IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අයිසිස් නායකයා මරුට

ඇමෙරිකා එක්සත් ජනපදය කළ මෙහෙයුමක් අතරතුරදී අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි  මියගොස් ඇති බව ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් පුවත් ආයතන වාර්තා කර ඇත.

‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් ලෙවන්ත් (අයි.එස්.අයි.එස්. හෝ අයි.එස්.අයි.එල්)’ නායකයා ඉලක්ක කරගනිමින් සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ දී එම මෙහෙයුම ක්‍රියාත්මක වූ බව ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය වාර්තා කර තිබිණි. එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව තවත් නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබූ නමුත් ඔහු එම මෙහෙයුම සාර්ථක ද නැද්ද යන වග සඳහන් නොකළේය.

ඇමෙරිකානු යුද හමුදාවේ නිලධාරියකු ‘නිව්ස්වීක්’ පුවත් සේවයට මෙහෙයුම් සම්බන්ධයෙන් කෙටි විස්තරයක් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සැලසුම් කරමින් සිටින බව ධවල මන්දිර ප්‍රකාශක හෝගන් ගිඩ්ලේ පැවැසීය.

“විශාල යමක් මේ දැන්වුණා” යැයි සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.

සිරියාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව අයි.එස්. නායකයා මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ඉරාක ආරක්ෂක අංශවල ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අද (27) වාර්තා කර තිබිණි.

“සිරියාවේ අපේ මූලාශ්‍ර අයි.එස්. නායකයා මියගිය බව තහවුරු කර තිබෙනවා. ඉරාක බුද්ධි අංශවලටත් ඒ බව දැනුම් දී තිබෙනවා. අල් බැග්ඩෑඩි සැඟවී සිටින ස්ථානය සොයාගත් පසු ඉඞ්ලිබ්හිදී ඔහුත් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකායත් මෙහෙයුම අතරතුරදී මියගොස් තිබෙනවා. අල් බැග්ඩෑඩි ඔහුගේ පවුලේ සාමාජිකයන් තුර්කි දේශසීමාව වෙත රැගෙන යෑමට ද උත්සාහ කර තිබෙනවා” යැයි එක් ආරංචි මාර්ගයකින් කියැවිණි.

අල් බග්දාදිගේ මරණය සම්බන්ධ පුවත සත්‍ය නම් බොහෝ දෙනකු ඉන් සැනසීමට පත්වනු ඇතැයි බැග්ඩෑඞ් නුවර සිටින අල්ජසීරා පුවත් සේවයේ නතාෂා ගෝනයිම් සඳහන් කළාය.

“අල් බග්දාදිගේ මරණය අයි.එස්. සංවිධානයට විශාල බලපෑමක් එල්ල කරාවි යැයි විශ්ලේෂකයන් පවසනවා. මේ මරණය එම කණ්ඩායම දුර්වල කරාවි යැයි ද ඔවුන් පවසනවා. කෙටිකලකට හෝ තවත් නායකයකු නම් කරන තෙක් හෝ අල් බැග්ඩෑඩිගේ මරණය අයි.එස්. සංවිධානය දුර්වල කරාවි. අල් බග්දාදිගේ මරණය අයි.එස්. සාමාජිකයන් අන්දමන්ද කර තිබෙන බව ද විශ්ලේෂකයන් සඳහන් කරනවා” යැයි නතාෂා ගෝනයිම් කීවාය.

වසර පහක කාලයක් මුළුල්ලේ අයි.එස්. සංවිධානය මෙහෙයවූ ඉරාක-සිරියානු දේශසීමාවේ සැඟවී සිටිනු ඇතැයි විශ්වාස කෙරුණි.

