IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අයි. යූ. අයි දරුවන්ගේ දුබලතා තිබේද ?

91933852.jpgප්‍රශ්නය - මා 27 හැවිරිදි කාන්තාවකි. දැනට විවාහ වී වසර දෙකක් ගත වී ඇතත් තවමත් දරු පිළිසිඳ ගැනීමක් නැත. මෙය මට මහත් පීඩාකාරී වෙමින් පවතී. දෙමාපියන්ගේ ප්‍රශ්න කිරීම් ද දිගින් දිගටම සිදුවෙමින් පැවතීම තවත් කරදරයකි. වෛද්‍යවරු කිහිප දෙනකුම හමුවී ප්‍රතිකාර ලබාගත්ත ද දරුඵල ලැබුණේ නැත. මා ලබාගත් වෛද්‍ය වාර්තා මේ ලිපියට අමුණා එවමි. වෛද්‍යතුමනි. මට දරුවකු ලබාගැනීමට අයි.යූ,අයි ක්‍රමය වඩාත් සුදුසු යැයි ඇතැම් අය පවසයි. නමුත් මට ඇති ගැටළුව නම් එම ක්‍රමයෙන් බිහිවන දරුවන් විවිධ අඩුපාඩුකම් සහිතව උපතලබන බව දැනගන්නට ලැබීමයි.

පිළිතුර - ඔබගේ වෛද්‍ය වාර්තා අතර ඔබේ උදරයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වාර්තාව, ඔසප් චක්‍රය පිළිබඳ වාර්තාව, ඩිම්බ පරිණත වීම සම්බන්ධ වාරතා, රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන වාර්තාව, සැමියාගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු ගිනුම ද , සක්‍රීය ශුක්‍රාණු ප්‍රතිශතය ද තිබිණි. මේ සියල්ල සාමාන්‍යය. ඔබට දරුවකු අපෙක්ෂාවෙන් අඹු සැමි ඇසුරක් පැවැත්වීමට සුදුසු සරු කාලය ගැන උපදෙස් ලබා දී ඇති බව ද වෛද්‍ය වාර්තා පිරික්සීමෙන් පෙනී යන කරුණකි. ඔබ දෙපළට දරුවන් නොමැති වීමේ ගැටළුවක් ඇති බවක් නොපෙනේ. අයි.යූ,අයි. ක්‍රමය යනු සැමියාගේ ශුක්‍රාණු කෙලින් ම ඔබේ ගර්භාෂයට ඇතුළු කිරීමයි. දැනට එවැනි ක්‍රමයකට යාම අවශ්‍ය නැත. එම ක්‍රමයෙන් උපතලබන දරුවන් ද සාමාන්‍ය දරුවෝය. ඔවුන්ගේ අඩුපාඩුවක් ඇතිවන්නේ නැත. අවශ්‍ය වන්නේ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඉවසීමෙන් කටයුතු කිරීමයි. දෙමාපියන්ට දරු මුණුබුරන් දැකීමට ඇති නොඉවසිල්ල ඔබේ ප්‍රශ්නයක් කර නොගන්න.

male-sex-problem-sexualප්‍රශ්නය - මාගේ වකුගඩුවක් දැනට වසරකට පෙර බද්ධ කැර ඇත. වෛද්‍ය උපදෙස් අනුව මම දැන් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටියි. වකුගඩු බද්ධ කිරීමෙන් පසු මට ලිංගික අප්‍රාණිකත්වය සෑදී තිබේ. මේ සඳහා යම් ඖෂධයක් පාවිච්චි කළ හැකි ද ?

ප්‍රශ්නය - ලිංගික අප්‍රාණිකත්වය සඳහා ඖෂධ භාවිතා කළ හැකියි. නමුත් එයට අවශ්‍ය උපදෙස් ලබාගත යුත්තේ ඔබට වකුගඩු බද්ධ කිරීමෙන් පසු ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයාගෙනි.

(රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ,සී.පී.පෙරේරා මහතා පිළිතුරු දෙයි.)



අදහස් (0)

අයි. යූ. අයි දරුවන්ගේ දුබලතා තිබේද ?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3236 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2350 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3194 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3070 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1356 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36079 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site