IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අම්පාර රෝහලේ දරුවන්ගේ ජීවිත බේරේ

තවත් පැය කිහිපයක් විදුලිය පමා වූයේ නම් අම්පාර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සියලු දරුවන් මෙලෝව හැර යන්නට ඉඩ තිබිනැයි රෝහල් අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා පවසයි. පැය 46කට පමණ පසු අද අළුයම විදුලිය ලැබීම නිසා ඒ තත්ත්වය මග හැරී ගිය බවත්, ඒ වෙනුවෙන් මාධ්‍ය දක්වූ සහයෝගය බෙහෙවින් අගය කරන බවත් ඔහු පවසයි. විදුලිය විසන්ධිවීමත් සමග රෝහලේ විදුලි ජනනයට දරුවන්ගේ ජීවිත භාරවූ අතර එය කිහිපවරක්ම නතර වූ නමුත් සේවයට කැපවූ විදුලි කාර්මිකයන්ගේ නිරන්තර සෝදිසිය නිසා මහා ව්‍යසනයක් වැළකී ගිය බවද දොස්තර ජයසිංහ පවසයි. විදුලිය වහා දෙන්නැයි ඉල්ලමින් අම්පාර විදුලි ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස සමග රෝහල් අධ්‍යක්ෂ දොස්තර ජයසිංහ ඇතුළු කාර්ය මණ්ඩල පිරිසද එක්වී සිටියහ.



අදහස් (0)

අම්පාර රෝහලේ දරුවන්ගේ ජීවිත බේරේ

කුමාර Thursday, 16 August 2012 08:18 AM

ජයසිංහ මහතාණෙනි, මෙය උතුම් වැඩකි. (නි)

:       0       0

ගයා Thursday, 16 August 2012 08:14 AM

හරිම ආඩම්බරයි ..ඩොක්ටර් ජයසිංහ අහිංසක දරුවන් වෙනුවෙන් පාරට බැස්ස එකට....මුදල් මත වැජඹෙන දොස්තරලාට මේක හොඳ ආදර්ශයක්...(ස)

:       0       0

සරත් Thursday, 16 August 2012 08:22 AM

කොහොම වුණත් ජීවිත ටික බේරා ගත්තට හුගක් පින්. (නි)

:       0       0

අනූෂා Friday, 17 August 2012 10:33 AM

ඔබතුමා‍ට ගොඩාක් පින් දරුවව බේරාගත්තාට . අනේ මගේ දරුවත් නොමේරූ ළඳරු ඒකකයේ හිටියා..(ස)

:       0       0

වරුණ Thursday, 16 August 2012 08:32 AM

බොරුවට නාස්ති කරන මහජන මුදල් වලින් මේ වගේ තැනකට උදව්වක් කරන්න හිතෙන්නේ නැද්ද වගකිව යුත්තන්ට...(ස)

:       0       0

නුවන් Thursday, 16 August 2012 08:49 AM

අපිට ඕන මෙන්න මේ මහත්මයා වගේ මිනිස්සු තමයි... මේ වගේ අය තවම රටේ ඉන්නව කියලා අහන්නත් සතුටුයි..(ස)

:       0       0

කහවලගේ Thursday, 16 August 2012 02:39 PM

එජාප ආණ්ඩුවක් තිබුණානම් මේවා කරයිද මේ මිනිස්සු.. ?(නු)

:       0       0

ප්‍රසාද් Thursday, 16 August 2012 08:54 AM

උතුම් ක්‍රියාවක්. අපි ඔබේ මේ ක්‍රියාව අගයකරනවා..(ස)

:       0       0

කුමාර Thursday, 16 August 2012 09:07 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත..(ස)

:       0       0

පූජිත Thursday, 16 August 2012 09:09 AM

මුදල් වලට වඩා මානව දයාව මතු වූ මොහොතක්..(ස)

:       0       0

ස්ටැල්ක් Thursday, 16 August 2012 09:16 AM

මේ දරුවන්ගේ අවාසනාවට මේවගේ රටක උපදින්න වෙලා තියෙන්නේ. අපේ අවාසනාවට මේවගේ රටක ඉපදී මෙවැනි දේ අහන්න ලැබිල තියෙන්නේ.(ස)

:       0       0

සිසිර Thursday, 16 August 2012 09:16 AM

විදුලිය කට්ටිය පලි ගන්නේ නොදරුවන්ගෙන්ද ? ජයසිංහ මහත්තයෝ නුඹ නියම දෙවියෙක්..(ස)

:       0       0

ඉසුරු Thursday, 16 August 2012 08:45 PM

ඔබතුමා සිදුකළ මෙම උතුම් ක්‍රියාව මුලු ලෝකයම අගය කළ යුතුයි. (නි)

:       0       0

බුද්ධික Thursday, 16 August 2012 09:27 AM

දෙවියෙක් වැනි මිනිස්කම ලත් ඔබට මගේ උත්තමාචාරය...(ස)

:       0       0

වසන්ති Thursday, 16 August 2012 09:25 AM

විදුලිය සේවකයන්ගේ නෙමෙයි ප්‍රශ්නය.. බාල නොරොච්චෝලෙ කැඩිලා.. අපි නැවතත් මේ කට්ටියම පත් කර ගනිමු (ස)

