IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අයිටී රැකියා ටිකත් ලාංකිකයාට නැතිවේලු

‘‘අන්තර් ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලිත් සමරවික්‍රම කියනවා ලංකාවෙ තොරතුරු තාක්ෂණ සේවය ඉන්දියාවට විවෘත කරන බව. මේ රටේ හැත්තෑ දෙදහසක් පමණ තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා කරනවා. අපේ පස් වැනි ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණ සේවයයි. එය තවත් දියුණු නොකර ඉන්දියානුවන්ට ඒ රැකියා දීම හරිද?‘ යැයි විමල් වීරවංශ මහතා කීවේය.

ඔහු මේ බව කීවේ ශ්‍රී ජයවර්ධනපුර පිටකොට්ටේ ඊ එන් පෙරේරා මාවතේ අලුත් තැනක ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයය විවෘත කිරීමේ උත්සවයේ දී ය.

IMG_8777 IMG_8778 IMG_8781 IMG_8789



අදහස් (0)

අයිටී රැකියා ටිකත් ලාංකිකයාට නැතිවේලු

අජිත් කරුණාරත්න Friday, 22 January 2016 02:36 AM

මොනවා හරි කියන්නත් එපායැ ඉතින් (නි)

:       0       0

රණා Friday, 22 January 2016 01:41 PM

අපි ලංකර ගත යුත්තේ ඉන්දියාවට චීනයට කියන බමුණුගේ කතාවෙන්ම පැහැදිලි වුණා නේද (අ)

:       0       0

ප්‍රදීප් Friday, 22 January 2016 02:48 AM

ඉමේෂ්, දැන් ඉන්දියානුවන්ගේ උපාධිය ගුණාත්මක නැත්නම්, ඔවුන්ට අපිට තරම් වැඩත් බැරි නම් ඇයි ලංකාවේ රස්සා නැතිවෙයි කියල කෑගහන්නේ? නියම වැඩකාරයෝ ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ආයතන ඉන්දියන්කාරයෝ ගන්න එකක් නැහැනේ. (නි)

:       0       0

සනුකි Friday, 22 January 2016 03:26 AM

අද චීන අධිරාජ්‍යවාදයේ ගැත්තෝ මේ රට විනාශ කරන්න විවිධ කටකතා පතුරනවා. මේ චීන අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණවලට අපි අහුවෙන්න හොඳ නැහැ. මේ චීන අධිරාජ්‍යවාදීන්ට අපි ළඟ රටවල් සමග මිතුරුකම් ගොඩනඟා ගැනීම ඉවසගන්න බැරුව, චීන ඉත්තන් යොදවමින් රජයට අපහාස කරනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 January 2016 08:00 AM

අපිට තොරතුරු තාක්ෂණය ගැන කියලා දෙන්න එනවද? (නි)

:       0       0

යවනාඩ් Friday, 22 January 2016 03:37 AM

අන්තිමේදී අපිට හුළං තමයි (නි)

:       0       0

තිලක් Friday, 22 January 2016 08:09 AM

මොකක්ද මේ අය කරන්න හදන්නේ. ලංකාවේ කොපමණ ඉන්නවද රැකියා විරහිත අය. ඒ අයට මුලින් රැකියා දිලා ඉන්දියානුවන් ගැන බලන්න.(හේ)

:       0       0

සිල්වා Friday, 22 January 2016 03:43 AM

ලලිත්, මෝඩ කතා කියන්න එපා. දන්නේ නැත්නම් දන්නෙ නැති විදියට ඉන්න. ලංකාවේ අයි.ටී. ක්ෂේත්‍රයේ කොච්චර ඉන්නවද කියලා ඔය දන්නවද? (නි)

:       0       0

සම්පත් Friday, 22 January 2016 08:04 AM

කවුරු කොහොම කිව්වත් හැමෝම වැරැදියි.(හේ)

