IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන්  රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක  සාගල රත්නායක මහතා අද (20) වැනි දා පැවසීය.

සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙක් පත් වූ පසුව ඔහු විසින් නව රජයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් ස්ථානයකදී ප්‍රකාශයට පත් කරන බව කී සාගල රත්නායක මහතා නව ජනාධිපතිවරයා පත්ව එවැනි ප්‍රකාශයක් කරන ආකාරයක් නොදුටු බවද සඳහන් කළේය.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ අපට අපැහැදිලිතාවයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙක් පත් වූ විගස එම ජනාධිපතිවරයා ජාතිය අමතා තම රජයේ ප්‍රතිපත්තිය ජනතාවට දැනුම් දෙනවා. එසේ නැතිනම් පාර්ලිමේන්තුව අමතා ප්‍රතිපත්ති ප්‍රකාශය හෙළිදරව් කරනවා. පාර්ලිමේන්තුව විසුරවා හැරීම නිසා මෙවර එම අවස්ථාව ලැබුණේ නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතත් ජනතාව අමතා ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනු අප දුටුවේ නැහැ.

අපට ගැටලුවක් මතුවුණේ මෙහිදීයි.  ශ්‍රී ලංකාව ඇමරිකාවේ උසාවියකට දැනුම් දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයන බවයි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යන බවත් එහි දක්වා තිබෙනවා.



අදහස් (8)

අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ

Asela Sunday, 20 October 2024 03:57 PM

කෝ මේ ගොල්ලොන්ගේ නායකයා සිලින්ඩර බිල්ලා අද නැත්තේ මොකෝ ?

:       14       41

ජගත් ලියනගේ Sunday, 20 October 2024 04:26 PM

සාගල! කලබල නොවී ඉන්නවාද? ඒ ගොල්ලො කලට වෙලාවට ඒවා කියයි. පුළුවන් එක ආසනයක්වත් දිනලා, ඔය ප්‍රශ්න ටික පාර්ලිමේන්තුවේදී අහන්නකෝ...!

:       1       2

Rata Perata Sunday, 20 October 2024 04:53 PM

මෙයා මොනවද දන්නේ IMF ගැන කතා කරන්න. මෙයා දන්න එකම වැඩේ ගැන රටම දන්නවා...

:       7       30

Nalaka Sunday, 20 October 2024 05:48 PM

පිනට කන ඒවා දීලා ඉඳපල්ලා...

:       6       21

විපරමා Sunday, 20 October 2024 06:28 PM

රජයේ ස්වරය ගැන එයාලා බලාගනීවි. තවම සති 4 ගියේ? තමුන්ලා සෑහෙන කාලයක් දේශපාලනේ කරලා රටම හොරාකාලා විනාශ කරපු එකනේ කෙරුවේ...

:       7       19

ජගත් ලියනගේ Sunday, 20 October 2024 06:32 PM

විකාර කතා කියන්නේ නැතුව ඉන්න. ඔයාගේ ඔය පැහැදිලි ස්ථාවරය තියන යාලුවාට මොකද වුනේ? තවත් සවුත්තු වෙන්නේ නැතුව ඔය කට්ටිය දේශපාලනයෙන් සමු අරගෙන පොතක් පතක් කියවාගෙන දෙන්න එක්ක ගෙදරට වෙලා ඉන්න.

:       5       21

අරවින්ද මොනරවිල Sunday, 20 October 2024 06:47 PM

අපහැදිලි තැන් පැහැදිලි කර ගන්නකෝ නිදාගන්න ගිය වෙලාවට සීයාගෙන්ම අහලා.

:       7       20

චින්තක Monday, 21 October 2024 12:23 PM

මේ සාගල කියන කෙනා මොන දේශපාලකයෙක්ද? පින් සීයාගේ මනදොළ සැතපුවා මිසක්, රටට වැඩක් ඇති මිනිහෙක්ද? දැන් එනවා අඩුපාඩු හොයන්න... ඔයාලා කොහොමත් 14න් පස්සේ ගෙවල්වල...!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 5 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 107 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 540 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 617 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 392 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 339 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site