IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අමුමිරිස් කරලක් 3.50 ට ගන්නත් බෑ

එළවළු මිල ඉහළ යාමත් සමඟ තඹුත්තේගම මහවැලි එච් කලාපයේ අමු මිරිස් කරල් පහක් ගැනීමට රුපියල් විස්සක් ගෙවිය යුතු යැයි ගෘහණියෝ කියති.

අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 850 සිට 1000 දක්වා වැඩි වී ඇත. ඒ අනුව ග්‍රෑම්  සියයක මිල රුපියල් 85-100 අතර වේ.

තඹුත්තේගම දෙවැනි පියවරේ ඩබ්ලිව් ඒ සඳමාලී ප්‍රියදර්ශනී මහත්මිය අමු මිරිස් කරල් හයක් මිලට ගැනීමට රුපියල් විස්සක් දී තවත් රුපියල් දෙකක් ණය වූවාය.

 



අදහස් (0)

අමුමිරිස් කරලක් 3.50 ට ගන්නත් බෑ

රසික Friday, 04 July 2014 02:09 AM

රට හදමු ,මිරිස් වවමු (නි)

:       0       0

සිතුම් Friday, 04 July 2014 03:43 AM

මහවැලි එච් කලාපයේ මිරිස් වවනවා කියලයි මම හිතාගන හිටියේ. එහෙ වී විතරද වගා කරන්නේ? අපේ අයට ගෙවත්තේ මිරිස් ගස් ටිකක් හදන්න බැරි ඇයි? (නි)

:       0       0

සිත්ති Thursday, 03 July 2014 06:07 PM

මැලේ අච්චාරුවක් හදන්න මමත් අද අමු මිරිස් ග්‍රෑම් 500 ගත්තේ රුපියල් පන්සියටයි. ඒ උනාට තව ටික දවසකින් මිල අඩුවෙයි කියලා මුදලාලි කිව්වා. ගිය අවුරුද්දෙත් මේ විදිහටම උනානේ. (නදී)

:       0       0

සත්‍යා Friday, 04 July 2014 06:47 AM

කොච්චර දැවිල්ල වුණත් මිනිසුන් මිරිස් මත්තේ නහිනවා. (නි)

:       0       0

නෙළුම් Thursday, 03 July 2014 06:41 PM

මම නම් මිරිස් විතරක් නෙමෙයි මාළු මිරිස් පවා මම ඉන්න රටේ ගෙදර වත්තේ වවාගෙන තියෙන්නේ. ශීත කාලේදී නම් පලදාව අඩුයි. නමුත් අනෙක් කාලේදී අපි දන්නා හඳුනන අයට දෙන්නත් එළවලු පලා වැවෙනවා. (නි)

:       0       0

තේෂාන් Saturday, 05 July 2014 04:31 PM

මම මේක දැක්ක හැටියේම මිරිස් ඇට ටිකක් දැම්මා පැළවෙන්න. අන්න අද බලනකොට අන්කුරත් ඇවිල්ලා. මේ ව්දිහට අපිට වගා කරගන්න පුළුවන් එව්වා වැව්වා නම් හරි. (නදී)

:       0       0

අසෝකා Thursday, 03 July 2014 07:00 PM

බුදු අම්මෝ! මේවා ඇමතිවරුන්ට ඇහෙන්න කියන්න එපා. ඒ ගොල්ලෝ කියයි අමු මිරිස් ඇඟට අගුණයි කියලා. සමහරවිට වවන්නත් තහනම් කරයි (නි)

:       0       0

පොඩිනේරිස් Thursday, 03 July 2014 02:13 PM

ලබන සතියේ නිවාඩු යනකොට අමු මිරිස් කිලෝ 5ක් 10ක් විතර මෙහෙන් ගෙනිච්චනම් හොඳයි වගේ, අමු මිරිස් මෙහෙ ලංකාවට වඩා ලාබනේ? (නදී)

:       0       0

සරත් රණිසංහ Thursday, 03 July 2014 02:15 PM

තිබෙන කුඹුරු ටිකත් ගොඩ කර ගෙවල් හදන්ටකෝ මිරිස් විතරක් නෙවේ හාල් සහ එළවලු සියල්ලම මිල ඔය විදිහටම වැඩි කරන්ට වේවි (නදී)

:       0       0

සුනිල් Thursday, 03 July 2014 02:16 PM

මේක කාටවත් බයවෙන්න හේතුවක් නොවේ. මිරිස් ගහක් දෙකක් ගෙදර වවාගන්න එතරම් අමාරු නැහැනේ. තමුන්ගේ ගෙදර මිරිස් ගහක් දෙකක් තියෙනවා නම් වෙන කොහේ හරි අමු මිරිස් කරලක් රුපියල් 100 ට ගියත් මොකද? (නදී)

:       0       0

අශිකා Friday, 04 July 2014 07:56 AM

අමු මිරිස් වලටත් ගිය කල! (නි)

:       0       0

ඩයස් Friday, 04 July 2014 08:01 AM

ඒක තමයි ආශ්චර්යය කියන්නේ. තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

සිතුමි Friday, 04 July 2014 08:09 AM

අනේ මන්දා රටට ගිය කලක් (නදී)

:       0       0

චමින්ද Thursday, 03 July 2014 02:22 PM

අමු මිරිස් ගස් ටික පරිස්සම් කර ගන්න.......ගස් පිටින්ම උස්සන්න බලා ගෙන ඇති කට්ටිය. (නදී)

:       0       0

සිසිර Thursday, 03 July 2014 02:42 PM

මම නම් ගෙදර පරිබෝජනයට ගස් දෙක තුනක් වවාගෙන තියෙන්නේ. අමුමිරිස් විතරක නෙවේ.රම්පෙ ,කරපිංචා ,සමහර පලාවර්ග. මගේ ඉඩම පචස් 08. (දී)

