IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අයි.සී.සී. ක‍්‍රිකට් වාර්ෂික සම්මාන උළෙල - 2012 ඉහළම සම්මාන හතරකට සංගක්කාර නිර්දේශ කෙරේ

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) ප‍්‍රධානතම සම්මාන හතරක් සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර නිර්දේශවී සිටියි. ලෝකයේ සියලූම කි‍්‍රකට් කී‍්‍රඩකයන් සහ කී‍්‍රඩිකාවන් අතුරින් ඉහළම සම්මාන කාණ්ඩ 4 සඳහාම නිර්දේශ වී සිටින එකම කී‍්‍රඩකයා සංගක්කාර පමණි. කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් අත්කරගත හැකි ජනපි‍්‍රයම සම්මානයක් වන ‘මහජන සම්මානය’ සඳහා මෙවරත් සංගක්කාර නිර්දේශව සිටීම කැපී පෙනේ. පසුගිය වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැති මෙම අයි.සී.සී. සම්මාන ප‍්‍රදානෝත්සවයේද සංගක්කාර මහජන සම්මානය මෙන්ම වසරේ එක්දින ක‍්‍රීඩකයා සම්මානයද හිමිකර ගත්තේය. සංගක්කාරට අමතරව ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව) සහ සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) මෙවර මහජන සම්මානය සඳහා නිර්දේශිත සෙසු කී‍්‍රඩකයෝ වෙති. මහජන සම්මානය සඳහා වන ඡුන්ද විමසීම අන්තර්ජාලය හරහා කෙරෙන්නකි. ‘මහජන සම්මානය’ සඳහා තමන් කැමති ක‍්‍රීඩකයාට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව ලෝකය පුරා කි‍්‍රකට් ලෝලීන්ට හිමිව තිබේ. www.facebook.com/cricketicc වෙබ් අඩවියට පිවිසීමෙන් මේ මස 31 වැනිදා දක්වා මහජන සම්මානය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව කි‍්‍රකට් ලෝලීන්ට ලැබෙනු ඇත. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සම්මාන අතුරින් ඉහළම සම්මානය වන වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට පිරිනැමෙන ‘ ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස් කුසලානය’ සඳහා මෙවරත් සංගක්කාර නිර්දේශවී සිටියි. මෙම සම්මානය කි‍්‍රකට් කී‍්‍රඩකයන් සහ කි‍්‍රකට් කී‍්‍රඩිකාවන්ද අතුරින් එක් අයකුට පමණක් හිමිවන සුවිශේෂී සම්මානයකි. ඊට අමතරව, වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සහ වසරේ එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මාන සඳහාද සංගක්කාරගේ නම නිර්දේශ වී ඇත. ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න වසරේ නැඟී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශව සිටිති. අජන්ත මෙන්ඩිස් සහ තිලකරත්න ඩිල්ෂාන් ද වසරේ විස්සයි/20 තරගවල දස්කම් දැක්වු ක‍්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය සඳහා නිර්දේශිත නාමලේඛනයට ඇතුළත්ව සිටිති. ශී‍්‍ර ලංකාවේ අන්තර්ජාතික තරග විනිසුරුවරයකු වන කුමාර ධර්මසේන මහතා වසරේ ක‍්‍රිකට් තරග විනිසුරුවරයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතර වෙයි. මෙවර අයි. සී. සී. ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව සැප්තැම්බර් මස 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය. ලන්ඩන් නුවරදී (2004 සහ 2011), සිඞ්නි නුවරදී (2005), මුම්බායිහිදී (2006), ජොහැන්නස්බර්ග්හිදී (2007 සහ 2009), ඩුබායිහිදී (2008) සහ බැංගලෝර්හිදී (2010) මෙම සම්මාන උළෙල පවත්වා තිබේ. වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට නිර්දේශිත (ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩිකාවන් අතරින්) සයීඞ් අජ්මල් (පාකිස්තානය), හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), ස්ටුවර්ට් බ්‍රෝඞ් (එංගලන්තය), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව), ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය*, විරාට් කෝලි (ඉන්දියාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව*, ස්ටෙෆානි ටේලර් (බටහිර ඉන්දිය කොදෙව්) වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්: සයීඞ් අජ්මල් (පාකිස්තානය), හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), ස්ටුවට් බ්‍රෝඞ් (එංගලන්තය), ෂිව්නරීන් චන්ද්‍රපෝල් (බ.