:       0       0

සඳරුවන් Friday, 22 January 2016 03:50 AM

බමුණු ආරච්චිගේ කතාව සම්පූර්ණ ඇත්ත මම ඉන්නේ විදේශ රටක ගොඩක් ඉන්දීයානුවන් ඉන්නවා ලෝකයේ මම දැකපු වඩාත්ම ආත්මාර්ථකාමී ම ජාතිය සහ එ අය අපිට අවස්තාව දෙන්නේ නෑ. (අ)

:       0       0

ශශික Friday, 22 January 2016 03:55 AM

මේ නාමල් සහ චානිකට පිස්සු. ඉන්දියානුවන් මෙහෙ එන්නේ පිනුම් ගහගෙන. එහෙ මෙහෙ වගේ පහසුකම් නැහැ. කොහොම වුණත් මේකෙන් වෙන්නේ අපේ ලංකාවේ රැකියා නැතිවෙන එක. (නි)

:       0       0

ධර්මසිරි Friday, 22 January 2016 03:51 AM

කිසිම විටක ඉන්දියාව සමඟ අත්සන් කරන ගිවිසුමකින් ලංකාවට වාසියක් වෙන්නේ නැත. මේකෙන් අපි තවත් නැතිවෙනවා (නි)

:       0       0

සඳරුවන් Friday, 22 January 2016 03:54 AM

ලලිත්, මම පරිගණක ඉංජිනේරුවෙක්. ලංකාවෙත් ලක්ෂයකට වඩා පඩි ගන්නවා. මේ වැඩෙන් වෙන්නේ ලංකාවේ අයි.ටී. ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය අඩුවෙන එක. ක‍රන්න ඕනෑ ලංකාවේ තොරතුරු තාක්ෂණ උපාධි වැඩිකරලා ලංකාවේ පරිගණක ඉංජිනේරුවන් මඟින් මෙම පුරප්පාඩු පුරවන එක. එතකොටයි ලංකාවට රට සල්ලි එන්නේ. (නි)

:       0       0

දුමින්ද Friday, 22 January 2016 08:23 AM

මෙතැන ගැටළුවක් ඇති බව පැහැදිලිය (ම)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 22 January 2016 04:01 AM

මෙහි දක්වා තිබෙන ප්‍රතිචාර දැක්කහම දුක හිතෙනවා. ලංකාවේ අයි ටි උපාධි වලට ලෝකේ හොඳ පිළිගැනීමක් තිබෙනවා. ලංකාවේ කොල්ලෙක් පිටරට කොම්පැනි එකකට ගත්තොත් අනිවාර්යයෙන් තව ලංකාවේ කොල්ලෝ ගන්න ප්‍රවණතාව වැඩියි. (නි)

:       0       0

ලලිත් Thursday, 21 January 2016 02:36 PM

අයි.ටී. අය බිහිවෙනතුරු රටේ වැඩ නතර කරගෙන බලාගෙන ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

චන්දික Friday, 22 January 2016 04:15 AM

මෙම ගිවිසුම ලංකාවට ඉතා වාසි ගෙනෙනෙ ද්විපාර්ශ්වික ගිවිසුමක්. ඉන්දියානුවන්ට ලැබෙන පරිගණක රැකියා දෙන්නේ ඒ සඳහා සුදුසු ලාංකිකයින් හිඟ අංශ වල පමණි. එයද ලංකාවේ ආයෝජනය කර ඇති ඉන්දියානු සමාගම් වල පමණි. නමුත් මෙමඟින් ලංකාවේ ඉිජිනේරුවන්ට සීමාවක් රහිතව ඉන්දියාවේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන බව ඔබ දන්නවද? ඉන්දියාව මෙවැනි ගිවිසුම් ජපානය සහ කොරියාව සමඟත් අත්සන් කර තිබෙනවා. කැනඩාව සමඟ සාකච්ඡා කරමින් පවතිනවා. ලංකාව මෙම ගිවිසුම කල්නොදමා කඩිනමින් අත්සන් කළයුතුය. (නි)

