අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් පැවසේ.
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයින් වෙන්න - ජනපතිවරයා රවීට කියයි
රොමේෂ් Friday, 04 August 2017 06:44 PM
මෙයා ඉල්ලා අස්වුනාම ඔක්කොම හරියයි කියල හිතන්න එපා. හොරුන්ට දඬුවම් කරනකම් ජනතා පීඩනය ඔබ ඇතුළු ආණ්ඩුවට තදින්ම එල්ල වෙනවා.
PerakumFriday, 04 August 2017 08:55 PM
ඔය කිව්වට රොමේෂ්, එයා අස්වෙන්නෙ නෑ.
ramaniSaturday, 05 August 2017 03:39 AM
රවී ඇතුළු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු දිරුම් දුන්නේ අගමැතිට (ඔවුන් ජනාධිපතිව නායකයා හැටියට සලකන්නේ නැහැ). ඉතින් ඔවුන් අගමැති කියනකම් යන එකක් නැහැ. අගමැති සමහර ඇමතිකම් සහ තනතුරු දුන්නේ යාලුවන්ටයි. ඉතින් යන්න කියන්න පුලුවන්ද?
janatha anura Sunday, 06 August 2017 02:32 AM
අගමැති ඇතුළු ඇමති මණ්ඩල පත් කිරීමේ බලය තිබෙන්න ජනපතිට පමණි ලියවිලි වලින් එම ජනතා පරමාධි පත්ය පැවරීමට බැහැ ඇමති ඉවත් කිරීම ජනපතිගේ වැඩක්
samanSunday, 06 August 2017 04:37 AM
රොමේෂ්, ඔයා හිතන්න එපා අස්වෙන්න කියන්නේ දඬුවමක් හැටියට කියලා. ඊළඟට රවිට අගමැතිකම දෙන්නයි හදන්නේ. මෙපමණ කලක් මෙයා කලේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අයව එයාගේ වාසියට ඉහළින් තියාගත්ත එකනේ. මෙයා කවද්ද රට ගැන හිතුවේ? මෙයා තාම හදන්නේ අපිව අන්දන්න.
raveendraSunday, 06 August 2017 05:43 PM
මොකද උන්නැහේ රථවාහන පොලිසියේද රාජකාරිය කරන්නේ? නැත්නම් රවී මහතා පාර මැද්දේ නාන තුවායක් ඇඳගෙන පාරෙ මැද්දේ ඔලුවෙන් හිටගෙන ඉන්නවද? " අයින් වෙන්න කියන්නේ ".
විජයභාහු Friday, 04 August 2017 06:46 PM
නාට්‍යක ජවනිකාවක් නොවෙයි නේද?
aravinda Friday, 04 August 2017 06:49 PM
මෙය හොඳ තීරණයක්. එලෙසම, මේ අවස්ථාවේදී මීට සම්බන්ධ තවත් අයවලුන් සිටීදැයි සොයා බැලිය යුතුයි. මේ සිද්දියේ තවත් අතුරු පලයක් නම්, දැන් බොහෝ දෙනාට "හම්බන්තොට වරාය විකිණීම" ගැන අමතක වී තිබීමයි.
Kamal kumara dubai Friday, 04 August 2017 06:54 PM
ඔය මිනිස්සු අයින් කරලා හරියන්නේ නැ. අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕන.
පිටිගල මිලානෝ Friday, 04 August 2017 06:54 PM
ඉල්ලා අස් වෙන්නේ නැත්නම් අස් කරන්න.
chatura Friday, 04 August 2017 07:00 PM
අනේ මම දන්නේ නැ
Ranjith Friday, 04 August 2017 07:08 PM
ඉල්ලා අස්වීම ප්‍රශ්නයට පිළිතුරක් නෙමේ. බදු ගෙවන රටවැසියන්ද මේවට වන්දි ගෙවන්නේ නඩු අසා දඩුවම් දිය යුතුයි.
kumara (galf) Friday, 04 August 2017 07:19 PM
මෙන්න අපේ උපහාරය ජනාධිපතිතුමාට. බලතල පාවිච්චිකර රට හදන්න.
de silva berlin Friday, 04 August 2017 07:45 PM
ජනාධිපතිට පුළුවන්නේ රවිව තනතුරෙන් පහ කරන්න , මේ වගේ වැඩක් යුරෝපේ උන නම් මෙලහකට රවී ඉන්නේ තනතුරේ නොවේ රිමාන්ඩ් හිරගෙදර , චිනේ හෝ සවුදියේ මෙලහකට මරණ දඩුවම දීලා .
rahulSaturday, 05 August 2017 08:23 AM
ඔව්, මඩු වලිගෙන් ගහන්න.
PrabathSunday, 06 August 2017 12:53 AM
සෞදියේ නම් ඉතින් සුළුදෙයකටත් මරනවනේ. එතන නීතියට වඩා තියෙන්නේ ම්ලේච්ඡත්වයයි.
