IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අය වැය ඡන්දෙට මෛත්‍රී නෑ

අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයට සහභාගී නොවන බව පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය ඇමැති හා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවසීය.

මුලින්ම දළදා මාළිගාවට ගොස් උදේ 9.30 පූජාවට සහභාගී වී දළදා සමිඳුන් වැඳ පුදා ගත් සිරිසේන මහතා උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් බැහැ දුටුවේය.

අනතුරුව මල්වතු පාර්ශ්වයට ගොස් නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් බැහැ දුටුවේය.

තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ මේ දිනවල එතෙර වැඩ සිටිති.

සිරිසේන මහතා මාධ්‍ය සමඟ පැවසුවේ අද සවස අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන නිසා අයවැය ඡන්දයට පැමිණීමට නොහැකි වන බවයි.

ප්‍රශ්නය - කෝ ඔබ සමඟ එනවයි කියූ අනෙක් මැති ඇමැතිවරුන්?

උත්තරය - කලබල වෙන්න එපා. වෙලාවට ඒවා බලාගන්න පුළුවන් වේවි.

කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, ඇම් කේ ද ඇස් ගුණවර්ධන යන මන්ත්‍රීවරු ද, ලකී ජයවර්ධන හිටපු මන්ත්‍රී ද, හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරන් මහතා ද පැමිණ සිටි අය අතර වූහ.

IMG_2606 IMG_2610 IMG_2619

-------------------mathriipaala-mahanuwara-24-11-2014-3 -------------------mathriipaala-mahanuwara-24-11-2014-9

01 02 03 04 05

ඡායාරූප- ගාමිණි රණසිංහ



අදහස් (0)

අය වැය ඡන්දෙට මෛත්‍රී නෑ

අනුර ශාන්ත Monday, 24 November 2014 08:32 AM

ඔබට ජයෙන් ජය ! (නදී)

:       0       0

ඇසිලින් Monday, 24 November 2014 01:27 PM

දැන් ඔක්කොම අයවැය එන් ජි ඕ වලින්. (නදී)

:       0       0

රාජා Monday, 24 November 2014 08:37 AM

අය වැය වගේ රටට වැදගත් දේ මග හරින්න එපා. ඒවා අපිට වැඩක් තියෙන දේ. පන්සල් යන්නේ ඔබතුමාට ජය වෙන්න හිතලා. අපිට එ්කෙන් ලොකුවට සෙතක් නැහැ. අපිට ඕන ඔබ තුමා කොහොමද අපි ගැන බලන්නේ කියල. අපි ඡන්දය දෙන්නේ ඒකට මිසක් පන්සල් යනවට නෙමෙයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 24 November 2014 08:47 AM

"මෛත්‍රී" කියන නම කුමන පුවත් පතක හෝ පොල් ගෙඩි අකුරෙන් වැටුනත් අද ලංකාවේ විකිනෙන්නේ නැති පුවත්පත් පවා උනු කැවුම් වගේ විකිනෙනවා. ඒ තරම් ජනතාවගේ උනන්දුව. (නදී)

:       0       0

ගමගේ Monday, 24 November 2014 08:57 AM

අනේ දෙවියනේ කොළපාට මල් මාලයකුත් දාලා (නදී)

:       0       0

බන්දුල දි සිල්වා Monday, 24 November 2014 02:39 PM

අය වැය ඡන්දෙදි සහභාගි නොවීමත් එයට පක්ෂව ඡන්දය නොදීමත් නිසා එයින් සහන හිමි ජනතාවගේ ඡන්ද ඔබට නොලැබීමට හේතුවක් වෙන්න බැරිද ? ඒ ගැනත් හිතුවා නම් තමයි හොඳ. (නදී)

:       0       0

චාමික Monday, 24 November 2014 09:48 AM

ඔබ තුමා දිනුවොත් පමණයි අපිට මේ රටේ පයගහන්න වෙන්නේ.(හේ)

:       0       0

සුදත් Monday, 24 November 2014 03:29 PM

මම මගේ අතින් ටිකෙට් එකක් අරන් ඇවිත් මගේ ඡන්දය දාන්නේ රට බේරාගත් මහින්ද උතුමානන්ට (නදී)

:       0       0

සන්ජීව Monday, 24 November 2014 05:42 AM

ඔබ‍ට ජය !(දිල්)

