IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අයවැයට එරෙහිව වෛද්‍යවරු පාරට බසිති

වෘත්තිකයන් හා රාජ්‍ය සේවකයන් මත දැමූ අධික බදු බර ඉවත දමන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (28) ප්‍රධාන රෝහල් 18ක් ඉදිරිපිට උද්ඝෝෂණ කළහ.

වහාම සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම් දීප ව්‍යාප්ත වර්ජනයකට එළැඹීමට සිදුවන බව ද එහි වගකීම අයවැය නිර්මාතෘ මුදල් ඇමැති භාරගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මේ අතර අනුරාධපුර රෝහල ඉදිරිපිට දී ද අද(28) වෛද්‍යවරු පිරිසක් අයවැයට එරෙහිව උද්ඝෝෂණයක් කළහ.

දිවයින පුරා පැවැත්වූ මෙම විරෝධතා ව්‍යාපාරය සාර්ථක වූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

දිවයින පුරා හෙට(29) අයවැය ගැන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වන බව ඔහු කීය.

DSC_9507 DSC_9510 DSC_9527 DSC_9534

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්

DSC03690 DSC03693 DSC03695

ඡායාරූප - දයාරත්න ඇඹෝගම



අදහස් (0)

අයවැයට එරෙහිව වෛද්‍යවරු පාරට බසිති

කසුන් Tuesday, 29 November 2016 12:56 AM

අපරාදේ කියන්න බැහැ. ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගියා. වෛද්‍යවරුන්ගේ සහ රෝහලේ ගාස්තු දෙකම වැඩි කරලා. එ්වට නම් කවුරුත් කතා නැහැ (නි)

:       0       0

පහන් Tuesday, 29 November 2016 02:45 AM

අයවැයට සහ බදු බරට, තකතීරු දඩ වලට සමස්ත ජනතාවගේම අප්‍රසාදය! ජනතාවට දුන් පොරොන්දු තියා දැන් තිබුනදේත් නැහැ. ඡන්දෙකින් නම් බලයේ ඉන්න හිතන්නවත් ඉඩක් තියලා නැහැ මේ ආණ්ඩුව. (නි)

:       0       0

සමන් Monday, 28 November 2016 10:06 AM

ඕව නොකර රෝගීන්ට ප්‍රතිකාර කරන්න .රට කරවන අයට එ්ක කරන්න දෙන්න (බ)

:       0       0

සුමනා Monday, 28 November 2016 10:08 AM

අනේ අපිට බිල් එපා ඔයාල කැමති ගණනක් අරගන්න ප්‍රයිවට් ඕන තරම් කරගන්න . මේ පොටෝ වල ඉන්න අයගෙන් බෙහෙත් නොගෙන මොවුන්ව ප්‍රතික්ෂේප කරන්න (බ).

:       0       0

ප්‍රදීප් Monday, 28 November 2016 10:11 AM

කරුණාකර කියන්න ඔබලා පුද්ගලික චැනල් වලින් හම්බන්කරන මිලියන ගණන් අදායම් වලින් අවංකව රජයට බදු ගෙවනවද කියල ? බෙහෙත් මිල අඩු කරන්න කියල වගේ දෙයකට මේගොල්ල කවදාවත් පාරට බහීද ? (බ)

:       0       0

ජෝන් සිල්වා Monday, 28 November 2016 10:16 AM

වෛද්‍යවරුන් සහ ජනතාව එකම මතයක...(බ)

:       0       0

ප්‍රේම් ජයවර්ධන Monday, 28 November 2016 10:16 AM

අය වැයෙන් මේ ඉතා අසරණ චැනල් දොස්තර කාරයින්ට වැදිලා ඇති. දුප්පතෙකුට නිකන් බෙහෙතක් දෙන්න හිතක් පපුවක් නැති සමහර දොස්තරලා තමන්ගේ පඩි වැඩි කර ගන්න කර ලාබෙට ගන්න ළමයි අසාධාරණ ලෙස ලොකු ඉස්ල්කොලවලට දා ගන්න පාරට බහින හැටි අපුරුයි නේ. (බ)

:       0       0

ලියනගේ Monday, 28 November 2016 10:18 AM

මොනව ද මේ මහත්වරුන්ගේ ඉල්ලීම් (බ)

