IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අයි. පී. එල්. බංකුවේ ඉන්න ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගෙන්වීමේ සූදානමක්

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් තරගවලට සහභාගි නොවන ක‍්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අදහස් කර තිබේ.

මහනුවරදී මේ මස 12 වැනිදා ආරම්භ වන දේශිය තුන්කොන් තරගාවලියට සහභාගි කරවීම සඳහා එම ක‍්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට හේතුව වී තිබේ.

මෙවර අයි. පී. එල්. තරගාවලියේදී මහේල ජයවර්ධන (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්), කුමාර් සංගක්කාර (සන්රයිසස් හයිද්‍රාබාද්) සහ ඇන්ජලෝ මැතිව්ස් (පූනේ වොරියර්ස්) යන ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ නායකයෝ ලෙස කටයුතු කරති. කෙසේ වෙතත් අසාර්ථකත්වය හේතුවෙන් කුමාර් සංගක්කාරට සහ ඇන්ජලෝ මැතිව්ස්ට බොහෝ තරගවලදී කණ්ඩායමේ ස්ථානය ද අහිමි විය.

ජීවන් මෙන්ඩිස්, (දිල්ලි), සචිත‍්‍ර සේනානායක (කොල්කටා), ලසිත් මාලිංග (මුම්බායි), අජන්ත මෙන්ඩිස් (පූනේ), කුසල් ජනිත් පෙරේරා (රාජස්තාන්), තිලකරත්න ඩිල්ෂාන් සහ මුත්තයියා මුරලිදරන් (බැංගලෝර්) සහ තිසර පෙරේරා (හයිද්‍රාබාද්) අයි. පී. එල්. තරගාවලියට සහභාගි වී සිටින සෙසු ක‍්‍රීඩකයෝ වෙති.

මුත්තයියා මුරලිදරන් මේ වන විට ජාතික කණ්ඩායමෙන් විශ‍්‍රාම ලබා සිටින අතර සෙසු ක‍්‍රීඩකයන් 10 දෙනා ජාතික කණ්ඩායම නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ වෙති.

(●●)

 



අදහස් (0)

අයි. පී. එල්. බංකුවේ ඉන්න ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගෙන්වීමේ සූදානමක්

කවිඳු Monday, 06 May 2013 10:35 AM

මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට කොන්දක් තියෙන්න ඕන තමන්ට කැමති වෙලාවක ක්‍රීඩකයන්ව ගෙන්වාගන්න. මන්දයත් ඔවුන්ට ලක්ෂ ගණනක් ගෙවනු ලබන්නේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මිසක අනෙක් රටවලට ක්‍රීඩා කිරීමට නොවන නිසා.(නදී)

:       0       0

යොහාන් Sunday, 05 May 2013 05:34 PM

ඔක්කොම ඉන්නේ බංකුවේ වගේ. මන්දයත් දැනට සෙල්ලම් කරන අයත් තමන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාසය පෙන්නලා නැහැ.(නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 06 May 2013 11:24 AM

අපි ලංකාව වෙනු‍වෙන් ක්‍රීඩා කරමු අපිට අපේ කොල්ලෝ ටික වටිනවා. (ස)

:       0       0

ගාමිණී Sunday, 05 May 2013 08:08 PM

අයියෝ එයාලට රැවුල වවාගන්න වෙලාවක් නැහැනේ හදිසියේ කැඳවපුවාම.(නදී)

:       0       0

මනෝජ් Sunday, 05 May 2013 10:13 PM

එහෙනම් ඔක්කොමලා ගෙන්නන්ට වෙනවා. අපේ අය වැඩි හරියක් බංකුවේ තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 1 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 1 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 11 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 47 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 50 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2324 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site