IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අඹ ඕසෙට හැදී මිල පහළ යයි

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන  වියලි කාලගුණයෙන් පසු ඇතිවු වර්ෂාව අඹ අස්වැන්න ඉහළ යාමට හේතුවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

රුපියල් 800ත් 1000ත් අතර මිලක පැවති TEJC අඹ කිලෝව මේ වන විට රුපියල් 400-500 අතර මිලක් දක්වා පහත වැටී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ වනවිට දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කරන අතර අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීම නිසා මිල පහල යාම මගින් නිෂ්පාදනය අඩාල විය හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

මෙම තත්ත්වය යටතේ  අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතු දැයි විද්‍යාත්මක වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ දත්ත අනුව මෙරට වගා කෙරෙන සියලුම අඹ ප්‍රබේදවල වාර්ෂික අඹ අස්වැන්න ගෙඩි මිලියන 250ක් පමණ වේ. නමුත් 2023/24 අඹ වාරයේ එම ප්‍රමාණය ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී ඇතැයි දැනට සිදු කර තිබෙන දත්ත එක්රැස් කිරීම් මගින් තහවුරු වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (13)

අඹ ඕසෙට හැදී මිල පහළ යයි

Amal Monday, 15 January 2024 04:41 PM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඇමති විකාර කරනවා කියන්නේ මේවාට තමයි. අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරා නම් ඇයි අපනයනය කරන්නේ නැතිව වගාව ව්‍යාප්ත කිරීම නතර කරන්න වාර්තා කැඳවන්නේ? ගෙඩිපිටින් විතරක් නෙමෙයි, ජුස් හදලා, පල්ප හදලා, ටින් කරලත් අපනයනය කළ හැකියි. ණය නොවී රටට ඩොලර් ගෙන ආ හැකියි.

:       0       0

fairoos Monday, 15 January 2024 05:02 PM

මේ දෙපාර්තමේන්තුවේ නම් කියන්නේම පච විතරයි.

:       0       0

Wini Monday, 15 January 2024 05:16 PM

කොපමණ හැදුණත් දරුවෙකුට බය නැතිව අඹගෙඩියක් දෙන්න විදිහක් නැහැ. කරුණාකර පසු අස්වැන්නට බෙහෙත් ගන්න එපා...

:       0       0

Sachith Monday, 15 January 2024 06:42 PM

ඒ වුණාට ඔබ කන්න ගියාම මේ ගාණට හොයාගන්න නෑ. හැමදාම වගේ අතරමැදියෝ ඒකෙනුත් හම්බ කරනවා.

:       0       0

SISIRA Monday, 15 January 2024 06:49 PM

2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියළි කාලගුණයෙන් පසු ඇතිවූ වර්ෂාව අඹ අස්වැන්න ඉහළයාම නිසා අතුරු නිෂ්පාදන කොතරම් කළ හැකිද? අපනයනය ඉලක්ක කර ගනිමින් වගාකරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගාකිරීම නිසා මිල පහළ යාම සිදුවූයේ මේ වර්ෂයේ පමණි. අපනයනය ඉලක්ක කරගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අස්වනු වැඩි වී නම් ඒ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටතුළ ඇති TEJC අඹවගාව සහ ලැබීමට නියමිත අස්වනු පිළිබඳව සොයාබැලීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඇමැතිවරයා විදේශ වෙළඳපළ සොයාගැනීම පිණිස කටයුතු කිරීම කළයුතුව තිබිණි. ගොවීන්ට චෝදනා කිරීමෙන් ඵලක් නොමැත. අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණයක් පමණි. ඇමැතිවරයාගේ සහ අදාල අංශවල නිසි කළමනාකරණයක් නොමැති බව හොඳින්ම පැහැදිලි වේ.

