IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘අරගලයක් නැතුව රට හදන්න බෑ‘

මූණු මාරුවකින් ජනතා අපේක්ෂාවන් ඉටු කරගැනීමට සිතීම උඳු වපුරා තල නෙලීමට බලාපොරොත්තු වීමක් වැනි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ට එක් දිනක් තුළ පුරවැසිභාවය ලබාදුන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තමාගේ අයදුම්පතට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද ඔහු පවසයි.

රනිල් - මෛත්‍රී පාලනය පැවසූ ආකාරයට හොරුන්ට, දූෂිතයන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා ඒවායේ මහ මොළකරුවන්වූ දේශපාළුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගැනීමට සමත් වී නැතැයි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම පිළිබඳ සංවාදය බොඳවී ගොස් එය සංශෝධනය කිරීම දක්වා පසුපසට ගොස් ඇතැයිද ඔහු එම නිවේදනයේ දක්වයි.

‘‘2012 අප්‍රේල් මස 7 වැනිදා රාජපක්ෂ පාලනය විසින් මා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව වෙත එල්ලවූ තෙරපුම නොවන්නට මේ වන විට මාද අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවේ නමක් වන්නට නියමිතව තිබුණි‘‘ යනුවෙන්ද ඔහු එහි සඳහන් කරයි.

බහුතර ජනතාවගේ ආර්ථික නිදහසත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයත් දිනාගැනීම සඳහා දේශපාලනය සිදුකරන්නන් හට ඒ සඳහා ඇති අයිතිය උදුරාගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමට ජනතාව සූදානම් නැති බවත් ජනතා ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයාගත හැක්කේ දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ සංවිධානාත්මක අරගලයකින් පමණක් බවත් පීඩිත ජනයාට ඒ සඳහා ඇරයුම් කරන බවත් ඔහු එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.



අදහස් (0)

‘අරගලයක් නැතුව රට හදන්න බෑ‘

සෙන්දර් Tuesday, 24 February 2015 02:17 PM

මේ අය හදන්නේ අපේ කොල්ලන්ව ටයර් සෑයවල්වල අරින්නද. එදා විමල් වීරවංස ජවිපේ එකට අපෙ කොල්ලන්ව කඩේ යවල අද මහින්දගේ පස්සේ යනවා. අපි දන්නවා කගෙත් කෙරුවාව. අපේ අහිංසක කොලන්ට කෙල්ලන්ට තියෙන්නේ මෙරට විතරයි.බැසිල් ඇමෙරිකාවට පෙන්න . අනිත් අය ඕසට්‍රේලියාවට පනී . අපේ දරුවන් කොටුවෙයි (අ)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 03:45 PM

අරගලය කා වෙනුවෙන්ද . (අ)

:       0       0

රෝහිත Tuesday, 24 February 2015 05:20 PM

කරුණාකර ඔබ යන්න. (නි)

:       0       0

සොපී Tuesday, 24 February 2015 05:54 PM

සමහර වෙලාවට කුකුල් බෙටිත් බෙහෙතට ඕනෑවෙන්න පුළුවන් කියන කතාව අමතක කරන්න එපා (නි)

:       0       0

ජයන්ත Tuesday, 24 February 2015 08:46 PM

මෙහෙ ඉන්න ඔය සමහරුත් අරගෙන එහෙ ගියා නම් හොඳයි නේද? (නි)

:       0       0

පාලිත ප්‍රනාන්දු Tuesday, 24 February 2015 11:27 PM

මේ වගේ අයට ගැතිකම් දක්වන සිංහලයිනි, මේ වගේ අයගෙන් සිංහලයාට සෙතක් සිදුවන්නේද? (නි)

:       0       0

නසාර් Wednesday, 25 February 2015 12:20 AM

මෙයා තාමත් ලංකාවේද? බොරුවට ලංකාවේ මිනිස්සු අමාරුවේ දාන්න එපා (නි)

:       0       0

ද සිල්වා Wednesday, 25 February 2015 12:53 AM

අරගල කරන්න ගිහිල්ලා වැඩේ වැරදුනොතින් ඔයා නම් කිසිම කරදරයක් නැතුව ඕස්ට්‍රේලියාවට පැනගනීවි. අපි තමයි අමාරුවේ වැටෙන්නේ. මහා ලොකු සමාජවාදියෝ ජීවත්වෙන්නේ අධිරාජ්‍යවාදීන්ට ගැති ඕස්ට්‍රේලියාවේ? මේවාට තමා වැදි බණ කියන්නේ. දුප්පත් අපිට ලංකාවට වෙලා, තියෙන දෙයක් කාලා ජීවත්වෙන්න දෙන්න. ඔබතුමා ඕස්ට්‍රේලියාවට ගොස් කරන අරගලයක් කරගන්න (නි)

:       0       0

දයාල් Wednesday, 25 February 2015 01:14 AM

දැන් එනවා අලුත් සෙල්ලමකට. අපේ ලේ හොල්ලන්නෙ නැතුව ඕස්ට්‍රේලියාවටම ගියොත් නරකද? (නි)

:       0       0

කරුණාදාස Wednesday, 25 February 2015 01:50 AM

ආයෙත් හිටපු රටකටම ගියා නම් තමයි හොඳ‍. (නි)