අයි.එස් සංවිධානයේ අණදෙන නිලධාරීන්ගෙන් ඉතිරි වී ඇත්තේ කිහිපයක් වන අතර අයි.එස්. සංවිධානයේ ප්‍රමුඛයා ලෙස හැඳින්වෙන අල් බග්දාදි මියගිය බවට පසුගිය වසර කිහිපයේදී විවිධ පුවත් පළවිය. එමෙන්ම අයි.එස් සංවිධානය ප්‍රකාශයට පත්කළ ‘කලිෆාව’ ක්‍රමයෙන් කඩා වැටී තිබෙන අයි.එස්. සංවිධානයට එක්වූ බොහෝ දෙනා මේ වනවිට මියගොස් හෝ සිරගත කර ඇත.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා අයි.එස්. සංවිධානය මිනිත්තු 30ක හඬ පටයක් නිකුත් කළ අතර එය අයි.එස්. අබු බකර් අල් බග්දාදිගේ බව කියැවිණි. දිනපතා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද බැග්ඩෑඩි එහිදි කීය.  

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිතු පාර්ශව ඉරාකයේදී සහ ඇෆ්ගනිස්තානයේදී පරාජයට පත්ව ඇති බවත් ඇමෙරිකාව යුද්ධය මාලි සහ නයිජර් රාජ්‍යයට ගෙන ගොස් ඇති බවත් අල් බග්දාදි එම හඬ පටය ඔස්සේ කීය.

සිරියාවේ උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන මොහොතක මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. සිරියාවේ උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීම අයි.එස්. සංවිධානයට නැවත වරක් ශක්තිමත් වීමට අවස්ථාව ලබාදීමක් යැයි ඇතැම් පිරිස් චෝදනා කළහ. ඉන් සති කිහිපයකට පසු තෙල් නිධි ආරක්ෂා කරගැනීම සඳහා නැගෙනහිර සිරියාවට අමතර හමුදා යවන බව ඇමෙරිකාව සිකුරාදා (25) ප්‍රකාශ කළේය.  

ඇමෙරිකානු හමුදාවේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් බලඇණිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන බවත් මාධ්‍යයට තොරතුරු දුන් කිසිවකුත් ඔවුන්ගේ නම් සඳහන් කර නොමැති බවත් අල් ජසීරා පුවත් සේවයේ ඔසාමා බින් ජවයිද් කීවේය.

“ ඇමෙරිකානු හමුදාවේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් බලඇණිය සතුව බුද්ධි තොරතුරු තිබුණු බව ආරංචි මාර්ගවලින් කියැවෙනවා. හමුදා අල් බැග්ඩෑඩි සැඟවී සිටින ස්ථානයට ගිය අවස්ථාවේදී බග්දාදි ඔහුගේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවාගෙන තිබෙනවා යැයි වාර්තා වෙනවා. ඒ මියගියේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ බැග්ඩෑඩි යැයි ඇමෙරිකානු හමුදා විශ්වාස කරනවා” යැයි ඔසාමා බින් ජවයිද් කීය.

“2014 වසරේ සිට අල් බග්දාදි ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ නැහැ. අයි.එස්.අයි.එල්. (අයි.එස්.අයි.එස්) සංවිධානය නිර්මාණය කළ බවට පවසමින් අල් බැග්ඩෑඩි මොසුල් නුවර දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. එයින් පසු ඔහු වැඩිය දකින්න ලැබුණේ නැහැ” ඔසාමා බින් ජවයිද් කීය.

අයි.එස්. සංවිධානය බලය තිබූ කාලයේදී උතුරු දිග සිරියාවේ සිට ටයිග්‍රිස් හා යුප්‍රටීස් නිම්න දක්වාත් ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඞ් දක්වාත් පාලනය කළ අතර මිලියන ගණනාවක් ජනතාව ඔවුන්ගේ යටතේ පසුවූහ.

සැලකිය යුතු ලෙස භූමිය අහිමි වුවත් අයි.එස්. සාමාජිකයන් ලොවපුරා ස්ථාන රැසක සැඟවී සිටින බවත් ඇතැම් සටන්කාමීන් සිරියාවේ කාන්තාර ප්‍රදේශවල සහ ඉරාකයේ නගරවල සැඟවී සිටින බවත් බවත් පැවසේ.

