IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අයවැය මල්වෙඩි සංදර්ශනයක්

‘‘ අයවැය මල්වෙඩි සංදර්ශනයක් වගේ. සද්දෙ දාගෙන පාට පාටින් පුපුරලා ගියා. ඒ වෙලාවේ හැමෝම හුරේ කියලා, අත්පුඩි ගහලා මේ ආශ්චර්යය දැකලා සන්තෝෂ වෙනවා. නමුත් අන්තිමේ දී ඉතුරුවෙන කිසිම දෙයක් නැහැ. සද්දෙයි පාටයි අර ඉරටු කෑල්ලයි විතරයි. අත්පුඩි ගහන අයටත් පස්සෙ තමයි තේරෙන්නේ තමන් දැකපු දේ අර්ථයක් නැහැ නේද කියලා ‘‘ යැයි අද ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියා සිටියේය.

ඔවුන් පවසන්නේ මෙවර අයවැයෙන් ධීවරයන් නොසළකා හැර ඇති බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයවැයේ දී ධීවරයන් වෙනුවෙන් එක් මල්වෙඩිල්ලක් හෝ පත්තුකැර නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ඔහු මෙසේ ද කීවේය.

‘‘ අයවැය සෑදීමට පෙර අපි අගෝස්තු මාසේ හයවැනිදා ජනාධිපතිතුමාට අපේ ඉල්ලීම් පහක් ලබාදුන්නා. ඉන්ධන මිල අඩුකිරීම ඇතුළු කරුණු රැසක් එහි අඩංගු වුණා. නමුත් මේ ගැන කිසිම සැලකීමක් කරලා නැහැ. ධීවරයන් 250,000ක් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ලක්ෂ 15ක් ලංකාවේ ඉන්නවා. මේ නොසළකා හැරීම සුළුපටු දෙයක් නොවෙයි. “

මේ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ සභාපති හා දකුණු පළාත් සභා මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මෙසේ කීවේය. 

“අයවැයෙන් ධීවරයන් වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ දශම තුනක් වැනි සුළු මුදලක් පමණයි. එහිදී මිරිදිය ධීවර ගම්මාන 1000ක් සෑදීමට රුපියල් ලක්ෂ 2000ක් වෙන්කරලා. එක ගම්මානයක් රුපියල් ලක්ෂ දෙකකින් හදන්න පුළුවන ද ? විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 50යි. මේ මුදල්වලින් වැඩ කරන්න බැහැ. නමුත් අපේ ධීවරයන් රටේ නිෂ්පාදන ආර්ථිකයට සියයට හතක දායකත්වයක් ලබාදෙනවා. ඔවුන්ට අයවැයෙන් ලැබී ඇත්තේ කුඩම්මාගේ සැළකිලි. “

 

 

 



අදහස් (0)

අයවැය මල්වෙඩි සංදර්ශනයක්

රේනුක Monday, 27 October 2014 03:17 PM

කෝ දැන් අර මහා උජාරුවට අය වැය ගැන පාරම් බාපු උත්තමයෝ ටිකයි ඒ අයට කඩේ ගිය මෝඩයෝ ටිකයි ....(අ).

:       0       0

විජේදාස Monday, 27 October 2014 07:24 PM

ජයවේවා ඔබතුමාට! (නි)

:       0       0

චානක Monday, 27 October 2014 07:34 PM

අර අපේ බන්දුල පෙරේරා කඩේ යන්නේ කාටද කියලා හිතනකොටත් දුකයි (නි)

:       0       0

වරුණ Monday, 27 October 2014 07:39 PM

මොනවා වුණත් මේක නම් නියම කතාව... (නි)

:       0       0

සත්‍යයා Tuesday, 28 October 2014 12:50 AM

කටේ මසුරන් දාන්න වටිනා කියමනක්. එකම අඩුපාඩුව මේක මල් වෙඩිල්ලක් කියලා කියපු එක. නමුත් මේ තීරුවට ලියන "පුංචි වීරයෙක්" වරද නිවැරදි කර තිබෙනවා. අන්තිමට මේක පුස් වෙඩිල්ලක් තමා. (නි)

:       0       0

වික්‍රම Tuesday, 28 October 2014 04:21 AM

ජනතා විමුක්ති පෙරමුණට මේක මල් නෙවෙයි මරු වෙඩිල්ලක්.මෙයාලා ජනතාවට කිසිම සහනයක් දෙනවට කැමති අය නෙවෙයි.අද ලැම්බොගිනි ගැන කථා කරනවා.එදා අපිට යන්න තිබුන ලංගම බස් එකත් ගිනි තිබ්බා.මෙයාලට කඩේ යන අය හිතාගෙන ඉන්නෙ අපි තමයි බුද්ධිමත් අනිත් අය මෝඩයො කියලා.එකනේ නිතරම ජනතාව අන්දන්න බලන්නෙ. (ස)

:       0       0

.රත්න Monday, 27 October 2014 10:03 AM

අධ්‍යාපනේට,සෞඛ්‍යයට,සංවර්ධනයට, අරකට, මේකට දීලා දැන් ඔයාලටත් දුන්නාම අපේ ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු, පලාත්, ප්‍රාදේශීය සභා මැති, ඇමති ලාට මොනවද දෙන්නේ? එයාලටම 80% ක් වත ඕනෑ.ඔයාලත් ඔය කර්මාන්තේ අතඇරලා ලැම්බෝගිනියක් අරන් නයිට් රේස් පැදලා හම්බුකොර ගන්නවලකෝ. අගමැති තුමත් කීවෙ අර වඳුරොන්ට පුලුවන් කියලා. (අ)

:       0       0

මොහොමඩ් Monday, 27 October 2014 10:28 AM

අනේ අනේ මෙයාලට ඔක්කොම නිකන්ම ඕනේ කාලකන්නි මිනිසුන් නිසා තමා ඔක්කොම මෙයාල අත පය නැති අයවගේ. (අ)

:       0       0

වීර Monday, 27 October 2014 12:37 PM

මල් වෙඩිල්ලක් නොවෙයි පුස් වෙඩිල්ලක්. (අ)

:       0       0

නිමල් Monday, 27 October 2014 01:13 PM

මේ අයවැයෙන් අධයාපනයට මොවද දුන්නේ 6%ක් වෙන්කරන්න කියල රටම කියද්දී අහක බලාගත්ත ඒ බර දෙමුපියගේ කරේ තිබ්බ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1492 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1612 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1230 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1894 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site