IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


“අමරදේව නැති පාඩුව මකන්න බෑ“

පණ්ඩිත් අමරදේවයන්ගෙ අභාවයෙන් ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ පිරිමැසිය නොහැකි පාඩුවක් ඇති වූ බව විපක්ෂ නායක ආර් සම්බන්දන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි.ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන්ගේ හදවත්හි නොමැකෙන සළකුණක් තැබීමට අමරදේව මහතා සමත් වූ බව ඔහු පැවසීය.

“ශ්‍රී ලාංකික ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී පණ්ඩිත් අමරදේව කලාකරුවාණන්ගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට දැඩි සංවේගයක් ගෙන දෙන ප්‍රවෘත්තියකි.සංගීත සංගීත ක්ෂේත්‍රෙය් උන්නතිය උදෙසා ස්වකීය දායකත්වය සපයමින් ගායකයෙකු,වයලීන් වාදකයෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු සුවිශාල කර්තව්‍යයක් ඉටු කළේය.ඔහුගේ අසමසම වූ දක්ෂතාවයෙන් රිදී තිරයද සුපෝෂණය කිරීමට සමත් විය.“



අදහස් (0)

“අමරදේව නැති පාඩුව මකන්න බෑ“

නුවන් Friday, 04 November 2016 12:32 PM

ඔව් ඉතින් ප්‍රභාකරන් නැති පාඩුව මකන්න බැහැ වගේ කතා කරන එක්කෙනානේ! (අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 05 November 2016 06:18 PM

සමහරුන්ගේ අදහස් දකිනවිට හිතෙනවා හදිසි ව්‍යසනයකදී විතරක් භේද අමතක කර එකට එකතුවෙන අපි, අැයි සාමාන්‍ය අවස්ථා වලදී මෙතරම් අනුන්ට ගොරවන්නේ කියලා. මෙතන සම්බන්ධන් මහත්මයාත් ශෝක පණිවුඩයක් දීලා තිබෙන්නේ අැයි? එ්ක ඇයි අපිට ධනාත්මකව සිතන්න බැරි? (නි)

:       0       0

අරන් Friday, 04 November 2016 01:10 PM

අම්මට සිරි, සම්බන්දන් මහත්යා දන්න දේවල්. (අ)

:       0       0

ගාමිණි Sunday, 06 November 2016 02:07 AM

සම්බන්ධන් මහතා අමරදේවගේ රසිකයෙක් ලෙස වගේම රටේ විපක්ෂ නායක ලෙස කළ එම ප්‍රකාශය අප අගය කළයුතුයි. අපි හැමෝම මේ රටේ මිනිස්සු නම් අැයි දැන්වත් මේ ජාති බේද අමතකකොට රටක් විදියට හිතන්න බැරි. ඔහු වුණත් දැන් තේරුම් ගනිමින් ඉන්නවා කියලයි මම නම් හිතන්නේ. අපි කළයුත්තේ සියලු මිනිසුන් දිනාගැනීම මිස බෙදී වෙන්වීම නොවේ. (නි)

:       0       0

උපාලි Friday, 04 November 2016 04:26 PM

එතුමා අමරදේව මාස්ටර් ගැන හොඳ ප්‍රකාශයක් කළා. ඉතින් අපි එතුමාට වෙන වෙන දේවල් නොකියා ස්තුති කරමු. (නි)

:       0       0

රුබට් Sunday, 06 November 2016 04:39 AM

ගාමිණි, හිනා ගිහින් පුටුවෙනුත් ඇදගෙන වැටුනා ඒ කතාව දැකලා. සම්බන්දන් වැඩියෙන්ම ආො අමරදේවයන්ගේ සින්දු වලින් "මේ සිංහල අපගේ රටයි" සින්දුවටද දන්නෙ නැහැ (නි)

:       0       0

තිස්ස Friday, 04 November 2016 06:05 PM

සම්බන්දන් මහතාගේ කාලෝචිත ප්‍රකාශය ඉතාම ප්‍රශංසනීයයි. ප්‍රවීණ සිංහල කලාකරුවෙක් ගැන උගත් ද්‍රවිඩ මහත්මයෙක් පිරිනමන ප්‍රණාමය නොතේරෙන සමහර මිනිසුන් සිංහලයන් අතර ඇතිමුත් සෑම සිංහලයෙක්ම එසේ නොවෙයි. (නි)

:       0       0

සහන Sunday, 06 November 2016 08:01 AM

අපි ඔබතුමාට ගරු කරනවා ඔබේ ඔය ප්‍රකාශයට. ඒ වගේම ඔබතුමාා හිතන්න ඕනෑ ඔබතුම විපක්ෂ නායකයා කියලා. ඒ දෙමළ ජනතාවට විතරක් නොව මුළු ලංකාවටම (නි)

:       0       0

රාජුන් Friday, 04 November 2016 10:35 PM

අපේ අයියලට හොඳක් කිව්වත් වලි. නරකක් කිව්වත් වලි . කට වහගෙන හිටියත් වලි. (අ)

:       0       0

සත්‍යයා Saturday, 05 November 2016 02:17 AM

කියන දේ 100% හරි. කිව්ව කෙනා තමයි ප්‍රශ්නේ.(අ0

:       0       0

චන්ද්‍රා Saturday, 05 November 2016 03:03 AM

රටේ සම්පත්, ජාතික වස්තු අගය අගය කරන්න ආගම් කුලබේද අවශ්‍ය නැහැ. මේ පොළොවේ ඉපදිච්ච හැම පුරවැසියෙකුටම එය අගය කරන්න අයිතියක් තියෙනවා. (අ)

:       0       0

සුරේෂ් Saturday, 05 November 2016 08:20 AM

ජාති බේද නැතිව හිතන්න පුරුදු වන්න. අපි හැමෝම ලංකාවේ පුරවැසියෝ.කියන කරන දේවල් විතරක් අගයන්න. කවුරු කිව්වත් හොද දෙයක්. (හේ)

:       0       0

සංජීව Saturday, 05 November 2016 09:53 AM

චන්ද්‍රත් මරුවට සම්බන්දන් මහත්තයට සම්බන්ද වෙලා ඉන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 113 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 326 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 232 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 222 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 159 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 546 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site