මෙවර අයවැයෙන් රජය වැඩකරන ජනතාවට දැවැනත් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි ද ජනතාව දැනටමත් ප්‍රතිප්‍රහාර එල්ලකරන්න සූදානමකින් පසුවෙතැයි ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.
‘‘විනාශකාරී අයවැය යෝජනා පරාජය කරමු. ඉල්ලීම් දිනා ගැනීමට සටන් වදිමු“ යන තේමාව යටතේ මහජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට බෙදා හැරීම් අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුශ්ක සිල්වා)
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්
පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘අයවැයෙන් ජනතාවට පහර දුන්නා‘‘
ඇසළ Wednesday, 02 December 2015 05:43 AM
දැන් බලමු අයවැය ඡන්දෙට ඔයාලගෙ පක්ෂය ඡන්දෙ දෙයිද විරුද්ධ වෙයිද කියලා. (නි)
ඔලිවර් Wednesday, 02 December 2015 05:53 AM
දැන් ඕවා කියලා වැඩක් නැහැනේ (නි)
ජැක්සන් Wednesday, 02 December 2015 06:25 AM
ටෙලි නාට්‍යයක රගපෑවා නම් නරකද? ඊළග ජන්දෙදි මන්ත්‍රී පට්ටම් 1 කට බහිනවා ද (බ)
ලතා Wednesday, 02 December 2015 07:43 AM
ඈට වැඩිය මෑ හොදයි කියලනේ ඡන්දෙ දුන්නේ.., දැන් ඉතින් මොනවද කියන්නේ (බ)
අපොන්සු Tuesday, 01 December 2015 06:38 PM
අපිට වැරදුණා මහත්තයෝ...! (නි)
ඉසුරන්දි Wednesday, 02 December 2015 07:47 AM
එදා ඉදල හැම ආණ්ඩුවකින්ම ඉල්ලන් කන්නේ අපිමනේ. වෙනසක අරුමය තවම අපිට වැටහිලා නැත්තේ ඒකයි (බ)
සුරන් Wednesday, 02 December 2015 07:53 AM
මේක අර නාටකයේම කොටසක්ද ? (ස)
ප්‍රසන්න Wednesday, 02 December 2015 08:38 AM
සම්පුර්ණ වගකීම ජවිපෙ බාර ගන්න ඕන. ලබන ඡන්දෙන් බින්දුවට බස්සනවා. (බ)
හේමන්ත Tuesday, 01 December 2015 09:27 PM
බඩු මිල මීටවඩා ගොඩක් අඩුවෙන්න ඕනෑ. නැත්තන් අපිත් ජවිපෙට එකතු වෙනවා. (නි)
දොම්පේ Tuesday, 01 December 2015 09:42 PM
ජනතාවට "වහ" දෙනවට වැඩිය පහරදෙන එක හොඳයි (නි)
ලක්ෂ්මන් Tuesday, 01 December 2015 11:29 PM
ඉතින් ඔයාලමනේ කිව්වේ අර අයට වැඩිය මෙයාලා හොඳයි කියලා. දැන් මොකක්ද මේ කියන්නේ? (නි)
කිත්සිරි Wednesday, 02 December 2015 01:28 AM
මේ නැඟෙන ජනතා විරෝධය හමුවේ රජයට වෙන විසඳුමක් නැහැ. අඩුගානේ අත්‍යාවශ්‍ය අහාර මිලවත් සැළකියයුතු ලෙස අඩුකරනවා හැරෙන්නට. (නි)
විපුල Wednesday, 02 December 2015 09:33 AM
දුර දක්නා නුවණක් නැති දේශපාලන දැනුමක් නැති ජේ.වී.පෙ ට නැවත ඡන්දය දෙන්නේ නැහැ. සෑම ආණ්ඩුවක්ම බලයට එන්න උදවු කරනවා වගේම බලය ලැබුනම මොවුන් පාරේ. ජනතාව රැවටීම තමයි කරන්නේ. (ස)
ප්‍රබෝධ Wednesday, 02 December 2015 01:34 AM
විවිධ කණ්ඩායම් වල ඉල්ලීම් සියල්ලම රජයට ලබා දෙන්න බැහැ. නමුත් මුළු රටටම බලපාන බඩු මිල විශාල ලෙස පහත නොදැම්මොත් දිනෙන් දින නැඟෙන ජනතා විරෝධය තවත් දැඩිවේවි. (නි)
සපුආරච්චි Wednesday, 02 December 2015 01:56 AM
ජනතාවට සහන දෙන්න තමයි ඩියුටි ෆ්‍රී ටැක්ස් එක ගෙනාවේ (නි)
ඉඳුනිල් කුමාර Wednesday, 02 December 2015 02:19 AM
පිටරට ඉඳලා දුක්මහන්සි වෙලා ලංකාවට සල්ලි එවන අපිට කිසිම සෙතක් නැහැ. වාහනයක් ගන්න බලාගෙන හිටියේ අපේ ආණ්ඩුවක් එනතුරු. කවදාවත් යු එන් පි එකට අපි ඡන්දෙ දෙන්නේ නැහැ (නි)
සම්පත් Wednesday, 02 December 2015 02:33 AM
මෙයාලා තමයි රට කෑවේ. දැන් ඒ මිනිසුන්ට පාඩුවේ කරගෙන යන්න දෙන්නකෝ. මිනිස්සු ඔයාලා ගෙදර යැව්වා නේද? (නි)
සමරසිරි Wednesday, 02 December 2015 03:04 AM
කන බොන දේවල් වලින් සියලුම බදු ඉවත් කරනවා කියල නේද ජන්දෙට කලින් කිව්වේ? (ම)
අදිකාරම් Wednesday, 02 December 2015 03:23 AM
සම්පත්ගේ කටේ මසුරං දාන්න වටිනවා (බ)
කිංග්ස්ලි පෙරේරා Wednesday, 02 December 2015 04:30 AM
ප්‍රශ්නයක් නෑ මහින්ද ගෙදරනේ (බ)
කනිගරාජ් Wednesday, 02 December 2015 05:13 AM
කන බොන දේ අඩු කරන්න. (ම)