IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අමරසේන කංකානම්ගේ දිවි ගමනට සමුදෙයි

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.

පින්න මලේ සුද, නිල් නුවන් පෙඟෙන, ඉස්සර විදියට, රජ්ජුරුවෝ උඩයි උඩයි, කොපර කොපර පිපිඤ්ඤ ආදී ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කළ කංකානම්ගේ මහතා සිංහල භාෂා ගුරුවරයෙකි.

ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා හෙට (27) පෙරවරු 8.30 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අද පස්වරු 2.00 ට සිදුකෙරේ.

 



අදහස් (5)

අමරසේන කංකානම්ගේ දිවි ගමනට සමුදෙයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 July 2021 08:17 AM

සාහිත්‍යයේදී,කලාවේදී, කවියේදී,ගීතයේදී ආදී වශයෙන් සෑම අවස්ථාවේම භාෂාව නිර්මාණාත්මක අයුරින් යෙදීම සැමට කළ හැකි දෙයක් නොවේ.කවියට,ගීතයට,පුවත්පත් කලාවට,සිනමා නිර්මාණයන්ට,අදාළ සුවිශේෂී භාෂාමය හැකියාවක් හා ශෛලියක් ඇත.එය මෙසේ යැයි කියා ඉගැන්විය හැකි නොවේ.එය තමන්ගේම පරිකල්පන ශක්තිය හා නිර්මාණශීලී බව මත,ගොඩනැගෙන හා ගොඩනඟා ගතයුතු දෙයකි.ඒ ඒ ක්ෂේත්‍රයේ දක්ෂයන් මේ ගැන විශිෂ්ඨ දක්ෂතා ඇත්තන්ය.උසස් නිර්මාණ අප සිත් සතන් තුළ ඇත්තේ,අප ඒවා රසවින්දනය කරනුයේ ඒ නිසාය.කවිය හා ගීතය එකකුස උපන් නිවුන් සොයුරියන් වැනිය.ගීතයක් රචනා කිරීම නොහොත් ගේය පද රචනය ඉතා අසීරු නිර්මාණ කාර්යයක් වේ.මන්ද යත්,ගීතයක් යනු,ගේය පද රචකයා,ගායකයා හෝ ගායිකාව,සංගීතය හා තනු නිර්මාපකයා ආදීන් එකතුව ඒ සැම සුසංයෝග වී සිදුකලයුතු කර්තව්‍යයක් බැවිනි.ගේය පද රචකයා මේ අදාළ අනෙකුත් අංශ ගැන දැන,ඊට සරිලන සේ තම ගේය පද රචනාව නිර්මාණය කළ යුතුය.ගේය පද රචනාවක ඇති වටිනාකම ඔබහට මෙයින් යන්තම් හෝ වටහාදීමට වෙහෙසුනෙමි.මේ අප හැර දමා ගොස් සිටිනුයේ ඒ වැනි දුර්ලභ නිර්මාණ කරුවෙකි.එතුමාට නිවන් සුව පතමු ... !!!

:       0       0

මහසෙන් Tuesday, 27 July 2021 10:15 AM

ලාංකීය ගී කෙත පෝෂනය කල ඔබට සුබ ගමන්!

:       0       0

Karunarathna - Gampola. Tuesday, 27 July 2021 01:39 PM

ඔබතුමාගේ දිවිගමන නිමාවූවා සේම, භව ගමනත් සුඛිත මුදිතව, සසර ගමනින් මිදී නිදහස් වේවා...!!!

:       0       0

දොරපනේ මහ විදුහලේ ආදි සිසුවෙක් Tuesday, 27 July 2021 06:03 PM

මෙතුමා ලීලාරත්න කම්කානම්ගේ හා සැම්සන් කම්කානම්ගේ යන මහත්වරුන්ගේ සහෝදරයෙක්ද? කවුරු නමුත් එතුමාට නිවන්සුව පතමු.

:       0       0

SUNIL MILANO Tuesday, 27 July 2021 08:14 PM

ඔබතුමා තාම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරවය කරන අතර ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා... මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා... යි ඉත සිතින් පතමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 0 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 97 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 9 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 493 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 121 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 249 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site