(ඩයනා උදයංගනී)
ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම මහජන මතයට විරුද්ධ බවත්, ඔහු ධූරයෙන් ඉවත්කිරීම සඳහා අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.
රටේ ජනතාව විසින් පරාජය කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට නොහැකි බව ගාලු මුවදොර අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලභූමියේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලක්ෂ 69ක් ඡන්ද ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජෙට් යානයකින් මාලදිවයිනට පැන යන තත්වයට තරමට පත්කළේ මහජනතාව බවත්, පහරදී පන්නා දමා හෝ අත්අඩංගුවට ගැනීම් මගින් අරගලය අවසන් කළ නොහැකි බවත් මුදලිගේ මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කළේ තමන්ගේ පවුල, හොරවැඩ ආරක්ෂා කරගැනීමට බවත්, ඔහු අවස්ථා 6ක් අගමැති වී ජනතාව වෙනුවෙන් කිසිත් නොකළ, මහබැංකුව කොල්ල කෑ, ඡන්දයකින් පාර්ලිමේන්තුවට එන්නට නොහැකි වූ අයකු බවත් කී මුදලිගේ මහතා අරගලය ඔහු එලවීම සඳහා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් පැවසීය. පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජනය නොවන බවත්, අරගලකරුවන් විසින් ලබාදුන් ක්‍රියාකාරී සැලැස්මට පිටින් ගියොත් ඉදිරි සති දෙක තුන තුළ ආණ්ඩුවට වන දේ බලාගත හැකි බවත් ඔහු කීවේය.
අරගලකරුවන් නියෝජනය කරමින් ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ජීවන්ත පීරිස් පියතුමා, නීතීඥ නුවන් බෝපගේ, ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, දුමිඳු හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලකරුවෝ සටන අත් නොහරිති
Rasika Wednesday, 20 July 2022 04:35 PM
දැන් ලමයි ගගෙදර යන්න. ආර්තිකය ගොඩදාන්න අරගල කරලා බැහැ. අරගල නිසා වෙන්නෙ සංචාරකයො එන්නෙත් නැතිව තව රට කඩාවැටෙන එක.
වර්ණකුලසූරිය Thursday, 21 July 2022 01:22 AM
මංකොල්ලකෑමෙන් විනාශ වී ඇති රටක් නැවත ගොඩ ගැනීමට එම මංකොල්ලකරුවන්ටම බාරදීමට තරම් ශ්‍රී ලංකාවේ ගවසම්පත එකඟ වුනත් ලෝකවාසි ජනතාව එයට එකඟවේද යන්න සැක සහිතය. නීතිය මංකොල්ලකරුවන් යටතේ පැවතීම මත සිදුවිය හැකි මිනිස් ඝාතන සුළුපටු නොවනු ඇත. පීඩනය පුපුරා ඇති බව දන්නා පාලකයා එය පාලනය කරගැනීම සඳහා අවි භාවිතයට පරිසරය සකස් කරමින් සිටියි. බණ්ඩාරනායක පිළිරුවට ආරක්ෂාව සැපයිම හරහා ජනතාව බියවද්දමින් යම් මර්ධනයකට යාම සිදුවිය හැක.
ruwan Wednesday, 20 July 2022 04:41 PM
දැන් නම් මේ අය නැටුවා ඇති වගේ...!
sharm warn Wednesday, 20 July 2022 04:51 PM
ඔව්, රාජපක්ෂලාව සුරකින්න පතාගෙන ආපු කෙනෙක් ජනාධිපති කරන්න ඔවුන්ගේ හෙංචයියන්ට විලිලැජ්ජා නැතිවුණා කියලා ඒකට මහජනතාව පළිනෑ. මිනිස්සු මහපාරේ නොවිඳිනා දුක් විඳිනවා කියලා කොතේරෙන කෙනෙකුට රට දෙන්න තරම් මුදලට ගිජු අය...!