:       0       0

ජෝන් Thursday, 03 July 2014 02:49 PM

සරත් මිරිස් කියන්නේ ගොඩ බෝගයක්. (ස)

:       0       0

සේන Thursday, 03 July 2014 02:51 PM

දැන් ඉතින් අපේ දේශප්‍රෙමී ජනතාවට සිද්ධවෙන්නේ "මිරිස් නැතුව හොදි කන්නම්" කියන්න. (ස)

:       0       0

ධම්ම Thursday, 03 July 2014 02:52 PM

අමුමිරිස් ගණන් ගිය එක හොඳයි ඒ සල්ලි ගොවියාට යනවා නම්. ඒක වෙන්නේ නැහැනේ. (ස)

:       0       0

වීරසිංහ Thursday, 03 July 2014 03:12 PM

අර සුනිල් කියනවා වගේ කලා නම් හරි. බෙහෙත් ගණන් ගියත් කමක් නැහැ. ගෙදර පාමසියක් දාගත්තම හරි. බස් ගාස්තු ගණන් කියොත් අපේම කියල බස් එකක් ගත්තම හරි. තෙල් ගණන් ගියත් ඒ ටිකම තමා කරන්න ඕන. ඒ වගේ හිතන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති.(ස)

:       0       0

අනුර Thursday, 03 July 2014 09:29 PM

පොල් ගහක් වත් නොමැති සෞදි අරාබියේ පොල් ගෙඩියක් රුපියල් 53 යි. ලංකාව 60-70 යි (නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 03 July 2014 04:25 PM

මෙහෙ වගා කරන්නේ නැතිව අපිනම් අමු මිරිස් කිලෝඑකක් ගන්නේ 8 දිරම් වලට(රුපියල් 280 කට).. (දී)

:       0       0

මිලින්ද Thursday, 03 July 2014 04:26 PM

නිකන් තියෙන ඉඩමේ මොනවා හෝ වවන්න (දී)

:       0       0

දිසානායක Thursday, 03 July 2014 11:12 PM

අමු මිරිස් වෙනුවට කොච්චි කන්න පුරුදු වෙන්න (නි)

:       0       0

උදිත් Thursday, 03 July 2014 04:34 PM

හොඳ වැඩේ එක අතකින්, මිරිස් ගහක් හිටවා ගන්න බැරි මිනිසුන් අපේ රටේ ඉන්නේ (නි)

:       0       0

කලනි Thursday, 03 July 2014 11:35 PM

මෙහෙ වවන්න පුළුවන් මාස 5 ක් විතර කාලයක්. අපි වත්තේ මිරිස් , ළූණු හා තව එළවලු වවනවා. තට්ටු ගොඩනැගිලි වල ඉන්න අය පවා හැකි විදියට වවනවා. ගෙදර මිරිස් පැළයක් වවාගන්න එක අමාරු වැඩක්ද? (නි)

:       0       0

රන්ජිත් සිල්වා Thursday, 03 July 2014 04:48 PM

සුනිල් මහත්තයාගේ කීමට මමත් එකතු වෙනවා. ගහක් දෙකක් හදා ගන්න බැරි නම් ඔය ගණන් ගෙවන්න. . (දී)

:       0       0

සේකර Thursday, 03 July 2014 04:51 PM

සමහරු කිව්වට පිලිගන්න එකකුත් නැහැ සමහරවිට මේක.නමුත් ඕස්ට්‍රේලියාවේ ඉන්න අය නම් දන්නවා මේ ගණන් .ලංකාවේ වගේ හොද සැර අමු මිරිස් කිලෝවක් රුපියල් වලින් නම් 5000/= ක් විතර වෙනවා. සැර අඩු මිරිසුත් තියෙනවා අඩුවට.අමු කරපිංචා කිලෝ එකක් 6000/= ක් විතර වෙනවා. . (දී)

:       0       0

සිදත් Thursday, 03 July 2014 04:52 PM

මේ විදියට මිල වැඩි වෙන්න හේතුවක් නැහැ ,මේ මිල වැඩි කරන්නේ අතර මැදියන් විසින්.රජය නිසි වේද පිළිවෙලක් හදන්න ඕනේ මේ වගේ මිල වැඩි වෙන එක වලක්වා ගන්න.නැත්තන් වෙන්න සහල් වලට වෙච්ච දේම තමයි .මිල පාලනයක් දැම්මත් එම මිල පවතිනවද යන්න හොයල බලල නිසි නීතිමය වැඩ පිළිවලක් හදන්න ඕනේ, . (දී)

:       0       0

ලක්ෂපාන Friday, 04 July 2014 01:06 AM

සමහරු කියන්නේ ලංකාවේ මිනිසුන්ට කන්න තියෙනවා කියලනේ.කන්න තියෙනවා, නමුත් මිලදී ගන්න තමයි විදිහක් නැත්තේ. (නි)

:       0       0

අරවින්ද Friday, 04 July 2014 01:09 AM

අමුමිරිස් කාලත් හමාරයි එහෙනම් (නි)

:       0       0

විකි Thursday, 03 July 2014 05:23 PM

කලින්ම කිව්වනේ අපි වවමු රට නගමු කියලා. (නදී)

:       0       0

චමින්ද Sunday, 06 July 2014 07:22 AM

අමු මිරිස් ලෝකේ කොහෙත් ගණන්. අපි රුපියල් පන්දාහක් විතර ගෙවනවා කිලෝ එහෙකට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 245 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 645 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 363 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 713 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1256 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 530 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37635 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 717 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site