IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අමරදේවගේ සිහින සතක් මැද විමන ගයන්ත හදන්න යයි

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සිය 88 වැනි ජන්ම දිනය දා කළ ඉල්ලීමකට අනුව ඔහුගේ නමින් සංගීත අසපුවක් ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද දිනයේ අමරදේවයන් හමුවීමට ගොස් මෙහි ඉදිකිරීම් විය යුතු ආකාරය පිළිබ`ද සාකච්ඡා කළේය.

ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජන්ම දිනය දා එතුමාගේ සුව දුක් බැලීමට ගිය ජනමාධ්‍ය අමාත්‍යවරයගෙන් අමරදේවයන් ඉල්ලා තිබුණේ තමන්ගේ නමින් සංගීත ආශ‍්‍රමයක් ගොඩ නැගීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.

මේ ස`දහා කොළඹ අවටින් ඉඩමක් සෙවීමේ කටයුතු සිදුකරන බව ඇමැතිවරයා එහිදී පැවසීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව, රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ.

amarad22201512162 amarad22220151216w4w amarad22220151216www amarad222201512163w



අදහස් (0)

අමරදේවගේ සිහින සතක් මැද විමන ගයන්ත හදන්න යයි

රකිත් Thursday, 17 December 2015 02:58 AM

අනිවාර්යයෙන් සිදුවිය යුතු දෙයක්. අපේ අනාගත පරපුර දැනුවත් කළයුතුය. නැත්නම්, රටට නිදහස ලැබුණු වසර නොදන්නා සහ රටේ අගනුවර නොදන්නා නව පරපුරේ සමහර අයට හෙළයේ මහා ගාන්ධර්වයාද අමතක වනු නිසැකයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 December 2015 03:41 AM

තවමත් කට හඩ මොන තරම් ලස්සනද ?අති විශිෂ්ට කලා කරුවෙක්. (බ)

:       0       0

සුසන්ත Wednesday, 16 December 2015 03:21 PM

ඔන්න නියම ඇමතිවරු. (බ)

:       0       0

තිලක් Wednesday, 16 December 2015 03:46 PM

ඒ කාලේ මොකක්ද පොකුණක් හැදුවේ එ්කට අමරදේව ගේ නම දැම්මනම් හොදයි (බ)

:       0       0

ගොඩගේ Wednesday, 16 December 2015 04:09 PM

සංගීතය අතින් රටට ,ලොවට මහා සේවයක් කළ මෙවැනි චාම් උතුම් මිනිසුන් බිහිවන්නේ කලාතුරකිනි. එවැනි උතුම් මිනිසෙකුගේ ඉල්ලීම ඔහු ජිවතු අතර සිටින තුරු ඔහුගේ දැසින් දකින්නට සැලසීම, ඔහු හට අපට කළ හැකි වැලිකටයක් තරම් දෙයකි. ඇමැති තුමනි! හැකි පමණ ඉක්මනින් ඔහුගේ ඉල්ලීම ඉටුකරන්න. අමර දේවයාණනි ඔබට දිර්ගායු පතන අතර ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතමි. (බ)

:       0       0

ලෙස්ලි Wednesday, 16 December 2015 04:13 PM

මෙතුමාගෙන් කලාවට සිදුවූ සේවාව වෙනුවෙන් එතුමා නමින් එහෙම දෙයක් කිරීම අගනා කටයුත්තක් (බ)

:       0       0

ජයරත්න Thursday, 17 December 2015 04:31 AM

බියෙන් තොරව හිස කෙලින් තබාගෙන හිදිනට හෑකි නොවෙදෝ.. එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනුමෑන පියාණනේ.......(බ)

:       0       0

සරත් Wednesday, 16 December 2015 04:32 PM

ඉතා හොඳ පියවරක්. (නි)

