IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අයේෂාට එක්සත් රාජධානියේ විනිසුරු පදවියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික නීතීඥවරියක වන 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් මහත්මියට එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණයේ විනිසුරු පදවියක් හිමිව තිබේ.

අයේෂා මහත්මිය නීතීඥවරියක මෙන්ම වෘත්තියෙන් වෛද්‍යවරියක්ද වේ. එපමණක් නොව ක්‍රවුන් අධිකරණයට තේරී පත් වූ ලාබාලතම සුදු ජාතික නොවන කාන්තාවද වේ.

එක්සත් රාජධානියේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් වන අභියාචනා ක්‍රවුන් අධිකරණයේ විභාග කරනු ලබයි.

ක්‍රවුන් අධිකරණයේ විනිසුරු ධුරය ලබා ගැනීමට ප්‍රථම විභාග දෙකකින් සමත් වීම අත්‍යාවශ්‍ය කරුණකි.විභාග දෙකකින් සමත් වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර අවසානයේ රජතුමාගේ හෝ රැජිනගේ අනුමැතිය ලබා ගැනීමද අත්‍යාවශ්‍ය වේ.

අයේෂා මහත්මිය 2014 වසරේදී නිඩර් ඩේල් ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත.අනතුරුව ලීඩ්ස් සරසවියෙන් ඇය වෛද්‍ය උපාධිය ලබා ගෙන තිබේ.

 



අදහස් (10)

අයේෂාට එක්සත් රාජධානියේ විනිසුරු පදවියක්

බද්රානි Wednesday, 07 June 2023 07:45 PM

ලංකාවේ මිනිස්සුන්ගේ හීනමානය කොතරම්ද කියනවා නම්, කොහේ හෝ තැනක උසස් තත්වයකට පත්වූවන්ට නෑකම් කියන්න නම් හරිම හපන්නු. තමන්ට නැති වටිනාකම් හෝ වැදගත්කම් අනුන්ගේ මාර්ගයෙන් ලබා ගන්න නොගන්න උත්සාහයක් නැහැ. අනික මේ කාන්තාවගේ පියා එංගලන්ත ජාතිකයෙක්. අර මැදපෙරදිග රටවල දහදුක් විඳින කාන්තාවන්ට නෑකම් කියන්න නම්, බල්ලෙක් වත් නැහැ. මොනා උනත් ලංකාවේ විනිසුරු වරුන්ට නම් ආදර්ශයක් වෙයි ඇය...?

:       0       15

chandima Wednesday, 07 June 2023 07:52 PM

සම්භාවේ කියන්නේ ලංකාවේ ඉපදුනු කෙනෙක්ද ?නැතිනම් කිරි අත්තාගෙන් පස්සේ හැමෝම එංගලන්තේ ඉපදුනු කට්ටියද?

:       0       3

Nihal Wednesday, 07 June 2023 11:14 PM

මොන තනතුර ලැබුණත් වර්ණ භේදය අවසන් වීම සිහිනයක්,මොන තරම් නම් අපහාසයක් දරාගන්නවද!

:       2       1

නිහාල් Wednesday, 07 June 2023 11:57 PM

නමේ මුල් කොටස විතරයි ලාංකික. සම්පූර්ණ මනුස්සයාම ඒ රටේ. අපිට ආඩම්බර වෙන්න දේවල් නැති නිසා හොඳයි මේවා

:       0       4

M. Abhimaan Thursday, 08 June 2023 12:19 AM

ලංකාවේ ලමයි පිටරට යවල උගන්වන දෙමාපියන් ලමයාගෙ අධ්‍යාපන වැය ලෙස ආදායම් බදු දෙපාර්තුමේන්තුවට ඉදිරිපත්කලාම එය පිලිගන්නෙ නැතිබවත්, ලංකාවෙ ඉගෙනගන්න දරුවන්ගේ වියදම පමණක් වලංගුබව වරලත් ගණකාදිවරයා මාව දැනුවත් කලා. එහෙත් ලංකාවෙ දරුවෙක් පිටරට හිගිං ජයගත්විට ලොකුවට ලංකාවෙ ආඩම්බරයක් ලෙස පත්තරවල දාගන්නව. දෙමාපියන් හමගිහින්පාරට වැටුනත් උජාරු පුරම්බාරුවටනම් අත උස්සනව තුක්.

:       0       1

FINANCE Thursday, 08 June 2023 12:41 AM

වෙල් ඩන් .අයේෂා පට්ට ලස්සනයි

:       0       2

ගන්ගානි Thursday, 08 June 2023 03:08 AM

අයේෂා ඔයා? වයස 34 වෙනකොට විනිසුරු පදවිය හා වෛද්‍යවරියක්ද වෙනව. එකට අපෙ එකි, 36 වයස. බැදලත් නහැ. හරි හමන් රස්සාවකුත් නහැ. අපෙන් කකා ගෙදරට නාකි වෙනව. හබැයි ඉතින් මහින්ද මහත්යා රට හදුවම ඔය ප්‍රස්ණ ඔක්කොම විසදෙනව. ඇනික මෙයා ආගමට දහමට ලැදි කෙනෙක් වගෙ නෙවි. කොන්ඩෙ කොටට කපල පොඩ්ඩක් මලකඩ පාටකුත් තියෙනව. ඇපෙ එකි නම් අගමට, දහමට, හෙළ සිරිතට විරිතට හැදිච්ච එකි. කොන්ඩෙ බිම ගවෙන්න දිගයි.

:       4       4

upul Thursday, 08 June 2023 04:02 AM

ඇය ශ්‍රී ලාංකික නොවේ. හුදෙක් නොමඟ යවන මානසිකත්වය..ශ්‍රී ලංකන් අම්මයි තාත්තයි දෙමව්පියෝ වෙන්න පුළුවන්.ඒකෙන් අදහස් වෙන්නේ ඇය ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි. අපි සිහින දකින්නේ මෙයයි. .

:       0       4

LGP. JATHUNARACHCHI. Thursday, 08 June 2023 06:49 AM

සුභපැතුම් !!!!

:       0       2

fairoos Thursday, 08 June 2023 12:22 PM

සුබ පැතුම්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 504 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 255 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 344 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1008 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 568 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3825 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site