:       0       0

නිමල් Thursday, 16 August 2012 09:25 AM

හරි උනත් වැරදි උනත් කට්ටියගේ ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයට විරෝදය මෙම වර්ජනයෙන් දිස්වේ. ජීවිත අනතුරට හෙලීමද වැරදිය. දෙකම බේරා ගත යුතුය .සමහරුන්ට මෙය උරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට ගජ වාසි වගේ වනු ඇත. (ස)

:       0       0

ජගත් Thursday, 16 August 2012 09:37 AM

අනේ හොදයි

:       0       0

ජනක Thursday, 16 August 2012 03:28 PM

ජයසිංහ මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට මගේ ආචාරය.ඔබලා වැනි මිනිසුන් තමයි අපේ රටට ඕන. (ස)

:       0       0

ධම්මිකා Thursday, 16 August 2012 09:39 AM

වෛද්‍යතුමාට වගේම ඒ අසරණ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට කැපවීමෙන් වැඩකළ රෝහලේ විදුලි කාර්මික මහත්වරුන්ටත් අපගේ උපහාරය.(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 August 2012 10:01 AM

ලංකාතිලක මහතාණනි, ඔබ ගැන ආදී මහින්දීයයෙක් හැටියට ආඩම්බරයි. ඔබ විදුහලේ ඉන්න කාලෙත් අපේ විදුහලට කීර්තියක් වුනා. ප්‍රධාන ශිෂ්‍ය නායක හැටියට එදා ඔබට අප දැක්වූවේ අසීමිත ගෞරවයකි. අද අපි රටවැසියන් ලෙස ඔබ ගැන ආඩම්බර වෙනවා. (ස)

:       0       0

ලලිත් - කටාර් Thursday, 16 August 2012 10:57 AM

උසස් කාර්යයක්. සියල්ලන්ටම ස්තූතියි. (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 16 August 2012 11:12 AM

මේක කියෙව්වම ඇත්තටම ඇස් වලට කදුළු ආවා. අපිටත් මේ වගේ පොඩි අය ඉන්න හින්දා. ඔබ ඇත්තටම ශ්‍රේෂ්ට මහතෙක් (ස)

:       0       0

ලියනගේ Thursday, 16 August 2012 10:37 PM

දොස්තරලා වැඩවරද්දි ළමයින්ගෙ ලෙඩවල් ගැන මතක් වෙන්නෙ නැද්ද?(නු)

:       0       0

පාලිත Thursday, 16 August 2012 11:25 AM

මොකක්ද මේ මිනිස්සු කරන්නේ .මෙයාලා රටට පාඩම් උගන්නන්නේ මෙයාලට පාඩමක් උගන්වන්න රටේ අයට බැරිද ?? (ස)

:       0       0

සරත් Thursday, 16 August 2012 11:04 PM

ජයසිංහ මහත්තයට ජය වේවා! (නි)

:       0       0

වජිර Thursday, 16 August 2012 11:26 AM

නියම දොස්තර කෙනෙක්. (ස)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 12:13 PM

වෙන වෙලාවක නම් පොඩි අතපසුවීමකින් හරි ළමයෙක් මිය ගියා නම් දොස්තර මහත්තයාට බලාගන්න තිබුණා කට්ටියගේ අදහස් ටික.. එහෙනම් දොස්තර මහත්තයාගේ මිනියටත් කට්ටිය පිං දෙනවා අනිවාර්යයෙන්ම..!!(නු)

:       0       0

කතරගම සංජීව Thursday, 16 August 2012 01:08 PM

ඔබට ගොඩක් පිං මහත්තයෝ! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 August 2012 01:19 PM

ප්‍රවීන් මැනිලා, ඔබ සමග එකඟයි. අපේ කට්ටිය සමහර අවස්ථාවල අනෙක් වෘත්තිකයින්ට එදිරිව අදහස් දැක්වීමේදී අන්තවාදී වෙනවා වැඩියි තමයි. විශේෂයෙන්ම තරමක් වරප්‍රසාදලාභීන් ලෙස 'ඔවුන්ට පෙනී යන' වෘත්තීන් සමග අපේ අයට ඇත්තේ තේරුම් ගත නොහැකි කේන්තියක්. අහම්බෙන් එක සිද්ධියක් වුණහම ඔවුන්ගේ හිත්වල ගොඩගැසී පවතින ආවේග එතනින් වාන් දමන්නේ ඇරියස් එකටත් එක්ක. හරියට වෘත්තිකයින් හිතාමතාම වරද්දනවා වගේ. අර පත්තෑයාගේ සිදුවීමේදීත් සමහරු ඉංජිනේරුවාට බැන්නා නේ. (නි)

:       0       0

මධු Thursday, 16 August 2012 01:30 PM

විවිධ රටවල නොවටිනා පුද්ගලයින් වෙනුවෙන් දස දහස් ගණනින් මුදල් වියදම් කරද්දී ඇයි මේ වගේ අසරණ දරුවන් වෙනුවෙන් යම් මුදලක් වෙන් කරන්න බැරි? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 07:46 AM

ලොකු දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 198 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5710 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1194 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2131 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2073 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site