IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අයියයි මල්ලියි මහ පෙත්සමට අත්සන් කරන්න ගිහින්

රණවිරුවන්  සුරකිමේ  දස ලක්ෂයේ  පෙත්සමට  මහින්ද රාජපක්ෂ හිටපු  ජනපති ද ඔහුගේ  සොයුරු  හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ ද කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී  අද (08) අත්සන්  කළහ.

මෙම පෙත්සම ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේනට බාර  දීමට  නියමිතය.

IMG_0988 IMG_1046 IMG_1111 IMG_1115 IMG_1118

ඡායාරූප - ලහිරු හර්ෂණ

web_gota_20162834

ඡායාරූපය - ඒඑෆ්පී

 



අදහස් (0)

අයියයි මල්ලියි මහ පෙත්සමට අත්සන් කරන්න ගිහින්

ලසන්ත Monday, 08 February 2016 10:27 AM

චන්දන ඕස්ට්‍රේලියාවේ ඉදල කියන්නේ එල්ටීටීඊ කාරයින්ව මරපු හමුදාව හිරේට යවන්න කියලා මහත්තයෝ මට පෙන්නේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 10:29 AM

ඉස්සර මේ වගේ නිදහසේ පෙත්සමක්වත් අත්සන් කරන්න පුළුවන් කමක් තිබුණාද?අත්සන් කරලා එද්දී දඩ බල්ලෝ පස්සෙන් ඇවිත් වාහනය අනතුරට පත් කරලා හෝ සුදු වැන් එවල විනාශම කරලා දානවා. ඒ අතින් දැන් මොන තරම් සුන්දරද? (බ)

:       0       0

සත්‍යපාල Monday, 08 February 2016 10:23 AM

කාලයක් මේ රටේ මිනිස්සු වාහනයක ටයර් එකක් පිපිරුවත් පන ගැහි ගැහි හිස් ලු ලු අතේ දිව්වා. එක කටකතාවකට පාසලේ ගේට්ටුව ළඟට ඇදිවත පිටින් දුවල ළමයි අරන් ගෙදර දිවුවේ පණ එපා කියල. ඊට ටික කලකට පෙර ටයර් සෑයවල දහස් ගණන් තරුණයෝ පිළිස්සුනා. එන්න ඒ කාලයේ හිටපු නායකයෝ දැන් අයෙත් බලය අරන් නැවත වීරයෝ වෙලා . ඒ කාලේ පන ගැහි ගැහි දුවපු ඡන්දදායකයෝ දැන් රා බීපු මීයෝ වගේ විරයෝවෙලා මහින්දට ගෝඨාභයට අභියෝගත් කරනවා. මේවා දැකල හිනාත් යනවා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 10:25 AM

5 වැනි ෆොටෝ එක දැක්කම දුකත් හිතෙනවා.රණවිරුවන් ඉස්සරහට දාල වෙනත් අය නිදහස් වෙන්න හදනවා.මිනිසුනේ හසු වෙන්න එපා.(බ)

:       0       0

තිලකරත්න Tuesday, 09 February 2016 03:37 AM

අයියා මල්ලි වාගේ අයියා මල්ලී... (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 10:27 AM

දෙවියනේ කියල අපේ ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකා හෙට අනිද්දා මන්ත්‍රී කෙනෙක් වෙලා,ඉන් පස්සේ ඇමති කෙනෙක් වුන දවසට මගේ සිහිනය සාර්ථකව නිම වෙනවා. එ්ත් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාපු කම්බා හොරුන්ට නම් සැප පහසු නින්දක් ලැබෙන්නේ නැහැ. (බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 09 February 2016 03:39 AM

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටයි ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටයි තිබුනේත් අනික් අය වගේ යුද්ධය විකුණාගෙන කන්න. යුද්ධය නිමකරලා අහන බැනුම් පෙනෙනවද? ගුණමකුවන් ඉන්න රටක අනාගතයේ එන්න ඉන්න නායකයින්ට හොඳ පාඩම්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 10:37 AM

ත්‍රස්තවාදින්ට අවි නැව් පිටින් එවපු ත්‍රස්ත නායකයන්ට, හෙලිකොප්ටර් දුන්න/බුදු සැප දුන්න,ඇමතිකම් දුන්නු යුගය ජනවාරි 8 වෙනිදා අපි අවසන් කළා (බ)

:       0       0

අසංග Monday, 08 February 2016 10:38 AM

සිව්පාවොත් මෙතුමන්ලට ගරුකරනවා. (බ)

:       0       0

යොවිදු Monday, 08 February 2016 10:41 AM

ඉතිහාසයේ ඉදන්ම සිදු වූයේ රට දියුණුවේගෙන එනවිට විදේශීය කුමන්ත්‍රණවලට හසු වී රට විනාශ වීමය. නැත්නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන්දිනයේ පිරිතට කරඩුව වැඩම වූයේ මෛත්‍රීපාල මහතාගේ හිසේ තබා ගෙනය. දැන් ජන්මාන්තර වෛරකාරයන් වී ඇත්තේ වෙන හේතුවක්‌ නිසා නොව මොවුන් විදේශීය කුමන්ත්‍රණවලට හසු වී ඇති නිසාය (බ)

:       0       0

නිශාන්ත Tuesday, 09 February 2016 03:55 AM

මේ දේවල් උපුල් දන්නේ කොහොමද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 February 2016 03:52 AM

භද්‍රානි, සරත් ෆොන්සේකා මහත්මයාගේ ජීවිතයෙන් ශ්‍රී ලාංකික සමාජය ඉගෙනගත යුතු පාඩම් බොහොමයි. මුළු ලංකාවම ආදරය කළ සමහරු මෙතුමාගෙන් මහා දරුණු විදිහට පළිගත්තා. රණවිරුවෙකුගේ විශ්‍රාම වැටුපත් අහිමි කළාටත් වැඩිය තව පළිගැනීමක් තියනවද? ඒ පළිගැනීම් හමුවේ ජනතාව ඔවුනට ආදරය කරනවා වෙනුවට ශාප කරන්න පටන් ගත්තා. මෙතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය කොතරම් නම් ඉල්ලීම් කළාද? බලයෙන් වල්මත්වූවන්ට ඒ කිසිවක් වැටහුනේ නැහැ. අද යම් කෙනෙකුට කිසියම් ව්‍යසනයක් සිදුවී ඇත්නම් ඒ කිසිවක් නිසා නොව මේ ෆොන්සේකා මහත්මයාට කළ අපරාධයේ ප්‍රතිඵලයි. එදා ඒ පළිගැනීම් අසීරුවෙන් විදදරාගත් ලාංකික සමාජය අද එයට හුරුවී හමාරයි. දේශපාලනය මොකක් වුවත් ලෝක යථාර්ථය හා ධර්මතාව මෙයයි. දේශපාලනය පසෙක තබා ධර්මය තේරුම් ගැනීමට උත්සහ කරමු (නි)

:       0       0

ලලිත් සිල්වා Tuesday, 09 February 2016 04:00 AM

චන්දන ඕස්ට්‍රේලියා, මට ඔබේ අදහස සහ ප්‍රශ්නය තේරුණා. (නි)

:       0       0

ආනන්ද ආර් Monday, 08 February 2016 03:52 PM

මේ පහලම පින්තුරයේ ඉන්න කණාටු වූ බල්ලා සංකේතවත් කරන්නේ කුමක්දැයි වැටහේද?(කෞ)

:       0       0

ගොඩ්ෆ්‍රී Monday, 08 February 2016 03:53 PM

ලංකාදීපයට පිංසිද්ද වෙන්න රටේ ඇතිවන දේ අපට මාධ්ය මගින් දැනගන්න සලසනවා වගේම, යහපාලනයට පිංසිද්ද වෙන්න ඒ ඒ ලිපි වලට ලියන අපගේ අදහස් පලවීම රටේක ඇති නිදහස බව සිතනි. ඉස්සර අපගේ අදහස් මෙසේ පලකලේනම්, ඔවුන්ගේ පවුල් පිටින්හෝ ඔහුව, කපා කොටා ලිනුමිරිස් කර පොලවයට ආරක්ෂවට තබන බව, සියලම අදහස් පළකරන්නන් ගේ මතකය නැවත අලුත් කරගත හොත් හොදය.(කෞ)

:       0       0

පාලිත පෙරේරා Tuesday, 09 February 2016 04:15 AM

ප්‍රධාන රණවිරුවා කිව්වේ සුදු කොඩි කාරය ද ? ඇත්තටම වැරදියි . නමුත් අද බුරුතු පිටින්ම දාන්නේ ඡන්ද පොරොන්දු ඉෂ්ඨ කරන්න. (බ)

:       0       0

රෙක්ස් Monday, 08 February 2016 04:10 PM

මේ දෙන්නට වැඩිකල් එලියේ ඉන්න බෙරිවෙයි ගහල තියෙන ගෙහිලිවලට එක නිසි මේ බොරුදෙවල් කරන්නේ(කෞ)

:       0       0

මලිත් Thursday, 11 February 2016 05:04 PM

මේ රටේ කළගුණ අමතකවන කුහක මිනිසුන් වෙනුවෙන් යුද්ධය අවසන් කළ මහින්දයි වැරදි. (නි)

:       0       0

පියල්-ලන්ඩන් Tuesday, 09 February 2016 04:27 AM

රණවිරුවන්ට දක්ෂ ලෙස සහ උපක්‍රමශීලීව සටන් කිරීමට නායකත්වය දුන් එඩිතර ගෝඨාභය මැතිදුන්ට අපගේ ප්‍රණාමය. කිසිදිනක් දිනන්න බැහැ කියපු යුද්දය දිනෙව්වා. ඔබල නිසා අද අපි හිස කෙලින් තියාගෙන පිටරවල පවා ජීවත් වෙනවා.(ම)

:       0       0

විද්‍යා Monday, 08 February 2016 04:21 PM

මහින්ද මහත්තයෝ කුරුණෑගල ඇවිත් ඔය කට්ටියත් එක්ක අපේ ගොයම් ටික කපල දෙන්න. රටට වැඩක් කරන්න . හාමුදුරුවරුන්ට වෙන වැඩක් නැතිනම් . අපේ ගම්වල වැසීගෙන යන පන්සල් ටික ආරක්ෂා කරලා දෙන්න .(කෞ)

