IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අම්මටයි තාත්තටයි එරෙහිව දරු දෙන්නා සාක්කියට

කහවත්ත කොටකෙතන දෙමිනිමැරීම් නඩුවේ පැමිණිල්ලේ සාක්කියට සැකකාර අඹුසැමි යුවළගේ දරු දෙදෙනා  කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත විජේසූරිය මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා හමුවේ කියා සිටියේය.

නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය 2012.01.31 වැනිදා ඝාතනය කළැයි  ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ  රසිකා චාන්දනී උදයකුමාරි හෙවත් බට්ටිට අද අධිචෝදනා බාර දුන්නේය.

ජූරි සභාවකින් තොර නඩු විභාගයකට සැකකරුවෝ කැමැත්ත පළ කළහ.

සැකකරුවනට ඇප ලබා දෙන ලෙස සැකකරුවන්ගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.

සැකකාර අඹුසැමි යුවළගේ දරුවන් පැමිණිල්ල වෙනුවෙන් සාක්කී දීමට නියමිත හෙයින් සැකකරුවනට ඇප ලබා දුනහොත් ඉන් නඩුවට හානියක් විය හැකි බව  පැවසූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  විජේසූරිය මහතා ඔවුනට ඇප ලබා නොදෙන ලෙස  ඉල්ලා සිටියේය.

නඩුවේ සැකකරුවනට ඇප ලබා දීමෙන් යුක්තිය පසිඳලීමට බාධාවක් විය හැකි නිසා දෙවැනි සැකකාරියට නියම කර තිබූ ඇප අවලංගු කරන ලෙසත්, සැකකරුවන් දෙදෙනාම නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසන් විනිසුරුවරයා නියම කළේය.

සැප්තැම්බර 30 වැනිදා සිට එක දිගටම නඩුව විභාග කරන බව ද විනිසුරු සෙනවිරත්න මහතා පැවසීය.

 

සබැඳි පුවත්

අඹුසැමි යුවළකට එරෙහිව නඩු

 



අදහස් (0)

අම්මටයි තාත්තටයි එරෙහිව දරු දෙන්නා සාක්කියට

ඇන්ටන් Wednesday, 26 June 2013 06:44 PM

ළමයි බොරු කියන්නේ නැහැ ..වැඩිහිටියෝ තමයි බොරු කියන්න කියල උගන්නන්නේ.(අ)

:       0       0

කුමාරි Thursday, 27 June 2013 11:22 AM

අස්මිත් ඇත්තටම හරි. අනික මේ සමාජෙන් මේ දරුවන්ට කොච්චර ගැරහුම් ඇද්ද? එයාලගේ අනාගතේ සමාජයත් එක්ක ගැටෙන්නේ කොහොමද?කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

නෙතුමි Wednesday, 26 June 2013 07:20 PM

තවත් අම්මා කෙනෙකුයි දුවකුයි ඝාතනය කරන්න මේ මවුපියන්ට හැකිනම් මොවුන්ගේ දරුවන්ට එයට විරුද්ධව සාක්ෂි දීමට ශක්තියක් ලැබීම ගැන එක අතකින් සතුටු විය හැක,, (අ)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 27 June 2013 11:31 AM

ඉතාම කනගාටු දායක පුවතක් තම දෙමාපියන් මොන වරද කලත් නොදන්නා දරුවන්ව ඒ අයට විරුද්ධධව යෙදවීම ඉතාම පහත් වැඩක් (අ)

:       0       0

ශාන සෞදි Wednesday, 26 June 2013 07:25 PM

වරදක් කල බව රටම දන්නා කරුණකි. එහෙත් තම දෙමාපියන්ට විරුද්ධව මෙවන් දෙයකට එම දරු දෙදෙනා යොදා ගැනීම ඒ කුඩා දරු දෙදෙනාගේ මුළු ජීවිට කාලයටම ඔවුන් හඩ වැලපෙන කරුණකි. මන්ද නොතේරුම්කමට ඇත්ත එලිකලාට ඔවුන් ලොකු වූ විට ජීවිත කාලයම හඩාවැටෙනු ඇත. මෙය අපේ රටේ පවතින සාරධර්ම වලට එකග නොවෙනු ඇත. ඔවුන් අපටද රටටද මතු යම් දිනයක ශාප කරනු ඇත (නි)

