IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අම්මා ස්පාඤ්ඤයේ තාත්තා ප්‍රංශේ දුව හොරකමේ

භාෂා පහක් කථාකරන එක් දරු මවක (38) ගෙවල් කිහිපයක් කුලියට ගෙන ඒවායේ වටිනා භාණ්ඩ ද, පනස් දෙනකුගෙන් පමණ රුපියල් 50,000 බැගින් ද වංචා කළැයි සැකපිට ගාල්ලේදී අද අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. නම් තුනකින් පෙනී සිටි බවට කියන මෙම සුරූපිණිය දෙහිවල ගෙයක් රුපියල් 65,000 කට කුලියට ගෙන දවසකට පසු දරුවාද එහි දමා ගිය බවත් ගෙදර කෞතුක භාණ්ඩ රැසක් එහි නැති බවත් කියති. අධිකරණය ඇගේ දරුවා ළමා නිවාසයකට යොමු කළේය.

මව ස්පාඤ්ඤයේද පියා ප්‍රංශයේද සිටින බව කියන මෙම කත අතුරුගිරිය මිලේනියම් සිටි, දෙහිවල හා පන්නිපිටියේ කුලී ගෙවල්වල සිටි බවද පොලිසිය පවසයි. එතෙර රැකියා ලබාදෙන බව කියමින් ඇය  50 දෙනකුගෙන් මුදල් ලබාගෙන ඇති බවටද පොලිසියට පැමිණිලි ලැබී ඇත. ත්‍රි රෝද රථ රියදුරුගේ ඔත්තුවකින් ඇය අත් අඩංගුවට ගනු ලැබීය.

 

 



අදහස් (0)

අම්මා ස්පාඤ්ඤයේ තාත්තා ප්‍රංශේ දුව හොරකමේ

කුමාරි Monday, 20 October 2014 03:18 AM

ගොනා පිටුපස කරත්ත රෝදය ඇදෙන්නා සේ අප කරන හොඳ නරක වල ප්‍රතිපලත් අප පසු පස එනවාමයි.රූපවති මහත්මියට අපහාස කරන්න එපා.ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැහැ.රූපවති කියන්නේ ගොඩක් ගුණවත් කෙනෙක්.අදහස් වලින් තේරෙනවනේ. (ස)

:       0       0

නලින් Monday, 20 October 2014 03:20 AM

රූපවතී පහුගිය දවසක ලංකාවට ඇවිල්ල වගේ අදහස්වන දෙයක් දැම්ම නේද ?රූපවති කියන්නෙත් බොරු නමක්නේ. (ස)

:       0       0

ලක්විජය Monday, 20 October 2014 03:23 AM

රුපවති අක්ක නිතර අනුරපුර පැත්තේ අතීත උරුමය ගැන කතාකරනවා නේද ? (ස)

:       0       0

ලක්මාල් Monday, 20 October 2014 09:38 AM

මට මැවිලා පේනවා ටානියගේ පස්සෙන් රූපවති එලවාගෙන යන හැටි ! (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 20 October 2014 03:42 AM

මෙයා වෙන කවුරුවත් නෙවෙයි. රූපවතීගෙ නෑනා වෙච්චි. (ස)

:       0       0

රූපවතී Monday, 20 October 2014 03:50 AM

බුදු අම්මෝ ...මම ඇඳෙන් බිමට පැන්නේ මේ සද්දෙට ..! සේරමලා මගේ නම කියල කෑගහනවා...! ඔන්න මමනම් නෙවෙයි .!මගේ දෙමාපියෝ ජීවතුන් අතරත් නැහැ...!!!තමන් දන්නා ඒ භාෂා පහ ගැන තවෙකුට කියල දෙන පන්තියක් දමා ගන්න තිබුනනේ නැද්ද ..? ලංකාවේ රැල්ලට දැන් හැමෝම අහුවෙලා ..? රට දුවන පැත්තට දැන් මිනිස්සු දුවනවා ...?කුඩු අම්මන්ඩියක් වෙන්න ඇති..! (ස)

:       0       0

ටානියා Sunday, 19 October 2014 12:50 PM

ඈ.....රූපවති අක්කටත් භාෂා පහක් පුළුවන් කිව්වා නේද ? (නදී)

:       0       0

සංජය Sunday, 19 October 2014 01:15 PM

භාෂා පහක් කතා කරන්න පුළුවන් නම් හොඳ රැකියාවක් හොයා ගන්න පුළුවන් (නදී)

:       0       0

රාමා Monday, 20 October 2014 04:12 AM

රූපවතී, ඔබ මට විස්වාසයි. (ස)