:       0       0

සරත් Monday, 08 February 2016 11:03 AM

කොච්චර හැගීම් බර අවස්ථාවක්ද?(හේ)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 09 February 2016 04:37 AM

අපි මොනවා ලිව්වත්, මේ වනවිට ලංකාවේ බොහෝ දෙනා බලාගෙන ඉන්නේ පළාත් පාලන ජන්දය එනකම්. මේවා දන්නා නිසා තමයි ජන්දය කල් දාන්නේ. (ම)

:       0       0

විදුවර Monday, 08 February 2016 04:45 PM

මට හිතෙන්නේ අපි බෙදිලා මහින්ද වාදීන් සහ විරුද්ද වාදීන් කියල. කවදද අපි එක විදිහට හිතන්නේ තව සැහෙන කලක්. (අ)

:       0       0

මහින්ද සෞදි Monday, 08 February 2016 04:50 PM

කඩේ ගිහින් පළපුරුදු ඩුබායි කෙනෙකුත් ඉන්නේ... (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 08 February 2016 11:23 AM

මොකද අන්තිම පින්තුරේ බල්ලෙක් ඉන්නේ..අද මහරජතුමා සහ යුව රජතුමලටත් ..රජ කුමාරවරුන්ටත් අත්වෙලා තියෙන ඉරණම සංකේතවත් කරන්න ද? අද සෙට් එකම බලු වෙලා නේද? (අ)

:       0       0

මහින්ද සෞදි Monday, 08 February 2016 04:54 PM

රට බේරාගත් නායකයෝ ඔබයි. ජයවේවා! බල්ලන් බිරුවට කඳු පහත් වෙන්නේ නැත. (නි)

:       0       0

නොයෙල් Monday, 08 February 2016 05:05 PM

සිංහලයින්ට කොහොමත් ඉක්මණින් මුල අමතක වෙනවනේ (නි)

:       0       0

ශිරන්ති Monday, 08 February 2016 04:59 PM

රණවිරුවෝ දැන් කාණු සුද්ද කරන්නේ නැහැ. එළවළු විකුණන්නේ නැහැ (නි)

:       0       0

මහින්ද සෞදි Monday, 08 February 2016 04:59 PM

රෙක්ස්, පළමුව සිංහල හෝඩිය ඉගෙනගන්න. (නි)

:       0       0

නීල් - ෂාජා Tuesday, 09 February 2016 04:52 AM

දැනට වසරකට ඉස්සෙල්ල ලංකාව දකුණු ආසියාවේ ශිඝ්‍රයෙන් වර්ධනය වුණ ආර්ථිකය. එයට බයවුණු සතුරු රටවල් අපේ රටේ ඉන්න ද්‍රෝහියෝ සෙට් එක සමඟ එකතුවෙලා අපිව නැවත කොන්ද පන නැති රටක් කළා. (ම)

:       0       0

ආනන්ද ආර් Monday, 08 February 2016 05:16 PM

බලය තිබෙනකොට ලෝවැඩ සඟරාව, ධම්මපදය, පන්සිය පනස් ජාතකය වගේ පොතපතවත් කියවලා තිබුනා නම් අද මෙහෙම දඟලන්න වෙන්නේ නැහැ (නි)

:       0       0

මහින්ද සෞදි Monday, 08 February 2016 05:10 PM

ආනන්ද දොඩන්ගොඩ, පැරිස් ගිහිල්ලත් කඩේ යාම නැවැත්තුවේ නැද්ද? (නි)

:       0       0

එඩී Monday, 08 February 2016 05:21 PM

බොහොම හොඳයි (නි)

:       0       0

මෂූඩ් Monday, 08 February 2016 05:17 PM

අර විදෙස් බලවේග වලට සම්බන්ධ එක්කෙනා මෙතන නැත්තේ මොකද? (නි)

:       0       0

සාගරන් Monday, 08 February 2016 05:17 PM

ඕක අත්සන්කළා කියලා අපි මොනවා කරන්නද බාහිර ලෝකයට..? ඇමෙරිකාවට අපේ රණවිරුවෝ අල්ලගන්න ඕනෑ නම් ඒ අය එනවා. අල්ලාගෙන යනවා. එච්චරයි. ඔය අත්සන් ඒ අයට වැදගත් නැහැ. (නි)

:       0       0

සජිත් Tuesday, 09 February 2016 05:07 AM

දරුවන්ට තියෙන ආදරය නිසා මව වෙන බස් රථයක සහ පියා තව බස් එකක ගිය යුගය අවසන් කල රණ විරුවා සදා අමරණීයයි. ගම්වල උපන් දක්ෂ කොල්ලෝ නිසා අද නගර වල ඉන්න මිනිස්සු සාමය බුක්ති විඳිනවා. (රේ)

:       0       0

ගයාන් Monday, 08 February 2016 11:24 AM

හරි හරි එතකොට එක දවසක්වත් යුද්දෙට නොගිය යෝෂිත රණවිරැවා! යුද්ධය මෙහෙයවපු ෆොන්සේකා ද්‍රෝහියා. කිරිඅප්පට බල්ලෝ බුරපි. (අ)

:       0       0

පෙරේරා Monday, 08 February 2016 05:50 PM

මෙයාලගේ පැවැත්මට මිනිස්සු මුලාකිරීමේ වැඩපිළිවෙල තවමත් එසේමයි. (නි)

:       0       0

ලොකුලියන Monday, 08 February 2016 05:59 PM

ඔබ දෙදෙනා අපිට ශක්තියක් (නි)

:       0       0

උපාලි Tuesday, 09 February 2016 05:19 AM

ලලිත් සිල්වා, ඔබ යු ටුයුබ් දේශපාලනයක් කතාකරන බව පේනවා. ඔබට දෙන්න තියන මගේ පිළිතුර උපුල් ලස්සනට මෙතන ලියලා තියනවා. එය කියවලා බලන්න (නි)

:       0       0

ලුම්බිණි Monday, 08 February 2016 11:26 AM

හැම එකටම විදේශ කුමන්ත්‍රණ (අ)

:       0       0

ක්‍රිස්ටෝපර් Monday, 08 February 2016 11:38 AM

දැන් එයාල එක්ක තමයි ඉන්න වෙලා තියෙන්නේ නේද ? අනේ පව්? (බ)

:       0       0

ප්‍රකාශ් Monday, 08 February 2016 11:40 AM

නිවට ද්‍රෝහීන්ට මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගත් යුග පුරුෂයන් සහ රණවිරුවන්ව අමතක වුණාට රටට ආදරය කරන කෙලෙහි ගුණ දත් සියලු දෙනා මේ යුග පුරුෂයන් සහ රණ විරුවන් සමග ඉන්නවා. (අ)

:       0       0

සාගර Monday, 08 February 2016 11:40 AM

ගොඩක් පිරිසක් අදහස් පල කරන්නේ අඩු තරමේ මෙයාගේ කතාව වත් අහන්නේ නැතිව... ඔය කියන තරමට හොරකම් කරලා තියෙනවා නම් මෙයලටත් පුළුවනි නේ මිතුරු රටකට ගිහින් හොරකම් කරපු සල්ලි වියදම් කරලා සැනසීමේ ඉන්න...ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදිලා වගේ..යුද්දයක් තිබුණු බවක් මතක වත් නැහැ.. ත්‍රස්තවාදීන් දැන් හදුන්වන්නේ දෙමල සිරකරුවෝ විදිහට නැත්නම් දේශපාලන සිරකරුවෝ විදිහට.. කොළඹ බෝම්බ දාපු කොටින්ව මරල දාපු එකද අපේ හමුදාව කරපු වරද? එකට දඩුවම් දෙන්නද ඔය කියන කුමාරයෝ ලංකවට එන්නේ.. එකට ඉඩ දෙන්න ඕන කියලද සමහරු මෙතන අදහස් දාන්නේ? එහෙම අදහස් දාන අය මව් කිරි බීලද හැදුනේ? රට ජාතිය බෙර ගත්ත මේ මිනිස්සු දෙන්න නොවෙන්න අපිට යාපනේ කියන්නේ ඉතිහාස පාඩමක් විතක් වෙන්න තිබුන... ඔයගොල්ලෝ තව අවුරුදු 10ක් 15ක් යද්දී මේක තේරුම් ගන්න එක අනිවාර්යි ..එත් එතකොට පරක්කු වැඩි...එදාට අපරාදේ අපි මෙහෙම කලේ කියන්න වෙයි. (අ)

:       0       0

සුරනිමල Monday, 08 February 2016 06:05 PM

සත්‍යපාල , ඩුබායි තිලක්ට අපි අනුකම්පා කරමු. මෙයාගේ රෝගී තත්වයට අනුකම්පා කරමු (නි)

:       0       0

සමීර Monday, 08 February 2016 11:49 AM

ඔය සුරක්ෂිත කරන්න ඕනි කියන රණ විරුවන්ගේ නම් ටික දෙන්න බැරිද? දන්න විදිහට නම් කිසිම රණ විරුවෙකුගේ සුරක්ෂිතභාවය නැති වෙලා නැහැ (අ)

:       0       0

සරත් Monday, 08 February 2016 11:53 AM

ඔබ තුමන්ලාට ගහන්න මඩ මදිලු ඒ නිසා ඉන්දියාවෙන් ගෙන්න යනවලු (අ)

:       0       0

අංගොඩ ලාල් Monday, 08 February 2016 06:35 PM

ෆොන්සේකා කියන නියම රණවිරුවා කිසිම චෝදනාවක් නැතුව කුදලාගෙන ගිහින් හිරේට දාපු දවස්වල මෙහෙම වෙන්න වෙයි කියලා කීයටවත් හිතන්න නැතුව ඇති. (නි)

:       0       0

සේරම් පැරිස් Monday, 08 February 2016 06:46 PM

මේ කට්ටිය අත්සන් කරලා පුවත්පත් වලින් පින්තූර පෙන්නුවාට, කාටද ඕවා බාරදෙන්නේ? කවුද ඕවා බාරගන්නේ? (නි)