:       0       0

දුමිත් Friday, 22 January 2016 04:09 AM

මේවා නොවෙයි කියලා හිතන්නත් බැහැ. (නි)

:       0       0

රොෂාන් Friday, 22 January 2016 04:17 AM

බොහෝදුරට සිදුවිය හැක්කේ ඉන්දියානු ව්‍යාපාර අප රට තුළ ආයතන ස්ථාපිතකර ගුණාත්මක ලාංකික ඉංජිනේරුවන් කිහිපදෙනෙකු පෙරටුකර ගනිමින් හා බොහෝ ඉන්දියානු ඉංජිනේරුවන්ට රක්ෂා සපයමින්, ඔවුන්ගේ අරමුණු මෙරට හා අන්තර්ජාතික වෙළෙඳපොල ආක්‍රමණය කිරීමයි. මෙය ශ්‍රී ලංකාවට අහිතකරය. (නි)

:       0       0

අතුල Friday, 22 January 2016 04:24 AM

දැන් මෙතැන කවුරුහරි ඉන්නවද ඔය ගිවිසුම දැකපු කෙනෙක් එහෙම? (නි)

:       0       0

හේරත් Friday, 22 January 2016 08:59 AM

රටේ මිනිස්සු දන්නේ නැ අපේ රටට කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් අයිටී කරන අය ගෙනත් දෙනවාද කියන එක. මේ ගිවිසුමෙන් වෙන්නේ ඒ ප්‍රමාණය ඉන්දියාවට ආයේ ගෙනියන්ට අවස්ථාව දෙන එක. කොහෙත් පක්ෂේ උඩ තියන් ඉන්න ගොට්ටෝ ඉන්නවනේ. සටන් විරාමේත් හොදයි කිව්වා මිනිස්සු හිටපු රටක් නේ මේක. මේ ගිවිසුම නිසා ඉදිරියට ලංකාවේ කොන්ඩේ කපන සැලූන් කරන මනුස්සයාගේ ඉදල කම්කරුවා දක්වාම රැකියා නැති වෙන එක වෙන්නේ. මෝඩ මිනිස්සු මේක කවද තේරුම් ගනී ද දන්නේ නැ.(හේ)

:       0       0

නාමල් Thursday, 21 January 2016 03:07 PM

ඉන්දියාවෙ අය ලංකාවෙ අයි.ටී රැකියා කරන්න එන්නෙ නැහැ. ඉන්දියාවෙ බැන්ගලෝර්, හයිද්‍රාබාද්, මුම්බායි වගේ පැති වල ලංකාවට කවදාවත් එයි කියලා හිතන්න බැරි අයි.ටී කොම්පැනි තිබෙනවා. අනික ඉන්දියාවෙ අයි.ටී ඉන්ජිනේරුවන්ට ඕනෑ යුරෝපයේ නැත්නම් ඇමරිකා ගිහින් රස්සාවක් ගන්න මිස ඉන්දියන් රුපියලටත් වඩා අඩු ලංකාවෙ රුපියල් හොයන්න නෙමෙයි. (නි)

:       0       0

සුදාර Thursday, 21 January 2016 03:13 PM

දැන් ලංකාවෙ තිබෙන උපාධි ඉන්දියාවට වඩා ඉහළ නම් ඇයි ඉන්දියාවේ ඉන්නවා කියන "නූගත්" ඉන්ජිනේරුවෝ ඇවිල්ලා රස්සා ගනී කියලා බය...? (නි)

:       0       0

ප්‍රියංකර Friday, 22 January 2016 04:35 AM

දුක හිතෙනවා සමහරුන්ගේ අදහස් දැක්කහම. (නි)

:       0       0

හිමාල් Thursday, 21 January 2016 03:20 PM

ඇමරිකාවට රිදෙන්න ජී-මේල් වර්ජනය කරන්න ගිය අයට මොන තොරතුරු තාක්ෂණද? (නි)

