IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


අමරසිරි පීරිස් දුටු ‘උන්මාද සඳ’

”උන්මාද සඳ” ගීතය මෙසේ ගයනු ලබන්නේ ප‍්‍රවීණ සංගීතවේදී විශාරද අමරසිරි පීරිස් විසිනි. මෙම ගීතය සංගීතවත් කළේ ආශා විජයන්ති වීරසිංහ වන අතර පද රචනය අසංගි විජේසූරියගෙනි.

මෙතෙක් කලක් ”හන්තානට පායන සඳ” වෙතින් හමුවූ අමරසිරි ”උන්මාද සඳ” වෙතින් දැන් හමුවේවි.

මෙම ගීතය පිළිබදව හා ප‍්‍රසංගය පිළිබඳ විස්තර පැවැසීමට මෙම ගීතයේ පද රචනයෙන් සහ මෙම ප‍්‍රසංගය සංවිධානය කරනු ලබන අසංගි විජේසූරිය සඳැල්ල අප සමග එක්වූයේ මෙලෙසිනි.

මෙය මගෙ 11 වෙනි ගීතය. මම මීට කලිනුත් ගීත රචනා කළා. මගේ ගීත ප‍්‍රසිද්ධ ගායකයන් කිහිපදෙනෙක්ම ගායනා කරලා තියෙනවා. මම අවුරුදු 7ක් රජරට ප‍්‍රදේශයේ රැුකියාව කළා. එහිදී මම ස්වභාව සෞන්දර්ය, ඓතිහාසික පසුබිම හා පූජනීයත්වය යන කාරණා 3 ම ගොඩක් වින්දා. ඒ සුන්දරත්වය මගෙ නිර්මාණ හැකියාවට විශාල පිටිවහලක් වුණා. එක් පෝය දවසක මම රැුකියාවට ගිහින් එනකොට කනදරා වැවේ වම් පැත්තට සඳ එළිය වැටිලා රිදී තලාවක් වගේ බබළනවා දැක්කා. ඒ අවස්ථාවේ මම දැක්ක ස්වභාව සෞන්දර්ය අනූන දර්ශනය නිසා තමයි පළමු ගී පදය මගෙ හිතට ආවේ. අනිත් කාරණා මගෙ යහළුවන්ගෙ සහ මගෙ ජීවිතයේ විවිධ පේ‍්‍රමනීය අත්දැකීම්, විරහ කාරණා පදනම් කරගෙන කාලයක් අරගෙන තමයි මම ලිවුවේ. උපේක්ෂා සහගත පෙම්වතිය මුර්තිමත් කිරීමටයි මම මේ ගීතය ලිවුවේ. විරහ වේදනාව විඳින පෙම්වතියගෙන්, පෙම්වතා සමාව අයදින ලෙස මෙම ගීතය ඉදිරිපත් වෙනවා.

20170202Amarasiri-1මේ ගී පද ලියලා, අවුරුද්දක්, 2ක් විතර මම තියාගෙන ඉන්නකොට මගේ සංගීත ගුරුවරු කිහිපදෙනෙක්ම මේ ගී පද මාලාව අමරසිරි පීරිස් මහතාට සුදුසුයි ඔහුට යොමු කරන්න කියලා යෝජනා කළා. මගෙ හිතවතෙක් හරහා මෙම පද මාලාව අමරසිරි පිරිස් මහතාට යොමු කළාම එතුමා ගීතයක් කරන්න කැමති වුණා. එතුමා කැමතිවෙලා දවස් තුනකට පසු මෙම ගීතයේ රෙකෝඩින් කරලා ඉවර කළා. ඇත්තටම, එතුමා ජ්‍යෙෂ්ඨයෙක් ලෙස නවකයන්ට ලබාදෙන ඉඩ ප‍්‍රස්ථාව ඉතා විශාලයි.

මෙම ගීතයෙ වීඩියෝව මගෙ නිෂ්පාදන ආයතනය වන ෆීමික්ස් කි‍්‍රයේෂන්ස්’ ආයතනයෙන් කළා. මෙම වීඩියෝව සඳහා රංගනයෙන් නුවන් ශ්‍රී දමිත් කුමාර සහ මල්ෂි ප‍්‍රනාන්දු දායක වෙනවා. දැනට සියලූම මාධ්‍යවල මෙම ගීතය ප‍්‍රචාරය වෙනවා. මෙම ගීතයේ වීඩියෝව නිර්මාණය කළේ අනුරාධපුර ප‍්‍රදේශයේදී.

”උන්මාද සඳ” පළමු ප‍්‍රසංගය පෙබරවාරි මස 11 වන දින සවස 3.00ට සහ සවස 7.00ට ප‍්‍රසංග 2ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ රංග ශාලාවේදී තමයි මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ. ”ෆීමික්ස් කි‍්‍රයේෂන්ස්” ආයතනයෙන් හා අන්තර්ජාලය හරහා කි‍්‍රයාත්මක වන හරිත අගෝස්තු සමාජ සත්කාරක මිතුරු හවුලෙන් තමයි මෙම ප‍්‍රසංගය සංවිධානය කරන්නේ. අනුරාධපුරයෙන් මෙම ප‍්‍රසංගය ආරම්භ කරලා ලංකාව පුරා ප‍්‍රසංග 30ක් පමණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම ප‍්‍රසංගයේ සංගීතය මෙහෙයැවීම ප‍්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාරගෙනුත් ප‍්‍රසංගය ඉදිරිපත් කිරීම ප‍්‍රවීණ මාධ්‍යවේදී වසන්ත රෝහණගෙනුත් සිදුවෙනවා. සෑම ප‍්‍රසංගයකදීම අලූත් නිර්මාණකරුවෙක්/දක්ෂ සිසුවෙක් රටට හඳුන්වාදීමටද බලාපොරොත්තු වෙනවා.

මෙම ප‍්‍රසංගය ගැන 0787571729 දුරකථන අංකයෙන් විමසිය හැකියි.

සඳුනි ඉමල්කා 



අදහස් (0)

අමරසිරි පීරිස් දුටු ‘උන්මාද සඳ’

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැති කරනවා
2025 මාර්තු මස 31 21 0

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (31)


කුලී රථ රියදුරා ගුවන් මගියාගේ ලක්ෂ 9කට විදලා
2025 මාර්තු මස 31 85 0

ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31)


පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක්
2025 මාර්තු මස 31 90 0

පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්


පුත්තලමෙන් රිමාන්ඩ් කළ නීතිඥවරිය අභියාචනාධිකරණයෙන් මුදා හරියි
2025 මාර්තු මස 31 468 0

විනිසුරුවරියට ගෞරවාන්විතව ආමන්ත්‍රණය නොකිරීම සහ අධිකරණයට ඇතුළු වීමේදී හිස නමා ආචාර නොකළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙ


’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි
2025 මාර්තු මස 31 73 0

ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි
2025 මාර්තු මස 31 289 0

හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 11 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 644 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 739 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site