:       0       0

දහම් Monday, 08 February 2016 07:14 AM

සිරිසේන මහත්තයා ඕවා ගණන් ගන්නේ නැහැ. ඒ රූකඩේ කොටි ඩයස්පෝරාවට සහ ඇමෙරිකන් බලපෑමට අහුවෙලා ඉවරයි.(හේ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 07:08 AM

මහත්වරුනි රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වියයුතුයි. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, විපක්ෂ දේශපාලකයන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ටද වරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි. කිසිම කෙනෙකු කිසිම හේතුවක් නිසා නීතියට ඉහළින් නොසිටිය යුතුයි (හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 12:11 PM

ලුතිනන් යෝෂිත මොන යුද්දෙද කළේ? 77 සැරයක් රටනම් ගිහින් තියෙනවා. (බ)

:       0       0

අනිල් Monday, 08 February 2016 07:16 AM

දැන් අලුත් සෙල්ලමක් පටන් ගන්න හදන්නේ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 12:19 PM

ඉන්ද්‍රජිත්.ඔබේ කටේ මසුරන් දාන්න වටිනා කතාවක්. (බ)

:       0       0

සරත් Monday, 08 February 2016 07:18 AM

විදේස ගත අපිත් ආවානම් අපිත් අත්සන් කරන්නම්.(හේ)

:       0       0

මහේන්ද්‍ර Monday, 08 February 2016 07:13 AM

කාගෙන්ද ආරක්ෂාව ඕන. වැරදි කළාම ඔහොම තමයි. අනෙක තමන් දීපු අණ එහෙම නේද. (හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 08 February 2016 12:26 PM

දැන් ලෝකන්න්ගේ පාද ළඟ වැටෙන්නේ සත්තු වගෙයි (බ)

:       0       0

සරත් Monday, 08 February 2016 12:28 PM

ෆොන්සේකා විතරද, නාවික හමුදාපති ගුවන් හමුදාපති ඒගොල්ලෝ වීරයෝ නොවේද (බ)

:       0       0

අසාද් Monday, 08 February 2016 07:24 AM

දැන් යනවිදිහට රණවිරුවන් ආරක්ෂා වුනොත් තමයි ගොඩක් අය ආරක්ෂා වෙන්නේ.(හේ)

:       0       0

නිහාල් Monday, 08 February 2016 07:17 AM

රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි.(හේ)

:       0       0

චානක Monday, 08 February 2016 06:54 PM

සමහර අදහස් ගැන දුකයි.... (නි)

:       0       0

බමුණු Monday, 08 February 2016 07:20 AM

මේ අයිය මල්ලිලා තමයි රට අපට බේරා දුන්නේ අනික් අය ලැහැස්ති වුනේ කොටසක් දෙන්න. (බ)

:       0       0

ලලිත් සිල්වා Monday, 08 February 2016 12:26 PM

කවුරු මොන නමකින් ලිව්වත් , කොහොම අදහස් දැම්මත් , ෆොන්සේකා සබැ යුද විරුවෙකි ඒ ගැන විවාදයක නැහැ ,(කෞ)

:       0       0

ඉන්දු Monday, 08 February 2016 12:35 PM

චන්දනලට ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව තියෙන නිසා ලංකාවට මොකක් උනත් එයාලට ප්‍රශ්නයක් නැහැ.. එත් චන්දන මතක තියාගන්න ප්ලේන් එකෙන් බැහැල ගෙදරට යන්නවත් එයාෙර්පෝට් එකට යන්නවත් බැරි කාලයක් තිබුන බව. ඔබ හිතයි ඒවා පහුගිය දේවල් කියල.. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. (කෞ)

:       0       0

නාමල් Monday, 08 February 2016 07:26 AM

රණවිරුවන් හැමදාම විකුනන් කෑවා මගේ පියාත් රණවිරුවෙක් දෑනුත් තමුන්ගේ වාසිය තකා විකුනන් කනවා මහ විරුවව පෝරකේට දෑක්කුවේ කාලෙකට කලින් රණවිරුවන්ට ආදරේ නිසා වෙන්න ඈති (බ)

:       0       0

ජනක Monday, 08 February 2016 07:27 AM

මේක හොද වැඩක්. හැබයි ඇත්ත රණවිරුවෝ උතුරේ යුද්ධ කරද්දී, දකුණේ මැරකම්, හොරකම් කරපු හමුදාවේ කට්ටිය බේරගන්න දගලන්න එපා. (බ)

:       0       0

රත්නසිරි Monday, 08 February 2016 07:23 PM

මහින්දලා යුද්ධය වවාගෙන කෑවේ නැත. එසේ කළා නම් තවම යුද්ධය ඉවර නැත. හොරා කෑවා නම් තවම යුද්ධය ඉවර නැත. යුද්ධය වවාගෙන කෑවේ අනිත් අය. දැන් මහින්දලාට හොරු කියනවා. බොරු කියලා ඡන්දෙ ගත්තා. දැන් බොරු අතේ පත්තුවෙලා. (නි)

:       0       0

දිල්හාර Monday, 08 February 2016 12:41 PM

මෙතුමන්ලගේ නායකත්යව යටතේ අපට සාමය ලබාදුන් රණවිරුන්ව ආරක්ෂා කිරීම අපගේ පරම යුතුකමයි. (අ)

:       0       0

චන්දා Monday, 08 February 2016 07:45 PM

බොහෝ අදහස් ගැන දුකයි. කුහක බව දෝරේ ගලයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 09 February 2016 10:27 PM

චන්දන - ඕස්ට්‍රේලියා, සිංහල බෞද්ධ සියලු දෙනා ගුණමකුවෝ නොවෙයි. මෙතන ලියන මොහොමඩ්ට මහින්දව වටිනවා. එහෙත් සමහර සිංහලයින්ට වටින්නේ නැත. (නි)

:       0       0

දුමින්ද Monday, 08 February 2016 07:30 AM

සමහරුන්ට මේ රටේ යුද්දයක් තිබුනාද කියා අමතක වී ඇත (බ)

:       0       0

පියුමි Monday, 08 February 2016 12:51 PM

තමුන්ට අයිති නැති ඇෆ්ගනිස්ථානයේ ඉන්දගෙන ඇමරිකන් සොල්දාදුවෝ මගුල් ගෙවල්වල යන අසරණ මිනිස්සු පවා මරනවා. ඒ අයට ජාත්‍යන්තර උසාවි නැහැ. (අ)

:       0       0

ජනහිත Monday, 08 February 2016 07:49 PM

සාගර, ඔබේ කීම රත්‍රන්. මම අනෙක් ඒවා කියෙව්වේ නැහැ. අතීතය අමතක කළ අය ඉන්න රටක ඉපදුනේ මොන කරුමයකටද මන්දා? හුඟදෙනෙක් අපේ රට කනවා. ඔය විදේශවල ඉන්න තමන්ගේ අය වෙනුවෙන් දුක්වෙන අයට ලංකාවට එන්න කිවුවොත් ඒ අය එයිද? (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 07:39 AM

කාගෙන් මොකකින් ආරක්ෂා කරගන්නද කියල අපට පැහැදිලි කරනවද? (බ)

:       0       0

නොයෙල් Monday, 08 February 2016 07:58 PM

ඔබයි රටේ අනාගතය! (නි)

:       0       0

නිල්මිණි Monday, 08 February 2016 12:47 PM

ඉන්ද්‍රජිත්: බල්ලන්ටත් කාලගුණ දන්නවනේ. (අ)

:       0       0

ශාන් සෞදි Monday, 08 February 2016 07:40 AM

රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි.මෙය ජනාධිපතිතුමාට පමණක් නොව හුසේන් තුමාටත් පිටපතක් ලබා දෙන්න ලෝකය දෙමල ජනතාව ගැන පමණක් සොයා බලා තීන්දු තීරණ ගැනීම වලකාලීමට කටයුතු කළ යුතුය මන්ද උතුරු නැගෙනහිර ජීවත් උයේ දමිල ජනතාව පමණක් නොව සිංහල හා මුස්ලිම් ජනතාවද 1983 වසර වනතුරු ජීවත් උ බවත් කොටින්ගෙන් සිදු උ අනේකවිද හිංසා හා ගාතන නිසා ඔඋන් එම ප්‍රදෙස අතහැර වෙනත් පළාත් වලට ජීවිත ආරක්ෂාව පතා පිටමන් වූ බවද සියලුම ලෝකවාසීන් හොදින් අවබෝද කරගත යුතුය (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 08 February 2016 12:56 PM

හොර පොල් ලක්ෂයේ නාඩගම පිචන්ම වෙලා ඉවර වෙනකොට දැන් රණවිරුවන් ගැන දුකක් ඇති වෙලා අලුත් නාඩගමක් නටන්න පටන් අරගෙන.ඔය නටන්න හදන්නේ අලුත් පදයකට නටන නාඩගමක්.රණවිරුවනි රැවටෙන්න එපා. (අ)

:       0       0

මලිත් Monday, 08 February 2016 08:26 PM

ඒ කාලේ නොපෙනුන වැරදි දැන් පෙනිලා දඬුවම් දෙනවා. මේ කාලේ නොපෙනෙන වැරදි තව පක්ෂයක් ආවහම පේනවා. ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන බලය අනුව. එක්කෙනෙකුට තව නීතියක්, ඒ වැරැද්දම කරපු තව කෙනෙකුට තව නීතියක්. සමහරු පක්ෂය මාරුවුණාම වැරදිවලින් නිදහස්. අපිට වුණත් නඩුවක් වැටුනහම නීතිඥයාට පගාව කොච්චර නම් දෙන්න ඕනෑද? ඇත්ත කියන්න බය වෙන්න ඕනෑ නැහැ. ඇත්ත තිත්තයි. ඒත් ඇත්තයි. (නි)

:       0       0

ෆාහිම් Monday, 08 February 2016 12:49 PM

ඉන්දියාවට ඕන විදියට බටහිර රටවල් මේ රටට හිරිහැර කරනවා. ඒ අයට අප යුද්ධය දිනීම දරා ගන්න බැරුව ඉන්නේ. (අ)

