IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අම්මා සුරා බොයි : දරුවා බලු කිරි බොයි

නිරාහාරව සිටින අවුරුදු 2ක පිරිමි දරුවකුට කිරි දී දරුවා මරණයෙන් බේරාගත් බැල්ලියක සිටින බව චිලි රාජ්‍යයේ පොලිසිය කියයි.

ඇඳුමක්වත් නැතුව ගරාජයක අතහැර දැමූ මේ දරුවාගේ පණ නළ ගැට ගැසී ඇත්තේ බැල්ලියගේ කිරි ටික බීමෙනි. බැල්ලියද පැටවුන් වැදීමට ආසන්නව සිටි බව පොලිසිය පවසයි.

අතහැර දැමුණු දරුවකුට තමාගේ සුරතල් බැල්ලිය රෙයිනා කිරි දෙන බව චිලියේ ඇරිකා ප්‍රදේශයේ ලෝරි ස්කූඩර් නම් පුද්ගලයා පොලිසියට පවසා ඇත. දැඩි ලෙස අපිරිසිදු තත්ත්වයේ සිටි දරුවාගේ හිසේ උකුණන් පිරී සිටි බවත් දරුවා බැල්ලියගෙන් කිරි බොද්දී දරුවාගේ මව අසළ සුරා සැලක මත්පැන් බොමින් සිටි බවද පොලිසිය පවසයි.

දරුවා වහාම රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. දරුවාගේ බාරකාරත්වය පිළිබඳව චිලියේ පවුල් අධිකරණයක් ලබන සැප්තැම්බර් 22 වැනිදා තීන්දුවක් දීමට නියමිතය.

ජීවත් වීමේ වාසනාවද වීර මාතාවක සේ සැලකිය හැකි බැල්ලියගේ කිරිද නිසා දරුවාගේ ජීවිතය බේරුණු බව චිලියේ ආරංචි කියයි.

2BFBDE9700000578-3223062-image-m-52_1201598441413727244 AAdYaF201598I201598 COGjoyAUcAAp201598hgR



අදහස් (0)

අම්මා සුරා බොයි : දරුවා බලු කිරි බොයි

චරිත Tuesday, 08 September 2015 12:43 PM

මෙහෙමත් අම්මලා! (නි)

:       0       0

විමුක්ති Tuesday, 08 September 2015 01:14 PM

මේ කරගත්තා වු කුසලයේ අනුභාවයෙන් මේ සුනඛයාට ඉපදෙන හැම භවයකදිම හොඳ ආත්මයක් ලැබෙනවා සිකුරුයි (නි)

:       0       0

පූජිත Tuesday, 08 September 2015 01:27 PM

මෙහි පළවී තිබෙන දෙවැනි පින්තූරයේ මේ සුනඛයාගේ දෑස දිහා බලනවිට මාතෘ සෙනෙහස කෙතරම්දැයි මොනවට පැහැදිලි වෙයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 08 September 2015 01:43 PM

මෙතන තිරිසන් කවුද කියලා දන්නා කෙනෙක් කියලා දෙනවද? අපි සමහර වචන වැරදි ආකාරයට වැරදි පුද්ගලයන්ට නේද පාවිච්චි කරන්නේ කියලා හිතුනා මේක දකිද්දී (නි)

:       0       0

අශාන් Tuesday, 08 September 2015 01:45 PM

අනේ බලු අම්මේ,ලබන ආත්මෙත් නුඹ බලු ආත්මයකම ඉපදේවා කියලා පතනවා. මොකද මිනිස් ආත්මයක් ලැබුවොත් ඔය හොඳ ගති නැතිවෙන නිසා. (නි)

:       0       0

චන්න Tuesday, 08 September 2015 02:18 PM

අසාන්, ඔයා හරි. මාත් එසේම පතනවා. (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 08 September 2015 06:17 PM

පිට බැද්දරගේ කතාව නියමයි. එහෙම තමයි අපි වැරදි කෙනාට වැරදි විදිහටයි වචන පාවිච්චි කරන්නේ. මෙතන සිද්ධවෙලා තිබෙන මව් ගුණ දැක්කහම ඒ වචනය කොහොමද අපි පාවිච්චි කරන්නේ? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 08 September 2015 08:22 PM

මෙහෙමත් අම්මලා! (නි)

:       0       0

රූපවතී Tuesday, 08 September 2015 09:16 PM

අම්මා කෙනෙක් වෙන්න දරු සුරතල් ලබන්න අාත්ම ගානක් පෙරුම් පුරන්න ඕනෑ.ඒ වගේම අම්මෙකුගේ සෙනෙහස කරුණාව ලබන්නත් පෙර පිං කරලා තියෙන්න ඕනෑ. මගේ පුංචි දියණියට මාස 27යි. ඇය තුරුලු කරගන්නා වාරයක් ගානේ මගේ දියණිය මගේ බෙල්ල කිටිකිටියේ බදාගෙන ඉන්න වාරයක් ගානේ මගෙ හදවතට නැගෙන්නේ මේ ලෝකේ සිටින සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මගේ හදවතේ මගේ දරුවා වෙනුවෙන් ඇති අාදරයට සාමාන නොසැළෙන අාදරයක් ඔවුන්ගේ හදවත් වලද අැති වේවා.කියලයි. මේ අසරණ දරුවාට මවක් වු ඒ සුනඛ මවද මේ අාත්මයෙන් පසු නැවත මේ සංසාරයේ නොඉපදේවා! අැය නිවනට පැමිණේවා...! (නි)

:       0       0

රසිකා Tuesday, 08 September 2015 10:10 PM

බලු අම්මා ලබන ආත්මයේදි ඉතා හොඳ, සියළු යසඉසුරින් පිරි මනුස්ස අම්මා කෙනෙකු වේවායි පතමි! (නි)

:       0       0

තිස්ස Tuesday, 08 September 2015 10:24 PM

'බල්ලා' කියලා අපි ඇමතුවත් ඒ සතාගේ ගුණය කොපමණද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 September 2015 12:57 AM

රූපවති නංගියේ, නුඹේ උතුම් මවු ගුණයට මගේ ආචාරය! හැබැයි නංගියේ ප්‍රාර්ථනාව හොඳ වුණාට මේ සතාට ඒ උතුම් වූ තත්ත්වයට යන්න අමාරුයි නේද? (නි)

:       0       0

දිපශිකා Wednesday, 09 September 2015 01:56 AM

අශාන්ගේ පැතුමට වඩා රසිකාගේ පැතුම හොඳයි. මගේ පැතුමත් එයයි. (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 02:14 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ -මිනිසාමයි ලොව තිරිසන් වන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 9 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 110 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 121 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 170 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 68 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 144 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 301 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site