Ruchi Friday, 04 August 2017 07:53 PM
අයින් වෙන්නම් ඉතින්. ඕකට ඔච්චර සද්දේ දන්නා ඕනය? මට ඇමෙරිකාවේ තානාපති කම දෙනවා නේද?
siri Friday, 04 August 2017 08:25 PM
අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.
mahee Friday, 04 August 2017 09:17 PM
අපට තේරෙනවා ඔබ තුමාට උවමනා විදිහට රජය ගෙනියන්න බැරි බව. මොකද, එක පැත්තකින් රනිල්ට යටවෙලා ඉන්න ඕන එයාගේ උදව්වෙන් බලයට ආපු නිසා. අනික් පැත්තෙන් ඔබතුමාගේම පක්ෂයේ පිරිසක් කකුලෙන් අදිනවා කොයි වෙලාවේ හරි බිම දාන්න. පක්ෂයේ ඉතුරුවෙලා ඉන්න අය අතරෙත් දුශිතයෝ පිරිලා. පරණ කවියක් තියෙනවා 'මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය ' කියල. පුළුවන් නම් හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න, අර කියල තිබුන වගේ.
samarageSaturday, 05 August 2017 04:16 AM
මෙතුමා පටන් ගත්තේ වැරදි ආදර්ශේ දීලා. ජනවාරි 8 ඡන්දෙ දිනපු ගමන් ඡන්දයෙන් දිනපු ආණ්ඩුව අයින් කරලා සුළුතරයක් ඉන්න හිතවතාට අගමැතිකම දුන්නා. ඊට පස්සේ තමන්ගේ මල්ලිට ටෙලිකොම් සභාපතිකම දුන්නා. ඉතින් යටින් ඉන්න අය ඔහොම හැසිරෙන එක අහන්නත් දෙයක්ද?
ManojSaturday, 05 August 2017 05:25 AM
මෙහේ ඕකට කියන්නේ කොන්ද පණ නැතිකම කියලා. කවුරුත් කකුලෙන් ඇද්දට කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න නායකයෙක් වුණහම දැනගන්න ඕනේ...
sam Friday, 04 August 2017 09:56 PM
ඉල්ලා අස්වෙන්න කියන්නේ කාගේ නම්බුව රැකගන්නද ? ඔබතුමාගේ නම්බුව රැකගන්න නම් වැරදි කරන උදවියට ඉල්ලා අස්වෙන්න කියන්නේ නැතිව ඔවුන්ව අස් කරලා දඬුවම් කලයුතුයි .
ranji Friday, 04 August 2017 10:05 PM
එතුමා මෙතෙක් කියපු අනිත් දේවල් වගේ එකක්ද මේකත් ?
Chanak Los angeles Friday, 04 August 2017 10:42 PM
පරීක්ෂනයෙදී ඔප්පු වුනොත් මොහු වංචාවකට සම්බන්දයි කියලා නීතිය මගින් මොහු අත්අඩංගුවට ගත යුතුයි නේද .. එහෙම නැතිව ඉල්ලා අස්වී ගෙදර යන්න කියන එක එයට දඬුවමක් නොවෙයි නේද? දුබලයෙක් සුළු හොරකමක් කලොත් එය පරීක්ෂා කිරීමටත් පෙරම පැමිනිල්ල කල පමණින් ඔහුව කුදලාගෙන ගොසින් රිමාන්ඩ් කරනවා නේද .
JRJ Friday, 04 August 2017 10:48 PM
සර් හරි සැරයි වගේ. ඊයේ පත්තරේ බැලුවද දන්නේ නැහැ .
මෙවන් Friday, 04 August 2017 11:06 PM
මම හිතන්නේ මොන දහම් ගැටයක් හරි දාලා ආණ්ඩුව රවී ව බේරගනියි. කොච්චර උනත් මේ ලංකාවනේ. අනිත් රටවල් වල වෙන දේවල් ලංකාවේ වෙන්නේ නෑ. මොන හොර වැඩේ කලත් ඡන්දෙ දෙන කට්ටියක් අපේ රටේ ඉන්නවානේ.
rohana Friday, 04 August 2017 11:17 PM
ජනාධිපතිතුමනි ඉල්ලා අස්වෙන්නේ නැත්නම් නෙරපන්න, ජනතා සහය ඔබතුමාට .
Gihan Saturday, 05 August 2017 12:29 AM
එතකොට බැඳුම්කර හොරුන්ව කොහේද ඉඳල හොයාගෙන ඇවිත් මහ බැංකුවේ වාඩි කරවපු, හොරකම් කරන හැටි ගැන උපදෙස් දීපු මිස්ටර් ක්ලීන් මහතාට අස් වෙන්න කියන්න බෑ බෑ වගේද. ඕකට තමයි කියන්නේ පහත් තැනින් යයි ගලා ජලේ කියල.
samithSaturday, 05 August 2017 06:57 AM
අගමැතිතුමාට යන්න කියන්න කලින් මල්ලීට ටෙලිකොම් සභාපතිකම දීපු හැටි ගැන හිතුවා නම් හොඳයි නේද?
