IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අයිඑස් ඒජන්තවරයෙක් ලංකාවේ?

16 හැවිරිදි ඉන්දියා දැරියක ශී‍්‍රලංකාවේ සිට කි‍්‍රයාත්මකවූ අයිඑස් ඒජන්තවරයෙක් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණයව තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.

ත‍්‍රස්ත සංවිධාන සමග තොරතුරු හුවමාරු කරගන්නේයැයි සැකපිට ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය මෙම දැරියගේ සමාජ ජාල ගිණුම්,ඇය භාවිතා කර ඇති වට්ස්ඇප් ආදී පණිවුඩ හුවමාරු කරගැනීමේ පහසුකම් ආදිය පරීක්ෂාවට ලක්කර ඇති බවත් එහිදී මේ බව දැනගන්නට ලැබී ඇති බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වේ.

තම දියණියගේ හදිසි වෙනස්වීමක් හදුනාගත් දෙමවුපියන් බලධාරීන් අමතා කළ දැනුම්දීමක් අනුව ඇයගේ කටයුතු මෙසේ පරීක්ෂාවට ලක්කිරීමට ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය කටයුතු කර ඇතැයි සඳහන්ය.

වෙබ් අඩවියේ දැක්වෙන පරිදි සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් සිදුකරගෙන යමින් පවතින පරීක්ෂණ වලදී ඔහු වෙනත් රටවල අයිඑස් හිතවාදීන් සමග සමාජ ජාල වෙබ් අඩවි මාර්ගයෙන් සම්බන්ධතා පවත්වා ඇතැයිද අනාවරණයව තිබේ.

මොහු මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ වාසය කරන අයිඑස් හිතවාදීන් සමග සබදතා ගොඩනගාගෙන ඇති බවද ඔවුන්ගේ සහයෙන් සහ අන්තර්ජාලයට එක්කරන අයිඑස් කි‍්‍රයාකාරකම් දැක්වෙන වීඩියෝ,පුවත්පත් වාර්තා ආදියේ උපකාරයෙන් ඉන්දියා තරුණ තරුණියන් අයිඑස් පාක්ෂිකයින් බවට පත්කරගැනීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.



අදහස් (0)

අයිඑස් ඒජන්තවරයෙක් ලංකාවේ?

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Saturday, 19 December 2015 01:40 PM

සංජීව ,ජනක්, තවම කට්ටියට තේරුනේ නැහැ. තේරෙනකොට පෙරහැර ගිහින්.අසාද්, මේ දේවල් පෙන්නලා මහජනතාව දැනුවත් කරන්න ඕනෑ. (නි)

:       0       0

පෙරේරා Saturday, 19 December 2015 01:48 PM

තරුණ වයසේදී තමන්ගේ අවශ්‍යතා වලට මුදල් අවශ්‍යයි. ඒ සඳහා රැකියාවක් අවශ්‍යයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සංවිධාන එය කරනවා. අන්තිමේදී රජයට භයානක දේවල් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා (නි)

:       0       0

අල්විස් Saturday, 19 December 2015 02:01 PM

සොයාබලා වහාම අත්අඩංගුවට ගන්න, කාටවත් දොස් කියන්නේ නැතුව. (නි)

:       0       0

රුචිර Saturday, 19 December 2015 02:16 PM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 19 December 2015 02:28 PM

අවුරුදු 60 ගණනක් දේශපාලනය කළ මේ පක්ෂ වලට රට ගොඩගැනීමට දැනුමක් නැද්ද? ස්වාධීන පක්ෂයකින් දක්ෂ පුද්ගලයෙකු ඡන්දය ඉල්ලුවොත් මම පිටරට ඉඳලා ඇවිල්ලා ඡන්දය දීලා යනවා. (නි)

:       0       0

කරුණාරත්න Saturday, 19 December 2015 03:37 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සමන්ති Saturday, 19 December 2015 05:19 PM

අපිට පමණක් නොවේ, ලෝකයේ බොහෝ රටවල බුද්ධි අංශ වලට පවා ත්‍රස්තවාදීන්ගේ ජාල සොයාගැනීම දුෂ්කර බව කවුරුත් දන්නා කරුණකි. (නි)

:       0       0

ගයාන් Saturday, 19 December 2015 09:15 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලුනේ....... (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 19 December 2015 05:40 AM

බඩු මිල අහස උසට, නිදහසේ පාරේ යන්න බැහැ උද්ඝෝෂණ. ඒත් කමක් නැහැ මේවා රට ඇතුළේ ප්‍රශ්න. අයි එස් කියන්නේ ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්. බලධාරීනි, මේ ගැන වහාම සොයාබලන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)