:       0       0

විපුල Monday, 28 November 2016 10:19 AM

මේ රජය පරණ කැලැසිකල් මෙතඩ් එකේ මෙන්ම ෆිස්කල් මෙතඩ් එකේ සාධනිය දේවල් අතහැරලා නරක පැත්ත විතරයි අරගෙන තියෙන්නේ... ඒකට හොදම නිදසුන තමයි .. රජයේ වියදම් සීමා කර තිබෙන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ..නමුත් ආනයනික භාණ්ඩ සදහා දිරි ගැන්වීම් කර තිබෙනවා,,, එමගින් රටේ විදේශ විනිමය අනුපාතය ඉහල යන අතරම අය වැය පරතරය වැඩිවෙනවා... එමෙන්ම වැඩිවශයෙන් බදු ඉහල දැමීමෙන් රටේ මහජනයාට ජීවත් වෙන්න බැරි තරමට ජීවන වියදම වැඩිවෙනවා ..(බ)

:       0       0

ගුණපාල Monday, 28 November 2016 10:46 AM

මිනිසුන් වැරදි කෝණ වලින් බලන තාක් රටේ එකමුතුවක් හදන්න බෑ. (ම)

:       0       0

පසන් Tuesday, 29 November 2016 06:21 AM

තමන්ට හිතු මතේ වැඩි කර ගන්න පුද්ගලික චැනල් ගාස්තුව අඩුකරන්න කියලා මහජනතාව පාරට බහින්න ඕනේ.(හේ)

:       0       0

මිගිද Monday, 28 November 2016 12:31 PM

ඔබ ඔබේ රාජකාරිය හරියට කරන්න අසරණ රෝගීන් තවත් නොපෙළා. හැබැයි පුද්ගලික වෙදකමට නම් වර්ජන නැහැ.(හේ)

:       0       0

මලික් Monday, 28 November 2016 12:53 PM

වැඩක් වෙන්නේ නෑ(හේ)

:       0       0

දුමින්ද Tuesday, 29 November 2016 07:26 AM

ජනප්‍රිය තීරණ අරගෙන රට අමාරුවේ දාපු එක තම අද වෙනකල් ආණ්ඩු කළේ දැන්වත් සැලසුමකට ගියොත් හොදයි, දොස්තරලා නම් දැන් කාක්කෝ වෙලා ඉන්නේ (බ)

:       0       0

හේමන්ත Monday, 28 November 2016 01:09 PM

අපිට බදු මන්ත්‍රීවරුන්ට වාහන ගන්න කෝටී 79 මේ වාහන ගන්න යන්නේ දැනට කරත්ත වලින් යන අයට නෙමේ දැනටමත් ආදී සුකොපබෝගී වාහන වලින් යන අය. ඒවා පරනලු ඒවා පාවිච්චි කරලා ජනතාවට සේවය කරන්න බැහැලු මුන් හැමෝටට වහින වේලාවන් වලට එළියට බහින්න එපා කියන්න ඕනි (හේ)

:       0       0

විමල් Monday, 28 November 2016 03:52 PM

හොදට මුහුණු බලාගන්න .මොවුන්ගෙන් බෙහෙත් ගන්න යන්න එපා . (හේ)

:       0       0

සුනිල් Monday, 28 November 2016 04:53 PM

මේවා වෛද්‍යවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් නෙමෙයි. දේශපාලන යටිකූට්ටු වැඩවල ඉත්තෝ වෙන්න එපා දොස්තර මහත්වරුනි. (නි)

:       0       0

දිමුතු Monday, 28 November 2016 05:45 PM

මේ වෛද්‍යවරු කෑගහන්නේ පඩි වැඩිකර ගැනීමට නොව අසාධාරණ බදු වලට එරෙහිවයි (නි)

:       0       0

ලංකා Monday, 28 November 2016 07:20 PM

මේ අයට හැමදාම විශේෂ සැළකිලි ඕනෑද? මේ අයට පිස්සුද? බොරු එට්කා භීතිකාවක් හදලා දැන් මේ අයට බදු නැති කරන්නලු... (නි)

:       0       0

මුණසිංහ Monday, 28 November 2016 10:27 PM

දොස්තර මාෆියාව අප ගණන් ගතයුතු නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 26 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1791 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1375 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 391 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 524 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 236 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site