GihanSunday, 06 August 2017 01:11 AM
මල්ලිව ටෙලිකොම් එකට දාපු එක හරි කියලා මම කියන්නේ නෑ මහත්තයෝ. ඒත් ඒකෙන් රටට මේ තරම් විශාල හානියක් වුනේ නෑ. කාටවුණත් ඒක තේරෙනවනේ. බැඳුම්කර වංචාව සුළුවෙන් තකන්න බෑ. මිනිස්සුන්ට හොඳටම පැහැදිලියි..., මාමවයි, බෑනවයි ආරක්ෂා කරනවා කියන එක...
nawa Saturday, 05 August 2017 12:33 AM
ලොටරයි මණ්ඩලය අරන් යන්ට දුන්නොත් අයින් වෙනවා කියයි ද දන්නේ නැහැ? ( ඒකට හා කියල අරන් යන්ට දෙයිද දන්නෙත් නැහැ )
Ramsi Saturday, 05 August 2017 12:44 AM
අනේ සර් එයා අහිංසකයි.... මේ මුකුත්ම දන්නේ නැහැ.
sarath Saturday, 05 August 2017 01:14 AM
ඉල්ලා අස්වෙලා පිරිසුදු වෙන්න හදන්න එපා. හොරුන්ට උදවු කළා නම් වංචාවට හිර බත් කා යුතුයි .හොරා කෑවා කියම්මුකෝ ,මේ වගේ ලජ්ජාවක් නැතිව හොරා කාල කොහොමද රටක් තියෙන්නේ.
Ratnamalala Saturday, 05 August 2017 01:35 AM
වැඩේ නම් හොදයි, එත් පසුගිය කාලයේ කියපු කෙරුම් නම් බොහොමයක් සිද්ධ උනේ නැහැ.
ලුම්බිණි Saturday, 05 August 2017 01:43 AM
චෝදනා එල්ල වෙලා තියෙනවා නම් සහ ඒවා ඔප්පු වෙලා තියෙනවා නම් අයින් වෙන එක ඇමති වරයා කල යුතුයි. ඒකට ජාධිපති කියන කම් ඉන්න ඕන නැහැ.
raveendra Saturday, 05 August 2017 01:52 AM
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති වන ඔබගේ රජයේ නිලධාරීන් මගේ සහ ශ්‍රී ලංකා පුරවැසියන්ගේ පොදු ( මහජන මුදල් ) මුදල් අවබාවිතකර ඇති බැවින් එම නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් නෙරපීම ඔබගේ වගකීමකි. ඔවුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වීමට දැන්වීමට වඩා ඔබට පුරවැසියන් වන මා සහ අප විසින් ලබදී තිබෙන බලයෙන් ඔවුන්ව එම තනතුරුවලින් නෙරපීම වඩාත් වැදගත්වේ. නිලධාරියා රවීද බන්දුලද රනිල්ද මහින්දද මෛත්‍රිද ඇමැතිද මන්ත්‍රිරිද අපට වැදගත් නැත. එමෙන්ම පසුගිය රජයන්ගේද හිටපු නිධාරින්ද රටේ පුරවැසියන්ගේ මුදල් කොල්ලකා ඇතිබැවින් ඔවුටද නිසිදඩුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි. තවද රටේ ජනාධිපති වන ඔබට සහ රටේ අගමැතිටත් මෙය වලංගු බවත් ලංකා මාතාවට ආදරයකරන ඇලුම් කරන පුරවැසියන් වන අප සදහන් කිරීමට කැමැත්තෙමු.
dias Saturday, 05 August 2017 02:14 AM
අපිත් එකගයි. රවී ඇමතිකමෙන් අස්විය යුතුයි. පෙර රජයේ වගේ නාටක එපා. යහපාලනය පෙන්වමු.
සනෝජ් හලාවත Saturday, 05 August 2017 02:15 AM
මේක අනුමත කරන්න බෑ. ජනාධිපතිතුමා මේ වෙලාවෙ උත්සාහ කලයුත්තේ රජය ආරක්ෂා කරන්න. මේ හැම දෙයක්ම රාජපක්ෂලාගෙ කුමන්ත්‍රණ. ඉස්සර වෙලා මේක උසාවියක අහන්න ඕන. රවී ඇමතිතුමා කිසිම චෝදනාවකට වැරදිකරු වෙලා නෑ. මේ නඩුවට කලින් රාජපක්ෂලාගේ නඩු විභාග කරන්න ඕන.
pitigala Saturday, 05 August 2017 02:21 AM
රවී ඉල්ලා ඇස උනා කියල ඔක්කොම බැරි බැරියාව සනීප වෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යූ. ඇන. පී එකේ ඉන්න අනික් පල් හොරු ටිකට දඬුවම් කිරීම අමතක කරන්න ඔබ තුමාට බැහැ. ලක්ෂ 62 ක පැතුම එකයි. මිනිස්සු ඔබ තුමාට චන්දෙ දුන්නේ එකට. එක අමතක කරන්න එපා සර්!
LEKKO GALABADA Sunday, 06 August 2017 09:47 AM
මිලානෝ දන්නා දෙයක් කතා කරන්න.