:       0       0

ලසිත Wednesday, 25 February 2015 01:51 AM

රට හදන කතාව අහලම එපාවෙලා. ඔය පරණ තැටි වලට මුලා‍වුණ කාලය ඉවරයි. කරුණාකරලා රට කන්න එපා. (නි)

:       0       0

දිල්හානි Wednesday, 25 February 2015 01:53 AM

සමහර මිනිස්සු ඉන්නවා, අරගලමයි ඕනෑ. සමාදානයෙන් ප්‍රශ්න විසඳාගන්න දන්නෙම නැහැ. (නි)

:       0       0

කරුණාදාස Wednesday, 25 February 2015 01:56 AM

උගත්තු නම් පුරවැසිභාවය ඉල්ලනතුරු ඉන්නෙ නැතුව ළඟට ගිහින් දුන්නත් කමක් නැහැ. නමුත් රට වනසලා අනෙක් මිනිස්සු අමාරුවෙ දාලා පිටරට පැනපු අයව මොකටද ආයෙත් මේ සුන්දර රටට ගන්නේ? (නි)

:       0       0

කපිල Wednesday, 25 February 2015 02:12 AM

අම්මෝ! අපේ රට හදන්න තියෙන අමාරුවක්? ඕස්ට්‍රේලියාව හදන්න බැලුවා නම් නරකද? පුරවැසිභාවයත් එහේ තියෙන එකේ. අපි අපේ දේවල් බලාගන්නම්. (නි)

:       0       0

රෝයි Wednesday, 25 February 2015 02:34 AM

රටේ නීතිය ක්‍රියාත්මක නොවීම වැරැද්දක් ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

නිශාර්ඩ් පෙරේරා Wednesday, 25 February 2015 03:30 AM

ඔබ දේශපාලනය කරන්න සුදුසු පුද්ගලයෙක් නොවෙයි. ඔබ ඕස්ට්‍රේලියා චිත්‍රපටිවල විකට චරිතවලට නම් වඩාත් ගැලපෙනවා. එනිසා කරුණාකර එහාට වෙලා ඉන්න. (බ)

:       0       0

අමල් Wednesday, 25 February 2015 03:39 AM

මේ වගේ අය රටේ තියාගන්නවාටත් මම නම් විරුද්ධයි (නි)

:       0       0

තෙන්නකෝන් Wednesday, 25 February 2015 04:00 AM

රටට බොරු කියලා රට කන්න හදන්න නම් එපා (නි)

:       0       0

ඉෂාරා Wednesday, 25 February 2015 04:10 PM

විෂයමූල තත්වයන් සහ මනෝමූල තත්වයන් හරියට තේරුම්ගන්න. බලහත්කාරයෙන් විප්ලව කරන්න බැහැ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 12:06 PM

උඳු , තල අස්වැන්න 88-89 මරණයේ අස්වැන්නට වඩා උතුම් (දිල්)

:       0       0

සමන්ජය Wednesday, 25 February 2015 06:40 AM

කුමාර් මහත්තයෝ, ඔබතුමාට ඉල්ලපු ගමන් පුරවැසිභාවය දෙන්නේ කොහොමද? අපි දැන් අවුරුදු තුනක වාගේ කාලයක ඉඳන් පෝළිමේ ඉන්නවා. පළමුව අපිට දීලා ,ඔබතුමා ගැන සළකලා බලයි. (නි)

:       0       0

උමේෂ් Tuesday, 24 February 2015 01:04 PM

පුළුවන් නම් ඔය කියන අරගලය ඕස්ට්‍රේලියාවේ කරලා පෙන්වන්නකො. (නි)

:       0       0

පණ්ඩු Tuesday, 24 February 2015 01:11 PM

මෙයා ලංකා පුරවැසියෙක් නොවේ වහාම රටින් පිට කරන්න (අ)

:       0       0

ඇසළ Tuesday, 24 February 2015 01:15 PM

යනවා ඔයි හිටපු රටට අපිට වද දෙන්නේ නැතුව. අපි තල වපුරලා උදු බැරි නම් මුං ඇට හරි ගන්නම්. දැන් යහපලානේ අනිත් පාලන අපිට ඕනේ නැහැ. (අ)

:       0       0

ද සිල්වා Wednesday, 25 February 2015 08:06 PM

ලංකාවේ නීතිය ගැන නම් කතාකර වැඩක් නැත. (නි)

:       0       0

උද්දික Tuesday, 24 February 2015 01:21 PM

අනේ මහත්තයෝ 1988 / 89 වගේ තවත් සංහාරයකට එන්නේ නැතුව වධ නොදී ඉන්නවද (අ)

:       0       0

වසන්ත Tuesday, 24 February 2015 01:23 PM

රටින් පිටුවහල් කරපු කෙනෙකුට පුරවැසි භාවය ඉල්ලන්ට පුවන් වුණට එකට අයිති වාසි කමක් තියෙනවද ? . (අ)

:       0       0

සමන්ති Tuesday, 24 February 2015 01:41 PM

ගිහින් ඔස්ට්‍රලියාවට පාවලා බලාගෙන ඉන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1564 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1648 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1265 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1921 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site