:       0       0

චන්දන Monday, 15 January 2024 10:31 PM

අඹ වැඩිපුර හැදෙනවනම් නිෂ්පාදනය අඩු කිරීමද කරන්නෙ? මේක විදෙස් විනිමය ගේන්න පුළුවන් ක්‍රමයකට යොදා ගන්න. මුන් සේරම යන්නේ රිවර්ස් එකට. මෙහෙම රටකට දියුණු වෙන්න පුළුවන්ද?

:       1       77

L. P. WeerakkodyTuesday, 16 January 2024 10:19 AM

අස්වැන්න වැඩිවීම වාසනාවක් නොවේද, කල යුත්තේ වගාව සිමා කිරීම නොව 1. නව වෙළද පොළ සොයා ගොස් වෙළදාම වැඩි කිරීම 2. අඹ කල් තබා ගැනීමේ තාක්ෂණය හදුන්වාදීමය.

:       0       4

chinthaka Tuesday, 16 January 2024 07:07 AM

මේ අයට කන්න බඩ තිබ්බාට මොලේ නෑනේ...

:       0       1

Nimal Tuesday, 16 January 2024 09:17 AM

අමු ගොන් තියරි මුට තියෙන්නේ .අඹ වැඩී නම් ,ඒවාට අගය එකතු කරලා ,පිට රට යවන්න බලන්න

:       0       3

Pradeep Kumara Tuesday, 16 January 2024 10:07 AM

මේවා මාර ලොජික් තමයි. අස්වැන්න වැඩි නම් නිෂ්පාදනය අඩුකරනවා. ඇයි ඔය ඉන්දියාව, තායිලන්තය වගේ රටවල් කරන විජලනය කිරීම අපිට කරන්න බැරි? විජලනය කල අඹ වලට ඉතා හොද ඉල්ලුමක් තියනවා. ඊට අමතරව නැවුම් අඹ අපනයනය ඉහල දමා ගැනීම ගැන සොයා බලන්න.

:       0       2

එල්. පි. වීරක්කොඩි lio Tuesday, 16 January 2024 10:13 AM

අඹ අස්වැන්න වැඩි වීම වාසනාවක් ලෙස සලකා කල යුතු කරුණු දෙකකට අවදානය යොමු කල යුතුව ඇත. 1. අඹ සදහා නව වෙළද පොළ ඉක්මනින් සොයා ගැනීම 2. අඹ කල් තබා ගැනීමේ තාක්ෂණය හදුන්වා දිමය. වගාව සිමා කිරීම මොන අමන ක්‍රියාවක්ද?

:       0       1

Nimal Tuesday, 16 January 2024 11:27 AM

කීයට දුන්නත් මොකටද කන්න බැරි නම් .මීට අවුරුදු 3 කට කලින් ඔය අල්පොන්සු අඹ ගෙඩියක් ගොඩක් රසයි .ඒත් දැන් ගොඩක් ඇඹුලයි .400 නෙමේ 300 ට ගත්තේ

:       0       1

Prabhash samantha Tuesday, 16 January 2024 01:56 PM

අපේ සිරි ලංකාවේ ඇතිවෙන්න කෘෂිනිලධාරීන් සිටින නමුත් උන්ගෙන් සතපහක වැඩක් නැත .හෝතම්ඹු දේශපාලුවන්ට උවමනා පරිදි උන් වැඩ කරන්නෙ . රටේ අවශ්‍යතාව හදුනන්නෙ නැතුව ඉවක්බවක් නැතිව වගාකළාම ඔහොම වෙනව .රටට විදේශ විනිමය ලැබෙන්නට ඇති ආදායම් මාර්ග ගැන මීට වඩා අවබෝධයෙන් සිටිය යුතුයි. අඹ වලට විතරක් නෙමෙයි, සියලුම බෝග වල අවශ්‍යතාව හදුනාගෙන අඩු වියදමින් වගා කළ හැකි ප්‍රදේශ තුළ එම කටයුතු සිදුකළ යුතුයි. නැතුවනම් මේ රටේ කෘෂිකාර්ම ාාන්තය හදන්න බෑ

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 81 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 269 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 82 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 56 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 242 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site