IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අමරාවතියේ නගර සැලසුම් ශ්‍රී ලංකාවටත්

ඉන්දීය අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු සහ ප‍්‍රාන්ත ඇමතිවරු සිව්දෙනෙක් අද (08) මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමති චම්පික රණවක, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ප‍්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් මුණ ගැසුණහ.

විනාඩි 45 ක කෙටි සාකච්ඡාවක් තුළ දෙරටට වැදගත් සංවර්ධන කාර්යයන් රැසක් පිළිබඳව දෙපාර්ශවයේ අදහස් හුවමාරු කර ගැනිණ. එහිදී වත්මන් අන්ද්‍රා ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ‘අමරාවතී’ මහා නගරයේ නාගරික සැලසුම්, විධික‍්‍රම, නව තාක්ෂණික දැනුම සහ අත්දැකීම්, ශ‍්‍රී ලංකාවේ මහානගර වැඩපිළිවෙල සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ලබාදෙන බවට එකගත්වය ප‍්‍රකාශ කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ නව මහනගර හා බස්නාහිර සංවර්ධන සැලසුම පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළ අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය නයිදු කියා සිටියේ ඉහළ සැලසුම් සහ ශක්‍යතා සිදු කිරීමෙන් අනාගතයේ ඉහළ ප‍්‍රතිලාභ ලබාගත හැකි බවයි. එහි අත්දැකීම් තමන් සතු බවත්,රටට සහ මහජනතාව වෙනුවෙන් සිදු කරන සෑම ව්‍යාපෘතියකම ප‍්‍රමිතිය සහ ඵලදායීතාවය වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.

15942061_10211929895229135_533764462_n 15942351_10211929895189134_1967165667_n 

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

අමරාවතියේ නගර සැලසුම් ශ්‍රී ලංකාවටත්

වසන්ජය Tuesday, 10 January 2017 03:09 PM

ඔය ආවේ එට්කා (අ)

:       0       0

බමුණු ආරච්චි Monday, 09 January 2017 12:02 AM

අපිට ඉන්දියාව නැතුව මොකුත් කරගන්න බැරි හැඩයි. ඔය ටික කරලා දෙන්න අපෙන් තව මොනවා ඉල්ලයිද දන්නේ නැහැ. (නි)

:       0       0

අබය Monday, 09 January 2017 12:02 AM

ඔය නගර ව්‍යාපෘතියට වැසිකිළි පද්ධතියකුත් තියෙනවද කියලා හොයලා බැලුවා නම් හොඳයි (නි)

:       0       0

සෙනරත් Monday, 09 January 2017 01:59 AM

මෙම සැළසුම් හරහා ඉන්දීය ශිල්පීන් හට ලංකාවේ රැකියා අවස්ථා හිමිවනු ඇත. ඉන්දියාවට පාච්චල් නොවී එම වැඩ කරගන්න මොනතරම් දක්ෂයින් ලංකාවේ සිටිනවද? (නි)

:       0       0

කල්ප Sunday, 08 January 2017 09:49 AM

අපිට ඉතින් පිටරට දේ සිරිසැප දේ තමයි(රේ)

:       0       0

ප්‍රදීප් Monday, 09 January 2017 04:41 AM

ලංකාවේ මිනිස්සු නැද්ද ? (හේ)

:       0       0

චාමර වික්සම Monday, 09 January 2017 06:18 AM

එතකොට අපිට ත් පාරේ ද වැසිකිලි කැසිකිලි කරන්න වෙන්නේ ?අනේ ඉන්දියාවේ බම්බුව .. එයාලට වැසිකිලි හදල දෙන්ඩල. (අ)

:       0       0

හිරාන් Sunday, 08 January 2017 02:01 PM

ඉන්දීය අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු ඉන්දිය තොරතුරු තාක්ෂණය ජාත්‍යන්තර තලයට ගනයන්න ව්ශාල මෙහවරක් සිදුකළ නායකයක්. එම ව්‍යාපෘති එකල බොහෝ අය චෝදනාවට ලක් කළද ඉන්දීය පරිගණක මෘදුකාංග ඉංජිනේරු වන්ට ජාත්‍යන්තර තලයට යන්න ඔහු ආරම්බ කළ ව්‍යාපෘති උපකාරි විය.(බ)

:       0       0

හිමාල් Monday, 09 January 2017 08:02 AM

හඳ පෙන්නුවාම ඇඟිල්ල දකින මිනිස්සු මෙතනත් ප්‍රතිචාර දානවා.(ම)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Sunday, 08 January 2017 07:23 PM

මීට අවුරුදු 20කට කලින් අන්ද්‍රා ප්‍රදේශය යනු ඉන්දියාවේ ඉතා නොදියුණු කලාපයක්. අද හයිද්‍රාබාද් නගරය තොරතුරු තාක්ෂණය අතින් ඇමරිකාව සමඟත් තරඟ කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1321 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2352 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9572 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site