:       0       0

වර්නන් Monday, 08 February 2016 07:47 AM

රණවිරුවන් රැක ගැනීම අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ, එය රටේ සියලුදෙනාම පිළිගත් කාරණයකි. (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 01:00 PM

කුමාර් (ගල්ෆ්).අද ඔය කලදසාව ලැබුවට ඉස්සර මෙයාලගේ "සුළග වැදිලා" ගිය අයත් ගොඩේ ගොඩ.අපේ පැත්තේම ඉන්නවා කිසිම උගත් කමකුත් නැතිව හන්දි ගානේ චර්ටර් වේවි හිටපු,රාජපක්ෂ "හුළඟ වැදිලා" සුපිරි නිවාසම 2-3 නික් ,කෝටි ගණන් වටිනා වාහන තියන් ඉන්න කෝටිප්‍රතියෝ වුණ පිරිසක්. (අ)

:       0       0

රවිදු Monday, 08 February 2016 07:45 AM

මේක රණවිරුවන් ගේ නම විකුණා නැතිවූ බලය නැවත ලබාගැනීමට උත්සහ කිරීම (හේ)

:       0       0

ජෝති Monday, 08 February 2016 12:56 PM

චන්දන, ගුවන්තොටුපලට කොටි ගහනවිට ඔයා හිටියේ ඔස්ට්‍රේලියාවේද? අපගේ වීරයන් බේරාගැනීම අපගේ යුතුකුමයි. (අ)

:       0       0

කපිල Monday, 08 February 2016 12:58 PM

ෆොන්සේකා මහතා තමයි කිව්වේ සුදු කොඩි කතාව. එතුමා දේශපාලනයෙන් අයින්වෙලා ගෙදර හිටියනම් එතුමන්ට මීට වැඩිය හොඳ ගරුසර. (අ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Monday, 08 February 2016 09:33 PM

චන්දන ඕස්ට්‍රේලියාව, ඔබ පොල් කටුවක් තුළද මෙපමණ කලක් ජීවත්වුණේ? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 08 February 2016 07:55 AM

පෙත්සම් අත්සන් කරන්න ඕන නැහැ. ලංකාවේ ප්‍රධාන පුරවැසියා විදියට ජනාධිපති දැනගන්න ඕන අපේ රට, අපේ සිංහල ජනතාව රැකුණේ කවුරු නිසාද කියන එක.(හේ)

:       0       0

සෙබස්තියන් Monday, 08 February 2016 07:57 AM

එතකොට යෝෂිත රණවිරුවෙක් ද ? එයා එක දවසක් යුද පෙරමුණට ගිහින් තියෙනවා ද ?? මහජන මුදල් කෝටි ගානක් නිරපරාදේ එයාට පුහුණු වෙන්න වියදම් කරලා.. වැඩි කාලයක් එයා හිටියේ පිටරටවල නේද (බ)

:       0       0

චමින්ද Monday, 08 February 2016 09:38 PM

ඔබතුමන්ලා රටට වාසනාවන්! (නි)

:       0       0

ටෙරන්ස් Monday, 08 February 2016 09:38 PM

අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි (නි)

:       0       0

හියුබට් තායිලන්තේ Monday, 08 February 2016 01:00 PM

තිලක් ඩුබායි: මේ රටේ රණ විරුවන්ට යුද්ධය දිනන්න අවශ්‍ය වෙලා තිබුනේ හරි නායකත්වය පමණයි. (අ)

:       0       0

කීර්ති-අබුඩාබි Monday, 08 February 2016 07:58 AM

ශාන් හොද කමෙන්ට් එකක් .....(බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 01:11 PM

ඉස්සර රණවිරුවන්ගේ කැප වීම නිසා තමයි අපිට රටක් ඉතිරි වුනේ.ඔවුන් ඒ වෙනුවෙන් ජීවිතය පුජා කලා.විශාල පිරිසක් සදා කාලිකව අසරණ වුන.එත් මේ රණවිරුවන් ඉදිරියට දාගෙන අසරණ මිනිසුන්ගේ මහජන මුදල් ගසා කාපු කම්බා හොරු නිදහස් වෙන්න ඉඩ දෙන්න එපා.(කෞ)

:       0       0

චානක Monday, 08 February 2016 09:54 PM

සමහර අදහස් දැක්කහම ඇත්තටම දුකයි මහින්ද මහතා යුද්ධය අවසන් කළ එක ගැන (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 09 February 2016 06:35 AM

යුද්ධය දිනන්න බැරිවුනේ හමුදාවේ බැරිකම නිසා නොව නිසි දේශපාලන නායකත්වයක් ගෙන එම තිරණය ක්‍රියාත්මක කරන්නට නොහැකියාව බව නොතේරුනාට රටේ දැනුමක් ඇති හැම දැනසිටි දෙයක්. විදේශ රටකින් එක දුරකථන ඇමතුමක් ලැබුන ගමන් සටන නවතා කදවුරට ගෙන්වපු දේශපාලකයෝ නිසා රටට වුන විනාශය අපමණයි. (ර)

:       0       0

රොක්සි Monday, 08 February 2016 10:05 PM

අපි වෙනුවෙන් පෙරට එන්න! (නි)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 10 February 2016 11:29 PM

ජයවේවා! (නි)

:       0       0

සුදමි ගමගේ Monday, 08 February 2016 01:06 PM

මෙය ඉතා අගනා කීුයාවක්.(කෞ)

:       0       0

ප්‍රනාන්දු Monday, 08 February 2016 09:58 PM

අදහස් දමා තිබෙන සුළු පිරිසක් "තද කළු සුද්දන් යැයි හැඟේ". (නි)

:       0       0

පද්මිණී Monday, 08 February 2016 07:57 AM

හැබැට දැන් රෝහිතත් රණවිරුවෙක්ලුනේ. (බ)

:       0       0

චන්ද්‍රපාල Monday, 08 February 2016 01:14 PM

කොපමණ දූෂිත වුණාත් කීවත් රාජපක්ෂලා රට දියුණු කළා. උතුර සහ නැගෙනහිරටත් හොඳ සංවර්ධනයක් ලබා දුන්නා. අනිත් ආපු දවසේ ඉඳල කියවනවා. පිටරට අයට ඕන විදියට ගේම් ගහනවා. (අ)

:       0       0

ශ්‍රීමාලි Monday, 08 February 2016 08:04 AM

අපි සැමදෙනාම රණවිරුවන් රැකගත යුතුයි . නමුත් රණවිරු නමට මුව වෙලා පාලකයන්ගේ හැම හොර මැර ජඩ කම් කළ කුලී හේවායන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි හා ඔවුන්ගේ හාමුපුතුන්ද දඩුවම් ලැබිය යුතුයි.(බ)

:       0       0

සලීම් Monday, 08 February 2016 10:23 PM

රටට හොඳක් වෙන ඕනෑම දෙයකට අපි සහය වෙනවා (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 08 February 2016 08:05 AM

ලක්ෂ දහයක් නෙමෙයි..මුළු ලංකාවේම මිනිස්සු ඕක අත්සන් කලත් ..හිටපු මහරජ ගේ පුත් කුමාරවරු සහ සහෝදරයෝ මහජන මුදල් ගසා කාපු බව ඉතාමත් පැහැදිලියි .. ඕක " දිට්ට දැම්ම වේදනී කර්ම " ... කරපු පව් මෙලොවදීම පල දීම ..... (අ)

:       0       0

ඉන්දික Monday, 08 February 2016 01:12 PM

දැන් ඉතින් කට්ටියට ඉතුරුවෙලා තියෙන්නේ එල්ලෙන්න ජාති වාදී හා ආගම වාදී වැලේ විතරයි , ඒකට දැන් හමුදාවත් ගාවගන්නවා ජනතාවගේ අනුකම්පාව ලබන්න. (අ)

:       0       0

උපාලි Monday, 08 February 2016 01:12 PM

දහම් මෝඩකම ගැන නම් කතා කරන්න එපා ඔයාගේ අදහස් දැක්කම මුළු ලංකාවම දන්නවා ඔයාගේ කෙරුවාව මේ දුෂිතයන්ට රෙදි නැතුව කඩේ යාම කියලා.එත් ඔය කියන මල්ලි උතුරේ සටන් අවිලෙනකොට පැදුරටත් නොකියා පැනල ගිය බයගුල්ලෙක්.නියම රණවිරුවෝ තමයි මේ ගොල්ල එකතුවෙලා හිරේට දැක්කුවේ.පස්සේ ඇවිල්ල පොත් ලියව ගත්තට.ඕක තමයි තිත්ත ඇත්ත(අ)

:       0       0

සුනිල් Monday, 08 February 2016 08:03 AM

දැන් කවුද කිව්වේ රණ විරුවන්ට සලකන්නේ නැහැ කියල? රණවිරුවන් ව නොසලකා ඉන්නේ කවුද? දැන් අධිකරණය ඉදිරියේ තියෙන්නේ රණවිරුවන්ට නොසලකන ප්‍රශ්නයක්ද? මේගොල්ලෝ බබ්බුද නැතිනම් අපිව බබ්බු කරන්න හදනවද? (අ)

:       0       0

සුසන්ත Monday, 08 February 2016 01:25 PM

තිලක් ඩුබායි මහතා හැමදාම රාජපක්ෂලාට විරුද්ධව කියන්නෙම කෝටි ගණන් ගහපු අය කියලා. නමුත් අද වෙනකම් කවුරුවත් ඒවා හරියට ඔප්පු කරලා නැහැ. එතකොට මේ අය බලයට ආපු ගමන් ගහපු මහා බැංකු මුදල් මංකොල්ලය ගැන මොනවද කියන්නේ. (කෞ)

:       0       0

සුනිල් Monday, 08 February 2016 08:04 AM

"මහ පෙත්සමට මල්ලී අත්සන් කරයි : අයියා බලා සිටියි" වෙන මොනවා කරන්නද ඉතින් කරපු දේවලින් බේරෙන්න නම්! (අ)