RD Saturday, 05 August 2017 02:25 AM
පස්සේ මතක නැති වෙයිද.
samara Saturday, 05 August 2017 02:29 AM
ඒ කියන්නේ එතකොට ජනතාවට බොරු කියපු හොරු ඉන්නේ යහපාලන ආණ්ඩුවේ ? දැන් ජනාදිපති තුමා ජන්දෙකට යන්න වගේ හදන්නේ.
uddika Saturday, 05 August 2017 02:46 AM
අයින් උනාට පස්සේ වෙන තනතුරක් දෙයි
vipula Saturday, 05 August 2017 03:08 AM
හොද තීරණයක් ... අගමැති පිලිබදවත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
roy Saturday, 05 August 2017 03:36 AM
යහපාලන නාටකයේ එක ජවනිකාවක් පමණයි.
sena Saturday, 05 August 2017 03:37 AM
යහ පාලනය තවත් එක ප්‍රෝඩාවක් විතරයි.
silavas Saturday, 05 August 2017 03:42 AM
චෝදනා ඔප්පු කරල හිටියනම් නේද හොඳ ??
dias Saturday, 05 August 2017 03:55 AM
ගරු ජනාධිපතිතුමනි විශේෂ අධිකරණයක් පිහිටුවා සියලුම හොරුන්ට මාස 6ක් ඇතුලත නඩු අසා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.
raveendraSaturday, 05 August 2017 06:25 AM
ඉතාම කාලෝචිත යෝජනාවක්. නමුත් සියයට 99.9ක්ම ඉන්නේ හොර තක්කඩි පිරිසක් බැවින් එයද සිදුවේය කියා සිතීමටවත් බැරිය. කීමට ඇති එකම දෙයනම් හොරුන් සමග අපිත් හෙළුවෙන් යන්න පමණි.
selvakumar-Sydney Saturday, 05 August 2017 03:58 AM
එතකොට මිග්, හෙජින්, CSN ,තාජුදීන්, තව තව බොහෝ මහාමාර්ග ගනුදෙනු... කොමිස් ගත්ත අයට දඩුවම් නැද්ද ?
ravindraSaturday, 05 August 2017 08:26 AM
එකක්වත් ඔප්පු කළාද අවුරුදු 2.5ක් බඩගාලත්. මේ කැඳහැලි ආණ්ඩුවට මුකුත් බැහැ. හොරුන්ට සහ ඡන්දෙන් පැරදුණු අයට ඇමතිකම් දෙන්න විතරයි පුළුවන්.
roshan Saturday, 05 August 2017 03:59 AM
අයින් කරලා විතරක් මදි . එයාලා හොරකන් කරපු සල්ලි ආණ්ඩුවට ගන්න ඕන .මිනිස්සු බලාගෙන ඉන්නේ ඒවා දිහා .
Sandaru Saturday, 05 August 2017 04:04 AM
ආණ්ඩුව නාය යනවා කියලා දැනිලා තියෙන්නේ දැන්..
saman Saturday, 05 August 2017 04:30 AM
මේ වෙනකල් මෙයා කියපු කීයක් සිද්ධ වෙලා තියනවද? කිසිම දෙයක් නැහැ. මේකත් ඒ වගේම අපිව රවට්ටන්න කියන දෙයක්. අර මහබැංකුව හොරකම් කළ කෙනා තවම රැකගෙන ඉන්නේ යස අපූරුවට.
සෙනෙවි Saturday, 05 August 2017 04:40 AM
රවී අස් වෙන්නේ නැත්නම් ආණ්ඩුව විසුරුවලා දාන්න ජනාධිපතිට පුළුවන්...
ReksSaturday, 05 August 2017 09:18 AM
බලන් ඉන්න විසිරුවනකම්, අර එළුවන්ගේ මොකක්ද එක වැටෙනකම් හිටියා වගේ වෙයි.
gihanSunday, 06 August 2017 01:18 AM
දැන් ඒක කරන්න බෑ. රනිල් ආපු ගමන් 20 වෙනි සංශෝධනය කියල නියමිත කාලයට කලින් ආණ්ඩුව විසිරවීමේ බලය ගැලෙව්ව. මොකද 2012දී කෙල වුනේ ඒක නිසානේ. දැන් ඉතින් අරළු කෑ ගොළුවෙක් වගේ විඳවන්න වෙලා තියෙන්නේ.
NIRESH Saturday, 05 August 2017 04:42 AM
ඔබතුමාට කට තියෙන්නේ රවිට විතරක් කියන්නද? ඇයි අනිත් හොරුන්ට කියන්න පණ නැද්ද? ඔබතුමාගේ වටේ ඉන්න අනිත් හොරුන්ටත් අයින් වෙන්න කියන්න. කීදෙනෙකුට හොර නාම ගෑවිලා තියෙනවද?
Sena Saturday, 05 August 2017 04:43 AM
මේ ආණ්ඩුව විතරක් නෙමේ රටේ ආර්ථිකයත් කොහොමත් නාය ගිහින් අවසානයි. මේක බොරු රඟපෑමක් විතරයි. ඒ බව දැනගෙනත් අදාල නැති විෂයක් වන ලොතරැයි මණ්ඩලය පවරලා නිලවශයෙන්ම හොරකම් කරන්න අනුබල දුන්නේ කවුද? මොහුට ඉල්ලා අස්වීමට ආයාචනා කිරීමට අවශ්‍ය නැහැ. විධායක ජනපති වශයෙන් ඕනෑම ඇමති කෙනෙක් බලයෙන් පහ කිරීමේ හැකිය ජනපති සතුයි. නිකන් අපිව රවටන්න හදන්න එපා .
