IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අය වැය ප්‍රෝඩාවක් බව ජනපතිට කීවා‘ - බන්දුල

අය වැය ඡන්ද විමසීමේ දී නිදහසේ ඡන්දය පාවිච්චි කළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවක දී කීවේය.

අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට හයක් වෙන් කළායැයි කීවද එතරම් ගණනක් වෙන් කර නැති බව හා අය වැයෙන් ජනපතිට දී තිබෙන්නේ දිරවීමට නොහැකි ලණුවක් බව සිරිසේන මහතාට පැවසූ බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ ගැන අගමැති හා මුදල් ඇමැති   සමග සාකච්ඡා කරන බව ජනපති දැනුම් දුන් බව ද ඔහු කීවේය.

Web_20151124bandula1

Web_20151124bandula2



අදහස් (0)

‘අය වැය ප්‍රෝඩාවක් බව ජනපතිට කීවා‘ - බන්දුල

ලංකාසිරි Tuesday, 24 November 2015 06:01 PM

අවුරුදු දහයක් තිස්සේ මෙයාලා මොනවද රටට කළේ? දැන් තමයි මෙයාට වැරදි පෙනෙන්න අරන් තියෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 November 2015 09:29 PM

2500 කින් පවුලකට කන්න දෙන හැටි කියලා දුන්නා අමතකවෙලා වගෙයි ! අපි නම් මැරිලා ඉපදුනේ නැහැ ඔන්න (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 24 November 2015 10:26 PM

ප්‍රෝඩාවක් හෝ ඇත්තක් වුණත් මෑතකාලින දේශපාලකයන් කටයුතු කරන්නේ තමන්ගේ අනාථභාවයෙන් මිදීමටය. මේ නිසා සාමාන්‍ය ජනතාව වන අපි දේශපාලන හිඟන්නන් පසුපස යන අන්ධයන් නොවිය යුත්තෙමු. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 November 2015 10:37 PM

ශ්‍රී ලාංකිකයින්ට ඉදිරියේදී හොඳ හොඳ දේවල් අසන්නට, දකින්නට, අත්විඳින්නට ලැබෙනු ඇත (නි)

:       0       0

රාධා Thursday, 26 November 2015 12:52 AM

බන්දුල මහත්මයා, ඔබේ ඇමති කාලේ ප්‍රෝඩාවන් තිබුනෙම නැත්ද ? නැත්නම් ඒකාලේ ජනාධිපතිට කිව්වේ නැත්ද ? (රේ)

:       0       0

රෝහන Wednesday, 25 November 2015 04:32 AM

වින්සන්ට් , කාලෙකින් හොද අදහසක් දකින්න ලැබුනා.(රේ)

:       0       0

මාලනී Wednesday, 25 November 2015 04:56 AM

කට්ටියක් එකතුවෙලා මහින්ද මහත්තය හදාහෙන ආපු රට කන්න පටන් අරගෙන. (බ)

:       0       0

ඩයස් Wednesday, 25 November 2015 05:14 AM

බන්දුල මහත්තයම කියන්න අපි කොහොමද ඔබතුමා විශ්වාස කරන්නේ කියල. ඔබතුමා ඇමති ඉන්න කාලේ කිව්වේ 2500 ජීවත් වෙන්න කියලනේ...(බ)

:       0       0

නන්ද Tuesday, 24 November 2015 01:29 PM

ඔබතුමාලා ජනතාවට දෙන දිරපු ලණු ගැන අපි හොඳින් දන්නවා (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 24 November 2015 01:30 PM

මෙතුමාගේ කතා අපිට විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

සම්පත් Tuesday, 24 November 2015 01:30 PM

හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

සමන්ති Tuesday, 24 November 2015 01:42 PM

මේ අයවැය නිසා රුපියල් 2500 කටත් අඩුවෙන් ජීවත්වෙන්න පුලුවන් වගේ (නි)

:       0       0

සෙබස්තියන් Tuesday, 24 November 2015 01:58 PM

අනේ මන්දා! මේ මහත්තයා මොනවා කියවනවද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ති Tuesday, 24 November 2015 02:20 PM

තීරුබදු රහිත වාහන නොගෙන්වන නිසා අපිට පාඩුයි නේද? (නි)

:       0       0

දහම් Tuesday, 24 November 2015 02:39 PM

සෙබස්තියන්, ඔහෙලා වගේ තේරෙන්නේ නැති අය නිසා තමයි රටට මෙහෙම වුණේ. (නි)

:       0       0

සිතිර Tuesday, 24 November 2015 02:37 PM

ඔබතුමාලට වගේම වර්තමාන ආණ්ඩුවටත් මෙහෙම ගියොත් නම් වැඩිදුර යන්න බැරිවෙයි වගේ (නි)

:       0       0

උඩුවර Tuesday, 24 November 2015 02:59 PM

දැන් කතා ඇති (නි)

:       0       0

සමන් Tuesday, 24 November 2015 03:04 PM

දුම් පරීක්ෂා කිරීමේ ගාස්තුව වැඩිකළාට එය බද්දක් නොවෙයි නේද? (නි)

:       0       0

වරුණ Tuesday, 24 November 2015 03:28 PM

අනේ අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

සුසන්ත Tuesday, 24 November 2015 03:39 PM

මේ අයවැයෙන් මොනවද කෙරෙන සංවර්ධන වැඩ? මොන සංවර්ධන ව්‍යාපෘතියටද ප්‍රතිපාදන වෙන්කරලා තියෙන්නේ? කිසිම සංවර්ධනයක් නෑ නේද? ඉස්සර වුන සංවර්ධන වැඩ විවෘත කරනවා ඇරෙන්න රට අලුත් සංවර්ධනයක් නෑ නේද? අනේ අපොයි යසට හැදීගෙන අාපු රටකට කළ හදියක්! (බ)

:       0       0

විරාජ් Tuesday, 24 November 2015 03:52 PM

හොඳයෝජනා වගේම නරක යෝජනාත් තියෙනවා ,දුම් පරිෂාව හා බලපත්‍ර ගාස්තුව ඉහල නැංවීම වාහනයේ වටිනා කමට සාපේක්ෂව වෙනස් වෙන්න ඕන, ඒ වගේම තීරු බදු සහනය අහෝසි කිරීම නෙවේ සීමා සහ කොන්දේසි පැනවීමක් සිදුවීමයි විය යුත්තේ, පර්මිට් එක අරණ අවුරුදු 5න් පහට ඕක විකුණන එක තමයි ලොකු පොඩි හැමෝම කරන්නේ, ඒවා වැරදියි,ඒවා සීමා කළොත් හොදයි (බ)

:       0       0

නවින් Tuesday, 24 November 2015 04:41 PM

ඔය අයවැය රවී නැතුව මහින්ද ඉදිරිපත් කළා නම් මෙතුමා ඔය අයවැය ගැන මෙතුමාගෙම කටින් කියයි ලෝකයේ තිබෙන හොඳම අයවැය ප්‍රකාශය තමයි මේක කියලා. අනේ යන්න මහත්තයෝ අපි කොණ්ඩ බැඳපු චීන්නු නෙමෙයි. (නි)

:       0       0

නවින් Tuesday, 24 November 2015 04:47 PM

කණ්ඩායම කලබලවෙලා වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 435 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 471 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10428 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3071 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3851 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6139 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19484 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site