:       0       0

මිත්‍රා Thursday, 27 June 2013 07:52 AM

ඇප දෙන්න නම් එපා (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 27 June 2013 08:03 AM

මේ අපරාධය පිලිබඳ මුල්පෙළේ වගකිවයුත්තන් තමන්ගේ දරුපවුල් එක්ක සතුටින් ජීවිතය ගෙවනවා ඇති.මේ දරුවන්ට අත්වෙන අනාගත ඉරණම කොහොම වෙයිද? මෙසේ සාක්ෂි ගැනීමත් අපරාධයක් නොවෙයිද? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:07 AM

මේ ළමයි අනාගතයේදී ජීවිතය ගැන කළකිරෙන්න වුණත් බැරි නැහැ (නි)

:       0       0

වරුණ Thursday, 27 June 2013 08:08 AM

එතකොට නිදහස් කරපු අනිත් කෙරුමට මොකද වෙන්නේ?මේ සේරම ප්ලෑන් එයාගෙනේ?එයාගේ පැවැත්මටයි මෙවැනි අපරාද කලේ (නි)

:       0       0

පියල් Wednesday, 26 June 2013 08:07 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

පෙරේරා Wednesday, 26 June 2013 08:16 PM

මොන නඩුද? වාස් එහෙ ඉදිද්දී මේ අයට ඇප දුන්නනම් මෙලහකට ගේම් එක ඉවරයි.(නදී)

:       0       0

සිරිල් Wednesday, 26 June 2013 08:21 PM

උහුලගන්න බැරි මේ වගේ අපරාධ වලට නීතියෙන් සමාව ලැබෙයි. ඒක අපේ ලංකාව හැටි. නමුත් අපි බෞද්ධයෝ හැටියට කවදාවත් ස්වභාව ධර්මයෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. අපි අවධානයෙන් මේ ගැන බලන් ඉන්නවා.(නදී)

:       0       0

සදුන් Wednesday, 26 June 2013 08:26 PM

ධර්මසිරි කියන මන්ත්‍රීට නිදහස දීලා දැන් නඩුද ?(නදී)

:       0       0

සාදි Wednesday, 26 June 2013 09:52 PM

මේ දරුවෝ පස් දෙනාම පොඩියි. මව්පියන්ගෙන් වෙන්ව ඉගෙන මව්පියන්ටම විරුද්ධව සාක්කි දීමට දරුවන්ට සිදුවීම ගැන තාත්ත කෙනෙක් ලෙස මටත් ගොඩක් කනගාටුයි.(නදී)

:       0       0

අස්මිත් Thursday, 27 June 2013 09:13 AM

අද නීතිය අන්දවී ඇති නිසයි මෙහි පළමු චුදිතයා නිදැල්ලේ පසුවෙන්නේ. අපි ස්වබාව ධර්මයට ඉඩදීමෙන් තමයි රටේ විශාල වශයෙන් අපරාද වර්ධනයක් උද්ගත වී තිබෙන්නේ. පළමුව අපරාදකරුවන්ට ඇප දීමේදී වඩාත් ගැබුරට විනිශ්චකාර තුමන්ලා සිතිය යුතුයි. දැන් ඕනෑම අපරාදයකට සැකකරුවන්ට ඇප දීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. පෙරකදෝරු මහත්වරු වරදේ ස්වභාවය බලන්නේ නැහැ. මුදලේ වටිනාකමට තසමයි වාද කරලා හෝ ඇප ලබන්නේ .මේ ක්‍රමය වෙනස් නොවෙන තාක් රටේ අපරාද යම් තම් හෝ අඩුවිය නොහැකිය.(නදී)