මේ අතර වසර පහකට පසු ප්‍රසිද්ධියේ පෙනි සිටිමින් අල් බග්දාදි පසුගිය අප්‍රේල් මාසයේදී වීඩියෝ පටයක් සහ හඬ පටයක් නිකුත් කළේය. එම හඬ පටය සහ වීඩියෝ පටය නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ හෝටල් තුනකට පල්ලි තුනකට ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිදු කළේ අයි.එස්. සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් යැයි ද සඳහන් කළේය. අප්‍රේල් මස 21 වැනිදා, පාස්කු ඉරිදාවේ ත්‍රස්ත ප්‍රහාරවලින් දින අටකට පසු අප්‍රේල් 29 වැනිදා එම වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත්විය.

(055)
අල්ජසීරා ඇසුරිනි 



අදහස් (25)

අයිසිස් නායකයා මරුට

සෙන්තිල්නාතන් යාපනය Sunday, 27 October 2019 05:56 AM

සතුටුයි...!

:       0       295

asela Sunday, 27 October 2019 06:02 AM

මෙහෙ කට්ටියකටත් හුඟක් රිදේවි...!!!

:       352       320

ඉම්රාන් Sunday, 27 October 2019 06:06 AM

ජයවේවා...!

:       0       209

pakeer Sunday, 27 October 2019 06:30 AM

තාම විශ්වාස නැහැ මරුණා කියලා. ඇමෙරිකාව මෙහෙයුමක් කරලා විතරයි.

:       7       71

saali Sunday, 27 October 2019 06:45 AM

අමෙරිකන් කාරයෝ නොම්මර එකේ හපන්නු. අපිටත් ඉදිරියේ ජය නියතයි...!

:       106       175

Rizwan Sunday, 27 October 2019 06:49 AM

ඉස්ලාම් ආගම වෙනුවෙන් දිවි පුදන්නන් ස්වර්ගයට යනවා.

:       1530       230

saliyaSunday, 27 October 2019 07:33 AM

අපේ බෝම්බ කාරයොත් එක්ක එයත් අපායේ.., කල්පයකට එනවා බොරු... !

:       339       371

rupasingheSunday, 27 October 2019 09:48 AM

මුස්ලිම් ආගම අදහන්නන් තම ආගම වෙනුවෙන් නොකරන දෙයක් නැත. එහි හොඳ මෙන්ම මහා භයානකකම්ද තිබෙන බව අපිට පසුගිය දිනවලදී පැහැදිලි වූ බව මතක ඇතැයි සිතමි....

:       181       325

sandy123Sunday, 27 October 2019 09:05 AM

පොඩ්ඩක් හොයලා බලන්න මේ සහරාන්ගේ ගෝලයෙක්ද කියලා... මම දන්නා හැටියට නම් කිසිම ආගමක මිනී මරන්න කියන්නේ නැහැ. මුස්ලිම් නමක් හෝ දමිල නමක් තිබ්බ පලියට ඔහු හෝ ඇය මුසල්මානුවෙක් හෝ හින්දු භක්තිකයෙක් වෙන්නේ නැහැ. එය තමන් උපදිනකොට දෙමාපියන්ගෙන් ලැබෙන දායාදයක්. සීමා සහිත පිරිසක් තමන්ගේ රුචි අරුචිකම් මැද අදහන හෝ පිළිගන්න ආගම වෙනස් කළත් සමස්තයක් ලෙස සැවොම ඒ ඒ ආගම් හෝ දර්ශන පිළිගන්නවා. නමුත් නම අනුව හදවතින් භක්තිකයෙක් වෙන්නේ නැහැ...

:       81       46

හනීෆාSunday, 27 October 2019 11:22 AM

ස්වර්ගයට නොවෙයි යක්ෂයා වෙතට ගෙනයනවා..

:       19       29

Dasa PSunday, 27 October 2019 02:18 PM

එහෙනම් දිවි පුදන්න. හැබැයි තනියම හොඳේ....

:       14       32

kenath Sunday, 27 October 2019 06:57 AM

කමෝන් යූ.එස්.ඒ....

:       161       178

kenath Sunday, 27 October 2019 06:59 AM

ඇමෙරිකාවට කට්ටිය සූ ගාලා බනිනවා. අපිට බෝම්බ ගහපු අයට... ඇමෙරිකාව දෙනවා උන්ට පලු යන්න..