:       0       0

මංජුල Friday, 22 January 2016 09:33 AM

ඔය දේවල් වෙන්නේ නැති දේවල් විතරයි.(හේ)

:       0       0

සමන් Friday, 22 January 2016 09:33 AM

අපේ පාලකයින්ට පිස්සු.(හේ)

:       0       0

වික්‍රම් Friday, 22 January 2016 09:26 AM

ච්නෙත් ඉන්දියාවත් සන්සන්ධනය කරන්න එපා ඉන්දියාව අපේ මිතුරෙක් නෙමෙයි චීනය අපිට හැම විටම උපකාර කළ, අවංක මිත්‍රයෙක් (හේ)

:       0       0

පසිඳු Thursday, 21 January 2016 04:03 PM

ඉතා කණගාටුයි. (නි)

:       0       0

ප්‍රියත් Friday, 22 January 2016 05:07 AM

විමල් මහත්තයාම නේද මේ අයි.ටී ගැන කතා කරන්නේ? (නි)

:       0       0

සභීත Sunday, 24 January 2016 07:22 AM

මෙතන අදහස් දක්ක්වන අය හරියට ඔය ගිවිසුමේ තියෙන්නේ මොනවද කියලවත් දන්නවද සැකයි. කෙනෙක් කියල තිබුන, අයි.ටී. අය බිහිවෙනතුරු රටේ වැඩ නතර කරගෙන බලාගෙන ඉන්න පුලුවන්ද?.... - මොකටද බලන් ඉන්නේ ජොබ් නැති අයි ටි අය කොච්චර ඉන්නවද ලංකාවේ...වැලේ වැල් නැති ඩොක්ටර්ස්ලා ඉන්න ඉන්දියාවේ ජොබ් නැති අයි ටි උන් වැහි වැහැල - උන්ට යුරෝපේ නෙවෙයි මැඩගස්කරේ දුන්නත් යනවා. දැන් ලංකාවෙ තිබෙන උපාධි ඉන්දියාවට වඩා ඉහළ නම් ඇයි ඉන්දියාවේ ඉන්නවා කියන "නූගත්" ... - අනේ මන්ද මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවානේ - ඔතන උගත් කමට වඩා කවුද අඩු පඩියට වැඩ කරන්න කැමති කියන එකයි බලපාන්නේ. (බ)

:       0       0

කුමාර Friday, 22 January 2016 03:51 PM

මම දැනට වැඩ කරන්නෙත් ඉන්දියානුවන් එක්ක. හරිම අපිරිසිදුයි. (නි)

:       0       0

සුසන්ත Thursday, 21 January 2016 08:48 PM

ඉන්දියාව එපා කිවුවහම ආයුධ ගන්න එකත් නතර කරන එකේ ඉන්දියාව ඉල්ලන සීපා නොදී ඉඳීද? (නි)

:       0       0

හර්ෂ Thursday, 21 January 2016 08:43 PM

මෙය ලංකාවට විශාල පාඩුවක් වෙන්න පුලුවන් (නි)

:       0       0

ගාමිණි Friday, 22 January 2016 11:52 AM

ලංකාවේ කාටවත් මේ ගිවිසුම් ගැහුවා කියල ඉන්දියාවේ රැකියා හම්බවෙන එකක් නෑ. වෙන එකම දේ ලංකාවේ කොල්ලන්ගේ රැකියා නැති වෙන එක පමණි. (හේ)

:       0       0

බමුණු ආරච්චි Friday, 22 January 2016 12:17 PM

අපිට ඉන්දියානුවන් ගෙන්වා ගන්න තිබෙන අමාරුව මොකක්ද? (නි)

:       0       0

ජනහිත Thursday, 21 January 2016 11:19 PM

දීල දීලා අන්තිමට අපිට දෙන්න දෙයක් නැතුවයයි (නි)

:       0       0

සුගත් Friday, 22 January 2016 12:25 PM

ගුණාත්මකබව කෙසේවෙතත් ඉන්දියානුවෝ වැඩට දක්ෂයි (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 January 2016 11:37 PM

