IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අම්බලන්තොටත් ටියුෂන් මාෆියාව

අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ පරිපාලනයට  හා පාසල් දරුවන් යට කැර ගෙන  ඇතැයි කියන ටියුෂන් මාෆියාවට එරෙහිව අම්බලන්තොට නගරයේ අද උද්ඝෝෂණයක් පැවැතියේය.

වසර දහයකට වඩා එකතැන සිටින ගුරුවරුන් මේ ටියුෂන් මාෆියාවට සම්බන්ධ බවඋද්ඝෝෂකයෝ කීහ.  

 

 

 



අදහස් (0)

අම්බලන්තොටත් ටියුෂන් මාෆියාව

මංජුල බණ්ඩාර Wednesday, 07 May 2014 02:50 PM

රණතුංග මහත්තයා, ඔබ හරි. මගේ ගුරුතුමාත් ඔයදේම කරා. (ස)

:       0       0

ලහිරු Wednesday, 07 May 2014 02:54 PM

ඔය උද්ඝෝෂණය කරන අයගෙ ළමයි ටියුෂන් යන්නෙ නැද්ද දන්නෑ. (ස)

:       0       0

අනුරාධ Wednesday, 07 May 2014 05:06 PM

අද මේක ජාතික ව්‍යයසනයක් වෙලා. පාසල් තියෙන්නේ නමට දරුවන්ට ඉගෙනගන්න වෙලා. දැන්වත් ජනාධිපතිතුමාවත් මේ ගැන හොයලා අහිංසක දරුවෝ මේ උගුලෙන් බේරුවොත් පින් අයිති වෙනවා (නි)

:       0       0

අනුරාධ Wednesday, 07 May 2014 05:34 PM

ලංකාවේ සමහර දෙමවුපියන්ට ළමයින්ව ටියුෂන් ගෙනියන එක මානසික ලෙඩක් වෙලා. අපි ළමා වයසේ කළ දේවල් දැන් කාලයේ ළමයි කරන්නෙ නැහැ (නි)

:       0       0

ද සිල්වා Thursday, 08 May 2014 03:28 AM

ටියුෂන් පන්ති නවත්වන්න මේ කපේදි බැහැ. අම්බලන්තොට උද්ඝෝෂකයන්ට අන්තිමේදී වෙන්නේ අකුලාගෙන යන්න (නි)

:       0       0

රොකි Thursday, 08 May 2014 08:55 AM

ටියුෂන් කාරයෝ කියන්නේ ජෝතිෂ කාරයෝ පේන කාරයෝ වශී ගුරකම් කාරයෝ වගේ පහල වෙච්ච පරපෝෂිතයෝ පිරිසක්. හේතුව ? වර්තමාන අධ්‍යාපනයේ බංකොලොත් භාවය. ඇයි නතර කරන්න බැරි? නීතියෙන් තහනම් කරලා පාසල් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙනාවා නම් ඉවරයිනේ. අද රටේ තියෙන්නේ උගතුන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් නොවෙයි. සමහර මහාචාර්ය වරුන්ට වුනත් පට්ටම් තිබුනට විභාග සහතික තිබුනට උගත් කමක් නැහැ! (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 07 May 2014 12:20 PM

බලාගෙන උද්ඝෝෂණ කරන්නේ. ඔය පැත්තේ මහජන නියෝජිතයෝ සෙල්ලම් පිස්තෝල අරගෙන දුවගෙන එන්න බැරි නැහැ. (ස)

:       0       0

ඩබ්.ජයසිරි Wednesday, 07 May 2014 12:25 PM

ඹය පිළිලය අහිංසක පැටවු බිලි අරගෙන ඉවරයි.(දිල්)

:       0       0

කසුන් පෙරේරා Wednesday, 07 May 2014 12:26 PM

අම්බලන්තොට පමණක් නොව මුලු රටේම ළමයි ට්යුෂන් මාෆියාවට යට වෙලා. මුලු රටේම මිනිස්සු පාරට බැසිය යුතුයි. (ස)

:       0       0

සම්පත් 08 Wednesday, 07 May 2014 12:36 PM

මේක වැරදි මතයක් අමතර පන්ති නවත්තන්න නම් පාසලේ හොදට උගන්වන්නකෝ වෙන කිසිම ක්‍රමයක් නැහැ .උද්ගොසන කරන අයගේ ළමයින්ට ගෙවල්වලට ගෙනල්ල උගන්වනවා .නිදහසේ කොහෙන් හරි ළමයින්ට ඉගෙනගන්න දෙන්න කුහකකම් නොකර (දී)

:       0       0

ගිහාන් Wednesday, 07 May 2014 12:44 PM

ටියුෂන් කියන්නේ එකතරා මෆියාවක්දැයි ම දන්නේ නැහැ. නමුත් මේ උද්ගෝෂණය කරන කට්ටිය "නොමිලේ ටියුෂන් " කිවුවානම් ඉස්කොලේටවත් ළමයින් නො යවා ටියුෂන් පන්තිවලටම ළමයින් යවනු ඇත. පාසලේදී නිසි ලෙස විෂයමාලාව උගන්වනවානම් ඉවරයි (දී)

:       0       0

රාජිත Wednesday, 07 May 2014 12:55 PM

ටියුෂන් පන්ති වල තියෙන වරද මොකද්ද (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 07 May 2014 01:10 PM