:       98       116

Priyantha Sunday, 27 October 2019 07:26 AM

ඉස්ලාම් ආගම වෙනුවෙන් මෙහෙම දිවි පුදන්නෝ ස්වර්ගයට යනවා නම් මිනීමරුවන් විතරක් නෙවේ.. ඌරන් වගේ සත්තුත් ස්වර්ගයට යන්න ඕනෑ...

:       264       288

රවින් Sunday, 27 October 2019 07:42 AM

ආ..!! කුර්ධිවරුන් හූ කියලා ගිය කට්ටියද මේ...? මුලදී සිරියානු කුර්දින් හට සහයට කියලා ගිහින් පස්සේ නන්නත්තාර කර තුර්කීය මෙහෙයුම් ආරම්භ කළවිටද දන්නේ ඔය ත්‍රස්තවාදීන් ඉන්න තැන? ඕං අයි.එස්.අයි.එස්. නායකයාව මරලාලු. එකයි එකයි එකතුකරන හැටි කියලා දෙනවා වගේ...?

:       0       33

ප්‍රියදර්ශන -කටාර් Sunday, 27 October 2019 08:02 AM

අපේ රටට අතක් තියපු කිසිම මිනිහෙක් යහතින් උන්නේ නෑ. මේක දෙවියන්, බුදුන් වැඩිය රටක්...

:       405       640

Nimal Sunday, 27 October 2019 08:42 AM

උන්ම හදලා වඩලා උන්ම මරනවා. මේක නොදන්න මෝඩයෝ පාටි දානවා.

:       49       267

Aris Sunday, 27 October 2019 08:53 AM

අපිට ගහපු වෙලාවේ මේ පුද්ගලයා ඉන්නේ ඉරාකයේ ඇමෙරිකානු කඳවුරක රැකවරණ මතයි කියමින් ඇමෙරිකානු විරෝධයක් අපේ රට තුළ ගොඩනගන්න හදපු අය දැන් මොකද කියන්නේ..?

:       10       52

[email protected] Sunday, 27 October 2019 10:53 AM

ඇෆ්ඝනිස්ථානයේ භාමියන් බුදුපිළිම විනාශ කිරීමේ සාපයෙන් ගැලවීමට හැකිවේයයි කිසිවිටක නොසිතව ලාඩන්...

:       108       224

Prabha Sunday, 27 October 2019 11:33 AM

බින් ලාඩන් මැරිලා හුඟක් කල්....

:       26       35

Prabha Sunday, 27 October 2019 11:01 AM

හෙට අනිද්දාට මන්නාරම පැත්තේ ඉන්නවා කියලා ආරංචි වුණොත් පුදුම වෙන්න එපා හිටන්...

:       9       23

Cps Sunday, 27 October 2019 12:02 PM

IS නායකයා මියගිය බව DNA පරීක්ෂණය මඟින් සනාථ වී තිබෙනවා. US හමුදාව තම නිවස වටලද්දී ඔහු විසින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන තිබෙනවා. IS නායකයාගේ දෙවැනියාද මෙහිදී මියගොස් තිබෙනවා.

:       21       26

Ruby Sunday, 27 October 2019 01:27 PM

මට නම් හරිම ප්‍රශ්නයක්..., කලින් 5 -6 වරක් කිව්වා සැරින් සැරේ... මොහු මැරුණා කියා. මෙන්න අායෙත් කියනවා මොහු මැරුණා කියා. ආරංචියක් තියනවා මොහු ඉන්නේ ඉරාකයේ ඇමෙරිකන් කඳවුරක කියා. මට නම් සිතෙන්නේ අපි සියලු දෙනාම ඇමරිකාවේ උගුල් වලට අසුවී ඇති බවයි...

:       0       9

Duminda Nilanka Sunday, 27 October 2019 02:01 PM

සජිත් මැතිඳුන්ගේ අධීක්ෂණය යටතේ මෙහෙයවන ලද මෙම ක්‍රියාන්විතයට අපගේ ප්‍රණාමය..!!

:       3       630

Amrabandu Monday, 28 October 2019 06:31 AM

ඒ අය කියනවා... අපි අහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 458 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 117 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 350 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 466 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 95 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 449 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 720 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site