:       0       0

රූපවතී Monday, 20 October 2014 04:15 AM

රුවිනිටත් අලියට වගේ පුදුමම මතකයක්නි තියෙන්නේ ...!දැන් ඔය රුපලාවන්‍ය පාඩම මම කියවලා කොපමණ කාලයක්නම් ගිහිල්ලද ..? (ස)

:       0       0

චමි Sunday, 19 October 2014 01:26 PM

රුපවති අක්කගේ දෙමව්පියෝ ගොවි. මෙයාගේ ඔක්කොම පිට රට. (නදී)

:       0       0

නිහාල් Sunday, 19 October 2014 01:49 PM

දීර්ඝ කාලීනව පිටරට ඉන්න දෙමවුපියන්ගේ හුඟක් දරුවෝ මෙහෙම තමයි (නි)

:       0       0

දයාන් Sunday, 19 October 2014 01:54 PM

මොන බස ඉගෙනගත්තත් කරුමයට බෙහෙත් නැත (නි)

:       0       0

රූපවතී Sunday, 19 October 2014 02:03 PM

මාව විශ්වාස නැද්ද කාටවත්? (නි)

:       0       0

මාලන් Sunday, 19 October 2014 02:14 PM

මටත් අපේ රූපවති අක්කව මතක් උනා. එ්ත් මෙයා නම්, හොරකම් කරලත් තියන පම්පෝරිය බලන්නකෝ. හොරේ අහු උන ගමන් අපේ පොලිස් මහත්තුරුන් එක්ක ග්‍රීක් භාෂාවෙන් කතා කරන්න ඇති නේද? ඒ වැඩෙත් ඉතින් නරකම නැහැ. (නදී)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Sunday, 19 October 2014 02:42 PM

රුපවති නැන්දාගේ ඥාතියකු වන්නට පුළුවන්. ෂඩ් භාෂා පරමේශ්වර රූපවති මොකද කියන්නේ මේකට ? (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 20 October 2014 04:50 AM

මේකට සම්බන්ධ තව කී දෙනේක්නම් ඇත්ද?(හේ)

:       0       0

බන්දුල Monday, 20 October 2014 04:55 AM

මෙහෙමත් ලොවක්.(හේ)

:       0       0

සදුනි Sunday, 19 October 2014 03:18 PM

මේ තරම් හැකියාවක් තිබෙන කෙනෙක් මොනවද මේ කරන වැඩ? මොකද්ද මේ ජීවිතය? (නි)

:       0       0

මුතු Sunday, 19 October 2014 03:39 PM

අනේ අපේ රූපවතියට එහෙම කරදර කරනවා එහෙම නෙමේ ඕන් එ්කී අහිංසකයි (නදී)

:       0       0

නිශාන්ත Sunday, 19 October 2014 04:01 PM

මේ වගේ දේට ඇබ්බැහි උනාම වෙන මොනවත් කරන්න බැහැ (නදී)

:       0       0

දුරන්ග් Sunday, 19 October 2014 04:07 PM

සුරුපියක් නම් ඉතින් මුදල් හොයන්න පහසු ක්‍රම තියෙද්දී ඇයි මේ දුක් විඳින්නේ. අනේ පව්. (නදී)

:       0       0

ශිරෝමි Tuesday, 21 October 2014 09:26 AM

ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ.ඒකයි මේ.(හේ)

:       0       0

ප්‍රසාද් Sunday, 19 October 2014 05:12 PM

මෙයාගේ ඡායාරූපයකුත් දැම්මා නම් හොඳයි, අනිත් අයටත් ප්‍රවේශම් වෙන්න. (නි)

:       0       0

සරත් Monday, 20 October 2014 06:12 AM

සක්විති රණසිංහගේ උපදෙසකයෝද දන්නේ නැහැ මෙය පිපුපස ඉන්නේ. (ස)

:       0       0

ඇන්ටන් Sunday, 19 October 2014 08:37 PM

අනේ මේ කාන්තාව හමුවෙන්න විදියක් නැද්ද? මම හොය හොයා ඉන්නේ මේ වගේ කෙනෙක්. (නි)

:       0       0

සජිත් Sunday, 19 October 2014 09:19 PM

අම්මෝ! මටත් අපේ රූපවති අක්කාමයි මතක්වෙන්නේ. ඉන්නෙත් යුරෝපයේනේ. (නි)

:       0       0

යසිරු Sunday, 19 October 2014 09:21 PM

කවුද දන්නේ කාන්තාවගේ මව්පියන් දැන් පිටරට හිටියට ඉස්සර හිටියේ අනුරාධපුර පොළොන්නරු පැත්තේද කියලා. මේක නම් වහාම සොයාබලන්න ඕනෑ. (නි)

:       0       0

රූපවතී Monday, 20 October 2014 01:53 PM

අනේ ලක්මාල් ..ඔයාට පුලුවන්නම් ඔය ටානියාගේ ගෙවල් පළාත ගැන පොඩි හෝඩුවාවක් කියන්නකෝ,සියඹලා කොටුවකුයි, බෙහෙත් තුන්ඩුවකුත් මෙහෙන් ලියාගෙනම එන්න පුළුවන්....? (ස)