කපුටා Wednesday, 20 July 2022 04:51 PM
දැන් ඉතින් ඉවසුවා ඇති...! සුගතානන්ද, ජීවන්ත පීරිස්, නුවන් බෝපගේ, ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, දුමිඳු හෙට්ටිආරච්චි සැම දෙනාටම මල් වඩම් අවශ්‍ය නම් මා දැනුවත් කරන්න..!
Prabath Wednesday, 20 July 2022 05:13 PM
දැන්වත් යන්න.. ඔය නලු, නිළියෝ දාලා ඩිරෙක්ටර්ලා ගහන ටෙලි නාට්‍ය... චිත්‍රපටි ආයේ මිනිස්සු බලන්නේ නැහැ. ඒ හින්දා ඒ අය ටෙලිඩ්‍රාමා ආයෙ ගහන්න එපා.
fairoosWednesday, 20 July 2022 06:17 PM
ප්‍රභාත් වගේ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි..
lakvidu Wednesday, 20 July 2022 07:31 PM
ඔයාගේ රාජපක්ෂ හොර නඩෙන් ලැබිච්ච සරණ දැන් ඉස්මුරුත්තා වෙලා...
ganegoda Wednesday, 20 July 2022 05:41 PM
ජයවේවා... අරගලයට ජයවේවා..!
යෝගා Wednesday, 20 July 2022 05:48 PM
රනිල් එක්ක ගත්තාම, ගෝඨා කියන්නේ අන්තිම අහිංසකයෙක් පුතාලා. මහජනතාවත් ඔය ගොන් පාට් වලට අල්ලගන්න අමාරු වෙයි...
haputta Wednesday, 20 July 2022 05:52 PM
අනේ අපේ රටට දැන්වත් ඉදිරියට යන්න සහයෝගය දෙමු. මමත් ඔතැන හිටියා. කාලයක් දීලා බලමු... ඔතන ජීවත් වෙන්න අවශ්‍ය නෑ...
Chinthaka Wednesday, 20 July 2022 06:17 PM
අච්චර ඡන්දේ අරගෙන ආපු ගෝඨාභයට යන්න කිව්වා. දැන් කියනවා රනිල් ගත්තු ඡන්ද ගාන මදිලු. අනුරගේ ස්ට්‍රටෙජි හරියන්නේ නැති නිසා මේ ගොල්ලන්ට හැමදාම පාරේ තමා ඉන්න වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
saaliWednesday, 20 July 2022 07:36 PM
3% මහා ලොකු ගණනක්ය. රනිල්ට තියෙන්නේ සියයට 2 ක් විතරයිලු.
saliya Wednesday, 20 July 2022 06:29 PM
ඔබලගේ මතය සමස්ත සමාජයේ මතය නොවේ. රැකියා ව්‍යාපාර අනතුරේ. ධනාත්මක සහයෝගයක් දී වගකීමෙන් කටයුතු කිරීම සැමගේ යුතුකමයි. ඊළඟ මැතිවරණයේ දී රනිල් එළවා කැමැත්ත ඉටුකර ගන්න...
කිරි පුතා Wednesday, 20 July 2022 06:35 PM
මොවුන් රට විනාශ කරනවා. මොවුන්ට වෙන වැඩ නැතිවුණාට සාමාන්‍ය ජනතාවට වැඩ තියෙනවා. ගාලුමුවදොර ඔවුන් සතුදේපළක් නොවෙයි. ඒ පැත්තම විනාශ කරලා තියෙන්නේ අසීලාචාර අරගලකරුවන්... දැන් ඉතින් යන හෝ යවන කාලය හරි. මේ කළා මදෑ...!
Sirisena Wednesday, 20 July 2022 06:49 PM
පටන්ගත්තු බිස්නස් එක දාලා යන්න සමහරුන්ගේ කැමැත්තක් නෑ වගේ... මොකද හොඳට හම්බ කරන මාර්ගයක් වෙලා.. සමහරු කාලා බීලා සැපෙන් ඉන්න එතැන ඉන්නේ...!
