෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1002 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6180 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3445 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1489 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28524 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23600 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site