:       0       0

රුවිනි Sunday, 19 October 2014 09:23 PM

අපේ රූපවති අක්කාත් හරිම සුරූපී තමයි. මතකද එකපාරක් එයාගේ රූපලාවන්‍ය කටයුතු ගැන දීර්ඝ විස්තරයක් මේ පුවත් තීරයේ ලිව්වා. (නි)

:       0       0

ගිහාන් Sunday, 19 October 2014 09:25 PM

දෙයියෝ සාක්කි ! පස් භාෂා පරමේශ්වර කෙනෙක්? මේ මොනවද සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

ටියුඩර් Sunday, 19 October 2014 09:29 PM

නම් තුනකින්? අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු? (නි)

:       0       0

රූපවතී Monday, 20 October 2014 01:55 PM

නවීන් ..ඒ අදහස මගෙමයි ..මම රුපවතීමයි ..!කොහෙවත් ඉන්න රුපසිරියෙක් නෙමෙයි ..අනේ..! (ස)

:       0       0

ටෙක්ලා Sunday, 19 October 2014 09:30 PM

දැන් ඉතින් දුවට ඉස්සරහට හොඳ සැපවත් ජීවිතයක් ගතකරන්න ලැබෙන්නෙ නැතෑ.... (නි)

:       0       0

දිලාන් Sunday, 19 October 2014 09:35 PM

"සුරූපී" කියලත් ලියැවිලා තියනවා නේද? අපේ රූපවතීත් බොහොම උනන්දුයි නේද රූපලාවන්‍ය වැඩ කටයුතු වලට. (නි)

:       0       0

රූපවති Monday, 20 October 2014 07:28 AM

ටානියගේ ගෙදරටනම් ඔන්න මම පනිනවාමයි ..භාෂා 5න්ම කතාකරනවා ටානියත් එක්ක ...? දොරකඩ තියන පොල් ගහේ ඔලුව බිමටම තියල හිට්ටවල පොල්ගහේ ගැටගහලදානවා ..? (අ)

:       0       0

මෙල්වින් Sunday, 19 October 2014 09:38 PM

බලනකොට අපේ රූපවතී ඉන්නේ ලංකාවේනේ! (නි)

:       0       0

මේනක Sunday, 19 October 2014 09:40 PM

කාන්තාව කතා කරන්නේ "තෝ ", තා " යන හෙළ බසින්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ජිලාන් Sunday, 19 October 2014 09:43 PM

වාසය කරලා තියෙන්නෙත් බොහොම සුපිරි තැන්වල නේද? එහෙනම් අපේ සභාවේ බවලතියකට සම්බන්ධයක් තියෙනවද දන්නෙත් නැහැ (නි)

:       0       0

පුලස්ති Sunday, 19 October 2014 09:47 PM

අපි දන්නා භාෂා විශාරධ නම් ඉන්නේ පාඨක සභාවේම තමයි. අනෙක් කාන්තාවන් කවුරුත් කිසිම අධ්‍යාපන සහතිකයක් ගැන මෙතන කියවලා නැති නිසා ඒ අය නම් වෙන්න බැහැ. (නි)

:       0       0

තාරක Tuesday, 21 October 2014 06:35 PM

භාෂාව දන්නා අය එහෙම තමයි (නි)

:       0       0

නලින්ද Sunday, 19 October 2014 10:01 PM

සිත බන්දන නෙත රන්දන රුවින් ඇත ... භාෂා දත් මා වැනි අන් ලඳක් නැත .... කට වැරදී මා කළ ගොන්කමක් ඇත ... වෙන කුණු ගොඩක් මගේ ඔලුවට වැටී ඇත..... (නි)

:       0       0

ඉෂානි Sunday, 19 October 2014 10:09 PM

බලනකොට දුව හරිම සාර්ථකයිනේ! (නි)

:       0       0

යොහාන්‍ Sunday, 19 October 2014 10:48 PM

බලනකොට ඒකත් නරකම නැහැ. අම්මා ස්පාඤ්ඤයේ තාත්තා ප්‍රංශයේ, දුව හොරකමේ.... (නි)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 19 October 2014 10:57 PM

භාෂා පහ කතාකරලා වෙන්න ඇති ඔය හොරකම් කරන්න ඇත්තේ. (නි)

:       0       0

නවින් Monday, 20 October 2014 08:45 AM

පේනවා නේද රූපවතිගේ තරම. මට පේන්නේ ඒ නමින් ලියන රූපසිරි කෙනෙක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 66 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 494 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 248 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 359 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1120 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2908 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site