ජගත් Wednesday, 20 July 2022 07:05 PM
"නිර්පාක්ෂික" අරගලේ මහ මොළකාරයින් පේනවනේ, අන්තරේ රස්සාවක් නැති හිඟන්නන් කියන විදිහට රට ගෙනිච්චොත් මරුවට හිටියි..
demin Wednesday, 20 July 2022 07:30 PM
පින් සිද්දවෙයි දැන් ඇති. මාත් අරගලේ හිටියා. රාජපක්ෂලා එලෙව්වා. දැන් මේ මනුස්සයාට කරගෙන යන්න දෙන්න. ජේවීපී පෙරටු දේශපාලනේ පස්සේ කරගනිල්ලා.
SajeewaWednesday, 20 July 2022 10:07 PM
රාජපක්ෂලා එලෙව්වා. මොලේ කචල්ද ? අවුරුදු විස්සක් තිහක් දේශපාලනේ කරපු කොළඹින් ආසනයක් දිනා ගන්න බැරි උන එකා ජනාධිපති උනේ රාජපක්ෂලාගේ අනුභාවයෙන් නෙමෙයිද ? පේන විදිහට බැසිල්ගේ චිචිගේ සයිබර් හමුදාව බෑනාගේ පත්තරේටත් බැහැලා වගෙයි.
dinithiThursday, 21 July 2022 09:19 AM
එතකොට ලංකාවෙන්ම චන්ද 100000 ක් නැති පෙරේට්ටන්ටද දෙන්න කියන්නේ.
මැක්ස් Wednesday, 20 July 2022 07:38 PM
රට වෙනුවෙන් නව ජනාධිපතිවරයාට කළහැකි පළමු කාර්යය වනුයේ මේ කාලකණ්ණි රැල මට්ටු කරලීමයි. එන එන මනුස්සයා පන්නමු කියන්න මේ ගොල්ලන්ට තියෙන බලය මොකක්ද? මෙයාලා නියෝජනය කරන දේශපාලන පක්ෂ පහුගිය ඡන්දවල දී කොච්චර මනාප හෝ ඡන්ද ලබාගත්තද?
Hemantha kumara Wednesday, 20 July 2022 07:52 PM
අරගලයට ජයවේවා...!
සලීම් Wednesday, 20 July 2022 08:25 PM
විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක්... ජනපති වශයෙන් පත්කර ගන්නේ නම් එය ජනතාව ලබන අන්ත පරාජයකි. හොරාට හොරා කීවෙත් අපි නොවේ ඔවුන්ය. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් හොර කණ්ඩායම් බලය ලබාගන්නේ නම් එරට ජනතාව නිවටයින් බවට පත්වේ..!
don Wednesday, 20 July 2022 10:56 PM
Stop Mahapola. It is a waist of peoples money. Use these money for upgrading much needed village schools. Let any one who needed to obtain bank loans and pay back when they start earning. That is how other countries work.
ගමනායක Wednesday, 20 July 2022 11:38 PM
රනිල් එක්ක සෙල්ලම් බැහැ ගොටභය වගේ අහිංසක නෑ. 89 කාලේ මතක තියෙන කට්ටිය කියලා දෙන්න ඔය කිරි සප්පයන්ට. ඔය කුඩාරම් ගලවාගෙන ගෙවල් වලට පලයල්ලා හැකි ඉක්මනින්... නැත්නම්ළ කන්න වෙනවා සුපිරි කෑමක්. ළඟදීම සුනාමිය එනවා.
මහා ඉසිවර අර්ගල් සාමිතුමා Wednesday, 20 July 2022 11:48 PM
අරගලය නවතිනුයේ අහිංසක අරගල කරුවන්ගේ මලගම මතිනි. අරගල නායකයෝ නැවත උප්පතිය ලබන්නේ අරගලකරුවන්ගේ මරණය මතිනි. එයට හොදම උදාහරණය 88-89දි 60000ක් අහිංසක තරුණ තරුණියන්ගේ මළගම මතින් අනුර කුමාර නම් මහා දර්ෂණවාදියාගේ උපත සිදුවීමයි. මෙය ඉදිරියටද සිදුවේ. ප්‍රවේශම් වන්න. ඔබ, ඔබේ පුතා, තාත්තා, අම්මා අරගලයේ නම් ඔවුන්ට අවබෝධ කරදෙන්න. ඉදිරියට සිදුවන්නේ මෙයයි. විශ්වාස කරන්න. ඔබේ දයාබරයන් සුරක්ෂිත කරගන්න. ඔබේ ආවේගශීලීත්වය ඔවුන් රජ කරවයි.
