IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අම්මායි පුතායි කැලේ ඉඳන් සිදාදියට එති

අම්බලන්තොට නගර කිට්ටුවට අද (26) අලුයම සිට මීටර් 500 ක් පමණ ඈතින් වල් අලි දෙදෙනෙකු  නගර වැසියෝ අලින් බැලිම සඳහා එම ස්ථානයට පැමිණිම අවදානමක් වී ඇති බව වනජිවි  අඩවි සහකාර ඩබ්.එම්.ඒ.ගුණතුංග මහතා කීය.

වල් අලි නිජබිමක් වු  රුහුණේ ඇතැම් පෙදෙස් සංවර්ධනය සඳහා යොදා ගැනීමත් සමඟ අලින් ඇතුළු වන සත්තු යන එන මං නැතිව සිටිති. හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය , මත්තල ගුවන් තොටුපළ ඒදා වල් අලි රාජධානියක්  ඉදිකිරිමත් සමඟ අලි ඇත්තු වරාය අසල ද කුඩා වනරොදකට කොටු වී සිටිති.

අම්ලන්තොට ආ මේ අලි දෙදෙනා නිර්වින්දය කරන්නට නොහැකි බවත්  ඔවුනට නිදහසේ යන්නට ඉඩ දිය යුතු බවත් වනජිවි නිලධරයෝ කියති.

DSC04686[1] DSC04695[1] DSC04699[1] DSC04701[1].png_img_8

ජායාරූප - සනත් ගමගේ

 

01-(1)

ජායාරූප -  චන්ද්‍රසේන ගමගේ



අදහස් (0)

අම්මායි පුතායි කැලේ ඉඳන් සිදාදියට එති

බණ්ඩාර Friday, 26 August 2016 06:53 AM

වන සතුන්ට දැන් ඉන්න තැනක් නැති නිසයි ඒ සත්තු දැන් නගර වලට පැමිණෙන්නේ.(හේ)

:       0       0

රණතුංග Friday, 26 August 2016 07:09 AM

විජේපාල මහතා හරියටම හරි. අලි කවද්ද ගම නගර වැදුනේ මිනිස්සු වන වැදුන මිසෙක. (බ)

:       0       0

ප්‍රියාන් Friday, 26 August 2016 07:04 AM

විජේපාල හරි..අලි නගර හෝ ගම් වදින්නේ නැහැ..අපේ මිනිස්සු කැලැ වදිනවා..විල්පත්තුවට වුන දේ පේනවනේ..(බ)

:       0       0

පියුමි Friday, 26 August 2016 08:42 AM

අලින්ගේ මුල් වාස භූමි වලට මින්නිස්සු ගියාම ඔහොම තමයි.(හේ)

:       0       0

සෑම් Friday, 26 August 2016 08:57 AM

අන්තිමේට අපිට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. වරාය , මත්තල ගුවන් තොටුපළ සුදු අලි වුනාට කළු අලි බේරා ගමු. (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 28 August 2016 05:45 AM

ඉන්න සත්තු ටිකවත් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් යෙදුවොත් මේ සත්තු තව ටික කාලයක් ජීවත්වෙයි. නැත්තම් උන්ට වෙන්නේ කෝච්චි, වගා ළිං, හක්කපටස්, අකාරුණික මිනිසුන්ගේ වෙඩි උණ්ඩ වලට ගොදුරුවී අකාලේ මියැදෙන්නයි. (නි)

:       0       0

සෑම් Friday, 26 August 2016 09:05 AM

කට කට, තහනම් වචනය විල්පත්තුව. විල්පත්තුව කිලය කියන්නේ මොකද්ද. අපිනම් අහලත් නැහැ, දැකලත් නැහැ, මතකත් නැහැ. (බ)

:       0       0

සුජීව Friday, 26 August 2016 09:22 AM

අපි වගේ පුංචි රටකට මේ වගේ දැවැන්ත සත්තු කියන්නේ සම්පතක්. අපේ රටේ දේශපාලකයින්ට ඒකවත් රැකගන්න වුවමනාවක් නෑ. (බ)