:       0       0

සුදමි ඩුබායි Monday, 08 February 2016 01:18 PM

රණවිරුවන්ට නියම නායකත්වය දුන්නේ ගෝට කියල අමුතූ වෙන් කියන්න ඔන නැහැ. රණවිරුවෝ පාවල දුන්නේ පොන්සේකා කියල හැ මෝම දන්නවා. (කෞ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 11:02 PM

සාගර, ඔයාගේ දැනුමේ තරම ඔයා පළකර ඇති අදහසින්ම තේරුම් ගන්න පුළුවන්. කිසිම රටක් හොරෙකුට මිනීමරුවෙකුට ආරක්ෂාව දෙන්නේ නැහැ. ඔවුන්ව පරීක්ෂණ සඳහා අදාළ රටට බාරදෙනවා. අවශ්‍ය නම් වෙන රටක සැඟවී සිටිය හැකියි. (නි)

:       0       0

සුමිත් Monday, 08 February 2016 08:12 AM

දී කිරට බළල්ලුත් සාක්කි , රණවිරුවෝ කියන සැබෑම රණවිරුවෝ බය වෙන්න ඕන නැහැ , රණමරුවෝ තම බය වෙන්න ඕන , කොහොමටත් දැන් ඔය අස්සන් කරන උදවිය අවලංගු කාසි වගේ (අ)

:       0       0

අරවින්ද Monday, 08 February 2016 11:11 PM

ජයවේවා මහින්ද මැතිඳුනි! (නි)

:       0       0

අජිත් Monday, 08 February 2016 01:28 PM

මට නම් දමන්න කමෙන්ට් එකක් ඉතිරිවෙලා නැහැ මෙතන.එත් මට කියයුතුම දෙයක් තියෙනවා "දැන්වත් මර නින්දෙන් නගිටපියව්" කියල තමයි.(කෞ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 11:11 PM

ලලිත් සිල්වා, ඔබගේ දැනුමේ හැටියට සුදු කොඩි කතාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙනවද? ඔයා එම කතාව දන්නේ කොහොමද? (නි)

:       0       0

සත්‍යපාල Monday, 08 February 2016 01:21 PM

තිලක්-ඩුබායි නමින් නොනිදා ලියන කෙනාගේ පවුලේ උදවිය 1990 ගණන්වල එජාප ආණ්ඩුවෙන් කල ගසාකෑම්, කල අපරාධ,ලබාගත් අසාධාරණ උසස්වීම් දන්නෝ දනිති.ඒ ගැන මුහුණු පොතෙන් ලගදීම හෙළි කරන්නට මා සුදානම්.මෙයා මේ බෙරිහන් දෙන්නේ ඒවාගේ රස මතක ඇති නිසා. එකල ලබාගත් සුරසැප වෙනුවෙන්. අවසානයේ රැකියාව අහිමිව රටෙන් පලාගොස් දැන් සිංහ නාද පවත්වයි. සිංහ හම පොරවාගත් වුර්ඛයා ලගදීම හෙළිවූ විට නිහඩවෙනු ඇති.(කෞ)

:       0       0

සිරි Monday, 08 February 2016 08:14 AM

ඕකත් හරියට `ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ`වැඩක් (අ)

:       0       0

අජිත් හේවාහැට Monday, 08 February 2016 01:29 PM

ඉන්දික: දැන් ඉන්න අය කරන හැම ක්‍රියාවකින්ම පෙනෙන්නේ සුළු ජාතීන්ට ආයාචනය කිරීම බව ඔයාට වැටහෙන්නේ නැද්ද ? (කෞ)

:       0       0

මැගී Monday, 08 February 2016 11:20 PM

ශාන්ගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

ලලිත් සිල්වා Tuesday, 09 February 2016 06:45 AM

සජිත් ඔබ කියන අතීතය ඩුබායි වල ඉන්න සමහරු මිනිස්සු දන්නේ නැහැ. (ර)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 11:21 PM

නිමල් ලලිත්, ඔයාලා වගේ හිතන අය දියුණු උසස් සමාජයට ලැජ්ජාවක්. යුද්ධය වෙනුවෙන් අවිය අතට ගත්තහම මරපන් නැත්නම් මැරියන් යන න්‍යාය අනුගමනය කළයුතු බව මොන පොතේද සටහන්ව තියෙන්නේ? (නි)

:       0       0

ඉෂාක් ජනාධි Monday, 08 February 2016 08:24 AM

සරත් පොන්සේකා රණවිරුවෙක් නොවේද (අ)

:       0       0

ගොඩ්ෆ්‍රී Monday, 08 February 2016 01:36 PM

සමාවෙන්න ඕන දැන් නැති නිසයි අහන්නේ ගොඩක් පිරිසක් අදහස් පල කර තිබුණත් මේ සම්බඳව කිසිම කෙනෙක් ලියලත් නෑ. මෙතන අයියයි මල්ලියි ඉදගෙන ඉන්න තැන ෆොටෝ එකේ ඉන්න අනෙක් කෙනා කවුද.? පක්ෂෙ හිටපු කෙනෙක්ද ? අලුත් පක්ෂෙ කෙනෙක්ද ? අලුත් පක්ෂෙ නම් මේ අයව ගන්නවද ? ෆොටෝ එක දැකල මට ඇති වුණ ප්‍රස්නේ ඒ . (අ)

:       0       0

උපාලි Monday, 08 February 2016 08:21 AM

ජාතියක් වෙනුවෙන් විනාශයට නොයා යුතු යම් දහමක් වෙත් නම් ඒ බුද්ධාගමයි. සතා සීපාවාගේ පැවැත්ම පවා එක සේ සලකන බුදු දහමේ සාරයම, ජන්ම වර්ගීකරණයක් වන ජාතිය ප‍්‍රතික්ෂේප කිරීමකි. ජාතිය ප‍්‍රතික්ෂේප කරන ආගමක්, ජාතිවාදය ඊටත් වඩා ප‍්‍රතික්ෂේප කරයි. එසේ තිබියදීත්, දේශපාලනය වෙනුවෙන් ජාතියක්, ආගමක් විනාශ මුඛයට ඇද දමමින් සිටින රටක් ඇත්නම් ඒ ශ‍්‍රී ලංකාවයි.රටක් වටිනා රණවිරුවන්ගේ නාමයෙන් රටක වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කර පන්න දැමු දේශපාලන නොකරන මෙන් අපි ඔබලාගෙන් ඉල්ලා සිටිමු (අ)

:       0       0

ප්‍රනීත් Monday, 08 February 2016 08:25 AM

අසාද්, රණවිරුවන් නිසා තමයි ඔයත් ආරක්ෂා වුණේ. දැන් අමතකද? (අ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ පැරිසිය Monday, 08 February 2016 01:45 PM

අය්යයි මල්ලිගේයි පෙත්සම අත්සන් කරන්න බල්ලොත් ආවද ?නියමයි . කවුද හිතුවේ මෙහෙම වෙයි කියල නේද ?.තව ඉවර නැහැ .ඉස්සරහට පෙත්සම් අත්සන් කර කර තමයි ඉන්න වෙන්නේ .එදාට ඔය පෙත්සම් මේසය දෙහිවල සත්තු වත්ත ඉස්සරහින් තියා ගන්න .එතකොට එකේ ඇතුලේ ඉන්න අයගෙනුත් අත්සනක් ගන්න පුළුවන් වේවි . (අ)

:       0       0

උපාලි Monday, 08 February 2016 08:35 AM

ඉස්සරත් අයියා බලා ඉන්නකොට තමයි මල්ලිලා සේරම සෙල්ලම් දැම්මේ ඉතින් මේකත් ඒවායින් එකක් තමයි. (අ)

:       0       0

බමුණු Friday, 12 February 2016 12:31 AM

ඔබතුමාලා යුද්දය දිනවා දුන්නා. මම එයින් අදහස් කොරන්නේ නැහැ ඔබ දූෂණ වලින් තොර සන්තු වරයෙක් කියල. (කෞ)

:       0       0

නයනප්‍රය විතානගේ Monday, 08 February 2016 08:32 AM

අපට නිදහස දුන්න ඔවුන් රැක ගැනීම අපේ යුතුකමක් ඇත්තටම සමහරක් අය රටේ යුද්ධයක් තිබුණද කියන මතක නෑ. කුණු මාලු කෑල්ලක් අහක දනවා (අ)

:       0       0

ශාන්ත Monday, 08 February 2016 01:44 PM

ජනතාවගේ සල්ලි කොල්ල කාලා දැන් සුදනෝ වෙන්න හදන හොර තක්කඩි රැල වහාම නීතිය ඉදිරියට ගෙන එනු කියලා අපිත් පෙත්සමක් අත්සන් කල යුතුයි. (අ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 08:44 AM

මහත්වරුනේ රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වියයුතුයි. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, විපක්ෂ දේශපාලකයන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ටද වරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි. කිසිම කෙනෙකු කිසිම හේතුවක් නිසා නීතියට ඉහළින් නොසිටිය යුතුයි (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 01:45 PM

උපාලි,ඔබ කවුරුත් දන්නා සත්‍ය ලියල තිබෙනවා. (අ)

:       0       0

ලලිත් සිල්වා Monday, 08 February 2016 01:53 PM

උපාලි ඔය කොයි රණවිරුවත් හිටියා මුල්ලකට වෙලා කවුරු වත් ගණන් ගත්තේ නැහැ , ගොඨාභය ඇවිත් තමා සරත් ෆොන්සේකා ගත්තේ ( බල්ලන ශ්‍රී ලංකා ආමි වෙබ් එක කියවලා ) , සරත් ෆොන්සේකා රණවිරුවෙක් නොවේ , රණ විරු සෙන්පතියෙක් හැබැයි පරාජිත් දේශපාලකයන්ගේ ලනු කාල , පාවා දෙන්නන්ගේ ගොඩට වැටුනා . සුදු කොඩි කතාව කියලා තමා නායකත්වය දුන් යුද්ද හමුදාව පාවා දුන්නේ එක නිසා තමයි බල තන්හාව ඉහට ගහලා . නමුත් රට වෙනුවෙන් ඇස මස් ලේ දුන් රණ විරුවෝ බොරු චෝදනා දාගෙන් දැන් ගෙඩියට ගෙන යන ඒවාට උල්පන්දම් දෙන්න එපා මොන නමකින් අදහස් දැම්මත් , සමහරු කෙලින්ම ලස්සන සිංහල නම් වලින් තස්තවාදය වෙනුවෙන් පෙනී සිටිනවා (අ)