:       0       0

තිලංග Tuesday, 25 November 2014 03:27 AM

ඔබට ජය! (නදී)

:       0       0

නිශාන්ත Monday, 24 November 2014 05:51 AM

ඡන්දෙට ආව කියලා මොනවා වෙන්නද? මොකද පරද්දන්න කියලද? දැන් ඔන්න ඒ පාර පලාත් සභාවක් වත් පෙරලන්න පුළුවන්ද කියලා බලනවලු ගැම්මක් ගන්න. ජනතාව ප්‍රතික්‍ෂේප කරපු උදවිය සහ ජනතාවගේන් විරොදය එල්ල වුන ඇමතිලා සමග ඉදගෙන ඡන්ද දිනන්න පුළුවන්ද? (නදී)

:       0       0

නියෝමාල්- දෝහා කටාර් Monday, 24 November 2014 10:06 AM

නිහතමානි නායකයෙක්.ඔබතුමාට ජය පතනවා.විදේශගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ සියලුම සහයෝගය ඔබ තුමටයි.ජය වේවා!(හේ)

:       0       0

සුනෙත් Monday, 24 November 2014 05:55 AM

වැද පුදාගෙන ගෙදර ගියොත් නරකද. (නදී)

:       0       0

පියල් Monday, 24 November 2014 05:56 AM

කලබල වෙන්න එපා. වෙලාවට ඒවා බලාගන්න පුළුවන් වේවි. මෙතුමා අනිත් පැත්තට ආවෙත් උදේ ආණ්ඩුවේ උත්සවයකටත් සහභාගී වෙලානේ. (ස)

:       0       0

සේනාදීර Monday, 24 November 2014 05:57 AM

වටේ ඉන්න උදවිය දැක්කම ආණ්ඩුවට කලබල වෙන්න දෙයක් නෑ. (ස)

:       0       0

ගුණපාල Monday, 24 November 2014 05:03 PM

කොළ පාට මල් මාලය දැම්මම දාගත්තද? හරි සන්තෝෂයි (නි)

:       0       0

ශිරෝමල් Monday, 24 November 2014 06:03 AM

ජයශ්‍රී අනාගත ජනාධිපතිතුමනි. (ස)

:       0       0

ප්‍රතාපසිංහ Monday, 24 November 2014 06:04 AM

ඔබටත් පරිත්‍යාගශීලී ව ඔබ සමග පැමිණෙන සියළු දෙනාටත් ජයෙන් ජය පතමු!රටට යහපතක් ම වෙිවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාළනය වෙනුවෙන් අපි ඔබ සමග නිරතුරැව රැදී සිටින බවට සපථ කරමු! (ස)

:       0       0

දයා Monday, 24 November 2014 06:06 AM

බුදුන් දැක නිවන් දකිත්වා, හැකි ඉක්මනින් (අ)

:       0       0

සුජිත් Monday, 24 November 2014 06:10 AM

මෙතුමගේත් කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුව හොඳ නැත්නම් ආර්ථිකය වැරදි පාරකනම් අය - වැයට විරුද්ධව ඡන්දය දීලා එතුමාගේ නියම අරමුණ ජනතාවට පෙන්නන්න තිබුනා. එන්න ඉන්න අය මේවා ගෙන සිතා බලයි ." මෛත්‍රී පාල ණයක් " අරගෙන වගේ පෙනෙන විදියට.(අ)

:       0       0

ශිරෝ Monday, 24 November 2014 06:14 AM

ඇමති වරප්‍රසාද ලබමින් ඉන්නට තිබුන අවස්ථාව අතහැර ලොකු අවදානමක් තිබෙන බවද දැනගෙන එලියට ඇවිත් කතා කරන්න කොන්ද හයියක් තිබුන එකට ගරු කරනවා. බලුපොරය මැද්දට පැනල නිකන් කෑගහනවට වඩා නොගිය එක හොදයි. පරිනත බව එකෙන් පේනවා. (අ)

:       0       0

රධිමා Monday, 24 November 2014 06:18 AM

අයවැය ඡන්දෙට ඔබතුමා යන්නේ නැද්ද එතකොට. ඉතින් කොහොම ආණ්ඩු පෙරලන්නද ? චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්තයාගේ දියනියක් නෙවෙයිද? (ස)

