(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගවලින් පැවසේ.
විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ දිනවල විශේෂ සෙවිල්ලක පසුවෙයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් ඇතුළු ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහායද ලබාගෙන ඇත.
සමහරුන් විදේශයන්ට ගොස් ඇත්තේ විවිධ තර්ජන ගර්ජන ඇති බවට තානාපති කාර්යාලවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් යැයි දැනගන්නට ඇත.
ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළුවී සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෝටිපති ව්‍යාපාරිකයකු අප්‍රිකාවට පලාගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
ඔහු මෙසේ විදේශයට පලා ගොස් ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමගය.
මේ අතර අරගලයට සම්බන්ධ තවත් 200කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා තානාපති කාර්යාලවල රැකවරණ පතා ඇතැයිද වාර්තා වේ.
ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා විනාශ කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් තිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලයට මුවා වී වැරදි කළ 80ක් රට පැනලා
demi Saturday, 03 September 2022 10:28 AM
යන්න දුන්නේ අපිද? එයාපෝර්ට් ආරක්ෂාව තියෙන්නේ අපේ අතේද? ඔන්න මැයි 9 නම් කඩු, පොලු සෙට්එක වාහන චෙක්කළා කුණුහරුප කිය කියා...!
Shashika519 Saturday, 03 September 2022 10:30 AM
මහ බැංකුව කැඩුවා නම්, යාළුවොත් එක්ක එකතුවෙලා හොරකම් කරලා රට බංකොළොත් කරා නම් ලංකාවට වෙලා ඉන්න තිබ්බා හැබැයි...!
මැක්ස් Saturday, 03 September 2022 10:42 AM
ඒ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. එය අනාගතය වෙනුවෙන් සිදුකළ යුතු අනගි නීතිමය ආයෝජනයකි. මඟ පෙන්වීමකි. විදෙස් සංවිධානවල ඕනෑ එපාකම් අනුව කටයුතු කරමින් නීත්‍යානුකූලව පත් වූ රජයක් බලෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සහ රාජ්‍ය දේපළවලට හානිකිරීම කළ වුන්ට නීතියෙන් දඬුවම් කළ යුතුයි...
randilSaturday, 03 September 2022 04:37 PM
රටට හෙණ ගහනකම් බලා ඉඳලා අරගලේට දෙස් දෙවොල් තියන තවත් නරුමයෙක්. දේශපාලුවෝ නොමේ හදන්න බැරි මේ වගේ ඕප පාතිකයෝ.
ලුම්බිණි Saturday, 03 September 2022 10:57 AM
මේ රටට බිලියන් ගණන් පාඩු කරපු අය, හොරුන් අගේට ඉන්නවා. කිසිම අත්අඩංගුවට ගැනීමක් නැහැ. මේක පුදුම රටක්. ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළුවී සෙල්ෆි ඡායාරූපගෙන අන්තර්ජාලයට මුදා හරින ලදැයි කියන කෙනෙක් අල්ලන්න ඉන්ටර්පෝල් ආධාර ඉල්ලනවා.
සුදු ඇදගෙන කලු ඇවිදින් Saturday, 03 September 2022 12:14 PM
නීතිවිරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ ජා.ජ.බ කවුරුත් නැහැ නේද? "මල්ලි එයාලා ඔක්කොම යාලුවෝ "
නිමේෂ් Saturday, 03 September 2022 12:37 PM
අපරාධකාරයින් කිව්වාහම මම බැලුවා රනිල්ගේ ගෝලයින් වගේ කොමිස් ගහලා, බැංකුවලට බිලියන ගණන් කණු තියපු අයද.. එහෙම නැත්නම් අප්පච්චිගේ පවුලේ අය වගේ බිලියන ගණන් ආදායම් උපයපු හැටි හොයාගන්න බැරි කම්බ හොරුද කියලා, බැලින්නම් මේ රටේ පොදු දේපලක් වුණත් රජපවුලේ පුද්ගලික බූදලේ වගේ තියන්ඉන්නේ මන්දිරවලට කියන්නේ නැතිව ගිහින් සෙල්ෆි ගහපු අයනේ...!
