IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අමරසේකරගේ සංවිධානය වචනයක් අල්ලන් රජයට ගහයි

මැයි 18 වැනිදාට යෙදෙන යුද ජයග්‍රහණ සැමරුම වත්මන් රජය ‘යුද්ධයේදී මියගිය විරු සමරුව‘ ලෙසින් නම් කර තිබීම කණගාටුවට කරුණක් බව සියලු ජාතික සංවිධාන එක්ව ආරම්භ කළ ‘දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය‘ අද (14) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

මෙම සැමරුම ත්‍රිවිධ හමුදාවට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයටද සැමරිය හැකි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ටී.එන්.ඒ. පළාත් සභා මන්ත්‍රී සිවාජ්ලිංගම් ප්‍රභාකරන් සැමරීමට මහා විරු සතියක් ආරම්භ කරන බවත් එයද මේ මස 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල්හි ආරම්භ වන බවත් ඔහු කීවේය.

එම මහා විරු සතියට විරෝධය දක්වමින් දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධාන එක්ව මැයි 18 වැනිදා නිදහස් චතුරශ්‍රයේදී යුද ජයග්‍රහණය සැමරීමට කටයුතු යොදා ඇතැයිද ඔවුහු කීහ.

මෙම මාධ්‍ය හමුවට බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්වූහ.

DSC_1856 DSC_1858 DSC_1867

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

අමරසේකරගේ සංවිධානය වචනයක් අල්ලන් රජයට ගහයි

දුමින්ද Thursday, 14 May 2015 08:17 AM

වචන වල අරුත වැදගත්. (ර)

:       0       0

කමල් Thursday, 14 May 2015 08:21 AM

මෙතන වචනයක් අල්ලන් ආණ්ඩුවට ගහන එක්කක් නෙමෙයි තියෙන්නේ. මේක තමයි ඇත්ත. (හේ)

:       0       0

අනුර Thursday, 14 May 2015 08:33 AM

අමරසේකර මහතා ජාතික ව්‍යාපාරයේ පතාක යෝදයෙක්. මේ මහතා වචන තමාගේ වාසියට හරවන මෝඩයෙක් නොවේ. (බ)

:       0       0

කල්හාරි Thursday, 14 May 2015 08:36 AM

මෙය "දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය" නොව " දේශය විනාශ කිරීමේ ජාතිවාදී ව්‍යාපාරය" ලෙස නිවැරදි විය යුතුය (බ)

:       0       0

ටාසන් Thursday, 14 May 2015 08:42 AM

කෑගහන සමහරුන්ගේ දරුවන් අධිරාජ්‍ය වාදී රටවල්වල ඉගෙනගන්නවා. (ත)

:       0       0

ගාමිණී Thursday, 14 May 2015 08:44 AM

ජාතිවාදය නැවතත් ඉස්මතු කරන්නද මෙයාල උත්සහ කරන්නේ.(බ)

:       0       0

එරන්ත Thursday, 14 May 2015 08:47 AM

කල්හාරි - ඔයා ලංකාවේ ඉපුදුණු කෙනෙක්ද කොටින්ට සුදු හුණු ගාන්න හදන්නේ,,,(බ)

:       0       0

සත්‍යපාල Thursday, 14 May 2015 08:53 AM

අභයාරාමයේ නම් පැවැත්තුවේ, ආවේ ජාතිකවාදී සංවිධාන නම් කාගේ උවමනාවට කරපු වැඩක්ද කියලා හිතාගන්න පුළුවන්, ඇත්තටම මෙය නම් කරන්න තිබුනේ රට යලි එක්සේසත් කළ දින සැමරුම ලෙසයි (බ)

:       0       0

විජයබාහු Thursday, 14 May 2015 08:59 AM

වැඩක් නෑ කියල මෙයාලට ඒකීය කියන එකත් නිකන් වචනයක් විතරනේ (බ)

:       0       0

සුනිල් රාජගිරිය Thursday, 14 May 2015 09:00 AM

මේ අයත් එක්ක නම් කවරදාවත් දේශය එකමුතු කරන්න බැහැ.. (බ)

:       0       0

කුමාර රාජකරුණා Thursday, 14 May 2015 09:01 AM

මේ දොස්තරලා දෙන්නා සමාජ ලෙඩ බෝ කරන දෙන්නෙක්. ජාතිවාදය අවුස්සන්න ලේසියි. නිවන්න අමාරුයි.(බ)

:       0       0

එලන් Thursday, 14 May 2015 09:03 AM

කල්හාරි, නුඹේ දෙමව්පියන් දෙමල බව හැගේ (බ)

:       0       0

සුජීව Thursday, 14 May 2015 09:12 AM

කල්හාරි, ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද? (බ)