:       0       0

අතුල Saturday, 19 December 2015 05:55 AM

හොඳින් හොයලා බලන්න. මේක අනාගත මහා ව්‍යයසනයක ආරම්භයක් වෙන්න පුළුවන් (නි)

:       0       0

ලක්මාල් Sunday, 20 December 2015 04:09 AM

ගෝඨාභය මහත්මාණෙනි, රටට ඔබ අවශ්‍යයි. (නි)

:       0       0

සංජීව - හොරණ Saturday, 19 December 2015 05:58 AM

බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිවිපාක ලංකාවාසීන්ට අත්විඳීමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

චමල් Saturday, 19 December 2015 05:58 AM

කියන්නට බොහෝ දේ ඇතත් කිසිවක් නොකියමි. (නි)

:       0       0

වසන්ත Saturday, 19 December 2015 06:13 AM

මගේ හිතට නම් පුදුම බයක් දැනෙන්නේ (නි)

:       0       0

ජනක් Saturday, 19 December 2015 06:16 AM

බොදු බල සේනා කලින් මේවා පෙන්නනකොට කිව්වේ ජාතිවාදියො කියලා නේද? සමහර නායක, නායිකාවො කීවේ බොදුබලසේනා තහනම් කළයුතුයි කියලා නේද? දැන්වත් හිතෙන්නෙ නැද්ද පක්ෂ අතහැරලා රට වෙනුවෙන් එකතුවෙන්න ඕනෑ කියලා. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 19 December 2015 06:37 AM

මම ඉන්නේ මැදපෙරදිග රටක. මේ රටේ බුද්ධි අංශයක වෙනම ඒකකයක් තිබෙනවා. ඔය සමාජ ජාල වල හුවමාරුවෙන ඒවා බලනවා, නිකමට හරි පුපුරන ද්‍රව්‍ය, නැත්නම් ඒ හා සමාන දේවල් හුවමාරු වෙනවා නම් හොයනවා කව්ද යැව්වේ කියලා. ලංකාවෙත් එහෙම කළා නම් හරි. නැත්නම් ඔය වසංගත ලංකාවට ආවොත් කොටින්ට හපන් වෙනවා. (නි)

:       0       0

යසිරු Saturday, 19 December 2015 07:10 AM

ඔව්. අනිවාර්යෙන්ම ඔය ත්‍රස්තවාදීන් රට තුළට නොරිංගන විදිහට හැම ආරක්ෂාවක්ම යොදවන්න. (නි)

:       0       0

නාමල් Saturday, 19 December 2015 07:20 AM

අන්තවාදී සංවිධාන නිසා තමා තරුණයින් මේවාට ඇදෙන්නේ. සංජීව,තමන්ගේ නොදැනුවත්කම පෙන්වන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

සත්‍යපාල Saturday, 19 December 2015 07:18 AM

අපි කවදද පාඩම් ඉගෙනගත්තේ? අපි කවදද ඉදිරිය ගැන හිතල වැඩකළේ? ඡන්දෙ ගන්න බලාගෙන ඕනෑම කෙනෙක් පාවාදෙනවා. ඕනෑම හතුරෙක් නිදහස් කරනවා. අන්තිමට ඉතිහාසයේ වුණ දේවල් නැවත නැවත වෙනවා. අන්තිමට ඔක්කොම විනාශයන් වුණාට පස්සේ කියනවා " අපි එදා ගත් තීරණ වැරදි බව පිළිගන්නවා, ඒත් ඒ වෙලාවේ එහෙම කරන්න සිද්ධවුණා" කියලා. එහෙම තමයි අපේ දේශපාලකයෝ. (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Saturday, 19 December 2015 07:32 AM

ඔය අදහස් ඉදිරිපත් කළ හැමදෙනාම කියන්න ඇත්ත. ඕවා ගැන කියනකොට ජාතිවාදය ඇවිස්සෙනවා කියනවා. කොටින්ගෙන් පස්සේ මොවුන්ද ඊළඟට? ඒක ගැන නම් හිතන්න වෙයි පාලකයන්ට. (නි)

:       0       0

පුලාරා Saturday, 19 December 2015 07:34 AM

රට ටිකෙන් ටික ප්‍රශ්න වල ගිලෙමින් යන බව නම් දැන් පැහැදිලිව තේරෙනවා (නි)

:       0       0

යසස් Saturday, 19 December 2015 07:43 AM

සමාජජාල වෙබ් අඩවි පටන්ගත් දවසේ ඉඳලා තමයි ළමයින්ට හැම වැරදි දෙයක්ම කරන්න අත්තටු ලැබුනේ. මේවා හොඳ විදියට පාවිච්චි කළා නම් කිසි වරදක් නැහැ. දෙමාපියන් මේවා හොයලා නොබැලුවොත් ලංකාවෙත් ආයෙත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. (නි)