:       0       0

සමන් Monday, 24 November 2014 06:23 AM

කොහොම හරි රනිල් උන්නැහේ නායකයා කරන්න කට්ටිය ගන්න අවසාන උත්සාහය. නමුත් මහින්ද දිනන එක වලක්වන්න බැරි වෙන පාට දැන්නම් හොඳට පේන්න තියනවා (නදී)

:       0       0

රංජිත් Monday, 24 November 2014 10:37 AM

මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවොත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවා කියලා ගිවිසුම් ගැහුවට දිනුවට පස්සේ නොකලොත් මොකද කරන්නේ ජනාධිපතිට නඩු දාන්න බෑ නේ ? එතාකොට කවුද පොදු අපේක්ෂක වෙන්නේ ? (හේ)

:       0       0

වික්ටර් Monday, 24 November 2014 06:28 AM

මට නම් මොහු ගැන කිසිම පැහැදීමක් නැහැ. මෙයත් 18 ට පක්ෂව ඡන්දය දුන් කෙනෙක් නේද? (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 06:30 AM

සිරිසේන මැතිඳුනි, ඔබතුමා බලයට අවොත් පළමුව මේ රොතු පිටින් ඉන්න මැති ඇමති බුරුත්ත අඩුකරන්න බලන්න. (නි)

:       0       0

රේණු Tuesday, 25 November 2014 04:49 AM

හමුදා විරුවන්ව අවතක්සේරු කළ කිරි ඇල්ල මහත්තයාව නේද ඉස්සර කරගෙන යන්නේ අනාගතයේදි රටට දළදා සිමිදුගේම පිහිටයි(අ)

:       0       0

අප්පුහාමි Monday, 24 November 2014 07:21 PM

කමක් නැහැ. අවුරුදු 27 ක අඩුපාඩු මාස තුනෙන් දවස් 100 න් ලැබෙනවානේ ඉස්සරට! (නි)

:       0       0

ඇසිලින් Monday, 24 November 2014 07:23 PM

ඡායාරූප වලින් නම් ලංකාව කෑමබීම අඩු නැති සුරපුරක් කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

ජයා Monday, 24 November 2014 06:55 AM

ඔබගේ ප්‍රයත්නයට ඉතා සිතින් සුබ පතනවා. ඔබට ජය ස්ථීරයි. (නදී)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 24 November 2014 11:48 AM

අනේ මෙතුමා තව ටිකක් ඉවසුවා නම් මොකද වෙන්නේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ මෙයට දිනන්න බෑ.(හේ)

:       0       0

ශෙහාන් Monday, 24 November 2014 07:05 AM

ජය ශ්‍රී! (නදී)

:       0       0

ශෙහාන් Monday, 24 November 2014 07:05 AM

ජය ශ්‍රී! (නදී)

:       0       0

කුමාරසිරි Monday, 24 November 2014 07:09 AM

ඊයේ ජනාධිතුමා නිදන් වස්තු තැන්පත් කල සද හිරු සෑය වැදපුදා ගන්න මෙතුමටත් හිතිලා වගේ. (නදී)

:       0       0

කුමාර Monday, 24 November 2014 07:15 AM

ඔබ තුමාට ජයවේවා! රට යහමගට ගන්න ශක්තිය ලැබේවා (නදී)

:       0       0

සමන් Monday, 24 November 2014 07:20 AM

ඔබට දිනන්න පුලුවන්. ඒත් සල්ලි දෙන්නම් කිව්වත් එස් බී මර්වින් වගේ අය නම් ගන්න එපා (නදී)

:       0       0

දසුනි Monday, 24 November 2014 07:28 AM

ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි.ඉදිරියටම යන්න. සුභ පැතුම්!.(හේ)

:       0       0

නිරාන් Monday, 24 November 2014 08:04 AM

මගේ රට දිනවන්න ඔබතුමා කල කැපකිරීමට ලංකික මතු අනාගතේ දිනක ඔබතුමාව දේවත්වයෙන් පිදුම් කරාවී . (අ)

:       0       0

හසන්ත Tuesday, 25 November 2014 12:55 AM

නිහතමානී නායකයෙක්.ඔබතුමාට ජය පතනවා.ඔබතුමා දිනුවොත් පමණයි අපිට මේ රටේ පයගහන්න වෙන්නේ.ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි.ඉදිරියටම යන්න. සුභ පැතුම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 215 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 201 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 295 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 264 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 258 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 177 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site