:       0       0

හුසේන් Wednesday, 26 June 2013 10:35 PM

සාධාරණය වෙනුවෙන් සාක්කි දීමට ඉදිරිපත් වීම ගැන මුලින් ඒ ළමයින්ට මාගේ ප්‍රණාමය. කවුරු කළත් වැරැද්ද වැරද්දමයි. දෙමාපියන් දරුවන්ට ආදර්ශමත් විය යුතුයි. දරුවන්ගේ සිත්වලට, ඔවුන්ගේ අනාගතයට දෙමාපියන්ගෙන් ක්‍රියා කලාපයන් තදින්ම බලපාන බව අවාසනාවකට හුඟක් දෙමාපියන්ට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 27 June 2013 09:49 AM

මේ දරුවන් ලොකු වුණහමයි ඇත්ත තේරෙන්නේ. ඔවුන්ගේ ජීවිත කාලයම කදුලින් ගෙවයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කරු Thursday, 27 June 2013 09:51 AM

තම දෙමාපියන්ට විරුද්ධව ළමයින්ගේ සාක්කි අරන්ද පොලිසිය ගොඩයන්න හදන්නේ. ලජ්ජයි. (නි)

:       0       0

අමාලි සිල්වා Wednesday, 26 June 2013 11:04 PM

ආදර්ශමත් දරුවෝ දෙදෙනෙක් (නි)

:       0       0

ප්‍රිය Wednesday, 26 June 2013 11:22 PM

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තව කෙනෙකුගේ දරුවෙක්ව මරන්නේ කොහොමද? අපි අපේ දරුවන්ට ආදරෙයි නේද, ඇයි කාගෙවත් දරුවෙක්ව මැරුවේ. අපි අපේ දරුවන්ට පන වගේ ආදරෙයි. ඒ වගේ තමා අනෙක් අම්මලත් මේ ටික මතක තියා ගන්න. මොනවද ලබාගත්තේ, අන්තිමට තමන්ට තමුන්ගේ දරුවොත් නැති වෙනවා.(නදී)

:       0       0

පද්මිණී Thursday, 27 June 2013 10:16 AM

අස්මිත් කියන දේ හරි. අනික මේ දරුවන්ට කිසිසේත් මේ දෙමව්පියන්ගෙන් යුතුකම් හෝ ආරක්ෂාවක් ලැබේවිද? ළමයින්ගේ සිත් පිවිතුරුයි. එයාලට මේ දෙන්නවත් පිළිකුල් ඇති. සමහර විට මේ දෙන්න අපරාධ කරුවෝ දෙන්නෙක් විදියට දරුවන්ට විශාල බියකුත් ඇති; කණගාටුදායක සිද්දියක්.(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 27 June 2013 10:24 AM

දෛවයේ සරදමක්

:       0       0

රත්නායක Thursday, 27 June 2013 01:55 AM

අම්මා සහා අප්පච්චි (තත්තා) යනු ලොව ඇති උතුම්ම වස්තුවයි.(නදී)

:       0       0

උපාලි Thursday, 27 June 2013 02:34 AM

මේ කතාවේ පසුබිම අනුව ඇයි මේ ජෝඩුව මිනිමරන්න පෙළඹුනේ කියලා තේරුම් ගත යුතුයි. කුඩු බෙදාහැරීම ගැනත්, ඒ වැඩේට තිබුන දේශපාලන සම්බන්ධකම් ගැනත්, මියගිය අම්මයි දුවයි කුඩු බිස්නස් එකට එරෙහිව ගිය නිසා ඔවුන්ව විනාශ කරන්න ඕනෑවූ අයුරුත් පරීක්ෂණ වලදී අනාවරණය වුන බව පුවත්පත්වල සඳහන්ව තිබුනා.(නදී)

:       0       0

අනුර Thursday, 27 June 2013 02:04 PM

අනේ මම දන්නේ නැහැ මේකට මොන වගේ උත්තරයක් ලියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 555 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 522 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1510 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1148 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 444 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site