James Saturday, 05 August 2017 04:52 AM
මෙතරම් හොරකම් කරනකම් බලාගෙන සිටියද? හරිනම් සියලු දෙනාම ඉවත් විය යුතුයි. එතකොට තමයි වෙනස හොඳට සැපට ලැබෙන්නේ. 2014 බැංකු පොළිය 9.5 ඉඳන් 13.5 ට වැඩිවෙලා. අපිව හිඟන්නො කරනවා.වහාම ඡන්දේ තියන්න දොඩවන්නේ නැතිව...
බණ්ඩාර-කැකිරාව Saturday, 05 August 2017 04:53 AM
පොඩි මිනිහෙක් හොරකමක් කළානම් මේ වෙනකොට හිරබත් කනවා. එ්ත් ලොකු ලොක්කන්ට තාම කිරිපොවනවා. වැරැද්ද කොහෙද තියෙන්නේ? මේ යහපාලන ආණ්ඩුවයි. අවුරුදු 5ක් ගියොත් අපේ රටට දෙවිපිහිටයි.
gamage Saturday, 05 August 2017 04:57 AM
ජනාධිපතිතුමනි, රවීට ඉල්ලා අස්වෙන්න කීවහම ඔක්කොම හරිද? එතකොට නිර්දෝශයිද? කරපු වංචාවන් යටයනවද බලන්න පාකිස්ථානයේ අගමැතිවරයා මුදල් වංචාවකට සම්බන්ධ බව ප්‍රකාශයට පත් කලවිගසම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන්නා. බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා...
Satan Saturday, 05 August 2017 05:12 AM
අවසානයේ හොරු ඇල්ලීමට පැමිණි අය හොරු වෙලා. සාදු කියන්න පින්වතුනි සෝභිත හාමුදුරුවන්ටත් ඇහෙන්න.
raveendraSaturday, 05 August 2017 06:18 AM
මා හිතනවා ඔබ බුද්ධාගමට නිග්‍රහ කිරීමට උත්සාහ කරන බව. මොන ආගමකටවත් නිග්‍රහ කිරීම නොකළයුතු බවයි මගේ අදහස. අප සිතනවා නම් උඩබලාගෙන කෙල ගැසීමෙන් අපගේ මූණට එම කෙල නොවැටී අනිත් පුද්ගලයාගේ මූණට වැටේය කියා.... එය හුදෙක් විහිළුවකි.
ramaniSaturday, 05 August 2017 08:29 AM
මෙතනට බුද්ධාගම් ගාවගන්න එපා. මමත් බෞද්ධ තමයි. ඒ වුණාට මම කතාවට එකඟයි. සෝභිත හාමුදුරවෝ බණ කියපු හැටි නෙවෙයි මේ කතාව. උන්වහන්සේ යහපාලනය සඳහා දේශපාලනය කරපු එක ගැනයි මේ කියන්නේ. තැටිය රත්කළාට රොටිය කරවෙන්නේ නැහැ කියලා උන්වහන්සේ තේරුම් ගත්තේ අපවත් වෙන්න ටිකකට කලින්. මතක නැද්ද ඒ කතාව?
raveendraSaturday, 05 August 2017 12:13 PM
රමණි මහත්මිය, මෙනෙවිය මෙම වැකියෙන් ඔබතුමියට ගම්‍යවන්නේ කුමක්ද ? "සාදු කියන්න පින්වතුනි සෝභිත හාමුදුරුවන්ටත් ඇහෙන්න".මාද ඔබතුමියමෙන් බෞධයෙක්මි. මෙහි ආගම පිළිබඳව ගැටළුවක් නැත. මා වැරදිනම් පිළිබඳව කණගාටුවෙමි. මෙම වාක්‍ය ගැන මට ඇති වුණේ කණගාටුවකි. කිසිම ආගමකට මම පරිභව නොකරමි. එම වැකියෙන් මාහට හැඟී ගියේ අපවත් වූ සෝභිත හිමිහට අපහාසයක් වැන්නකි. තවද මම පාට කණ්ණාඩි වලින් ප්‍රශ්න දෙස නොබලමි. ඉහත අදහස් දැක්වීමෙන් ඔබ හට සිත් රිදීමක් ඇතිවුණිනම් කණගාටු වෙමි.
ධම්ම Saturday, 05 August 2017 05:20 AM
'ආර්කේ' ට ඉල්ලා අස්වෙන්න කිව්වා වගේ 'පීඑම්' ටත් ඉල්ලා අස්වෙන්න කියන්න.
Chandra Saturday, 05 August 2017 05:21 AM
මුහුන බලන කණ්ණාඩියක් ලඟට ගොස් කියන්න. මේ මිනිස්සු රවටන කතා.