අපේ රැකියාවන් ටික ඉන්දියානුවන්ට දෙන්න තරම් අපේ අය මෝඩවෙයි කියලා හිතන්න අමාරුයි (නි)

:       0       0

මලික් Friday, 22 January 2016 12:51 PM

මුදලේ අගය අඩු නිසා විදේශිකයින් ලංකාවට එන්නේ නැහැ (නි)

:       0       0

අතුල Friday, 22 January 2016 12:30 AM

මෙහෙම වෙන්න දෙන්න නම් එපා (නි)

:       0       0

සාරා Friday, 22 January 2016 12:39 AM

ඉතින් මේක අවලංගු කරන්නකෝ... (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 22 January 2016 12:40 AM

ඉන්දියාව අපිට උදවුවුණේ නිකන් නොවෙයි මේවා බලාගෙන. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 22 January 2016 12:42 AM

අපේ අය මෝඩවෙයි කියලා හිතන්න අමාරු වුණත් දැනට කෙරෙන වැඩ දැක්කහම මට නම් එහෙම හිතෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 22 January 2016 12:46 AM

අපිට ඉන්දියානුවන්ගේ රැකියා එපා. අපේ රැකියාවලට ඉන්දියානුවනුත් එපා. මම ඉන්දියානුවන් සමඟ අවුරුදු 12 වැඩ කළා. ඔවුන්ගේ හැකියාවන් ගැන හොදට දන්නවා. දකුණු ඉන්දියානුවන් කම්කරු වැඩට නම් හොඳයි. (නි)

:       0       0

චානික Friday, 22 January 2016 01:26 AM

ලංකාවේ තොරතුරු තාක්ෂණ රැකියා බිහිවෙන්නේ 70000යි. නමුත් මේ සීපා ගිවිසුම නිසා ලංකාවට රැකියා අවස්ථා ගොඩක් බිහිවෙනවා. (නි)

:       0       0

සම්පත් Friday, 22 January 2016 01:28 AM

ඇයි ඕවා ලංකාවෙ අයට දුන්නහම මොකද වෙන්නේ? (නි)

:       0       0

දිනේෂ් Friday, 22 January 2016 01:46 AM

චානික, මොන ලෝකෙද ඉන්නේ? ඕස්ට්‍රේලියාවේ ලාංකිකයන්ට ඉන්දියන්කාරයන්ගෙන් ගැළවිලා රස්සාවක ඉන්න පුළුවන් බොහොම කලාතුරකින්. ඉන්දියන්කාරයෙක් කිසිදාක අපේ රටේ කෙනෙකුට රස්සාවක් දෙන්නේ නැහැ. ඉන්දියාවේ රුපියල අපිට වැඩිය අගයෙන් වැඩිවුණාට ඔවුන්ට නිකම් කන්න පුළුවන් නම් අපේ තිබෙන ඕනෑදෙයක් ගනීවි. (නි)

:       0       0

ඉමේෂ් Friday, 22 January 2016 02:23 AM

නාමල්, දන්නා දෙයක් කතා කරන්න. ඉන්දියාවේ ඉන්න ඉංජිනේරුවෝ යැයි කියාගන්න අයට අපේ අය තරම් වැඩ බැහැ. ඉන්දියාවේ උපාධි ගන්න එක පහසුයි ලංකාවට වැඩිය. එනිසා වැඩ බැරි අයත් උපාධි ගන්නවා. ඔය ඔය කියන රටවලට ලේසියෙන් යන්න පුළුවන් නම් ඇයි අපේ රටට එන්න හදන්නේ? මම මේ දැනුත් වැඩ කරන්නේ ඉන්දියානුවෝ එක්ක. එනිසා හොඳට දන්නවා එයාලට ඕනෑ මොනවද, කරන වැඩ වල ගුණාත්මකභාවය කොහොමද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 102 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 299 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1620 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1745 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 605 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1910 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37039 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24406 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site