:       0       0

විපුල Thursday, 14 May 2015 09:13 AM

හරියට හරි කල්හාරි මේ වල පයයි ගොඩ පයයි තියාගන ඉන්න නාකි මිනිස්සු ජාතිවාදී අවුස්සලා මැරිලා යයි ඒවාට වන්දි ගෙවන්න වෙන්නේ අනාගතේ බිහිවෙන දරුවන්ට.මේ වගේ කට්ටියක් ඉස්සර කරපුවට අපි ඇති වෙන්න ලේ හලලා තියෙන්නේ දැන් තවත් මේ දේශයට පව් නොදී පිනක් දහමක් කර ගත්තොත් හොඳයි .මොකද අපි නොකා නොබී ලේ හලාගෙන යුද්ධ කෙරුවේ ඔය කවුරුවත් නොවේ (බ)

:       0       0

දහම් Thursday, 14 May 2015 09:13 AM

කල්හාරි, ඔය සිංහල නමකින් පෙනී හිටියට කොටි දෙනක් බව සැකයක් නැහැ. (බ)

:       0       0

චන්දන Thursday, 14 May 2015 09:15 AM

කල්හාරි බීලද? ටී.එන්.ඒ. පළාත් සභා මන්ත්‍රී සිවාජ්ලිංගම් ප්‍රභාකරන් සැමරීමට මහා විරු සතියක් මේ මස 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල්හි ආරම්භ කරලා. පොඩ්ඩක් පාට කන්නාඩි ගලවල රට ගැන අවධානයෙන් ඉන්න. (බ)

:       0       0

දහම් Thursday, 14 May 2015 09:15 AM

අැයි මේ ආණ්ඩුව මේක රණවිරු සමරුව කියල කියන්නේ නැත්තේ. ජනාධිපතිවරණය කාලේ කොටි යාලුවන්ට දුන් පොරොන්දු නිසා නේද? වරෙල්ලකෝ ලබන ඡන්දෙට. මුළු රටෙන්ම මේ සැරේ නම් හොඳ උත්තර ලැබෙයි. (බ)

:       0       0

මධුර භාතිය Thursday, 14 May 2015 09:21 AM

මෙම මාධ්‍ය සාකච්චාවට සහභාගී වන අනුලා විජේසුන්දර මැතිනියනි ඔබතුමිය මේ මොහොතේ රට වෙනුවෙන් පෙරට පැමිණීම අගය කොට සලකමි. ඔබතුමිය යටතේ පුහුණුව ලබා රට පුර සේවය කරන දහස් ගන්නනක් දොස්තරවරු ඔබ සමගයි (බ)

:       0       0

නිහාල් Thursday, 14 May 2015 09:22 AM

නමින් කල්හාරී වුනාට ඔබ සිංහල දුවණියක් වෙන්න බෑ (බ)

:       0       0

ගමගේ Thursday, 14 May 2015 09:36 AM

මම නම් කියන්නේ කරුණාකරලා ජාති වාදය අවුසන්න එපා. සමහරු ඒ කලේ ජාති වාදය අවුස්සපු නිසා අපේ රටේ අහිංසක තරුණ කොල්ලෝ කෙල්ලෝ නැති උන ( සිංහල , තමිල් ) . ඒ නිසා අයෙත් මේ රට විනාස කරන්න හදන්න එපා පොඩි වචනයක් අල්ලාගෙන. (කේ)

:       0       0

මාපලගම පත්මා Thursday, 14 May 2015 09:38 AM

දිනු දේශය සුරැකීමේ නමින් , මොවුන් කරන්නේ දේශය කොටස් කිරීමට සහාය වීමක් , ජාති වාදය දේශයක් සුරැකීමට ඉතාම නරක දෙයක් .(හේ)

:       0       0

ජයා Thursday, 14 May 2015 11:40 AM

දහම්, මම ඔබ සමග එකඟ වෙනවා. (බ)

:       0       0

රජීව් Thursday, 14 May 2015 11:42 AM

මේකේ මේ කොමෙන්ට්ස් දාන සමහර අය ඒ කාලේ බෝම්බයක් තිබුන බස් එකකට නැග්ගානම් තේරෙයි (බ)

:       0       0

රනිල් Thursday, 14 May 2015 01:07 PM

රට බේරගන්න ති‍්‍රවිධ හමුදාව ජීවිත කැපකළා.ත‍්‍රස්තවාදය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ය වැඩකළා.අමතක කරන්න එපා මේ හැමෝම අපේ රටේ හිටිය තරුණ පරපුර.අවුරුදු 30 ක් මේ විදිහට පැවතුනු යුද්දෙන් ලාංකික අපට හැමදේම නැතිවුනා.වටිනා ජීවිත වටිනා සම්පත්,ආර්ථිකය මනුස්සකම මේ හැමදෙයක්ම නැතිවුනා.මේ ගැටලූව මේ තරම් දුරදිග යන්න වැඩකළ දෙස් විදෙස් හැමෝම ඊට වගකිව යුතුයි.ආයෙත් උතුරු දකුණ එකතු කරනවා වෙනුවට වෙන් කරන්නම කටයුතු කරනවානම් රටක් විදිහට ආයෙත් අපට ඉදිරියක් නැහැ මිනිසුනේ.එනිසා දැන්වත් මේ ජාතිවාදී,වර්ගවාදී,ගෝත‍්‍රික අදහස් අතහරින්න. (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 109 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2507 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 916 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1556 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site