:       0       0

ටානියා Saturday, 19 December 2015 08:22 AM

කියන බොහෝ දෙ තියනවා. .හබැයි මුකුත් නොකියම්..ජගත් ඔබ හරි. (අ)

:       0       0

අසාද් Saturday, 19 December 2015 08:26 AM

ඇත්ත රටේ ආරක්ෂාව ගැන රජයක් බලන්න ඕනේ.මේ දේවල් දේසපාලනය කරගන්න එපා. මහින්ද ගේ කාලේදී ගොඩක් රටට අකැප දේවල් වුණා. මහින්දවාදීන් හැම දේම දේසපාලනය කර ගන්න උත්සහ කරනවා. එකෙන් වෙන්නේ රට ආපස්සට ගමන් කරන එක විතරයි. (අ)

:       0       0

තුසිත Saturday, 19 December 2015 08:56 AM

මිනිස්සුන්ට දැන්වත් තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ලංකාවේ හිස ඔසවන්නේ කොටි විතරක් නෙවේ මුස්ලිම් අන්තවාදයත් හිස ඔසවනවා. එදාට සිංහලයට දුවන්න පාරවල් මදි වේවි. (අ)

:       0       0

සෙනරත් Saturday, 19 December 2015 09:15 AM

රටට මොනවා වුණත් බලධාරීන්ට නම් ගානක් නෑ. තවම පසුගිය රජයට දොස්කියමින් නිකම් කාලය කා දමනවා. ආරක්ෂාවට වැඩපිලිවෙලකුත් නෑ, රටේ දියුණුවට වැඩපිළිවෙළකුත් නෑ වගෙයි පෙනෙන්නේ (අ)

:       0       0

අයන්ත Saturday, 19 December 2015 10:08 AM

සෙනරත් හරි. හැම එකටම පහුගිය ආණ්ඩුවට බැණ බැණ ඉන්න එක තමයි කරන්නේ. අනාගතය වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් නැහැ. (නි)

:       0       0

සොපි Saturday, 19 December 2015 10:31 AM

කොහොමත් නහය ළඟටම එරෙනතුරු අපේ මිනිසුන්ට දැනෙන්නේ නැහැ. නියපොත්ත වෙනුවට පොරොව පාවිච්චි කරන්න වෙනකොට තේරෙයි. (නි)

:       0       0

නිහාල් Saturday, 19 December 2015 10:37 AM

බොදුබල සේනාව, රාවණා බලය සිංහල සංවිධාන පසුගිය දවස්වල පෙන්වාදුන්නේ නැවත හිස ඔසවන වාර්ගික ත්‍රස්තවාදය ගැනයි. නැතුව කිසිම වර්ගවාදයකට නෙමෙයි. නමුත් ඔවුන්ගේ හඬ වසාදැමීමට ගොඩක් අය දැඟලුවා. මේවාගේ විපාක විඳීමට වෙන්නේ සිංහල ජාතියට මිස වෙන කාටත් නෙමෙයි. (නි)

:       0       0

කිත්සිරි Saturday, 19 December 2015 10:56 AM

රටක් යුද බියෙන් නිදහස් කරදුන් නායකයා පිළිබඳ බොරු ගොතා රටේම ඔළුගෙඩි නරක්කර, බුද්ධි අංශ වල විරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිවිපාක විඳවන්න කාලය ඇවිල්ලා වගෙයි. (නි)

:       0       0

මුණසිංහ Saturday, 19 December 2015 11:14 AM

රටේ ආරක්ෂාව අනතුරේ. මෙයාලා කොයිතරම් බයිලා ගැහුවත් මහා විනාශයක් අත ළඟ කියලා දැනෙනවා (නි)

:       0       0

ප්‍රකාශ් Saturday, 19 December 2015 12:06 PM

මේ රටට මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

උපුල් Saturday, 19 December 2015 12:22 PM

පෙනෙන විදියට අයිඑස් අපේ රට තුළත් බොහෝසෙයින් ව්‍යාප්ත වෙලා ඉවරයි වගේ. තව වැඩිකල් යන්න මත්තෙන් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වෙයි. එදාට කට්ටිය තක්කු මුක්කු වෙලා හතර අතේ දුවයි. මම දකින විදිහට කොටි සංවිධානයට වඩා ගොඩක් බලවත් ලෙස ආධාර ලබන සංවිධානයක් මේක. දැන්ම ක්‍රියාත්මක නොවුණොත් ලංකාවක් නැතිවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 764 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1019 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 201 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4917 6

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1585 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31076 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site