ඉ.කොදෙව්), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව), ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව), මැතිව ප‍්‍රයර් (එංගලන්තය), මාලන් සැමුවෙල්ස් (බ.ඉ.කොදෙව්), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඬේල් ස්ටේන් (දකුණු අප‍්‍රිකාව) සහ ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අප‍්‍රිකාව) වසරේ එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්: සහීඞ් අෆ්රිඞී (පාකිස්තානය), සයීඞ් අජ්මල් (පාකිස්තානය), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව), ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව), ස්ටීවන් ෆින් (එංගලන්තය), ගෞතම් ගම්බීර් (ඉන්දියාව), සකීබ් අල් හසන් (බංග්ලාදේශය), විරාට් කෝලි (ඉන්දියාව), ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), මෝනි මෝකල් (දකුණු අප‍්‍රිකාව), සුනිල් නරේන් (බ.ඉ.කොදෙව්), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ) සහ ෂේන් වොට්සන් ( ඕස්ටේ‍්‍රලියාව) වසරේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්: ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) සහ සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) වසරේ එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව සඳහා නිර්දේශිත නම්: ජේස් කැමරන් ( ඕස්ටේ‍්‍රලියාව), සනෙල් ඬේලි (බ.ඉ.කොදෙව්), ලව්ඩියා ග‍්‍රීන්වේ (එංගලන්තය), ඇනීෂා මොහොමඞ් (බ.ඉ.කොදෙව්), සරා ටේලර් (එංගලන්තය) සහ ස්ටෙෆානි ටේලර් (බ.ඉ.කොදෙව්) වසරේ විස්සයි/20 ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව සඳහා නිර්දේශිත නම්: ජේස් කැමරන් ( ඕස්ටේ‍්‍රලියාව), සනෙල් ඬේලි (බ.ඉ.කොදෙව්), අලීෂා හේලි ( ඕස්ටේ‍්‍රලියාව), ඇනීෂා මොහොමඞ් (බ.ඉ.කොදෙව්), මිතාලි රාජ් (ඉන්දියාව), ලීෂා ස්ටෙල්කාර් ( ඕස්ටේ‍්‍රලියාව), සාරා ටේලර් (එංගලන්තය) සහ ස්ටෙෆානි ටේලර් (බ.ඉ.කොදෙව්) වසරේ නැඟී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්: ටෙ‍්‍රන්ට් බෝල්ට් (නවසීලන්තය), ඩග් බ‍්‍රැක්වල් (නවසීලන්තය), දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව), පැට් කමින්ස් ( ඕස්ටේ‍්‍රලියාව), නසීර් හුසේන් (බංග්ලාදේශය), ජුනයිඞ් ඛාන් (පාකිස්තානය), නේතන් ලයන් ( ඕස්ටේ‍්‍රලියාව), ටිනෝ මාවොයෝ (සිම්බාබ්වේ), සුනිල් නරේන් (බ.ඉ.කොදෙව්), ජේම්ස් පැටිංසන් ( ඕස්ටේ‍්‍රලියාව), ළහිරු තිරිමාන්න (ශ්‍රී ලංකාව) සහ මැතිව් වේඞ් ( ඕස්ටේ‍්‍රලියාව) වසරේ විස්සයි/20 තරගවල දස්කම් දැක්වු ක‍්‍රීඩකයා සඳහා නිර්දේශීත නම්: රවී බොපාරා (එංගලන්තය - ලකුණු 10 ට කඩුලූ 4), තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව - නොදැවී ලකුණු 104) ක‍්‍රිස් ගේල් (බ.ඉ.කොදෙව් - නොදැවී ලකුණු 85) මාටින් ගප්ටිල් (නවසීලන්තය - නොදැවී ලකුණු 91) මොහොමඞ් හෆීස් (පාකිස්තානය -  ලකුණු 10 ට කඩුලූ 4) ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය - ලකුණු 99) රිචඞ් ලෙවි (දකුණු අප‍්‍රිකාව - නොදැවී ලකුණු 117) බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය - නොදැවී 81) අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව - ලකුණු 16 ට කඩුලූ 6) සුනිල් නරේන් (බ.ඉ.කොදෙව් - ලකුණු 12 ට කඩුලූ 4) එලියස් සනී (බංග්ලාදේශය - ලකුණු 13 ට කඩුලූ 5)