ChinthakaThursday, 21 July 2022 11:19 AM
ඔබතුමා හරියට හරි,.. අන්තිමට වෙන්නේ අරගලයට සම්බන්ධ අය විතරක් නොවේ, රටේ අහිංසක, තරුණ ජීවිතත් මොවුන් නිසා නිරපරාදේ විනාශ වෙන එක.. අපිට හොඳට මතකයි 88/89. එදාත් වුණේ දේශප්‍රේමීන් යැයි කියාගන්නා අය හැංගිලා අහිංසකයින්ව බිල්ලට දෙන එක...
Santhu Thursday, 21 July 2022 03:21 AM
ඒ නිසා තව ලක්ෂ 20ක්ම නිවෙස් වල කර කියා ගන්න දෙයක් නැතිව ඉන්න ඇති. එයිනුත් අතමිට ඇති අය බහුතරයක්ම එකම sets facebook එකේ" අපිට කන්න බොන්න නෑ, බඩු නෑ තිබුනත් මිල අධිකයි කිව්වා. ඒ බොරු. ඒ අය 3 න් වේලම වෙනදා වගෙම කෑව බීවා. ඔය ලමයි කරන්නෙ, වතුර බෝතලයක් අරන් ඇවිත් , ඒ තියෙන උන්ටම තව තව සැප දෙන එක. ඔය එකෙක් ආවද රැයක් ගත කරන්න. උපවාසය කරාද. උඹලා බඩ ගින්නෙ. මීට පසු ඒ අයගෙ කීම් නොඅසන්න. ඉදිරි දැක්මක් ඇති 100% අවංකම තරුන කැලක් තනිවම සංවිධානය වෙන්න. පාලකයන් සමග එකතුව විනාසයයෙන් තොර හොඳින් සාකච්චා කරන්න. කිසිම පක්ෂ නායකුට පක්ෂ නොවන්න. මෙරටට උනා වගෙ අදහස් වලට සවන් දෙයි. දිනුම එයයි. තමුන්ව ඉත්තන් සේ කලින් කලට පාරට දාන උන්ව අයින් කරන්න. ඒකනේද මේ ඉල්ලන්නෙ ආවේග ශීලිව. ඔක්කොම උන් පන්නල ගේන එකා ගැනත් බෝඩ් එල්ලන් පල යල්ල බං. ඌ හෝ ඒකි කවුද?හොරෙක් මං කොල්ල කාරයෙක් මිනීමරුවෙක් එහෙම නෙවෙ නේද?
දාස Thursday, 21 July 2022 03:33 AM
අරගලය ඉදිරියට ගෙනයායුත්තේ මහජන මතය පිරික්ෂිමට චන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමෙනි
චන්ද Thursday, 21 July 2022 08:14 AM
මේ ප්‍රතිචාර දිහා බැලුවා ම පේනවා නේද අරගලය ඉවරයි කියල .
මහේල Thursday, 21 July 2022 10:42 AM
ඔව් ඔව්. ලේසියෙන් අරින්න එපා. උඹල ඕකම කර කර හිටපල්ලා. එක එකාගෙ දේශපාලන ලනු කාල අවුරුදු 10 ක් කැම්පස් වල චාටර් වෙන මිනිස්සුන්ට වෙන වැඩකුත් නැහැනෙ. කවුරු ආවත් විරුද්ධයි. හෙට අනුර ආවොත් කුමාර් නෙවෙයි කියල විරුද්ධයි.
anura Thursday, 21 July 2022 11:15 AM
මුන් ටික ඉන්දියන් සාගරයට ඇදලා දැම්මහම ප්‍රශ්ණය ඉවරයි.