:       0       0

මංගල Monday, 08 February 2016 11:31 PM

ඔය හොරා කෑවා හොරා කෑවා කියන උදවිය හොර කෑ ප්‍රමාණය ඉල්ලාගෙන රට බේරාදුන්නට ගානක් ගෙවලා නිදහස් වෙන්න (නි)

:       0       0

මාලක Monday, 08 February 2016 08:47 AM

සමහරුන්ට කොරහේ කිඹුල්ලෝ පෙන්නලා / දැකල හොඳට පුරුදුයිනේ . සැබෑ රණවිරුවන්ට සැමදා ජනතාව ආදරය, ගෞරවය සහ වගකීම තියෙනවා, නමුත් වැරිදි කරුවන්ට නිසි දඬුවම් ලැබෙන එක කාටවත් වලක් වන්න පුලුවන්ද? (අ)

:       0       0

මලික් Monday, 08 February 2016 11:37 PM

අපිත් එනවා ඔය වැඩේට උදවු කරන්න (නි)

:       0       0

ලකී යහම්පත් පැරිසිය Tuesday, 09 February 2016 01:59 PM

රණවිරුවෝ රකින්න කවුරුවත් කලබල වෙන්න ඕනෑ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා රණවිරුවෝ ගැන බලාගනිවී. (නි)

:       0       0

ලලිත් සිල්වා Monday, 08 February 2016 01:49 PM

සරත් ෆොන්සේකා යනු යුද විරුවකි , මේ යුද ජයග්‍රහණයේ අංක 3 , නමුත් එතුමා පසු කාලය මේ රට බෙදන්න උත්සහ කරන කල්ලියට වැටුන බව දන්නෝ දනිති , ඒ වගේම එතුමා ගේ සුදු කොඩි කතාව නිසා අපි අදත් හිර වෙලා . එකනැලියගොඩ නම් කියන්න ඕනේ නැහැ , යුද හමුදාව රසායනික අවි පාවිච්චි කළා කියා මුළු ලෝකෙටම අපේ හමුදාව බොරු කියා පාවා දුන්න , සන්ද්‍යා කියන කාන්තාව එය සතයක් බව යු ටුබ් එකේ කියපු කතාව අදත් මේ දැනුත් බලන්න පුළුවන් . ශ්‍රී ලංකා හමුදාව බිත්තියට ම හිර කළා . මේවා නොදන්නා උදවිය හොදින් සොයා බලා අදහස් දාන්න (අ)

:       0       0

උපුල් Monday, 08 February 2016 01:52 PM

රණවිරුවන් අත්අඩංගුවට ගන්නවා කියලා ජනතාව අතර යම්කිසි ජාතිවාදී හැඟීමක් උත්සන්න කිරීමේ ක‍්‍රියාදාමයක් මේ වනවිට ඇතිවී තිබෙනවා. එහි ඒකායන පරමාර්ථය වෙන්නේ එක්නැලිගොඩ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ කඩාකප්පල් කරමින් යටපත් කිරීමයි. රණවිරුවන් නිරායුධ අහිංසක පුරවැසියන් මරන්නේ නැහැ. එවැනි අපරාධ කරන අයව රණවිරුවන් ලෙසට හඳුන්වනවා නම් ජාතියක් හැටියට අපි කම්පා විය යුතුයි.මේ ඝාතනය සඳහා අණ දුන් පුද්ගලයා කවුද කියලා හමුදා බුද්ධි අංශයට මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලයාව ආරක්ෂා කිරීමේ සාපරාධී ප‍්‍රයත්නයක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවා. එහි ඉතාම සෝචනීය තත්ත්වය වෙන්නේ ප‍්‍රාණඝාතයෙන් වළකින්න කියලා මිනිසුන්ට උදේ හවා බණ දේශනා කරන භික්ෂූන් වහන්සේලා මිනීමරුවන් ආරක්ෂා කරන්නට පෙරමුණ ගෙන තිබීමයි. එය ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ශීලාචාර රටක් කරා ගමන් කරනවා නම් නීතියේ ආධිපත්‍යය තහවුරු වෙන්නට ඕනෑ. සෑම මනුෂ්‍යයකුටම අවශ්‍ය කරන ජිවත්වීමේ නිදහස තහවුරු වෙන්නට ඕනෑ. මේ වගේ ක‍්‍රියාදාමයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා කියලා මතයක් ගොඩනඟනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයක්. (අ)

:       0       0

උපුල් Monday, 08 February 2016 08:44 AM

රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි.එත් ඔවුන් පිට දමා දේශපාලනය කිරීම ඉතාම පහත් ක්‍රියාවකි (අ)

:       0       0

දහම් Monday, 08 February 2016 08:45 AM

උපාලි, ඔයා කොච්චර මෝඩද කියල හිතල බලන්න. මල්ලි ආරක්ෂක ලේකම් , නිකම්ම නෙමෙයි උසස් හමුදා නිලධාරියෙක් ලෙස උතුරේ සටන් බිමේ හිටපු කෙනෙක් වෙනවයි කියන එක මේ රටේ වාසනාවට වෙච්ච දෙයක්. මතකද අර එකෙක් ඒ කාලේ අධ්‍යක්ෂක ලේකම් වෙලා හිටිය තමිල් සෙල්වම්ට මචන් කියා කියා.(බ)

:       0       0

ග්‍රේරෝ Monday, 08 February 2016 01:56 PM

යෝශිට අත්අඩංගුවට ගත්තට පස්සෙ ද එතොකොට සියලු දෙන රණවිරුවෝ වුණේ. 2009 මේ කට්ටිය නෙමේද අත්සන් කලේ ජිනීවා සමුළුවේ පරීක්ෂණ කරන්න කියල. මොකද මේ අත්සන් අවුරුද්දකට පෙර නොකළේ . රහස පුතාව කෙසේ හෝ ගැලව ගනිමි මුලික අරමුණ. නැතිව කිසිම දෙයක් නොවේ, අපේ ජනතාව ඕනෑම දෙයකට අත්සන් ගහනවා. මොකද එක විලාසිතාවක් වෙලා.සටන මෙහෙයපු සරත් ෆොන්සේකාව ඇතුලට දැම්මේ රණ විරුවෙන් නොවෙන නිසාද.මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට. කල දුටු තැන වල ඉහගන්නෝ .(අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 February 2016 08:54 AM

රණවිරුවන්ට සලකන හැටි ඔක්කොටම වඩා හොඳින් දන්නේ ෆීල්ඩ් මාර්ෂල් තුමයි. ඒ නිසා අහක ඉන්න අය, යුද මුදල් අවභාවිතා කළා කියලා චෝදනා ඇති අය, ගිරිතලේ නිලධාරින් ලවා අපරාධ කළා යැයි චෝදනා ලබා ඔවුනුත් පවුල් පිටින් ඒවාට ගාවාගත් අය පැත්තකට වෙලා හිටියනම් හොඳයි සිතාසිය වරෙන්තුව එන තුරු. (බ)

:       0       0

නාලිකා Monday, 08 February 2016 11:55 PM

මහින්දට බනින ගොඩක් අයගේ පවුල්වල කිසිම කෙනෙක් ත්‍රිවිධ හමුදාවට සම්බන්ධවෙලා හිටියේ නැහැ. රටක් ගැන ජාතියක් ගැන කැක්කුමක් නැති තමුන් ගැනම විතරක් හිතන අතපය හතර රැකගෙන ඇඳවල් යට හිටපු අය ගැන අපි දන්නවා. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. අඩුපාඩු හොයනවා. එක්කෝ පළිගන්නවා. රටකට මොකටද මෙහෙම අය? (නි)

:       0       0

සමන්ති Monday, 08 February 2016 11:48 PM

අපි සන්තෝෂෙන් ඉන්නේ - දුක ශෝකය නැහැ දන්නේ - අයියා මල්ලි වාගේ අයියා මල්ලි (නි)

:       0       0

රොහාන් Monday, 08 February 2016 08:48 AM

සැබෑ රණවිරුවව අැදගෙන ගිහින් හිරකරපු මේ කට්ටිය කොහොමද රණවිරුවන් රැකගන්නේ, මේවා කරන්න මතක් වුණේ පුතා හිරේ ගියාට පසුව නේද. (බ)

:       0       0

කපිල ඩුබායි Monday, 08 February 2016 08:56 AM

රණවිරුවන් කියන්නෙ හරියට යුද්දෙ කරපු අය.. මිනිස්සු උස්සගෙන ගිහින් මරපු අයට ඉතින් දෙවි පිහිට තමයි..අනික කොහෙද තියෙන්නෙ අපේ රණවිරුවන්ට කේස් දානවා කියලා..ඈයි මේ බොරු ෂෝ දාන්නෙ..? (බ)

:       0       0

සෑම් Monday, 08 February 2016 08:49 AM

සියලුම ලාංකිකයින් අද නිදහසේ සිටින්නේ රණ විරුවන්ට පින් සිද්ධ වෙන්නයි . (හේ)

:       0       0

පෙරේරා Monday, 08 February 2016 08:57 AM

කවුද හිතුවේ මේ තත්ත්වයට වැටෙයි කියලා.(හේ)

:       0       0

ගුණසේකර Monday, 08 February 2016 08:57 AM

අරුම පුදුම වැඩ.(හේ)

:       0       0

මංගල Tuesday, 09 February 2016 12:15 AM

මෙහෙම ගියොත් ඉදිරියේදී බිහිවෙන කිසිම නායකයෙක් රටට වැඩක් කරන එකක් නැහැ. කවුද කැමති කට කැඩිච්ච කතා අහන්න. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 08 February 2016 08:53 AM

රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි, මේ මුවාවෙන් දේසපාලන වාසි පතා පමණක් ක්‍රියාකිරීම වැරදි. (අ)

:       0       0

සල්ගාදු පැරිස් Monday, 08 February 2016 02:07 PM

බල්ලෙක් අයියා සහ මල්ලිගේ කකුල් දෙක ගාවට වෙලා ඉන්නේ , ඔතන ඉන්න මිනිසුන්ට වඩා බල්ලා ඔවුන්ට හිතෙති නිසා වන්න ඕනේ (අ)

:       0       0

රසි Monday, 08 February 2016 09:01 AM

රණවිරුවන් ආරක්ෂා කරන්න කව්රුවත් පෙත්සන් ගහනකන් බලා ඉන්න උවමනාවක් නැහැ . සියලුම ශ්‍රී ලාංකිකයින් රණවිරුවන්ව ආරක්ෂා කරනවා . මේ ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ මේගොල්ලන්ගේ උවමනාවට අපරාධ කරපු අපරාධකාරයින්වයි . (අ)

:       0       0

නිල්මිණි Monday, 08 February 2016 09:02 AM

දශ ලක්ෂයේ පෙත්සමත් අර පොල් ලක්ෂයේ වැඩේ වගේ නරක් කරගන්න එපා. (අ)

:       0       0

එන්.ඩී. හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 09 February 2016 01:04 AM

නීතියෙන් බේරෙන්න මොන ගැලවිජ්ජාවල් කළත්, කළ අපරාධ හා සොරකම්, මහාපරිමාණ වංචා දුෂණයන්ට කවදා හෝ දඬුවම් ලැබිය යුතුමයි. මේ සඳහා යුක්තිගරුක මිනිසුන් ඒකාරාශී විය යුතුයි. (නි)

:       0       0

චන්දි Monday, 08 February 2016 08:57 AM

දැන් රණවිරුවන්ට මොනද අනේ වෙන්න යන්නේ ? පැහැදිලි නැහැනේ. හැබැයි ඉතින් මේ පස්සේ ඉන්න අය ඔක්කොම එෆ් සී අයි ඩී යට යන්න ඉන්න කට්ටිය නේද. එෆ් සී අයි ඩී යට යාමයි රණවිරුවන් රැකිල්ලයි එකට සම්බන්ද වෙන්නේ කොහොමද? අපිට කියල දෙන්නකෝ (අ)

:       0       0

ප්‍රියන්කර Monday, 08 February 2016 02:16 PM

මෙයාල රණවිරුවන් සුරකිමේ මුවාවෙන් එයාල සුරකෙන්නද කොහෙද හදන්නේ, ෆොන්සේකා මහතා හිරේ දාන කොට කොහෙද දන්නේ නැහැ හිටියේ.රණවිරුවන් ඉදිරියට දාල බලය ගන්න නටන තවත් සන්නියක් තමයි. (අ)

:       0       0

උපාලි ජී. Friday, 12 February 2016 01:50 AM

රණවිරුවෝ කියන්නේ රට බේරාගන්න සැබෑවටම උරදුන් අපේ දරුවන් මිසක් අපරාධකාරයන් නොවෙයි. සැබෑ රණවිරුවෙකු වූ සරත් ෆොන්සේකාට මේ අයියලා මල්ලිලා සළකපු හැටි ගැන අපි නොදන්නවාද? මේ ගොල්ලෝ කරන වැඩේ මොකක්ද කියලා හරියටම පෙන්වාදෙන 6 වැනි පින්තූරය ගත් ඡායාරූප ශිල්පියාට මගේ ප්‍රණාමය! එක කෙනෙක් නිදි. එක් කෙනෙක් දුරකතනයේ. "අනිත් එක්කෙනා" හිතනවා ඇති එයාට අපහාස කරනවා කියලා. (නි)

:       0       0

ප්‍රසා Monday, 08 February 2016 09:05 AM

රවිරුවෝ නම් බයවෙලා නැහැ, හැබැයි යුද්දේ කිය කිය සුද්දෙ දාපු අය මොකද මේ තරම් මේ ගැන සැලකිලිමත් වෙන්නේ. (අ)

:       0       0

නිමල් ලලිත් Monday, 08 February 2016 02:25 PM

මෙහෙ සමහරුන්ගේ අදහස් දුටුවාම මට කියන්න තියෙන්නේ ,අපේ අද වෙනුවෙන්, ජිවිත් ඇස් ,ඉස් මස්,ලේ පුජා කල රණවිරුවනි දෙසපාලනයට ගැතිව අදහස් දක්වන අයට පමණක් නොව ඔබලාව සදකල් මතක නොකරන, වචනයකින් හෝ ගෞරය දක්වන අපටද සමාවන්න යනුවෙනි, යුද්දය වෙනුවෙන් අවිය අතට ගත්තාම මරපන් නැත්නම් මැරියන් යන න්‍යාය අනුගමනය කල යුතු බව සමහර යුද්දය ගැන නොදන්නා අමනයන් දන්නේ නැත. (අ)

:       0       0

රොකි Monday, 08 February 2016 02:28 PM

ත්‍රිවිධ හමුදාවල හිටපු අයත් දැනට ඉන්න අයත් ඉදිරි කාලයේ බැඳෙන අයත් ඔක්කොම රණ විරුවන් ලෙස සලකා ඔවුන් මොන අපරාධ කලත් ඒවාගෙන් නිදහස් කල යුතුයි කියලාද කියන්නේ? (අ)

:       0       0

ජයරත්න Monday, 08 February 2016 09:10 AM

මේගොල්ලෝ හැමදාමත් කලේ කාලෙන් කාලෙට කගේ හරි කරපිටින් උඩට ආපු එකනේ , (හේ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 01:32 AM

ප්‍රනාන්දු පැරිස්, ඔබ අදහස් කරන දේ පැහැදිලි නැහැනෙ. ඔයාට දෙන්න තිබෙන කෙටි පිළිතුර නම් මම පොල් කටුවක් තුළ නෙමෙයි මෙපමණ කලක් ජීවත්වුණේ කියන එකයි. මම හිතෙනවා ඔබ එම පිළිතුරෙන් සැහීමකට පත්වෙයි කියලා (නි)

:       0       0

චින්තක Tuesday, 09 February 2016 01:36 AM

හොඳ ප්‍රවණතාවයක් (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 01:36 AM

ජෝති, ඔයාලා රණවිරුවන් කාගෙන් බේරාගන්නද ඔය දඟලන්නේ? එක පාරක් මහින්දව විදුලි පුටුවෙන් බේරාගන්න ඕනෑ කියලත් ඔය වගේම දැඟලුවා නේද? දැන් ඒ විදුලි පුටුව කෝ? (නි)

:       0       0

යොවිදු Monday, 08 February 2016 02:34 PM

අනගාරික ධර්මපාලතුමාගේත් අවසන් ඉල්ලීම වූයේ මිනියවත් ලංකාවට ගෙන යන්න එපා කියලා. එච්චරම හොඳ ජාතියක්‌ මෙහේ ජීවත් වන නිසා වෙන්න ඇති. කොච්චර සල්ලි තිබුණත් උතුරෙන් ඉඩම් කැබැල්ලක්‌ අපට මිලදී ගත හැකිද කියා සොයා බලන්න. උතුරු පළාතට වෙනම ඉඩම් නීතියක්‌ ඇති බව ඔබලා දන්නවාද දන්නේ නැහැ. ඒවයි වෙනස්‌ කළ යුත්තේ. (අ)

:       0       0

කාරියවසම් Monday, 08 February 2016 09:23 AM

රට බේරාගත් සෑම රණවිරුවෙකුටම මුළු ජාතියම ණය ගැතියි.රණවිරුවා කියා රටක නීතියට පිටින් ගොස් හැම අලුගුත්තේරු වැඩ කිරීමට එය බලපත්‍රයක් නොවෙයි .(හේ)

:       0       0

ලලිත් සිල්වා Tuesday, 09 February 2016 01:50 AM

චන්දන ඕස්ට්‍රේලියා, හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය ඩුබායි වලට රට සල්ලි කෝටි ගණන්, රත්තරන් ඔරලෝසු, හෙලිකොප්ටර්, සුදු අශ්වයෝ, ලැම්බෝගිනි කාර් ඔප්පු කළාද? ඊයේ පෙරේදා ඒ. එස්. පී. ලියනගේගේ නාන තටාකයේ වැලි අරන් දැම්මා. තාජුඩීන්ගේ මිනිය ගොඩ දැම්මා දෙස් විදෙස් මාධ්‍ය ඉදිරියේ. මොකද වුණේ? (නි).

