IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අය වැය විවාදය කප්පාදු කරන්න හදනවා

අයවැය විවාදයට නියමිත දින ගණන කපා හැර අයවැය හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට රජය සැළසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න මහතා චෝදනා කරයි.

පාර්ලිමෙන්තු ස්ථාවර නියෝග අනුව අයවැය විවාදයට දින 26 ක් වෙන්කර තිබියදී රජය සැරසෙන්නේ එය දින 20 ක් දක්වා අඩු කිරීමට බව ඔහු කියයි.

බිලී බා ගත් මන්තී‍්‍රවරුන් පිරිසකින් බහුතරය සකස් කරගෙන සිටිනා රජය අයවැය කෙසේහෝ සම්මත ගන්නා වුවත් අයවැය ජනතාවට හිතැති ලෙස වෙනස් කරවීමට විපක්ෂයට ලබාදෙන අවස්ථාව වන අයවැය විවාදයේ දින ගණන කපා හැරීම කිසිසේත්ම සාධාරණ නොවන බව මන්තී‍්‍රවරයා පවසයි.

මෙම මස 24 වැනිදා ජනපතිවරයා පාර්ලිමෙන්තුවට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්තී‍්‍රවරයා පවසන ආකාරයට 24 වැනිදා අයවැය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරුණු පසු දෙවන වර කියවීම ඊට පසු දිනයේ එනම් 25 වැනිදාත්, අවසන් විවාදය 30 වැනිදාත් සිදුකිරීමට රජය සැළසුම් කර ඇත.අනතුරුව පැවැත්වෙන පාර්ලිමෙන්තු කමිටු විවාදය නොවැම්බර් මස 18 වැනිදායින් අවසන් වන අතර පාර්ලිමෙන්තු ස්ථාවර නියෝග අනුව දින 26 ක් වෙන්කරදී තිබෙන අයවැය විවාදය මේ අනුව දින 20 ක් ගතවන තැන නිමාවේ.

‘‘කවුරුවත් ඉක්මනින් ඉදිරිපත් කෙරෙන අයවැයක් ඉල්ලා සිටියේ නැහැ.ඌවේ ප‍්‍රතිඵල වලින් රජය කොච්චර බය වෙලාද කියලා මේකෙන් හොදට පෙනෙනවා.අයවැය සම්මත කරගන්න එක කොහොම හරි කරගත්තත් ඉතාම වැදගත් වන්නේ අයවැය විවාදය.ඒක කපා දමන්න රජය උත්සාහ කරනවා කියන්නේ පාර්ලිමේන්තුවත් හෑල්ලූවට ලක්වෙන එක‘‘ මන්තී‍්‍රවරයා කියයි.

තත්ත්වය මෙසේ වේ නම් අයවැය පාර්ලිමෙන්තුවට විදුලිය වේගයෙන් ඉදිරිපත් කෙරෙනු ඇතැයිද එහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විමසා බැලීමට කාලයවත් ලබා නොදී ඉක්මනින්ම සම්මත කෙරෙනු ඇතැයිද ඔහු පවසයි.

ගෘහස්ථ ආදායම පහත බැස තිබීම,රටේ ජනතාවට ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සළසා ගන්නට නොහැකිව තිබීම,ගැලපෙන රැුකියාවක් සොයාගැනීමට නොහැකිව අතරමංව සිටිනා රටේ තරුණ පරම්පරාව,අනාගතය සිහිනයක් පමණක් බවට පත්කරගෙන සිටිනා රටේ ජනතාව, ආදී කරුණු රාශියක් මෙවර අයවැයෙන් සාකච්ඡාවට ගතයුතුව තිබෙද්දී මෙසේ අයවැය විවාදයට නියමිත දින ගණන කපා හැරීමට උත්සාහ කිරීම රජය ඔවුන්ව පත්කළ ජනතාවටම කොකාපෙන්වීමක් බව මන්තී‍්‍රවරයා කියයි.

ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලයටත් විශාලතම ඇමති මණ්ඩලයටත් හිමිකම් කියන ශී‍්‍රලංකාවේ හරිනම් සිදුවිය යුත්තේ එම වාර්තාවලට ගැලපෙන ලෙසවත් දිගු අයවැය විවාදයක් පැවැත්වීම බව ඉරාන් වික‍්‍රමරත්න මන්තී‍්‍රවරයාගේ අදහසයි.



අදහස් (0)

අය වැය විවාදය කප්පාදු කරන්න හදනවා

පිටිගල Friday, 10 October 2014 06:50 PM

කොහොමත් වැඩි ඡන්දෙන් සම්මත වෙන එකනේ! (නි)

:       0       0

මාලිංග Friday, 10 October 2014 08:59 PM

අනේ මන්දා ඕවා නම් ඉතින්! (නි)

:       0       0

උපාලි Friday, 10 October 2014 11:25 PM

දීර්ඝ විවාදයක් දුන්නත්, කෙටි විවාදයක් දුන්නත් ඔබතුමාලා කියන දේ වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට ඕක සම්මත වෙනවනේ. ඇත්ත, දීර්ඝ විවාදයකින් ඒකේ අඩුපාඩු විස්තරාත්මකව රටට දැනගන්න ලැබෙනවා තමයි. ඒත් අපි කියලා මොනවා කරන්නද මන්ත්‍රීතුමා? (නි)

:       0       0

රාජකරුණා Saturday, 11 October 2014 11:22 AM

බන්දුල දැක්කේ මේ විවාදය විතරද ? මහජන මුදල් හා කාලය කා දැමීම පිලිබදව අනේද කියන්නේ. (නදී)

:       0       0

රාජකරුණා Saturday, 11 October 2014 12:35 AM

බන්දුල කිව්වා වගේ විවාදය දිගුවුණත් කෙටිවුණත් ගණන් ගන්න එපා මන්ත්‍රීතුමා. ඊළඟවර දිගු විවාදයකට යන්න පුළුවන්. (නි)

:       0       0

සමන් Saturday, 11 October 2014 03:11 AM

මගේ නම් පුද්ගලික අදහස ඔය විවාද නිකන් මහජන මුදල් හා කාලය කා දැමීමක් පමණයි. ඔය අය වැය හොඳ වුණත් නරක වුණත් ඔබ මාස ගාණක් කෑ ගැහුවත් ඕක සම්මත වෙනවා. එක නිසා මීළඟ මැතිවරණය සඳහා නියමාකාරයෙන් සුදානම් වී ඔබ රජය යටතේ හොඳ අය වැයක් ඉදිරිපත් කරන්න බලන්න. (අ)

:       0       0

සුරන්ජිත් ලාල් Friday, 10 October 2014 11:56 AM

මන්ත්‍රීතුමා, ඔබ කියන දේ මට තේරෙනවා. තවත් බොහෝ දෙනෙකුත් තේරුම්ගන්නවා. ඒත් බහුතරයක් ජනතාවට ඒකේ ඵලවිපාක තේරෙන්නේ නැහැ. අපේ රටේ අපි ඉපදී සිටින්නේ මෙවැනි දේ ඇස් දෙකෙන් දැක දැක කණගාටුවීමටයි (නි)

:       0       0

බමුණු Friday, 10 October 2014 03:24 PM

ඉතින් ඕක කියවන්න දෙයක්ද විවාදයට සහබාගි නොවී ඉන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 315 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 290 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 403 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1037 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 426 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site