(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට අයි.එම්.එෆ් මීටරයට ප්‍රමාණවත් දත්ත නොමැති වීම හේතුවෙන් එම කැපවීම් "නොදනී" කාණ්ඩයට ඇතුළත් කිරීමට සිදු වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
මාර්තු මස සිට ජූලි මස වනවිට ප්‍රගතිය මැනිය නොහැකි කැපවීම් සංඛ්‍යාව 9 සිට 15 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතනය පවසයි.
එසේම සමස්ථයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 100 න් 35 ක් මේ වන විට ශ්‍රී ලංකාව ඉටුකර අවසන් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර ඇත.
අයි.එම්.එෆ් මීටරයට එසේ ප්‍රගතිය මැනීමට නොහැකි වී ඇත්තේ එම කැපවීම් ඉටු කිරීමට එකඟ වූ කාල සීමාව ශ්‍රී ලංකාව පසු කර තිබුණද එම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිඳු දත්තයක් නොමැති වීම හේතුවෙන් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.
මෙසේ ප්‍රගතිය මැනීමට කිසිඳු දත්තයක් නොමැති වීමට හේතු දෙකක් බලපෑ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර තිබේ.
රජය මෙම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී තිබීම නිසා රජයේ අසාර්ථකත්වය පිළිගැනීම ප්‍රමාද කිරීමට තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම පළමු හේතුව විය හැකි බවත් ජනතාව හෝ පාර්ලිමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යයේ වැදගත් පාර්ශ්වකරුවන් ලෙස නොසළකන බැවින් ඔවුන්ට තීරණාත්මක තොරතුරු ලබාදීමට රජය උනන්දුවක් නොදැක්වීම දෙවැනි හේතුව විය හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ජූලි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 57 න් 35 ක් ශ්‍රී ලංකාව ඉටුකර අවසන් බවත් එය ජූනි මසට සාපේක්ෂව වර්ධනයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
සැප්තැම්බර් මස වන විට ශ්‍රී ලංකව කැපවීම් 71 ක් ඉටුකළ යුතුව තිබෙන බවත් ඒ සඳහා අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මසකට කැපවීම් 18 බැගින් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට සිදු වන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.
ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අයි.එම්.එෆ්. මීටරයට අසු නොවන තැන් වෙරිටේ කියයි