ටියුෂන් පන්ති තිබ්බ නිසා අපි සා. පෙළ සහ උ.පෙළ ගොඩ ගියා. ඔය කවුරු මොනවා කිව්වත් අමතර පන්ති වලින් තමා ලොකුම රුකුල ලැබෙන්නේ. පාසැල නරකයි කියල කියනවා නෙවෙයි. (ස)

:       0       0

සදුනි Wednesday, 07 May 2014 01:27 PM

පාසල තුළින් ලබන්නේ අධ්‍යාපනය පමණක් නෙමෙයි ප්‍රදීප් මහත්තයෝ.පෞරුෂය සහ අනෙකුත් සියලු යහගුණ එතනින් ලැබෙනවා. මාත් ටියුෂන් ගියා. නමුත් කැම්පස් ගොහින් උපාධි අරන් අද වටිනා රැකියාවක් කරන්නේ මගේ විදුහල් මෑණියන්ට පින් සිද්ධ වෙන්නයි. (ස)

:       0       0

කුසුම් Wednesday, 07 May 2014 02:02 PM

ළමුන් ටියෂන් පන්තියට ගොස් ඔවුන්ගේ කැමැත්තෙන් අමතර අධ්‍යාපනය ලබා ගැනීමේ වරදක් මා දකින්නේ නැහැ. නමුත්, සමහර තැනක එය ළමුන්ගේ බෙල්ලට තොන්ඩුව දමා ගෙන සෙල්ලම් කිරීමට සැරසෙන මාෆියා ස්වරුපයක් ගෙන ඇති බවට උදාහරණයක් ලෙස මම මිට දින කීපයකට ඉහතදී සිදුවුන සිද්ධියක් ගෙනහැර දක්වන්නම්. මිගමුව නගරයේ කොම්පියුටර් අධ්‍යාපනය සඳහා ටියුෂන් ලබාදෙන එක්තරා ආයතනයක් එම ආයතනය තුල කලින් සිට මේ විෂය හදාරන සිසුන්ගෙන් එකවරම ඇතුළුවීමේ ගාස්තුව නැවත සංශෝධනය කර ඇති බව කියමින් රු,400 මුදලක් හා එකවර මාස 3 ක පන්ති ගාස්තු ලෙස මාසික ගාස්තුවද ඉහල දමමින් තවත් රු,5000 ක් ගෙවිය යුතු බව දන්වා ළමුන් අත මව්පියන්ට ලිපි එවා තිබෙනවා. මෙයින් අපහසුවට පත් මව්පියන් දැනටමත් මේ ටියුෂන් කඩය වර්ජනය කරමින් වෙනත් තැන් වලට ළමුන් යැවීමට සිදුවී තිබෙනවා. මෙම හදිසි වැඩිකිරීම සිදුකොට ඇත්තේ මේ වසරේ අපොස.(සා.පෙ) පෙනී සිටින සිසුන්ට වීම නිසා සිසුන් සහ මව්පියන් දැඩි අපහසුවට පත්වී තිබෙනවා. මෙය අනෙකුත් ටියුෂන් පන්ති වලටත් බෝ උනොත් තත්වය කෙබදු වේවිද? කොම්පුටර් විෂයට ඉතාමත් දක්ෂ මේ ගුරුවරයාගේ බිරිඳ අදායම් බදු දෙපාර්තමෙන්තුවේ සේවය කරන්නියක නිසා මෙම සැලැස්ම ඇය විසින් ක්‍රියාත්මක කල එකක් බවද සිසුන් පවසනවා. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 02:03 PM

ටියුසන් පන්ති නොයන ළමයෙක් ඉන්නවනම් හොයාගන්න බලන්න අදකාලේ. හිටියත් බොහොම අතලොස්සක් ඇති. සමහරුන් නැතිබැරි කමට නොගොස් ඇති. දෙමාපියෝ තීරණය කරන්න ඕනේ තමන්ගේ දරුවා ටියුසන් පන්ති යවන නොයවන එක. නැතුව ටියුසන් පන්ති බලෙන් ළමයි ගෙන්න ගන්නේ නැහැනේ. (නදී)

:       0       0

රණතුංග Wednesday, 07 May 2014 02:04 PM

මම දන්නා ගණිත ගුරුවරයෙක් ඉන්නවා එතුමා ඉස්කෝලෙක උගන්නන ගමන් ළමයිට ටියුෂන් පන්තිත් කරනවා. නමුත් ඔහු උගන්නන ඉස්කෝලේ කිසිම ළමයෙක්, ඔහුගේ ටියුෂන් පන්ති වලට ප්‍රතිපත්තියක් හැටියට ඇතුලත් කර ගන්නේ නැහැ. මම ඇහැව්වා ඒ ඇයි කියලා. ඔහු මට දීපු පිළිතුර තමයි " මම පාසලේදී මගේ ළමයිට, හොදට උගන්නනවා. ඒ නිසා,ඒ ළමයි මගේ ටියුෂන් පන්තියට පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ" කියා. ඒ වගේම ළමුන්ගේ උසස් පෙළ ප්‍රතිපලත්, ඉහලම මට්ටමක තිබෙනවා. මෙහෙමත් ගුරුවරු අප අතර ඉන්නවා නේද කියලා මට හිතුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 842 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1470 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 414 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 922 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2243 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 350 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35649 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site