IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන සමාලෝචනයට අදාල සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ  (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡා මෙහිදී පැවැත්විණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.

එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත් (Sanjaya Panth), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෘවර් (Peter Breuer), ඊවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou)  මහත්වරු ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන  මහත්වරු මීට  එක්ව සිටියහ.



අදහස් (2)

අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති

de silva Monday, 07 April 2025 08:12 PM

ලංකාවේ අවශ්‍ය ප්‍රමනෙට වැඩියෙන් සිටින 3 ගුණයක් පමණ වෙන අකාර්යක්ෂම මිනිස්සු රස්තියාදු කරන රජයේ සේවකයන්ගේ බර සහ ශ්‍රී ලන්කන් වැනි රජය සතු දිගින්දිගටම පාඩු ලබන ව්‍යාපාර වර බර තවදුරත් දරන්න පුරවැසියෝ වන අපට බැහැ , බලන්නකෝ අපට ගහන තීරු බදු සහ වෙනත් බදු වල තරම , මෙහෙම බදු ගැහුවොත් තරුණ පරපුර රට අතැරලා යාවි , කරුණාකර IMF එකට හෝ බැරිද මේවා අපේ පාලකයන්ට තේරුම් කරලා දෙන්න ?

:       0       0

Jamal Monday, 07 April 2025 11:13 PM

නියමයි! අනුර උන්ට හොඳට සැරටම අමතලා ."ඔය නය ගන්නේ ඔයාගේ කොන්දේසි වලට කියලා මේසෙට ගහලා IMF එකත් එක්ක පොරබඳන්න අපේ සුභ පැතුම්

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 722 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2249 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 559 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 578 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 291 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 527 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site