Asanka Saturday, 05 August 2017 05:42 AM
ඇලෝසියස්ගේ දුරකථනයෙන් තවත් දේශපාලකයන් 40 කගේ නම් සහ දෙබස් සොයාගෙන තිබෙනවා. ‘ඒකාබද්ධයෙන් ගෙන ආ විශ්වාස භංගයකට ඡන්දය දෙන්න අපට පිස්සු නෑ" යයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් කියා තිබුණ බව වෙනත් පුවත්පතකත් සඳහන් වුණා.
tony-maharagama Saturday, 05 August 2017 06:01 AM
ආණ්ඩුවේ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකරන නිසයි රටේ මේ වගේ ප්‍රශ්න වැඩිවෙන්නේ. ඔය අටවාගෙන ඉන්න දුෂණ විරෝධී එකේ සභාපතිවරයා තමයි පහුගිය කාලේ රටේ භීෂණයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙකු බේරගන්න මුලිකවම ක්‍රියා කලේ. ඉතින් මොවුන් තමයි රටේ දූෂණවලට විරුද්ධව කටින් බතල හිටවන්නේ. අනේ මගේ කට. පහුගිය ආණ්ඩුව කාලේ රට කරපු සහ ඔවුන්ට සම්බන්ධ අය රටේ සම්පත්වලට වග කිව්වා. කිසි නීතිමය පියවරක් අද වෙනකන් නැහැ. කිව්වා වගේම රටේ ජනපතිවරයා පත්වුණෙත් බහුතර එ.ජා.පෙ. ඡන්දවලින් නිසා, ආණ්ඩුවේ බලගතුම පුද්ගලයා වෙන්නේ අගමැතිවරයායි. චෝදනා ලබා සිටිනා ආර්.කේ. අගමැතිවරයාගේ සමීපතයෙක් නිසා, කවුරු මොනවා කිව්වත් වැඩක් වෙන එකක් නැහැ. අනෙක ඔය භාණ්ඩාගාර චූදිතයින්ට ප්‍රශ්නයක් වෙන විදිහේ තත්වයක් උදාවුණොත්, එය තමන්ගේ අනෙකුත් සමීප හිතවතුන්ට වගේම සහ තමන්ටත් තදින්ම බලපාන බව අගමැතිවරයා දන්නවා. එනිසා, ජේ.ආර්.ගේ බෑණනුවන් අවශ්‍ය දේවල් ඉතා සුක්ෂමව කරයි.
lanka Saturday, 05 August 2017 06:16 AM
ජනාධිපතිතුමා කිව්වනේ තරාතිරම නොබලා වැරදි කරන අයට දඬුවම් දෙනවා කියලා. රවීට අස්වෙන්න කියලා දන්වල තිබේනම් එයා අයින් වෙලා යන්න ඕනෑ. රටේ ඉන්න ලොකුම හොරෙක් ආණ්ඩුවෙන් ඉවත් කිරීම ඉතිහාස ගත සිද්ධියක් වේවි. එතකොට කෝ අගමැතිතුමා? මිනිස්සුත් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා..
කරුණාපාල Saturday, 05 August 2017 06:22 AM
අර මඩු වලිගය දැන් පාවිච්චි කරන්නේ නැද්ද ජනාධිපතිතුමනි?
rohana Saturday, 05 August 2017 06:26 AM
අවසානයේ රනිල් රවී බේරාගනී. ජනාධිපතිතුමාට රනිල් ඉක්මවා යා හැකිද? රාජ්‍ය දේපල කොල්ලකෑම නවතින්නේ කවද්ද?
SAMAN-JAPANSunday, 06 August 2017 06:53 AM
අනේ රෝහණ බය වෙන්න එපා එහෙම දෙයක් වෙන්නේ නැහැ.
Nishantha Saturday, 05 August 2017 06:36 AM
විමල් මාස 3ක් රිමාන්ඩ් කළේ මොනවා ඔප්පු වෙලාද? බැසිල් රිමාන්ඩ් කළේ මොනවා ඔප්පු වෙලාද? රවීට නීතිය වෙනස්ද? එයත් රිමාන්ඩ් කළ යුතුයි නේද?
බද්රානිSaturday, 05 August 2017 08:14 AM
නිශාන්ත මහත්තයා පොළේ ගියාට කමක් නැහැ. එ්ත්, කුණුවෙච්ච එළවලු ගෙදර ගේන්න එපා. කුස්සියත් එක්ක ගඳ ගහයි.
tony-maharagamaSaturday, 05 August 2017 09:15 AM
නිශාන්ත කිව්වා වගේම විමල්, බැසිල් සහ අනෙකුත් සියලු දෙනාම... බොහොම අහිංසක වගේම උත්පත්තියෙන්ම කෝටිපතියෝ.
indikaSunday, 06 August 2017 09:03 AM
කියන දේ තේරුම් ගන්න. ඒකාබද්ධ විපක්ෂේ නම් නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. මේ ගොල්ලන්ට කෝ? සී.අයි.ඩී, එෆ්.සී.අයි.ඩී නිදිද?
antan Saturday, 05 August 2017 06:43 AM
ජනාදිපතිතුමා මෙවැනි කතාවක් කියල නැහැ...
sahanSunday, 06 August 2017 07:12 AM
මොන වගේ කතාවක්ද කියලා නැත්තේ? මොන වගේ කතාවක්ද කියලා තියෙන්නේ? පැහැදිලි මදි.
wasantha Saturday, 05 August 2017 08:20 AM
ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දැඩි දඬුවම් දිය යුතුයි. රවී ගෙදර යවා එජාපය බේරා ගනිමු.
