අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලැබෙතියි ශ්‍රීලංකාව අපේක්ෂා කරයි.
රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ලබාගැනෙන මෙම ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 100 - 200 අතර අගයක් වනු ඇති බව සඳහන්ය.
පසුගිය දින කිහිපයක පුරාම මෙම ණය මුදල ලබාගැනීම සඳහා කොළඹදී සාකච්ඡා පැවැත්වුණු අතර දැන් ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී අවසන් අදියරේ සාකච්ඡා පැවැත්වෙමින් ඇත.මෙම සාකච්ඡා වලට මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන්ද එක්ව සිටිති.
මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට බව භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.මුදල් ලබාදීමට ප්‍රථමයෙන් රටේ ආර්ථික පද්දතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුව ඇති බවද,ආයෝජන සිදුකිරීම පහසුවන ලෙස දැනට තිබෙන බාධක ඉවත්කළ යුතුව තිබෙන බවද, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අදහස යැයි ඒ මහතා වැඩිදුරටත් කීය.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයිඑම්එෆ් ණය තව සති දෙකකින්?
කෝසල Monday, 18 April 2016 06:05 AM
දැන් සල්ලි ලැබෙනවනේ. දැන්වත් දෙවියන්ගේ නාමෙන් බඩු මිල අඩුකරන්න. (නි)
චන්දා Sunday, 17 April 2016 11:42 AM
මොනවා? රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයකුත් තිබෙනවද? මේ ඇහුවාමයි (නි)
චන්දා Sunday, 17 April 2016 11:48 AM
යහපාලන ආණ්ඩුව බහුතර ඡන්දයෙන් කරට ගත් මිනිසුනි, විඳවනු ඉතින් දැන් දිගට හරහට! (නි)
ධම්ම Sunday, 17 April 2016 02:11 PM
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපට ආදරෙයි. බලන්න අපි මේ සල්ලි නාස්ති කරයි කියලා දාලා තිබෙන කොන්දේසි ගැනත් ටිකක්. (නි)
යසස් Sunday, 17 April 2016 06:43 PM
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව පාලනයට හරිහැටි පරිපාලනය කරගැනීමට හැකියාවක් නොමැති බවයි අපිට නම් හැඟෙන්නේ (නි)
රොකී Monday, 18 April 2016 01:15 AM
විදේශ වලින් ණය ගන්නේ නැතුව අපේම කෙනෙක්ගෙන් ණයක් ගන්න සාකච්ඡා කළොත් නරකද? පොළිය ටිකක් වැඩි වුණත් කමක් නැහැ, අපේ මිනිස්සුනේ! (නි)
ලෙස්ලි Monday, 18 April 2016 02:28 AM
අනේ මන්දා අපිට මොනවා වෙන්න යනවද කියලා (නි)
ප්‍රසන්න Monday, 18 April 2016 12:26 PM
මෝඩයෝ රටේ ලොක්කෝ වුනහම ඕවා වෙනවා.අපට දුක අපේ පක්ෂය ගැන 2002 දී වගේ වෙයිද කියල. (බ)
සුජීව Monday, 18 April 2016 03:11 AM
ණය වලින් තොරව රට ගෙනියන වැඩපිළිවෙලක් අපි කවදාද හදන්නේ? හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවට බැණ බැණ ණය ගන්න එක මිසක් ණය උගුලෙන් ගැළවෙන්න හිතන්නේ නැහැ. දවසින් දවස ණය ප්‍රතිශතය වැඩිවෙනවා. මෙහෙම ගිහින් අපි මහා විනාශයකට යන බව තේරුම් ගන්න ආණ්ඩුවක් අපිට ඕනෑ. (නි)
මුණසිංහ Monday, 18 April 2016 03:12 AM
මේ සල්ලි අාපහු ගෙවන්න ඕනෑ නැද්ද? මේවත් අපේ ණය බරට එකතුවෙනවා නේද? අපේ ණය බරට වගකියන්න ඕනෑ කවුද? මේවායින් අපිට ගොඩ එන්න පුලුවන්ද? ණය ගත්තා කියලා පහුගිය ආණ්ඩුවට කවුරුහරි දොස් කිවුවද? (නි)