Malan Saturday, 03 September 2022 12:38 PM
පට්ට ශ්‍රී ලංකා පොලිස් මේ අපරාධ කාරයින් ටික කොහොම හරි අල්ලමු. මහ බැංකුව කඩපු, පාස්කු බෝම්බ ගහපු අහිංසකයින් ටික වෙලාවක් තිබුණොත් ඉන්ටපෝල් සහාය අරගෙන අල්ලමු..!
Prabha Saturday, 03 September 2022 01:29 PM
සර් රටින් පැන්නේ ඔවුන් අල්ලන්න නේද?
කිරි පුතා Saturday, 03 September 2022 03:38 PM
ඇටි කෙහෙල් කෑවා නම් විඳවාපන් උගුඩුවන් කිව්වාලු... අරගලයක් කියලා වෛරයකින් ඔලු පුරවාගෙන අරමුණක් නැතිව එකඑක අන්තවාදී කණ්ඩායම්වලින් මුදල් අරගෙන කට්ටියම ජොලි කළා...
randilSaturday, 03 September 2022 04:38 PM
කන්නවත් නැතිව දැන් හරි ජොලි ඇති නේද නරුමයන්ට.
ajith Saturday, 03 September 2022 05:00 PM
ඔය වෙලාවේ ඔය "මන්දිරය" ඇතුළේ සෙල්ෆි ගත්තු පොලිස් කාරයින්ට ඔය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද...?
Bamunuarachchi Saturday, 03 September 2022 06:05 PM
එයාල යාළුවො මෙයාල බිලි බෝයිස්ලා.
de silva Saturday, 03 September 2022 10:13 PM
සර් රටින් පැනලා ගියේ නැහැ පොඩි සෙකියුරිටි චෙක් එකක් කරලා බැලුවා හදිසියක් වුණොත් මුලු පවුලටම මාරු වෙලා යන්න තිබෙන මාර්ගය කුමක්ද කියලා. රනිල් ටෙස් මැච් එකේ නයිට්වොච්මන් වගේ විකට් එක පරිස්සම් කරගෙන ඉන්නව. සීතා අස්වෙනවා සර් පාර්ලිමේන්තු එනවා. රනිල් බොරු වලියක් දමාගන්නව. පොහොට්ටුවෙන් දෝශාභියෝගයක් ගේනවා. ඊට පෙස්සේ පොහොට්ටුවෙ ස්වාධීන වෙලා ඉන්න සියලු දෙනාම එකතුවෙනව රනිල් එලවලා සර් ජනාධිපති කරන්න.
kamal Saturday, 03 September 2022 10:37 PM
අපේ උදවිය හිතාගෙන ඇති ඉන්ට පෝල් එක පුටුවල ඉඳ ගත්ත අය හොයලා දෙයි කියලා..!
BamunuarachchiSunday, 04 September 2022 11:08 AM
රටින් පන්න ඔහේලාවගේ මිනිස්සු හොඳට දන්නවා ඉන්ටපෝල් එකෙන් බේරෙන්න. ඕගොල්ලන්ගේ කට්ටිය කොහොමත් ෂේප්. අද සුබ්‍රමනියම්, හෙට සින්නලිංගම්. ලංකාවේ ඒ ගොල්ලෝ අතුරුදන් කට්ටිය...
Perera Sunday, 04 September 2022 11:07 AM
මතක තියාගන්න දැන් ඉන්නේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් කියලා. බලමු ආණ්ඩුවද? ශ්‍රී ලාංකික ඩයස්පෝරාවද කියලා වඩා ශක්තිමත්...
BamunuarachchiSunday, 04 September 2022 05:03 PM
සිංහල ඩයස්පෝරාවට මෙරටේ ලබා ගන්න දෙයක් නැහැ ඒ නිසා ඩයස්පෝරාවක් හැටියට එකතුවීමක් නැහැ. දෙමල ඩයස්පෝරාව රටින් පැන්නේ යුද්දය නිසා ප්‍රබාකරන්ට සපෝට් කරලා රට ඇල්ලුවාට පසු ආපසු එන්න. ඒ වැඩේ හරිගියේ නැහැ. එත් රටට විරුද්දව ක්රීයා කිරීමේ ක්රීයාවලිය එහෙම්ම කෙරෙනවා. රටෙන් ගිය සිංහලයාට ලංකාව ජාතියක් අමතකයි.