chandana Saturday, 05 August 2017 10:30 AM
තර්ක දෙකක් නැහැ. නිසි දඬුවම් දිය යුතු වෙනවා. රවී මහතා රටට ආදරයක් නැහැ. එ්ත් හැමෝටම දැන් අමතක වෙලා රාජපක්ෂවරු කරපු දේවල්. ඒවාට දඬුවම් නොදීමේ ඵලවිපාක ලබෙයි ඉදිරියට. දඬුවම් දුන්නම කියයි පළිගන්නවා කියලා.
rohan Saturday, 05 August 2017 12:16 PM
මල්වානේ මාළිගාව අහසින් වැටුණු එකක් ලෙස ඔවුන් සලකන්නේ ද? ඩේසි ආච්චිට නම නොදන්නා මුදලාලි කෙනකු මැණික් මල්ලක් ගෙනත් දුන්නා යැයි කියා ඔබ විශ්වාස කරන්නේද? ඇලන් මැතිණියාරාමයේ පෙරහැරකට ගෙන ආ අලි පැටවකු ඇත්ගොව්වාට අමතක වී එහි දමා ගිය බව ඔබ පිළිගන්නේ ද? යන මේ සරල ප්‍රශ්න තුනට පිළිතුරු දීමෙන් අනතුරුව ඔවුන් විදේශ ඇමැතිවරයාගේ සාක්ෂිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් යහපත්ය. දූෂණයට, වංචාවට, නාස්තියට එරෙහිව ස්ථාවර ප්‍රතිපත්තියක් යමෙකුට පැවැතීම අතිශයින්ම වැදගත්ය. එසේ නැතුව තමන්ට වාසිදායක තත්ත්වයන්හිදී පමණක් ඒ ගැන කථා කිරීම තක්කඩි කමකට වඩා වැඩි දෙයක් නොවේ.
janatha anura Sunday, 06 August 2017 02:41 AM
ඔබට දැන් සතුටු බව අවංකව ඔබ පිළිගන්නේද? වසර 20ක් පමණ තමන්ගේ දු දරුවන්ටද බලපාන ලෙස කරන ලද මෙම වංචාව අවංකව ඔබ පිළිගන්නේ ද? පාරම්පරික දේශපාලනය නිවැරදි නොවන බව අද ඔබ පිළිගන්නේද? සියලු දේශපාලකයන් ඔබගේ පොකට්ටුවට ගසා ඇති බව ඔබ පිළිගන්නේ ද?
චන්දා Saturday, 05 August 2017 12:38 PM
හරි හමන් නීතියක් සාධාරණත්වයක් රටේ තියෙනවා නම් මේවා මෙච්චර දුරට ඇදී ඇදී කල් මරමර ඉඳීද? රට කුණුවෙච්ච අඹ ගෙඩියක් වගේ දැන්.
raheem, Saturday, 05 August 2017 01:55 PM
මම දන්නේ නැහැ. මට කිව්වේ නැහැ. මම ගෙදර ගිහින් නිදාගන්නවා විතරයි. මම මොනවත් දන්නෑ.
jayantha Saturday, 05 August 2017 02:51 PM
මම උදේ 7 ඉඳලා රාත්‍රී 11 වෙනකම් රට වෙනුවෙන් වැඩ කරලා ගෙදර යන්නේ නිදා ගන්න විතරයි. මට කමක් නැහැ මගේ ගෙදර කුලිය කව්රු ගෙව්වත්. කොහොමද මගේ රට වෙනුවෙන් තියෙන කැක්කුම.... ?
Ranjith Silva Saturday, 05 August 2017 04:05 PM
රනිල් මහත්තයත් එක්ක හමුබවුණු එක රටේ වාසනාවක්.
janatha anura Sunday, 06 August 2017 02:35 AM
හංසයෝ නම් ඔඋන්ගේ පොකට් එකට ගැහුවට දැනෙන්නේ නැහැ තේරුමක් නැහැ නමුත් නියම අලින් එය දන්නවා එරෙහි වෙනවා
janatha anura Sunday, 06 August 2017 02:45 AM
කොමිසම පත් කළේ ජනපති මිසක් අගමැති නොවේ. ඔහු කිසි විටකත් එය නොකරාවි. රවී ඔහුගේ මිතුරාවන ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක නිසා ජනතාවට සාධාරණයක් වේවි !!!
PA-RA Sunday, 06 August 2017 03:19 AM
මේ ආණ්ඩුව සාධාරණ, යුක්තිසහගත, යහපාලන, රාජ්‍ය පාලනයක් නම්, වහාම ආර්.කේ. අත්අඩංගුවට ගෙන, ඔහුගේ වත්කම් වහාම සොයා බලා එදා සිටම මුදල් ඉපැයූයේ කෙසේදැයි කියා සොයාබැලිය යුතුයි. අනුන්ට සොරුන් යැයි කියා තමන් කල සොරකම් මහජනතාව කතාකරනු අප නිතර අසා ඇත. සීදූවේ සහ ඒකල ග්ලෝබල් සිටි, ග්ලෝබල් පාර්ක්, මොවුන්ගේ අදායම් මේවා අරම්භ කලේ කෙසේද? ලංකාවේ මැති ඇමැති වරුන් පගා නොගැසුවානම් අද ලංකාව කියන රට ලොව පොහොසත් රටක් බවට ලොව වැජඹෙනු ඇත. අපි බලාපොරොත්තු වන්නේ, පාරේ බසයේ ගමන් කර බොරු ආරක්ෂකයින් නැතිව මහජනතාව සමඟ ගැවසෙන නායකයින්ය.
sahanSunday, 06 August 2017 07:11 AM
මේ කතාව හරියට හරි. මෙයාගේ තව යහළුවෙක් තමයි සලාකා කැසිනෝ එක අයිති පුද්ගලයා. එයා තමයි ඉස්සර එස්.බී.ලා වගේ අයටත් ගෙවල් හදන්න මිල්යන ගණන් දුන්නා කිව්වේ.