:       0       0

තිලක් Monday, 08 February 2016 09:24 AM

හරිහමන් නීතියක් රීතියක් තිබෙන රටක නම් මේ බහුතරය ඉන්න ඕනෑ "මහගෙදර".(හේ)

:       0       0

වික්‍රම Monday, 08 February 2016 09:19 AM

තවම බලය ගැන අදහස ඇතෑරිලා නෑ වගේ.(හේ)

:       0       0

උදය Monday, 08 February 2016 02:42 PM

සල්ගාදු මොකද දන්නවද බල්ලා ඉන්නේ? ලංකාවේ සමහර මිනිස්සුන්ට වඩා කල ගුණ දන්නා නිසා, ඒ කාලේ බෝම්බ පුපුරනකොට වලිගෙ කකුල් දෙක අස්සේ ගහගෙන දුවපු සමහර මිනිස්සු දැන් රාජපක්ෂ නමට ගරහනවා. පාරක් පාරක් ගානේ සිංහල කොල්ලන්ව මරපු ආණ්ඩුවේ අය දැන් අගමැති වෙලා සුද්දන්වන්ත වෙලා. අනේ රටකට ගිය කලක් (අ)

:       0       0

කල්හාරි Tuesday, 09 February 2016 02:08 AM

සංහිඳියාවක් ඇතිවෙනවාට බහුතරයක් විරුද්ධ නැහැ. (නි)

:       0       0

ක්‍රිස් Monday, 08 February 2016 02:45 PM

ඔබතුමන්ලා රණවිරුවන් බේරා ගැනීමට ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය මෙහි අදහස් දාන සමහර කුහක මිනිසුන්ට මෙතුමන්ලා අපේරට අවරුදු 30 ක යුද්දයකින් අපේ රට බේරාගත් අය කියා පිලිගන්නවත් නිහතමානී නැත (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 08 February 2016 02:47 PM

නිල්මිණි, කළගුණ අපිත් දන්නවා ..එක හින්ද තමයි එම් ආර් 85 න් ලක්ෂයක් ඡන්ද ගත්තේ .. එත් ජනවරම රජ වෙන්න දුන්න වරමක් කියල හිතාගෙන ..මහරජ සහ යුවරජවරුත්, රාජකුමාර වරුත් රටේ මහජන මුදල් අපහරණය කලේ .. ඒක හින්ද තමයි අද මෙයාලට මෙහෙම වුණේ. (අ)

:       0       0

චතුරි Monday, 08 February 2016 02:52 PM

මොනවා කිව්වත් කෙරුවත්. මේ රට ලංකාව කවදාවත් අපිට ඕන විදියට මේ රටේ දේවල් වෙන්නේ නැහැ බලන්න (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 08 February 2016 09:37 AM

රාජපක්ෂවරුන්ගේ ඉදිරි පැවැත්මට බලය අවශ්‍යයි.දැනට කෙරීගෙන යන පරීක්ෂණ වලට මුහුණ දෙන්න බලය අවශ්‍යයි. (ම)

:       0       0

රසික විතාන Monday, 08 February 2016 02:56 PM

කොටි ත්‍රස්තවාදය බිහිවන්නේ කවදාද? එය පෝෂණය වුණේ කවදාද? එය අවසාන කළේ කවදාද? සැබෑ සංහිඳියාව තේරුම්ගන්නේ කවදාද ? (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 02:32 AM

ලලිත් සිල්වා, ඔබ සුදු කොඩි කතාවක් ගැන කියලා තිබුන නිසයි මම ඇසුවේ ඔබගේ දැනුමේ හැටියට සුදු කොඩි කතාව කියන්නේ මොකක්ද කියලා? ඔබ මගෙන් ඔය ප්‍රශ්න අහන්නේ මොකද කියලා තේරෙන්නේ නැහැ. ඕවාට පිළිතුරු ඔයා මගේ ඉහළ අදහස් කියෙවුවා නම් තේරෙන්න ඕනෑ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 09 February 2016 02:25 AM

චන්දන - ඕස්ට්‍රේලියා, රට බේරාගත් රණවරුවන් බිල්ලට දී කොටි ත්‍රස්තයන් එළියට දාන අයගෙන් රට බේරාගැනීමට. (නි)

:       0       0

අරුණ Tuesday, 09 February 2016 02:37 AM

යහපාලනය තිබෙනතුරු රණවිරුවන්ගේ ආරක්ෂාව සහතිකයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 09 February 2016 02:34 AM

රණවිරුවන් යුධ අධිකරණයට ගෙනියනවා කියලා කවුද කිව්වේ? මේවා ජනතාව මුලා කරන්න, නැවත ජාතිවාදය අවුස්සන්න, ඒ මතින් බලයට එන්න කරන වැඩ. 62 ලක්ෂයක් ජනතාව ඔය කතා අනුමත නොකරන බව විශ්වාසයි. (නි)

:       0       0

සනත් Monday, 08 February 2016 02:58 PM

මහින්ද තමා අපේ රජතුමා (බ)

:       0       0

ගමගේ Monday, 08 February 2016 02:58 PM

අලුත් කලාවක් ඉගනගත්ත මන් රට අල්ලන්න ඕන නම් . නිකම් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපන් ගහපන් පෙස්සං .(බ)

:       0       0

වින්සන්ට් Monday, 08 February 2016 03:07 PM

මෙහි පළවී ඇති ප්‍රතිචාර අතරින් "උපුල්" මහතාගේ ප්‍රකාශය ඉතා වැදගත් කොට සැළකිය හැකිය. දේශපාලන හිඟන්නන් පසුපස නොයන බුද්ධිමත් ජනතාව ඒ මහතාගේ අදහස අගය කරනවා ඇත. (බ)

:       0       0

සුරනිමල Tuesday, 09 February 2016 02:50 AM

වර්තමානයේ රණවිරුවෝ ගැන කතාකරන අයගේ නියම ස්වරූපය දැක ගැනීමට මෙසේ අපේ අදහස් දක්වමු. අතීතයේ පළාත් සභා මැතිවරණයකදී ක්‍රියාන්විතයට සහභාගි වුණ ඇත්තම රණවිරුවන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරය සඳහා රණවිරු යන විශේෂණ පදය නමට මුලින් යොදන ලදී. එම රණවිරුවන් මුදල් වියදම් නොකර ජනප්‍රිය දේශපාලන චරිත වලට වඩා මනාප ගන්නා ලදී. එයින් පසුව පැවති මැතිවරණ වලට රණවිරු විශේෂණ පදය පාවිච්චි කිරීම තහනම් කරන ලදී. අදද රණවිරුවන්ට මුවාවී මේ කරන්නේ තමුන්ට නැතිවුණ යසස් නැවත ලබාගැනීමේ කූට උපක්‍රමයකි. ආබාධිත රණවිරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප සකසා ගැනීමට අධිකරණ වල රස්තියාදුවීමට සිදු වූ අවස්ථා බොහෝය (නි)

:       0       0

ඉමේශ් Tuesday, 09 February 2016 03:02 AM

ප්‍රභාකරනුත් කිවුවනේ සිංහලයින්ට මතක සතියයි දෙකයි කියලා (නි)

:       0       0

තිලක් Monday, 08 February 2016 09:50 AM

අපේ අත්සනත් දෙන්න පුළුවන්.(හේ)

:       0       0

තිස්ස Tuesday, 09 February 2016 02:56 AM

රණවිරු පිහිටෙන් තමනුත් රැකෙන්නද හදන්නේ? (නි)

:       0       0

මනෝජ් Monday, 08 February 2016 09:50 AM

ඔබ තුමන්ලා නිසා තමයි අපි අද මේ විදියට ඉන්නේ.(හේ)

:       0       0

මොහොමඩ් Tuesday, 09 February 2016 08:25 AM

ඉන්ද්‍රජීත් කුමාර ඔය විදියට මේ අයට අපහස කිරීම විශාල ගුණමකු කමක් ඔයාලා අද නිදහසේ ජීවත් වෙන්නේ මෙයා නිසා කියලා අමතක කරන්න හොඳ නැහැ (ම)

:       0       0

තිස්ස Tuesday, 09 February 2016 03:06 AM

ප්‍රධාන රණවිරුවා හිරේ දානකොට මෙයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

සිල්වා Monday, 08 February 2016 03:27 PM

අභයාරාමයට උසාවියෙන් තහනමක් වැටුනට පස්සේ .. අලුත් පන්සලක් හොයාගෙන තියෙන්නේ...(බ)

:       0       0

ජනහිත Tuesday, 09 February 2016 03:16 AM

ඇත්තටම සත්‍යපාල, මේ මිනිස්සුන්ට නම් අතීතය අමතකවෙලා වගේ. මම මගේ ගමේ ගෙදරට යන පාරේ කනත්තක් තියනවා . මට මතක හැටියට එතැන හමුදා සෙබළුන්ගේ සොහොන් කොත් ගනනාවක් තියනවා ගමේ දරුවන්ගේ. ඒවා දකින මවු පියන්ට කිච්චර දුකක් ඇත්ද ? මගේ ලගම ග්තියෙකුත් මලා. අදටත් ඒ අම්ම ඉන්නේ දුකෙන් . හැබැයි 2009 මයි වලින් පස්සේ ඒවා හැදුවේ නැහැ. එක අමතක වෙලා තමයි ඔය දුෂ්ට කතා ලියන්නේ. (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 03:19 AM

බමුණු ආරච්චි රට බේරාගත් රණවරුවන් බිල්ලට දෙන්න කාටද? දන්නේ නැති හින්ද අහන්නේ? නිධානයක් ගන්නද? නැත්නම් කලින් මහින්දව විදුලි පුටුවෙන් බේර ගත්ත වගේ බේර ගන්නද ? (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 03:25 AM

බමුණු ආරච්චි, මහින්දව විදුලි පුටුවෙන් බේරගන්න ඕන නැත්ද දැන්? (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 February 2016 03:32 AM

යුද්දය ඉවර වෙලා මම ලංකාවට ඇවිත් කොළඹ යනකොට මෙන්න රණවිරුවන් කානු සුද්ද කරනවා.තව පැත්තක බේරේ වැව අසල බස් නැවතුම් පොළ ළඟ කරන ඉදි කිරීමට මෙන්න කානු කපනවා,තවත් තැනක එළවලු කිරනවා......රටේ හතර දික් බාගයේ ඉදි කළ රජ මන්දිර වල මකුළු දැල් කඩනවා,තණකොළ කපනවා .ඔය ෆොටෝ එකේ ඉන්න දෙපලට එදා මේ රණවිරුවන් "පිචන් රැකියා" වලට යොදවන්න ලැජ්ජාවක් කියල දෙයක් තිබුනේ නැද්ද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 February 2016 03:37 AM

යුද්දය දිනපු ජාතික විරයව හිරේ දාල සෙරෙප්පු දෙකක් නැතිව,ජම්පරයක් අන්දවල,පිළිණු වුන බත් බෙලෙක් පිගානේ කන්න සලස් වනකොට ඔය "රණවිරු" ආදරේ කොහෙද තිබුනේ?ඒ අසාධාරණය වෙනුවෙන් ඉදිරියට ආපු මාදුරුවවේ සෝභිත හාමුදුරුවන් සංවිධානය කරපු අධිෂ්ථාන පුජාවට යද්දී එය කඩා කාප්පල් කරන්න උන් වහන්සේව රිය අනතුරක් කළා.මේවා සත්‍ය සිදු වීම්.අපි මැරිලා ඉපදුනේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 240 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1926 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 226 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 876 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1005 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1228 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37579 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site