අදහස් (0)

අයි.සී.සී. ක‍්‍රිකට් වාර්ෂික සම්මාන උළෙල - 2012 ඉහළම සම්මාන හතරකට සංගක්කාර නිර්දේශ කෙරේ

ටෝනි Wednesday, 15 August 2012 09:30 AM

උණුසුම් සුභ පැතුම්......! .(ස)

:       0       0

ආනන්ද Wednesday, 15 August 2012 09:39 AM

නියමයි සංගා (දී)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 10:41 AM

දක්ෂයට කොතනත් තැන (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 15 August 2012 11:26 AM

ප්‍රතිචාර දාලා විතරක් මදි. අපේ සංගට මනාපයක් දෙන්න මෙන්න මේකට ගිහිල්ලා. http://www.facebook.com/cricketicc (නි)

:       0       0

අසින්ත Wednesday, 15 August 2012 11:58 AM

හොදමදේ අපිට (දී)

:       0       0

වාසල දයාරත්න Wednesday, 15 August 2012 11:54 AM

" අනේ සංග ඉංග්‍රීසීයෙන් කතා කලොත් එකේ තේරුම සිංහලෙනුත් කියන්න . නැත්නම් දන්නවනේ . ඔබට සුබ අනාගතයක් සංගා ". (දී)

:       0       0

අමිල Tuesday, 14 August 2012 11:12 PM

අපේ සංගාට උණුසුම් සුභ පැතුම්! ඔය සම්මාන හතරම ගන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

නිමල් Wednesday, 15 August 2012 12:42 AM

නියමයි‍‍...අපේ කොල්ලා.(ස)

:       0       0

රංග Friday, 17 August 2012 09:47 PM

සුභ පැතුම් සංගා! (නි)

:       0       0

රුවන් Wednesday, 15 August 2012 09:44 PM

සංගා ඔබ තමයි වීරයා. (ත)

:       0       0

සුජීව Wednesday, 15 August 2012 09:46 PM

නියමයි සංගා. ඔයා තමයි විරයා. මේ සම්මාන හතරම ගන්න ඔයාට වාසනාව ලැබේවා. (ත)

:       0       0

තිලක් Wednesday, 15 August 2012 03:25 AM

වැදගත් මහත්මයෙක් සහ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ හා සමානව නිහතමානී (නායකයෙක්)‍ (නි)

:       0       0

රමේෂ් Wednesday, 15 August 2012 03:58 AM

'කුමාර් සංගක්කාර' (නි)

:       0       0

ලංකා Wednesday, 15 August 2012 06:29 AM

සංගාට ඡන්දය දෙමු. (නි)

:       0       0

සුනිල් Wednesday, 15 August 2012 01:49 PM

සංගා ඔබට සැමදා ජයෙන් ජය පතමි...(ස)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 15 August 2012 07:34 AM

ඔහොම යන් සංගා. (නි)

:       0       0

සන්ජීව Thursday, 16 August 2012 01:04 PM

සුභ පැතුම් සංගා.. (ස)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 08:00 AM

දැන් ලොක්කෝ ටික බයවෙයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ශෂී Wednesday, 15 August 2012 02:50 PM

ලංකාවටම එකයි, ලෝකෙටම එකයි..සංගා ඔබට සුභ පැතුම්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 140 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5566 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1183 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2124 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2063 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site