Ajith washington Sunday, 06 August 2017 03:33 AM
රවී අයින් වෙන්න ඕනේ කියන්නේ බුද්ධි හීන අයයි. ගරු රවී ඇමැතිතුමා තමයි වැටී තිබුණු ආර්ථිකය ගොඩගත්තේ. ඒ ගැන එතුමාට ප්‍රශංසා කරනවා. එතුමාගේ බුද්ධියෙන් වැඩගත යුතුයි.
sahanSunday, 06 August 2017 07:08 AM
වැටී තිබුණු ආර්ථිකය ගොඩ ගන්න කරපු දේවල් ලිස්ට් එක කියනවද අපිටත් දැනගන්න.
indikaSunday, 06 August 2017 09:04 AM
ඔව්, තව ටික කලක් හිටියා නම්, ලංකාවේ ආර්ථිකේ ගොඩ දාලා, සිංගප්පුරුවේ අර්ථිකයත් ගොඩදාලා තමයි නවතින්නේ !!!
rohana Sunday, 06 August 2017 04:27 AM
අලුතින් නීති සම්පාදනය කර මේ රජයට අයත් දේපළ මංකොල්ලකෑම නවතන්න' අනේ මේ මිනිස්සුන්ගේ තණ්හාවේ සීමාවක් නැද්ද? අවුරුදු 50 ක් 60 ක් ජීවත් වෙන්න මාලිගාවල් ඕනෑද? අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසවක්....
Bandusena Sunday, 06 August 2017 10:10 AM
හැබැයි රවී කරුණානායක උපදෙස්දීල අලුත් දේශීය අදායම් පනත හදල තියෙන්නේ අපෙන් උපරිම විදියට බදු ගහන්න. පවුලටයි, දූලටයි සැපෙන් ඉන්න අපිටම දෙන්න වගෙයි හදන්නේ.
indra Sunday, 06 August 2017 11:33 AM
ඔබතුමා බලයට එන්න ජනතාවට දුන්න පොරොන්දු මතක නම් මේ තීරණය ගත යුතුයි.
kumar (galf) Sunday, 06 August 2017 11:50 AM
මේ ගොල්ලොනම් දුම්මල ගහලවත් යන්නේ නෑ වගෙයි.
Nuwan Sunday, 06 August 2017 12:45 PM
මගේ තාත්ත කල වැරදි මොනවද කියල රවී මහත්මයාගේ දුව අහනවා අන්න.
raveendraSunday, 06 August 2017 01:27 PM
ඔය ළමයාගේ තාත්තා මේ දවස්වල නානතුවාය විතරක් ඇඳගෙන ඔළුවෙන් හිටගෙන ඉන්නවා. මොකද මේ දරුවාගේ තාත්තට අමතක වෙන ලෙඩේ හැදිලා. හිරගෙයි ඉඳන් බත් කනකොට ඕක ඇරිලා යාවි. ඉතින් ඒ ගැන දුක්වෙන්න එපා. මොකද මහජන මුදල්නේ හොරකම් කරලා තියෙන්නේ...
de silva Sunday, 06 August 2017 06:19 PM
පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ දේශපාලකයෝ එකම පැලැන්තියක් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කරන්නේ මහජන මුදල් සුරකන එක.. ඔවුන් බොරුවට එකිනෙකට විරුද්ධව පාර්ලිමේන්තුවේදී බැන ගත්තට, ඔවුන් කරන්නේ අපිව රවට්ටන්න බොරු රඟ පෑමක් පමණි. හොඳම උදාහරණය ලොකු ප්‍රසිධියක් දීල යෝෂිත, බැසිල්, විමල් වැනි මහත්වරුන් රිමාන්ඩ් කළාට ඔවුන්ගේ නඩු ගැන දැන් කවුරුවත් කතා කරන්නේ නැත. තව අවුරුදු කිහිපයකින් හැමෝටම මේවා අමතක වුණාම, නඩුව නිකම්ම විසිකර දමනු ලැබේ.
Reks Monday, 07 August 2017 03:00 AM
මේක මාර විහිළුවක්!!! හොරාගෙන් ඉල්ලනවා ඉල්ලා අස්වෙන්න කියලා... ජනාධිපතිතුමාට මොකද බැරි ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව කැබිනට් ඇමැතිකම තාවකාලිකව පවරාගන්න?
isuru Tuesday, 08 August 2017 10:45 AM
නෝනා ගේ ගත්ත කියල දන්නේ නැති කෙනා ජනාධිපති ගේ මේ කතාව කොහොමවත් දෙන ගන්න එකක් නෑ