IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


අයිස් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්

(එච්.චන්දන)

පුත්තලමේදී අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා  සදහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් සමග අද (23) අලුයම පුත්තලම නගරයේ දී පුත්තලම පොලිස් අධිකාරී කර්යාලයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය‍.

අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයා තවමත් පරිවාස කාලයේ ගත කරන ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති අයෙකු බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

තවද මෙම නිලධාරියා මීට පෙරද වැඩ තහනමකට ලක්ව සිටි අයකු බවත් , මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා සුරාබදු සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු යටතේ විශේෂ කණ්ඩායම් දෙකක් ද පත්කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සුරාබදු නිලධාරීන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම කුමක් වුවත් උපරීම විනාය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

 



අදහස් (3)

අයිස් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්

de silva Thursday, 23 July 2020 09:14 AM

ලංකාවේ කෙරෙන මත්ද්‍රවය ජාවාරම වලින් 50% කරන්නේ සුරාබදු සහ පොලිස් නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව.

:       53       57

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 July 2020 09:31 AM

වැඩ තහනම් කරලා විතරක් හරියන්නේ නැහැ. නාකොටික් ප්‍රශ්නය මෙන් මේ ප්‍රශ්නය දෙසද බලා තවත් නිලධාරීන්, නෑ හිතවතුන්, ගෙවල් වල අය, ඇතුළු තවත් අය මේ හා සම්බන්ධ දැයි බුද්ධි අංශ යොදවා ඉක්මනින්ම සොයා බලන්න. නැතහොත් ඊට සම්බන්ධ අය තොරතුරු වසන් කොට සැඟවීමට වෙරදරාවී.

:       80       134

sl Thursday, 23 July 2020 11:04 AM

කවුද දන්නේ නැහැ ජොබ් එක දුන්නු සුපින්වත් දේශපාලකතුමා...

:       11       39

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 55 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 202 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


උසස් පෙළ නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 139 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 1067 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 416 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 681 4

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 984 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 428 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site