:       0       0

සපුමල් Wednesday, 16 December 2015 04:38 PM

ගයන්ත ඇමතිතුමා ගැන අතිශයින් සතුටු වෙමි. සියලු කාරණා තවම සාර්ථක නොවුණද වෙනදාට වඩා හොඳින් ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ කටයුතු සිදුවන බව දනිමු. රටට යහපතක් වන්නට නම් තම ගරුත්වය රැකගෙන දේශපාලනය කළයුතුමය (නි)

:       0       0

නාලක Wednesday, 16 December 2015 05:01 PM

අමරදේව මහතා ඉතාමත් විශිෂ්ට ගායකයෙක් (නි)

:       0       0

රන්ජිත් Wednesday, 16 December 2015 05:52 PM

අමරදේව මහත්තයා ගීත ගායනා කරන්නේ හදවතටමයි (නි)

:       0       0

විජිත් Wednesday, 16 December 2015 07:27 PM

තිලක්, අම්මෝ! ඒ ගැන නම් කතාකරන්න එපා. (නි)

:       0       0

කෝසල Wednesday, 16 December 2015 07:49 PM

රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී ඒවා ගැනත් මේ ලෙසම සළකා බලනවා නම් හොඳයි (නි)

:       0       0

මනෝජ් Wednesday, 16 December 2015 10:43 PM

එතුමාගේ සින්දු සිත නිවනවා. එතුමා එය හදවතින්ම ගයනවා. ශබ්ද රසයත්, අර්ථ රසයත් එක රේල් පීල්ලක ගමන්කරවූ ශ්‍රේෂ්ඨයෙක්. ඔබට දීර්ඝායු පතමි! (නි)

:       0       0

රුවන් Wednesday, 16 December 2015 11:41 PM

හොඳ ව්‍යාපෘතියක් (නි)

:       0       0

දහම් Thursday, 17 December 2015 12:32 AM

සංදර්ශන නොකර වැඩ අවසන්කරම ප්‍රසිද්ධ කළා නම් තමයි වටින්නේ (නි)

:       0       0

තිස්ස Thursday, 17 December 2015 12:49 AM

හොඳ වැඩක්. ඒ වුණාට කවදා සිහිනයේ මල් පිපේද කියන එක තමා ගැටලුව....!!! (නි)

:       0       0

සිරි උඩෝවිට Thursday, 17 December 2015 01:34 AM

ඉතාමත් ඉහළින් අගය කරනවා. අපිටත් දායක වී දෙන්න පුළුවන් රුපියල හරි අපි දෙනවා. එකතුවී ගොඩනඟමු. ඇමැතිතුමනි, හැකි පමණ ඉක්මනින් අමරදේවයන්ගේ ඉල්ලීම ඉටුකරන්න. අමරදේවයාණනි, ඔබට දීර්ඝායු පතන අතර ඔබට තව තවත් ලෝකවාසී ජනතාව මියුරු ගී රාවයෙන් සතුටින් තැබීමට ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් ලැබේවා යැයි කියා ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

නිල්මිණි Thursday, 17 December 2015 01:42 AM

හොද මිනිසුන්ගේ එකතුවකින් හොඳ දෙයක් කරන්න පුළුවන්. අමරදේවයන්ගේ වටිනාකම ගැන ඉතින් තවත් මොනවා නම් අපි වගේ අය කියන්නද? ඇමතිතුමාගේ මහත්මා ගතිය මම නම් හොඳට දන්නවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 December 2015 02:27 AM

අතිවිශිෂ්ටයි මහත්වරුනේ! (නි)

:       0       0

කීර්ති Thursday, 17 December 2015 08:49 AM

ඉතාමත් වැදගත් දෙයක්. අමරදේවයන් ලංකාවේ සංගීතයට කරන සේවය අගය කල යුතුයි. (අ)

:       0       0

සුපුන් Thursday, 17 December 2015 02:29 AM

අපි ඒ සිහිනය ඉක්මණින් ඉටුවෙන්න කියා පතමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 213 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 63 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1242 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 491 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1174 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 228 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30097 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23671 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site