:       0       0

ජයසිරි Friday, 26 August 2016 10:05 AM

මේ සතුන්ට හරි දුක ඇති ඒ අයගේ පුරුදු තැන නැති වෙනකොට. අපි මින්ස්සු වෙලත් ඉන්න තැනින් මැරෙනතුරු වෙන තැනකට යන්න කැමති නැහැ. එ්ත් මේ අහිංසක සත්තු වෙන මොනවා කරන්නද, අලුත් තැන් හොයාගෙන යන්නේ නැතුව. අනේ ඇත්තට මේ අහිංසකයන්ට නිදහසක් නැති හැටි? අපි හරිම පවුකාරයෝ (නි)

:       0       0

තිළිණ Friday, 26 August 2016 10:10 AM

විල්පත්තුව ගැන කතාකරලා කවුරුත් සංහිඳියාවට බාධාවක් ඇති කරන්න එපා (නි)

:       0       0

ලොකුගේ Friday, 26 August 2016 10:11 AM

කැලේ කපන්නේ රට දියුණු කරන්න කියලා තේරෙන්නේ නැද්ද ඔයාලට. අපි අද ලෝකේ හොඳ තැනක ඉන්නවා මෝඩකම පැත්තෙන් නම්. (නි)

:       0       0

කුමාර Thursday, 01 September 2016 07:56 AM

චතුරි ගේ අදහසට මම එකග වෙනවා. සත්‍ය වශයෙන්ම අලින්ට විශාල භුමි ප්‍රදේශයක් වෙන් කරානම් හරි.(හේ)

:       0       0

සරත් Friday, 26 August 2016 10:37 AM

සමහරු හදන පන්සල් ගැන කතාකරනවා. විල්පත්තුව කැලේ කපන එකට කටක් අරින්නේ නැහැ. ජාතිද්‍රෝහීද මොනවද කියලා නම් තේරෙන්නේ නැහැ. හැබැයි දිව දෙකේ කතා. (නි)

:       0       0

නිහාල් Saturday, 27 August 2016 07:24 AM

තව ටික දවසකින් විල්පත්තුවේ අලිත් නගරෙට එන දවස වැඩි ඈතක නෑ (බ)

:       0       0

සරත් Friday, 26 August 2016 12:40 PM

මේ වගේ රටක ඉපිදෙන එකත් අලින්ගේ අවාසනාව. (නි)

:       0       0

චතුරි Friday, 26 August 2016 01:44 PM

පන්සල් වල පෙරහරේ යන්න මේ සතුන් මෙල්ලකරගෙන අරන් යනවා. නමුත් මේ සතාට කරන හිරිහැර... හක්කපටස් තියනවා, වෙඩි තියනවා, අසරණ සතා දුක් විඳලා මැරෙනවා. මේ වෙනුවෙන් එක හිමිනමක් හෝ නැඟී සිටියාද? මොනවා කරන්නත් මේ සතුන්ට නිදහසේ ජීවත්වෙලා ඉන්න එක ගමක් හෝ කැලෑවක් මොවුන් වෙනුවෙන් වෙන්කරන්න ඕනෑ. (නි)

:       0       0

ගුණසේන Friday, 26 August 2016 02:02 PM

අලි-මිනිස් ගැටුම් හේතුවෙන් අන්තිමේදී මිනිස්සු වගේම අලිත් අසරණයි (නි)

:       0       0

චරිත Friday, 26 August 2016 02:53 PM

රටක් සංවර්ධනය වෙන්න ඕනෑ යම් ක්‍රමයකට. එහෙම නොවුණොත් රටේ විනාශය (නි)

:       0       0

විජේපාල Friday, 26 August 2016 06:24 AM

අලි නගරය බලන්න ආවේ නැහැ මහත්තයෝ. කැලේ එලිකරගෙන නගරය කැලේට ගියා. පව් මේ අහිංසක සත්තු තව වැඩි කාලයක් ලංකාවේ ඉන්න එකක් නැහැ. පහුගිය ටික දවසට අලි කිදෙනේක්නම් මැරුණද. කෝච්චියේ හැපිලාම එක සැරේ 4 දෙනෙක්ම මැරුණා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 100 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 56 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 611 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 356 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1801 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 685 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39290 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site