IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


අයවැයෙන් බදු වැඩි වෙනවාලු

(යොහාන් භාසුර)

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත්  එය පසුගිය වසරේ ගෙවීමට සිදුවූ බදු මුදලට වඩා රුපියල් 8,200ක ඉහළ යාමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (24) පැවසීය.

2025 අයවැය ලේඛනයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (24) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා එසේ සඳහන් කළේය.

අයවැයෙන් භාණ්ඩ හා සේවා මත බද්ද සියයට 25.94 කින් වැඩි වී ඇති බවත් 2024  භාණ්ඩ හා සේවා මත අයකළ බදු ප්‍රමාණය රුපියල්  බිලියන 2201 ක් බවට පත්වූ බවත් ඒ මහතා පැවසීය.

මෙම වසරේ එම බද්ද රුපියල්  බිලියන 2772ක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවත් එම මුදල මෙරට ජීවත් වන පවුල් ලක්ෂ 58න් බෙදුවිට එක පවුලක් වසරකදී ගෙවන බදු මුදල රුපියල් 39,817ක් බවත් ඒ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ එක පවුලක් රජයට රුපියල් 31,623ක බදු මුදලක් ගෙවූ බව කී ජයගොඩ මහතා ඒ අනුව මෙවර අයවැය නිසා එක පවුලක් ගෙවිය යුතු සාමාන්‍ය බදු මුදල පසුගිය වසරට වඩා රුපියල් 8200 කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

මෙම අයවැය සකස් කිරීමේදී සාමාන්‍ය ජනතාව ගැන අවධානයක් යොමු නොකර මහාපරිමාණ සමාගම්වලට වාසිදායක ලෙස ප්‍රතිපත්ති සකස් කර ඇති බවත් බදු ආදයම් සම්බන්ධ ප්‍රතිපත්ති දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන බවත් ජයගොඩ මහතා කීය.

මහා පරිමාණ සමාගම්වලින් රජය අය කරන සියයට 30 ක බද්දක් කිසිදු විදිහකින් වැඩි කර නොමැති වුවද තනි පුද්ගල ව්‍යාපාරවලින් අය කරන සියයට 10ක බද්ද සියයට 15 ක් දක්වා වැඩිකර ඇති බව කී පුබුදු ජයගොඩ මහතා කුඩා හවුල් ව්‍යාපාරවලින් අය කළ සියයට 10 ක බද්ද සියයට 15ක් ලෙස ඉහළ දමා ඇති බවද සඳහන් කළේය.



අදහස් (1)

අයවැයෙන් බදු වැඩි වෙනවාලු

ජයනාත් Monday, 24 February 2025 07:11 PM

මෙයාලාගේ ප්‍රතිපත්ති අනුව පාලනය කරන රටක් මුලු ලෝකේම නැහැ.. මෙයාලාගේ ප්‍රතිපත්ති පිළිගන්න 1%ක්වත් ලංකාවේත් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාතාලයට කරන්න යන දේ පොලිස්පති කියයි
2025 පෙබරවාරි මස 24 69 0

විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන ප


වී ගන්න ගත් ණය වලින් වෙන වැඩ කරනවා දැයි සොයයි
2025 පෙබරවාරි මස 24 229 0

වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපද


කැලෑ රකින්න ‘ගිනි පාලන සතියක්’
2025 පෙබරවාරි මස 24 77 0

වියළි කාලගුණ තත්වයත් සමඟ කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර අද (24) සිට මාර්තු මස 2 වැනිදා දක්වා ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කරන බ


නව ජනාධිපති මාධ්‍ය උපදේශකවරයෙක්
2025 පෙබරවාරි මස 24 1067 0

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.


’’ඉස්සෝ කන්ටේනර් දෙකක් වරායෙන් පන්නන්න යයි’’
2025 පෙබරවාරි මස 24 722 0

වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන්


උණුසුමෙන් 7000ක් පීඩාවට
2025 පෙබරවාරි මස 24 173 0

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 2278 කට අයත් 7194 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 199 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 419 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 180 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site